වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉවතට

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉවතට

*********************************************

වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉවතට

(14.11.2020 – 19:07 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස කටයුතු කළ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා එම තනතුරෙන් ඉවත් කර ඇති බව අද (14) පස්වරුවේ වාර්තා වුණා.

මේ සම්බන්ධයෙන් කළ කරුණු විමසීමකදී ඔහු කියා සිටියේ සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් තමන්ට එම තනතුරෙන් ඉවත්වන ලෙසට ඉල්ලීමක් කළ බවයි.

මීට පෙර වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ලෙස ද කටයුතු කළා.

(14.11.2020 – 18:35 +0530 – hirunews.lk/sinhala)

අද (14) දිනයේත් බූස්ස බන්ධනාගාරයෙන් ආසාදිතයන් 44 දෙනෙකු අලුතෙන් හඳුනාගෙන තිබෙනවා.

ඒ, පෙරේදා දිනයේ බූස්ස බන්ධනාගාරයෙන් ආසාදිතයන් තුන්දෙනෙකු (3) හඳුනාගැනීමෙන් අනතුරුව ඊයේ (13) සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදීයි.

බූස්ස බන්ධනාගාරයෙන් අද (14) වාර්තාවූ ආසාදිතයන් සමඟ බන්ධනාගාර ආශ්‍රිතව වාර්තාවන කොරෝනා ආසාදිත සංඛ්‍යාව මේ වනවිට 329 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

බෝගම්බර බන්ධනාගාරයෙන්ද ඊයේ (13) දිනයේ කොරෝනා ආසාදනය වූ රැදවියන් 80 දෙනෙකු වාර්තාවූ අතර, අද (14) පැවති මහනුවර දිස්ත්‍රික් කමිටු රැස්වීමේදී ඒ පිළිබඳව දැඩි කථාබහකට ලක්වුණා.

එහිදී මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් මාසිංහ මහතා සඳහන් කළේ බෝගම්බර පැරණි බන්ධනාගාරය තුළ ප්‍රමාණය ඉක්මවා රදවා සිටින කොරෝනා ආසාදිතයින් නිසා මහනුවර නගරයට දැඩි තර්ජනයක් එල්ල වී ඇති බවයි ෴

+++++++++++++++++

(14.11.2020 – 18:28 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගත තත්වය හමුවේ කොළඹ නගරයේ දැනට හුදෙකලා කර ඇති ප්‍රදේශවල සහ මහල් නිවාසවල සිටින බෝ නොවන රෝග වලින් පෙලෙන ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් නොමිලේ ජංගම වෛද්‍ය සායන පැවැත්වීමට කොළඹ මහා නගර සභාව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව කොළඹ මහා නගර සභාවේ රෝග නිවාරණ ඒකකය විසින් එම ජංගම වෛද්‍ය සායන වැඩසටහන් නොමිලේ සිදුකරනු ලබනවා.

මේ අතර කොළඹ නගරයේ ජනතාවගේ සෞඛ්‍ය ගැටළු නිරාකරණය කර දීම සඳහා පැය 24 පුරා සේවය ලබාදීමට වෛද්‍ය කණ්ඩායමක් ද සුදානමින් සිටින බවයි මහා නගර සභාව නිවේදනය කළේ.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින් :

+++++++++++++++++

(14.11.2020 – 19:35 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිත සේවකයෙකු වාර්තාවීමත් සමඟ කුරුණෑගල තැපැල් අධිකාරි කාර්යාලය සහ වයඹ පළාත් නියෝජිත තැපැල් අධිකාරී කාර්යාලය තාවකාලිකව වසා දමනු ලැබුවා.

එමෙන්ම, පසුගියදා හඳුනාගත් කොරෝනා ආසාදිත ගම්පහ නාගරික මන්ත්‍රීවරයාගේ වයස අවුරුදු තුනක (3) දරුවෙකු ඇතුලු පවුලේ සිව්දෙනෙකු (4) ටද වෛරසය ආසාදනය වී ඇති අතර, ඔවුන් අද (14) රෝහල් ගත කෙරුණා ෴

+++++++++++++++++++++

(14.11.2020 – 19:52 +0530 – hirunews.lk/sinhala)

පිරිත් පැන් ලබාදීමේදී සහ පිරිත් නූල් බැදීමේදී දැඩි සීමාවන් පවත්වා ගත යුතු බව අමරපුර මහා සංඝ සභාවේ මහලේඛකාධිකාරී මහාචාර්ය පල්ලේකන්දේ රතනසාර හිමියන් විසින් මහා සංඝරත්නය වෙත පිළිවෙත් මාලාවක් නිකුත් කර තිබෙනවා.

උන්වහන්සේ ඒ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි මේ බව කියා සිටියේ ෴

++++++++++++++++++++

(14.11.2020 – 19:58 +0530 – hirunews.lk/sinhala)

ඩ්‍රෝන යානා යොදා ගනිමින් හුදෙකලා කර ඇති ප්‍රදේශවල සිදුකළ මෙහෙයුම්වලදී නිරෝධායනය නීති රීති උල්ලංගණය කළ පුද්ගලයින් 22 නෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ අදාළ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බවයි.

මේ අතර, රුපියල් 5000 සේ දීමනාව ලබා ගැනීම සඳහා මාකොළ – උතුර ග්‍රාම නිලධාරී කාර්යාලයට සහ දෙමටගොඩ – ශ්‍රී ඥානසීහ විහාරස්ථානයට පැමිණි ජනතාව සහ නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් ඇති වුණා ෴

++++++++++++++++++++

(14.11.2020 – 20:03 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වැළදීමෙන් මිය යන මුස්ලිම් ජනතාවගේ දේහයන් භූමදානය කිරීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් මතුව ඇති සංවාදයේදී ප්‍රමුඛත්වය ලබාදිය යුත්තේ සෞඛ්‍ය විශේෂඥයන්ගේ මතයට බව බෙල්ලන්විල රජමහා විහාරාධිපති පූජ්‍ය බෙල්ලන්විල ධම්මරතන හිමියන් පවසනවා.

සෞඛ්‍ය මතයට මුල් තැන දීම මගින් ආගමික අවමානයක් සිදුනොවන බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.

+++++++++++++++++++

(14.11.2020 – 20:19 +0530 – hirunews.lk/sinhala)

අද ලෝක දියවැඩියා දිනයයි.

කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් මේ දිනවල දියවැඩියා රෝගීන්ට මුහුණදීමට සිදුව ඇති අභියෝග සුළු පටු නැහැ.

මේ දැනුවත් කිරීම දියවැඩියා රෝගීන් කොවිඩ්-19 වෛරසයෙන් ආරක්ෂා වියයුතු ආකාරය පිළිබඳවයි.

දියවැඩියා රෝගයේ කේන්ද්‍රස්ථානය බවට මේ වන විට පත්ව තිබෙන්නේ ආසියානු කලාපයයි.

ලෝක බැංකු වාර්තා වලට අනුව ශ්‍රී ලංකාවේ අවුරුදු 20 ත් 80 ත් අතර ජනගහනයෙන් දහයෙන් එකකට (1/10) වඩා වැඩි පිරිසක් දියවැඩියා රෝගයෙන් පීඩා විදිනවා.

ලොව පුරා සෑම තත්පර 20 කට වරක්ම දියවැඩියාව හේතුවෙන් රෝගියෙකුට පාදයක් අහිමිවන අතර දියවැඩියාව මිනිසාගේ මරණ අවධානම දෙගුණයකින් වැඩිකරන නිහඬ මාරයෙකු ලෙසයි සැලකෙන්නේ.

එවන් පසුබිමක දියවැඩියා රෝගීන්ට මේ වන විට පැතිරයන කොවිඩ්-19 වසංගතය විසින් අතිරේක අවදානමක් ලඟාකර දී තිබීම බරපතල තත්ත්වයක්.

දියවැඩියා රෝගීන්ට කොවිඩ් වෛරසය මඟින් සංකූලතා ඇතිකිරීම පවතින්නේ ඉතා ඉහළ මට්ටමකයි.

එබැවින් දියවැඩියා රෝගියෙකුගේ ප්‍රධාන අරමුණු 2 විය යුත්තේ කොවිඩ් 19 ආසාදනයෙන් වැළැකී සිටීම හා දියවැඩියාව පාලනය කරගැනීමයි.

මේ වන විට වාර්තා වූ කොවිඩ් මරණ බොහෝමයකට හේතු වී ඇත්තේද දියවැඩියාව හා ඒ ආශ්‍රිත සංකූලතා වන වකුගඩු රෝග, අධික රුධිර පීඩනය වැනි රෝග තත්ත්වයන් වීම විශේෂත්වයක්.

මීට අමතරව කොවිඩ් වෛරසය පෙනහළු, වකුගඩු, හෘදයවස්තුව ඇතුළු ශරීරයේ විවිධ අවයවවලට හානි සිදුකරන අතර ඊට හේතුව වන්නේ නහරතුළ ලේ කැටි ගැසීමක් සිදුවන බැවිනුයි.

දියවැඩියා රෝගීන්ගේ රුධිර නාලවල මේදය තැන්පත්වීම මගින් ඒවා සිහින් වීම නිසාත් රුධිර සීනි මට්ටම ඉහළ අගයක පැවතීමත් හේතුවෙන් එම සංකුලතා අවදානම තවත් වැඩි විය හැකියි

කොවිඩ්-19 ව්‍යාප්තිය හමුවේ මුහුණු ආවරණ පැළදීම, අත්සේදීම, දුරස්ථභාවය ආරක්ෂා කිරීම, හොඳ ආහාර පුරුදු, ව්‍යායාම වැනි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද දැඩිලෙස අනුගමනය කිරීම දියවැඩියා රෝගීන් අනිවාර්යෙන්ම කළ යුත්තක්.

ඊට අමතරව රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කිරීම, නිතර ජලය පානය කිරීම, සැහැල්ලුවෙන් කාලය ගතකිරීම සහ අවශ්‍යවූ විට නොපමාව වෛද්‍යවරයෙකු සහ සම්බන්ධවීම තුළින් දියවැඩියා රෝගීන්ට කොවිඩ් 19 අවධානම අවමකරගත හැකියි.

යම් හෙයකින් කොවිඩ් ආසාදනය වුවහොත් හෝ නිරෝධායන ක්‍රියාවලියට යොමුවීමට සිදුවුවහොත් දියවැඩියා රෝගීන් ඒ සඳහා විශේෂයෙන් සූදානම් වීමද අනිවාර්ය වනවා.

ඒ අනුව ඔබගේ ප්‍රතිකාර සටහන්, වෛද්‍ය වාර්තා සූදානම් කර තබා ගැනීමට ප්‍රතිකාර ඉදිරියට කරගෙන යාමට පහසුවක්වනු ඇති.

+++++++++++++++++++

(14.11.2020 – 20:25 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකා යුද හමුදාවේ නවතම රෙජිමේන්තුව වූ ඩ්‍රෝන රෙජිමේන්තුව ස්ථාපිත කෙරුණේ පසුගිය බදාදා (11) යි.

මෙරට මුහුණ දී තිබෙන කොවිඩ් වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් එම රෙජිමේන්තුව අද (14) කොළඹ – මාලිගාවත්ත ප්‍රදේශයේදී සිය පළමු මෙහෙයුම ක්‍රියාත්මක කළා.

මෙරටට බලපෑ ඕනෑම ආපදා අවස්ථාවක් හමුවේ නොබියව පෙරමුණ ගන්නා ශ්‍රී ලංකා යුද හමුදාවට අලුතින් ම එක් වූ සාමාජිකයා – ශ්‍රී ලංකා ඩ්‍රෝන රෙජිමේන්තුවයි.

ශ්‍රී ලංකා යුද හමුදාවේ 15 වැනි රෙජිමේන්තුව ලෙස කාලතුවක්කු බලකායට අනුයුක්තව මෙම ඩ්‍රෝන රෙජිමේන්තුව ආරම්භ කරනු ලැබු‍වේ පසුගිය 13 වැනිදා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ මගපෙන්වීමෙන්.

මෙරට ජාතික ආරක්ෂාවට මෙන්ම නායයාම්, ජල ගැලීම්, ලැව්ගිනි, ඇතුළු සියළු ආපදා අවස්ථාවන් සඳහාත් වන විනාශයන්, මත්ද්‍රව්‍ය ජාවාරම්, අලි සංගණන වැනි ගුවනේ සිට නිරීක්ෂණය කළ හැකි සියළු අවස්ථාවන්හීදීත් නවීන තාක්ෂණයෙන් සන්නද්ධව තොරතුරු රැස් කර ගැනීම මෙම රෙජිමේන්තුව පිහිටුවීමේ ප්‍රධාන අරමුණයි.

මාර්ග නීති උල්ලංඝනය කරන පුද්ගලයින් පසුපස හඹා යාමට ශ්‍රී ලංකා පොලිසියේ රාජකාරීවලට සහය වීමත් මෙහි තවත් එක් කාර්යයක්.

මේ වන විට ලෝකයම මුහුණ දී සිටින ප්‍රධානම ආපදාව වන කොවිඩ්-19 වසංගතයෙන් ශ්‍රී ලංකාව මුදා ගැනීමේ බැරෑරුම් වගකීමේ කොටස්කරුවන් වන්නටත් මේ ඩ්‍රෝන රෙජිමේන්තුව පෙරමුණ ගෙන සිටිනවා.

එහි පළ වූ මෙහෙයුමක් දියත් කෙරුණේ කොළඹ මාලිගාවත්ත ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින්.

ජනතාවගේ ශරීර උෂ්ණත්වය දුරසිට මැන බැලීමත් මෙම ඩ්‍රෝන යානා හරහා සිදුකළ හැකියි.

ඒ අනුව විශාල පිරිසක් සිටින ප්‍රදේශවලදී එක් එක් පුද්ගලයින්ගේ ශරීර උෂ්ණත්වය මැන බැලීම වෙනුවට, කැමරා භාවිතයෙන් ශරීර උෂ්ණත්වය පිරික්සීම මෙමගින් සිදු කෙරෙනවා.

එමෙන්ම සෞඛ්‍ය නීති උල්ලංඝනය කරන පිරිස් හඳුනා ගැනීම සඳහා පොලිසියට සහයවීමත් මෙමගින් සිදු කෙරෙනවා.

හුදෙකලා කර ඇති ප්‍රදේශ වෙත ඩ්‍රෝන යානා පිටත් කර සෞඛ්‍ය නීති උල්ලංඝනය කරන පිරිස් සඳහා අදාළ සෞඛ්‍ය උපදෙස් සිහිපත් කිරීමට පියවර ගැනුණා.

මාලිගාවත්ත ප්‍රදේශයේ මහල් නිවාස ආශ්‍රිතවත් යුද හමුදා ඩ්‍රෝන රෙජිමේන්තුව සිය පරීක්ෂාකවන් මෙලෙස සිදු කළා.

++++++++++++++++++++

(14.11.2020 – 20:34 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් ආසාදිතව ජීවිතක්ෂයට පත්වන අයගේ දේහයන් භූමදානය කිරීම හරහා එම වෛරසය ජල මූලාශවලට කාන්දු වීමේ අවදානමක් පැවතිය හැකි බව ශ්‍රි ජයවර්ධනපුර සරසවියේ මහාචාර්ය වෛද්‍ය මෙත්තිකා විතානගේ මහත්මිය පවසනවා.

ඇය පවසන්නේ වෛරසය පිළිබඳව තවමත් අපට ඇත්තේ අඩු අත්දැකීමක් බැවින් ප්‍රවේසම් සහගතවීම වැදගත් බවයි.

කොවිඩ්-19 ආසාදිතව ජීවිතක්ෂයට පත්වන මුස්ලිම් ජනතාවගේ දේහ ආදාහනය නොකර, භුමදානය කිරීමට ඉඩ දෙන ලෙසට කෙරුණු ඉල්ලීම් සම්බන්ධයෙන් යළිත් කතාබහක් මතුව තිබෙනවා.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ස්වභාවික සම්පත් පිළිබඳ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය මේ සම්බන්ධයෙන් පළකළේ මෙවන් අදහසක්.

මේ අතර, පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන් බැහැ දැකීමට පැමිණි අවස්ථාවේදී මෙම කරුණ සම්බන්ධයෙන් අදහස් පළවුණා.

මේ අදාළ කරුණ සම්බන්ධයෙන් අද පළවූ තවත් අදහස් කිහිපයක්.

++++++++++++++++++++

(14.11.2020 – 21:59 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 175 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර 13,084 දක්වා ඉහළ ගියා.

මේ වන විට වාර්තා වන සමස්ත කොරෝනා ආසදිතයින්ගේ සංඛ්‍යාව 16,583 බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කරන්නේ ෴

++++++++++++++++++

14-11-2020

=======================================

(15.11.2020 – 07:42 +0530 – hirunews.lk/sinhala)

දෙමළ ජනතාවට දේශපාලන විසදුමක් ලබා ගැනීම සඳහා ජාත්‍යන්තර ක්‍රියාකාරීකයින් ද ඇතුළත් නව සභාවක් පිහිටුවීමට දෙමළ ජාතික සන්ධානයේ පිරිසක් කටයුතු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වනවා.

පසුගිය මහ මැතිවරණයෙන් පසු දෙමළ සන්ධානය තුළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජාගේ කණ්ඩායම සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන්ගේ කණ්ඩායම යනුවෙන් කණ්ඩායම් දෙකක් (2) නිර්මාණය වී ඇති බවයි වාර්තා වන්නේ.

නව සභාව පිහිටුවීම සඳහා කටයුතු කරමින් සිටින්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජාගේ කණ්ඩායමයි.

ඒ සඳහා ජගත් මානව හිමිකම් කවුන්සිලයේ හිටපු කොමසාරිස්වරියක් වන නවනීදන් පිල්ලේ සහ ජාත්‍යන්තර මානව හිමිකම් ක්‍රියාකාරිනියක් වන දකුණු අප්‍රිකාවේ යස්මින් සූකා ඇතුළු පිරිසක් සම්බන්ධ කර ගැනීමට ඔවුන් සැලසුම් කර තිබෙනවා.

යස්මින් සූකා යනු ජගත් සංවිධානයේ හිටපු මහලේකම් බෑන් කී මූන් වෙත ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවක් ගොනු කළ දරුස්මාන් කමිටුවේ සාමාජිකාවක්.

අප මේ පිළිබදව දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජාගේ කළ විමසීමකදී ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් දැනට පැහැදිලි කිරීමක් සිදුකළ නොහැකි බවයි.

ඊට අදාළ කටයුතු ආරම්භ කර ඇති අතර, නුදුරු දිනකදීම ප්‍රකාශයක් සිදුකරන බවත්, මාවෙයි සේනාධිරාජා හිටපු මන්ත්‍රීවරයා කියා සිටියා ෴

***************************************

(15.11.2020 – 7:46 +0530 – hirunews.lk/sinhala)

පුද්ගලයින් 9 දෙනෙකු ඝාතනය කරන බව පවසා රාජකාරී ගිනි අවිය සමඟ පළා ගොස්, මේ වනවිට සැඟව සිටින රත්නපුර – කුරුවිට පොලිස් ස්ථානයේ සැරයන්වරයා මෙතෙක් අත්අඩංගුවට ගැනීමට හැකි වී නැහැ.

දැනට ඔහු පළා ගොස් දින 15 ක් ගත වුවත් තවමත් ඔහු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් ලැබී නොමැති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙම සැරයන්වරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 10 ක්ද මේ වනවිටත් යොදවා තිබෙනවා.

පසුගිය මස 29 වන දා මෙම පොලිස් සැරයන්වරයා රත්නපුරය – සිරිපාගම ප්‍රදේශයේ රාජකාරියේ නිරත වූ අවස්ථාවේදී ගිනි අවියත් සමඟ පළා ගොස් තිබුණා.

එලෙස පළා ගිය පොලිස් සැරයන්වරයා කුරුණෑගල ප්‍රදේශයේ ඔහුගේ ඥාති නිවෙස් කිහිපයකට ගොස් ගිනි අවිය පෙන්වා ප්‍රකාශ කර ඇත්තේ තමන්ට 9 දෙනෙකු ඝාතනය කිරීමට අවශ්‍ය බවයි.

එම 9 දෙනා අතර කුරුවිට පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපතිවරයා ද සිටින බව ඔහු ඥාතීන්ට ප්‍රකාශ කර තිබුණා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *