ප්‍රතිශක්තිය වැඩි කරන ක්‍රම

ප්‍රතිශක්තිය වැඩි කරන ක්‍රම

වැලිගමදී හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන ඇත්තේ අංගොඩ, දෙවිනුවර, මිරිස්ස ප්‍රදේශවල පදිංචි තිදෙනෙක් (3)

*********************************************

ප්‍රතිශක්තිය වැඩි කරන ක්‍රම

(20.11.2020 – 13:12 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 වෛරසයෙන් ආරක්ෂා වීමට නම් නිවැරදි සෞඛ්‍ය පුරුදු වගේම ප්‍රතිශක්තිකරණය ඉහළ නංවා ගැනීම වැදගත්.

එසේ නම් අප එදිනෙදා ජීවිතයේදී ප්‍රතිශක්තිකරණය ඉහළ නංවා ගැනීම සදහා කළයුතු සහ නොකළයුතු දේ මොනවාද..?

මේ ඒ පිළිබඳව අප කළ සොයා බැලීමක්.

+++++++++++++++++++

++++++++++++++++++++

[ YouTube : Spiritual Health Meditation – by Dr. Thilak Settinayaka ]

++++++++++++++++++

(20.11.2020 – 13:01 +0530 – hirunews.lk/sinhala)

අද (20) උදෑසනින් අවසන් වූ පැය 24 තුළ තවත් කොරෝනා ආසාදිතයින් 45,882 ක් හඳුනා ගැනීමත් සමඟ ඉන්දියාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව අනූ ලක්ෂය ඉක්ම වූවා.

ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ මේ වනවිට ආසාදිතයින් අනූ ලක්ෂ 4,365 ක් වාර්තා වන අතර, ඊයේ සිදුවූ මරණ 584 ක් සමඟ කොරෝනා මරණ සංඛ්‍යාවද එක්ලක්ෂ 32,162 දක්වා ඉහළ ගිය බවයි.

බ්‍රිතානයේ ඔක්ස්ෆර්ඩ් සරසවියේ මූලිකත්වයෙන් නිපදවනු ලැබූ කොවිඩ් 19 එන්නත ලබන වසරේ පෙබරවාරි මාසයේදී ඉන්දියාවේ සෞඛ්‍ය සේවකයින් සහ වයස්ගත පුද්ගලයින් සඳහා ලබාදීමට හැකිවනු ඇතැයි ඉන්දීය එන්නත් නිෂ්පාදකයෙකු වන සේරම් ආයතනය පවසනවා.

එමෙන්ම, අප්‍රේල් මාසය වනවිට සාමාන්‍ය ජනතාවට එය ලබාගත හැකිවනු ඇති බවයි එමඟින් ප්‍රකාශ කළේ.

එක් පුද්ගලයෙකුට මෙම එන්නතෙහි මාත්‍රා දෙකක් ලබාදිය යුතු අතර, එම මාත්‍රා දෙක ඉන්දීය රුපියල් දහසක උපරිම මිලකට ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ.

මේ අතර, චීන රජයේ ඖෂධ නිෂ්පාදන සමාගම මගින් නිපද වූ කොවිඞ් 19 එන්නත එහි හදිසි භාවිත වැඩපිලිවෙල යටතේ චීන වැසියන් මිලියනයකට එන්නත් කර තිබෙනවා. එහිදී කිසිදු පුද්ගලයෙකු වෙතින් ඊට අහිතකර ප්‍රතිචාරයක් නොලැබුණු බවයි චීන ජාතික ඖෂධ සමූහයේ සභාපති ලියු ජින්ෂෙන් ප්‍රකාශ කළේ. පරීක්ෂණ මට්ටමේ පවතින කොවිඩ් එන්නත් මෙලෙස වැසියන්ට ලබාදී ඇත්තේ රුසියාව සහ චීනය පමණයි.

එමෙන්ම, චීන පෞද්ගලික ඖෂධ නිෂ්පාදන සමාගමක් විසින් නිපද වූ සිනොවැක්-බයෝටෙක් කොවිඩ් 19 එන්නත මගින්ද කඩිනමින් ප්‍රතිශක්තිය ඇතිවන බව ප්‍රකාශ වුණා ෴

++++++++++++++++++

(20.11.2020 – 15:17 +0530 – hirunews.lk/sinhala)

මෙරට කොරෝනා ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 13,271 දක්වා ඉහළ ගියා.

ඒ අද (20) දිනයේදී සුවය ලැබූ 368 රෝහල් වලින් පිටව යාමත් සමඟයි.

වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ වෛද්‍ය අධික්ෂණය යටතේ 5497 දෙනෙකු ප්‍රතිකාර ලබන බවයි.

මෙරට කොරෝනා ආසාදනය වූ සමස්ත සංඛ්‍යාව 18,841 ක් ෴

++++++++++++++++++

(20.11.2020 – 18:27 +0530 – hirunews.lk/sinhala)

තවත් කොවිඩ් 19 ආසාදිතයින් 220 දෙනෙකු අද (20) හඳුනාගෙන තිබෙනවා.

එම ආසාදිතයින් මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් බවයි යුද හමුදාපතිවරයා පැවසුවේ.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 19061 දක්වා ඉහළ ගොස් තිබෙනවා ෴

++++++++++++++++++

(20.11.2020 – 19:38 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී සිය කුඩා පුතුද රැගෙන පළාගිය කාන්තාව සොයා ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 3 ක් පත් කර තිබෙනවා.

මීට අමතරව, සෞඛ්‍ය අංශ සහ තවත් අංශ කිහිපයක් එක්ව විශේෂ සෝදිසි කිරීම් ආරම්භ කර ඇති බවයි රත්නපුර පොලීසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ.

25 හැවිරිදි මෙම කාන්තාව ඊයේ (19) රාත්‍රි 9 ට පමණ අවුරුදු දෙකහමාරක් (2½) වයසැති සිය දරුවාද රැගෙන අයි.ඩී.එච්.රෝහලෙන් පලාගොස් තිබුණා.

පසුව, එම දරුවා පමණක් ඇහැලියගොඩ ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී අද (20) පෙරවරුවේ පොලීසිය සොයා ගත්තා.

ඒ පොලිසිය අදාළ කාන්තාවගේ ඇහැලියගොඩ – යාය පාරේ පිහිටි නිවස පරීක්ෂා කිරීමේදීයි.

එම අවස්ථාවේ අදාළ නිවසේ එම කාන්තාවගේ සැමියා, සොහොයුරා සහ තවත් දරුවන් කිහිප දෙනෙකු රැඳී සිටි බව සඳහන්.

අදාළ කාන්තාව එම ප්‍රදේශයේම පිහිටි සිය සොහොයුරාගේ නිවසටද ගොස් ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

මෙම කාන්තාව මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගතව සිටියදී ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කළ කාන්තාවක්.

මේ අතර, මෙරට කොරෝනා ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව අද (20) 13,000 සීමාව ඉක්මවා ගියේ සුවය ලැබූ 368 දෙනෙකු අද (20) රෝහල් වලින් පිටව යාමත් සමඟයි.

ඒ අනුව, මෙරට කොරෝනා ආසාදනය වී සුවය ලැබූ සංඛ්‍යාව 13,271 ක් ලෙස සටහන් වනවා.

මෙරට මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට පවතින්නේ 19,061 ක් ලෙසින්.

වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ වෛද්‍ය අධික්ෂණය යටතේ 5497 දෙනෙකු ප්‍රතිකාර ලබන බවයි. සිදුව ඇති මරණ සංඛ්‍යාව 73 ක්.

+++++++++++++++++

කෝවිඩ් කුඩ්ඩි

+++++++++++++++++

(20.11.2020 – 19:44 +0530 – hirunews.lk/sinhala)

නාවික හමුදාවෙන් ආසාදිතයින් 19 දෙනෙකු වාර්තා වී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා.

ඒ අද (20) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර, කොරෝනා ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමඟ වැල්ලම්පිටිය සිවිල් ආරක්ෂක බලකා කඳවුර ද හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා.

මේ අතර, ප්‍රවීන රංගන ශිල්පි විල්සන් කරූ කිරුලපන ප්‍රදේශයේදී රුපියල් පන්දහසේ (5000) දීමනාව ලබාගැනීමට ගිය අවස්ථාවක සිදුවූ සිද්ධියක් පදනම් කරගෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීමේ චෝදනාව යටතේ අද (20) පොලිසිය අත්අඩංගුවට ගත්තා.

පසුව ඔහු අලුත්කඬේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, එහිදී නියෝග කෙරුණේ ඇපමත නිදහස් කිරීමටයි.

මේ අතර, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවතින කොරෝනා අවදානම සැලකිල්ලට ගෙන ප්‍රදේශ කිහිපයක පාසල් ආරම්භ කිරීම දින නියමයකින් තොරව කල් දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ, වයඹ පළාත් ආණ්ඩුකාර රාජා කොල්ලුරේ මහතාගේ උපදෙස් අනුවයි.

ඒ අනුව කුරුණෑගල මහ නගර සභා සීමාව තුළ පිහිටි සියලු පාසල්, කුරුණෑගල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශය තුළ පිහිටි සියලු පාසල්, මල්ලවපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශය තුළ පිහිටි අල්තාරික් මුස්ලිම් මහා විද්‍යාලය, අල්හමානා ජාත්‍යන්තර පාසල සහ රිදීගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශය තුළ පිහිටි රම්බඩගල්ල මහා විද්‍යාලය මෙසේ විවෘත කිරීම කල් දමා තිබෙනවා.

එසේම, මහව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශය තුළ පිහිටි මහගජ නැග්ම මහා විද්‍යාලය, යාපහුව මහා විද්‍යාලය, විජයබා ජාතික පාසල, පලල්ල මහා විද්‍යාලය, අඹගස්වැව මහා විද්‍යාලය මෙලෙස ආරම්භ කිරීම කල් දමා ඇති බවයි කලාප අධ්‍යාපන කාර්යාලය සඳහන් කළේ.

මීට අමතරව නාරම්මල නගර සීමාවේ පාසල්, පන්නල නගර සීමාවේ පාසල්, පන්නල – ඊරියගොල්ල මහා විද්‍යාලය, කුලියාපිටිය නගර සීමාවේ පාසල්, මෙන්ම, කනදුල්ල මහා විද්‍යාලය සහ දියකලමුල්ල කණිෂ්ඨ විද්‍යාලයද ආරම්භ කිරීම මෙලෙස කල් දමා තිබෙනවා.

++++++++++++++++

පොලිස් නිලධාරියාට පහර දුන් සටන් නළුවා අත්අඩංගුවට

(21.11.2020 – divaina.com)

කිරුළපන පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකුට පහරදීම හා නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ප‍්‍රවීණ චිත‍්‍රපට සටන් නළුවකු අත්අඩංගුවට ගත් බව කිරුළපන පොලිසිය පැවසීය. 19 වැනිදා මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ කිරුළපන පොලිසියේ අවි ගබඩාව භාරව සිටින රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියාය.

රජය මගින් ලබාදෙන රුපියල් 5000 මුදල කිරුළපන හා හයිලෙවල් පාර නැගෙනහිර පාමංකඩ ග‍්‍රාම නිලධාරි විසින් බෙදා දෙමින් සිටියදී සැකකාර නළුවා ඔහුට ද එම රුපියල් පන්දහසේ මුදල ලබා දෙනවා දැයි විමසීම සඳහා මුව ආවරණයක් නොමැතිව එම ස්ථානයට පැමිණ ඇති බවත් එම අවස්ථාවේදී මෙම සිදුවීම සිදුව ඇති බවත් පොලිසිය පැවසීය.

මුව ආවරණ නොමැතිව සෙනඟ රැස්ව සිටින ස්ථානයකට පැමිණීම වරදක් බව එම ස්ථානයේ රාජකාරියේ යෙදී සිටි උප පොලිස් පරීක්ෂකවරයා පෙන්වා දීමත් සමගම සැකකරු පරුෂ වචනයෙන් බැණ වදිමින් කළහකාරී ලෙස හැසිරී පොලිස් නිලධාරියාගේ කම්මුලට පහරක් එල්ල කර ඇතැයි පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය පැවසීය. පහර කෑමට ලක්වූ උප පොලිස් පරීක්ෂකවරයා අධිකරණ වෛද්‍ය පෝරමයක් මගින් අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කර ප‍්‍රතිකාර සඳහා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි.

පොලිස් නිලධාරියාගේ රාජකාරියට බාධා කරමින් පහරදීම හා නිරෝධායන නීතිය උල්ලංඝනය කිරීම යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

කිරුළපන පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි ෴

++++++++++++++++

(20.11.2020 – 22:22 +0530 – hirunews.lk/sinhala)

තවත් කොවිඩ් 19 ආසාදිතයින් 215 දෙනෙකු අද (20) හඳුනාගෙන තිබෙනවා.

එම ආසාදිතයින් මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරේ ආශ්‍රිතයින් බවයි යුද හමුදාපතිවරයා පැවසුවේ.

ඒ අනුව අද (20) දිනයේ හඳුනාගත් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 453 දක්වා ඉහළ ගියා ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණයක් (1) වාර්තාවී තිබෙනවා.

කොළඹ ජාතික රෝහලේදී මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ 2 ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්.

ඒ අනුව ශ්‍රී ලංකාවේ මේවන විට සිදුවී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 74 ක්.

අද (20) වාර්තාවූ මරණයට හේතුව ලෙසට දක්වා ඇත්තේ කොවිඩ් 19 ආසාදනය සමග උත්සන්න වූ හෘද රෝගී තත්වයක් ෴

+++++++++++++++++++

++++++++++++++++++

(21.11.2020 – 08:04 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී මෙරට සිදුවූ 74 වන මරණය ඊයේ (20) වාර්තා වුණා.

කොළඹ 02 ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ උත්සන්න වූ හෘද රෝගී තත්ත්වයකින් මෙලෙස මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම, ඊයේ (20) ආසාදිතයින් 435 දෙනෙකු මෙරටින් වාර්තා වීමත් සමඟ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 19,280 දක්වා ඉහළ ගියා.

ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිත කොරෝනා පොකුරෙන් මේ දක්වා වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 15,765 ක්.

නව ආසාදිතයින් සමඟ රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 5,935 ක් බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර, කොරෝනා වෛරසය ආසාදනය වී අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී සිය කුඩා පුතුද රැගෙන පළාගිය කාන්තාව සොයා ගැනීම සඳහා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

25 හැවිරිදි මෙම කාන්තාව පෙරේදා රාත්‍රි 9 ට පමණ අවුරුදු දෙකහමාරක් (2½) වයසැති සිය දරුවාද රැගෙන අයි.ඩී.එච්. රෝහලෙන් පලාගොස් තිබුණා.

පසුව, එම දරුවා පමණක් ඇහැලියගොඩ ප්‍රදේශයේ නිවසක රඳවා සිටියදී ඊයේ (20) පොලීසිය සොයා ගත්තේ එම කාන්තාවගේ ඇහැලියගොඩ – යාය පාරේ පිහිටි නිවස පරීක්ෂා කිරීමේදීයි.

මෙම කාන්තාව මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගතව සිටියදී ජාතික බෝවන රෝග විද්‍යායතනයට ඇතුළත් කළ කාන්තාවක්.

මේ අතර, රියදුරු බලපත්‍ර ලබා ගැනීමේදී අවශ්‍ය වෛද්‍ය සහතික ලබා ගැනීම සඳහා ඊ-චැනලින් සේවාව ඊයේ (20) සිට සක්‍රීය කෙරුණා.

කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය විසින් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සකස් කළ පෞද්ගලික බස් රථයක් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාට හඳුන්වාදීමටද ඊයේ (20) කටයුතු කළා ෴

+++++++++++++++++

(21.11.2020 – 08:15 +0530 – hirunews.lk/sinhala)

පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් වන විශේෂ සාකච්ඡාවක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී පෙරේදා (19) පැවැති අතර, එහිදී ප්‍රාථමික අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශේෂඥ උපදෙස් අනුව සකස් කර ඇති දළ පිටපත අධ්‍යයනය කෙරනු බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කළේ.

එහිදී සංශෝධනයන් කිහිපයක් සිදු කිරිමට එකඟ වී ඇති අතර, ඒ සඳහා අවසන් තීරණයක් ගැනීමට මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස ස්වාමීන් වහන්සේගේ සභාපතිත්වයෙන් නව දෙනෙකුගෙන් (9) යුත් කමිටුවක් පත්කර තිබෙනවා.

ඒ අනුව, ප්‍රාථමික අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳව සකස් කර ඇති එම දළ පිටපත සම්බන්ධයෙන් අවසන් තීරණ ගැනීම සඳහා අදාළ කමිටුව ලබන 11 වනදා යළි රැස්වීමට නියමිතයි.

මේ අතර, බස්නාහිර පළාත සහ හුදෙකලා කර ඇති ප්‍රදේශවල පාසල්වල හැර සෙසු ප්‍රදේශවල පාසල්වල තුන්වන (3) වාරය ලබන සඳුදා (23) ආරම්භ කරන බවට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පෙරේදා (19) සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් විවිධ පාර්ශව අදහස් පළ කරනවා.

මහනුවර ප්‍රදේශයේ ඊයේ (20) මාධ්‍ය හමුවක් කැඳවමින් පාසල් දරුවන් සුරැකීමේ දෙමාපිය ආදි ශිෂ්‍ය එකමුතුවේ ලේකම් ආර්.එම්.අයි.කේ. රත්නායක මහතා කියා සිටියේ කොරෝනා ව්‍යාප්තිය වර්ධනය වී ඇති අවස්ථාවක නැවත පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් රජය ගෙන ඇති තීරණය නැවත සලකා බැලිය යුතු බවයි.

ශ්‍රී ලංකා රජයේ ගුරුවරුන්ගේ සංගමය සංස්කාරක ඉනෝෂ ගොඩගේ මහතා ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ අනිද්දා (23) සිට පාසල් යළි විවෘත කිරීම සම්බන්ධයෙන් රජය තීරණයක් ගෙන තිබුණද ඒ සඳහා නිසි වැඩපිළිවෙලක් නොමැති බවයි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකු වන, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ඊයේ (20) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ පාසල් සිසුන් සඳහා අන්තර්ජාලය ඔස්සේ සිදුකළ ඉගැන්වීමේ ක්‍රියාවලියේ යම් ගැටලුකාරි තත්ත්වයන් හේතුවෙන් එහි සාර්ථකත්වයක් සිදු නොවූ බවයි ෴

+++++++++++++++++++

(21.11.2020 – 08:35 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (20) දේශීය වශයෙන් හඳුනා ගැනුණු කොරෝනා ආසාදිතයින් 435 දෙනා අතරින් වැඩිම සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 160 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 71 ක් වාර්තා වූ බවයි.

එමෙන්ම, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 21 ක් ඊයේ (20) වාර්තා වී තිබෙනවා.

එසේම, විදේශීය රටවල සිට පැමිණි මුහුදු ආරක්ෂකයෙකුට සහ විදේශිකයින් තුන් දෙනෙකුට (3) ද කොරෝනා වෛරසය වැළඳී ඇති බව එම ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා.

ඒ අනුව ඊයේ (20) දිනයේ මෙරටින් වාර්තා වූ මුළු කොරෝනා වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 439 ක් ලෙසයි එමඟින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ෴

++++++++++++++++++

(21.11.2020 – 09:30 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ පුද්ගලයෙකුට අවම වශයෙන් මාස 06 ක් යනතුරු වෛරසය යළි ආසාදනය වීමේ හැකියාව ඉතා විරල බව බ්‍රිතාන්‍යයේ සිදුකළ අධ්‍යයනයකින් හෙලි වී තිබෙනවා.

ඔක්ස්ෆර්ඩ් සරසවියේ පර්යේෂකයන් සිදුකළ මෙම අධ්‍යයනය සඳහා යොදාගෙන ඇත්තේ කොරෝනා මර්දන ක්‍රියාවලියේ මුල් පෙල සිටින සෞඛ්‍ය සේවකයින් පිරිසක්.

මේ අනුව කෙටි කාලීනව හෝ කොරෝනා ආසාදනය එකම පුද්ගලයෙකුට දෙවතාවක් සිදුනොවීම සුබදායී පුවතක් බවයි ඔක්ස්ෆර්ඩ් සරසවියේ ජනගහන සෞඛ්‍ය පිළිබඳ දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ඬේවිඩ් අයර් ප්‍රකාශ කළේ.

කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ ඇතැම් පුද්ගලයින් තුළ ප්‍රතිශක්තිය කෙටි කාලයක් තුළ දුර්වලවීමේ සිද්ධීන් කිහිපයක් පසුගිය කාලය තුළ වාර්තා වුණා.

එහෙත් ඔක්ස්ෆර්ඩ් අධ්‍යයනයෙන් අනාවරණ වී ඇත්තේ ඒ සඳහා පවතින්නේ ඉතා විරල අවස්ථාවක් බවයි.

කෙසේ නමුත්, කොරෝනා ආසාදිත වී සුවය ලැබූවෙකු තුළ රෝගය සඳහා ප්‍රතිශක්තිය කොතෙක් කල් පවතින්නේද යන්න පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ තාක්ෂණික ප්‍රධානී මරියා වෑන් කර්කොව් ප්‍රකාශ කළා ෴

++++++++++++++++++

(21.11.2020 – 10:20 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදෙස් රටවල රැදී සිටින මෙරට ශ්‍රමිකයින් ගෙන්වීමේ රජයේ වැඩසටහන යටතේ තවත් පුද්ගලයින් 411 දෙනෙකු අද (21) අලුයම දිවයිනට පැමිණියා.

ඒ අනුව කටාර් රාජ්‍යයේ සිට 290 දෙනෙකු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට ශ්‍රී ලාංකිකයින් 21 දෙනෙකු මෙලෙස යළි දිවයිනට පැමිණි බවයි ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළේ.

මෙසේ රජයේ විශේෂ අවසරය මත පැමිණි සියලුම දෙනා ගුවන්තොටුපලේදී පී.සී.ආර්. පරීක්ෂණවලට යොමු කිරීමෙන් අනතුරුව නිරෝධායන කටයුතු සඳහා යොමු කෙරුණා ෴

=======================================

***************************************

(20.11.2020 – 12:53 +0530 – hirunews.lk/sinhala)

රාජ්‍ය විශ්වවිද්‍යාලවල උපකුලපතිවරුන් පත්කිරිමේ ක්‍රමවේදය සම්බන්ධයෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද (20) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරිමත් සමඟ උණුසුම් සංවාදයක් ඇති වුණා. ඒ, විපක්ෂයේ ප්‍රධාන සංවිධයක පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල සහ අමාත්‍ය ජි. එල්. පිරිස් අතරයි.

එම සංවාදයට පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ සහ නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටියද මැදිහත් වුණා.

අයවැය විවාදයේ තුන්වන දිනය අදයි. අද (20) දිනයේ විවාදය ආරම්භ කළේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින්.

ඊට අදාළ විවාදය මේ වනවිටත් පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා ෴

***************************************

(20.11.2020 – 13:41 +0530 – hirunews.lk/sinhala)

පැළ මිලියන 02 ක් රෝපණය කෙරෙන ‘හුස්ම දෙන තුරු’ ජාතික රුක් රෝපණ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (20) ආරම්භ වුණා.

සෞභාග්‍යයේ දැක්ම ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මෙරට වනගහණය 30% ක් දක්වා වැඩි කිරීමට අදාළවයි පරිසර අමාත්‍යාංශය මෙම වැඩසටහන ආරම්භ කරනු ලැබුවේ.

මධ්‍යම පරිසර අධිකාරිය ඉදිරිපිට ආරක්ෂක මූලස්ථාන පිවිසුම් මාර්ගය අසල සුදු සඳුන් පැළයක් රෝපණය කිරීම මෙලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවුණා ෴

***************************************

(20.11.2020 – 13:58 +0530 – hirunews.lk/sinhala)

මහනුවර – දිගන ප්‍රදේශයේ පසුගියදා සිදුවූ භූ කම්පනය පිළිබඳව පර්යේෂණ කණ්ඩායමේ වාර්තාව ලබන සඳුඳා (23) ලබාදීමට නියමිතයි.

ඊයේ (19) මෙම භූ කම්පනය සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස විෂය භාර අමාත්‍ය මහින්ද අමරවීර මහතා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයට උපදෙස් ලබාදීමත් සමඟ තුන් දෙනෙකුගෙන් (3) සමන්විත විශේෂඥ කණ්ඩායමක් භූ කම්පන සිදුවූ ප්‍රදේශයට සොයා බැලීම සඳහා පිටත්ව ගොස් තිබෙනවා.

කෙටි කාලයක් තුළදී එම ප්‍රදේශයෙන් භූ කම්පන තුනක් වාර්තා වී ඇති අතර, දැනට ඒ සම්බන්ධයෙන් විමර්ශනවලදී අනාවරණය වූයේ පොලොව අභ්‍යන්තරයේ හුණුගල් ස්ථරයන් හි පීඩනය නිදහස් කිරීමේ ක්‍රියාවලිය හේතුවෙන් මෙම භූ කම්පන සිදුවී ඇති බවයි.

ඒ අනුව ඊට අදාළ වාර්තාව ලබන සඳුඳා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශයේ සභාපති අනුර වල්පොල මහතා වෙත ලබාදීමට නියමිත බවයි පරිසර අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

***************************************

(20.11.2020 – 15:11 +0530 – hirunews.lk/sinhala)

පෙර පාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කිරීම සඳහා වූ විශේෂ සාකච්ඡාවක් අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේදී පැවැත්වුණා.

එහිදී ප්‍රාථමික අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශේෂඥ උපදෙස් අනුව සකස් කර ඇති දළ පිටපත පිළිබඳ වැඩිදුර අධ්‍යයනය කිරීම සහ එහි සිදුවිය යුතු සංශෝධන පිළිබඳ සොයා බලා අවසන් තීරණයක් ගැනීම සඳහා 09 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කිරීමට තීරණය කළ බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

එහි සභාපතිවරයා ලෙස මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පත්කර තිබෙනවා ෴

***************************************

(20.11.2020 – 15:31 +0530 – hirunews.lk/sinhala)

මහවිරු සැමරුමට අවස්ථාව ලබාදෙන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් වූ පෙත්සම් 04 ක් යාපනය මහාධිකරණය විසින් අද (20) ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

පෙත්සම් මගින් ඉල්ලා තිබුණේ මහවිරු සැමරුම් සඳහා පොලිසියේ බාධාවන් වළක්වන ලෙසයි.

කෙසේ නමුත්, ජාතික ආරක්ෂාවට අදාළ ඉල්ලීම සම්බන්ධයෙන් සලකා බැලීමට බලයක් නොමැති බවයි යාපනය මහාධිකරණය මෙහිදී ප්‍රකාශ කර ඇත්තේ.

පෙත්සම්කරුවන් වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී, ජනාධිපති නීතිඥ එම්.ඒ.සුමන්දිරන් පෙනී සිටියා.

නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් සුමති ධර්මවර්ධන මහතා ඇතුළු රජයේ නීතිඥවරුන් කණ්ඩායමක් පෙනී සිටි බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

ඊයේ (19) දිනයේදී මීට අදාළව සිදුකළ ඉල්ලීම වව්නියාව සහ මන්නාරම අධිකරණ මගින් ප්‍රතික්ෂේප කළා.

***************************************

රැකියා විරහිත තරුණ තරුණියන්ට රැකියා දෙන්න තවත් වැඩපිළිවෙලක්

(20.11.2020 – 16:48 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල පිහිටුවා ඇති දිස්ත්‍රික් රැකියා කේන්ද්‍ර මඟින් රැකියා විරහිත තරුණ තරුණියන්ට පෞද්ගලික අංශයේ රැකියා ලබා දීම සඳහා රජය විසින් කටයුතු යොදා තිබෙනවා.

http://www.dome.gov.lk/ වෙබ් අඩවියට පිවිස රැකියා අපේක්ෂකයන්ට ඒ සඳහා ලියාපදිංචි විය හැකි බවයි තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක මිනිස් බල හා රැකිරක්ෂා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

එලෙස ලියාපදිංචි වන අපේක්ෂකයන් සඳහා තම සුදුසුකම් සහ කැමැත්ත පරිදි දිස්ත්‍රික්කය තුළ පවතින පුද්ගලික අංශයේ රැකියා පුරප්පාඩු සඳහා යොමු කිරීමට නියමිතයි.

ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින් :

***************************************

(20.11.2020 – 19:50 +0530 – hirunews.lk/sinhala)

මාතර වැලිගම ප්‍රදේශයේදී හෙරොයින් 100 kg සමඟ පුද්ගලයින් තිදෙනෙකු (3) පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද (20) අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

***************************************

(20.11.2020 – 20:21 +0530 – hirunews.lk/sinhala)

රියදුරු බලපත්‍ර ලබා ගැනීමේදී අවශ්‍ය වන වෛද්‍ය සහතික ලබා ගැනීම සදහා ඊ-චැනලින් සේවාව අද (20) සිට සක්‍රිය කෙරුණා.

ඒ විෂ්‍ය භාර අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන්.

***************************************

(20.11.2020 – colombotoday.com)

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ,ආරක්ෂක ලේකම් වශයෙන් කටයුතු කළ සමයේ සිට මද්‍රාසා පාසල් සඳහා සිසුන්, ගුරුවරුන් ඇතුළත් කරගැනීම සහ එහි ක්‍රියාකාරිත්වය සම්බන්ධ විධිමත් යාන්ත්‍රණයක් ක්‍රියාවට නැංවී තිබුණු බවත්, යහපාලන රජය බලයට පැමිණි පසු එම යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම අඩාල කර දැමූ බවත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා විසින් අද (20) පාර්ලිමේන්තුවේ දී යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමිනි.

මද්‍රාසා පාසල්වල ඉගැන්වීමට වීසා ඉල්ලමින් විදේශයන්හි සිට ශ්‍රී ලංකාවට පැමිණෙන අයවලුන් පිලිබද දැඩිව අධීක්ෂණය කළ යුතු බවත්, පුද්ගලයන්ගේ පසුබිම, අතීත හැසිරීම සොයා නොබලා පාසල්වල ඉගැන්වීමට එවැන්නන් යෙදවීම වගකීම් විරහිත ක්‍රියාවක් බවත්, ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ බුද්ධි අංශ සමීප සම්බන්ධීකරණයක් පවත්වා ගනිමින් අදාළ පුද්ගලයන්ගේ තොරතුරු සහ පසුබිම සොයා බැලීමට ක්‍රියා කළ යුතු බවත් සඳහන් කළේය. මද්‍රාසා පාසල්වල ඉගැන්වීමට අවසර ලබාදෙන පුද්ගලයන් සම්බන්ධව මෙන්ම, උගන්වනු ලබන පාඨමාලා, සිසුන් බඳවා ගන්නා ආකාරය, ඇතුළු සියලු කරුණු අධ්‍යාපන අමාත්‍යාංශය විසින් අධීක්ෂණය කරන බව අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

මද්‍රාසා පාසල් අධික්ෂණය කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යවරයා වෙත යුතුකමක් පැවරී ඇති බවත් එම යුතුකම් ඉටුකිරීම වෙනුවෙන් තමා පෙනී සිටින බවත් අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය ෴

***************************************

(20.11.2020 – colombotoday.com)

අධ්‍යාපන අමාත්‍යාංශයේ සුරක්ෂා රක්ෂණ වැඩසටහන ඉකුත් වසරේ දී භාරව සිටි Allianz Insurance සමාගම සිසුන්ගේ ප්‍රතිලාභ වන්දි වශයෙන් රුපියල් කෝටි තිහක් (30) ගෙවීමට ඇතැයි එම අමාත්‍යාංශ ආරංචි මාර්ග අනාවරණය කළේය. වන්දි ගෙවා අදාළ ලේඛන අමාත්‍යාංශය විසින් ප්‍රතිපූරණය කරනු ලබන අතර ඒ සඳහා මෙතෙක් එම සමාගම කිසිදු ලේඛනයක් ඉදිරිපත් කර නැතැයි මේ පිළිබඳව අප කළ විමසුමකට පිළිතුරු දුන් අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය. මෙම රක්ෂණ සමාගම වන්දි ගෙවීම පැහැර හැරීම පිළිබඳව අමාත්‍යාංශය රක්ෂණ නියාමන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ද ඉදිරිපත් කර තිබේ.

රක්ෂණ වන්දි නොලැබුණු සිසුන් හා දෙමව්පියන් මේ පිළිබඳව දිනපතාම විමසීම් කරන බවත් මෙම වන්දි ලබා දෙන ලෙස එම ආයතනයට ද වරින් වර දැනුම් දී තිබෙන බවත් ඉහත කරුණු දැක්වූ නිලධාරීයා කීවේය ෴

***************************************

දුමි­න්දගේ අභි­යා­ච­න­යට පෙර රන්ජන් සහ පද්මිණි සාකච්ඡා කරලා – ජනා­ධි­පති නීතිඥ අනුජ ප්‍රේම­රත්න කොමි­ස­මට කියයි

(19.11.2020 – colombotoday.com)

මරණ දඬු­වම ලබා­දීමේ තීන්දු­වට එරෙ­හිව හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා ඇතුළු පිරිස අභි­යා­ච­න­යක් ඉදි­රි­පත් කළ හොත් ඒ සම්බ­න්ධ­යෙන් කට­යුතු කළ හැකි ආකා­රය පාර්ලි­මේන්තු මන්ත්‍රී රන්ජන් රාම­නා­යක මහතා සහ පද්මිණි රණ­වක හිටපු මහා­ධි­ක­රණ විනි­සු­රු­ව­රිය අතර සංවා­ද­යක් පවත්වා ඇති බව ජනා­ධි­පති නීතිඥ අනුජ ප්‍රේම­රත්න මහතා දේශ­පා­ලන පළි­ගැ­නීම් විම­සන ජනා­ධි­පති කොමි­සම හමුවේ පෙරේදා (17) ප්‍රකාශ කළේය.

යහ­පා­ලන රජයේ ප්‍රධා­නීන්ගේ අව­ශ්‍ය­තා­වන් ඉටු වූයේ එව­කට රාජ්‍ය ඇමැති රන්ජන් රාම­නා­යක හරහා බවත්, හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහ­තාට එරෙ­හිව නඩු තීන්දුව ලබා ගැනීම සඳහා එවක මහා­ධි­ක­රණ විනි­සුරු පද්මිණි රණ­වක මහ­ත්මි­යට කුමන හෝ තන­තු­රක් දෙන බවට පොරොන්දු වී ඇති ආකා­ර­යක් හඬ­පට ශ්‍රව­ණය කිරී­මෙන් පැහැ­දිලි වන බවත් ජනා­ධි­පති නීතිඥ ප්‍රේම­රත්න මහතා කොමි­ස­මට සඳ­හන් කළේය.

ජනා­ධි­පති නීති­ඥ­ව­රයා මේ කරුණු දැක්වූයේ හිටපු පාර්ලි­මේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහ­තාට මරණ දඬු­වම නියම කිරීම දේශ­පා­ලන කුම­න්ත්‍ර­ණ­යක් මත සිදු වූවක් බව පව­ස­මින් ඔහුගේ පියා වන ප්‍රේම­ලාල් සිල්වා මහතා විසින් කොමි­ස­මට ඉදි­රි­පත් කරන ලද පැමි­ණිල්ලේ සාක්ෂි විම­සීම් අත­ර­තු­රය.

ජනා­ධි­පති නීති­ඥ­ව­ර­යාගේ සාක්ෂි මෙහෙ­ය­වීම හමුවේ පැමි­ණි­ලි­කාර ප්‍රේම­ලාල් සිල්වා මහතා මෙලෙස කරුණු පැහැ­දිලි කළේය :

“2011 ඔක්තෝ­බර් 8 වැනිදා පළාත් පාලන මැති­ව­රණ දින­යක්. මගේ පුතා දුමින්ද සිල්වා එව­කට පාර්ලි­මේන්තු මන්ත්‍රී­ව­ර­යකු මෙන්ම ඔහු එක්සත් ජනතා නිද­හස් සන්ධා­නයේ කොළො­න්නාවේ ආසන සංවි­ධා­යක. ඒ ව­ගේම ඔහු ජාතික ආර­ක්ෂක අමා­ත්‍යාං­ශයේ අධී­ක්ෂ­ණය මන්ත්‍රී­ව­රයා. ඒ නිසා ඔහුට ඇමැති ආර­ක්ෂක අංශ­යෙන් වගේම පොලිස් ආර­ක්ෂාව සහ පෞද්ග­ලික ආර­ක්ෂ­ක­යන් සිටියා. මැති­ව­රණ දිනයේ පෙර­ව­රුවේ ඔහු නිවෙ­සින් පිටත් වෙලා ගියා කොළො­න්නාවේ නගර සභා ප්‍රදේ­ශයේ මැති­ව­රණ කට­යුතු නිරී­ක්ෂ­ණය කරන්න. ඒ නිරී­ක්ෂ­ණය සඳහා ඔහුට මැති­ව­රණ කොම­සා­රි­ස්ව­ර­යාගේ අව­ස­රය හිමි­වෙලා තිබුණේ. පස්වරු 02:30 ට පමණ ඒ. එස්. පී. කෙනෙක් කළ දැනු­ම්දී­මක් මත පුතා පිටත් වෙලා යන අත­ර­තුර හිඹු­ටාන හන්දි­යේදී වෙඩි ප්‍රහා­ර­ය­කට ලක්වුණා. මාගේ පුතාට තමයි මුලින්ම වෙඩි ප්‍රහා­රය එල්ල වෙලා තිබුණේ. ඔහුගේ නළ­ලට වෙඩි දෙකක් වැදිලා හිසට බැරෑ­රුම් තුවාල වෙලා බිම ඇඳ­වැ­ටී­මෙන් පසු ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර රෝහ­ලට ඇතු­ළත් කළා. සිද්ධි­යෙන් සති දෙකක කාල­යක් ඔහු සිහි­සුන්ව සිටියෙ. ඉන් පසු ඔහුව සිංග­ප්පූ­රුවේ රෝහ­ල­කට ඇතු­ළත් කර අවු­රුදු එක­හ­මා­රක් විතර ප්‍රති­කාර ලැබුවා.”

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *