පාස්කු බෝම්බකරුවන් රිෂාඩ්ගේ සොහොයුරියකට අයත් නිවසක ඉඳලා

පාස්කු බෝම්බකරුවන් රිෂාඩ්ගේ සොහොයුරියකට අයත් නිවසක ඉඳලා

කොවිඩ් පැතිරීම වැළැක්වීමට පාසල් සහ අධ්‍යාපන ආයතනවලට උපදෙස් සංග්‍රහයක්

*********************************************

පාස්කු බෝම්බකරුවන් රිෂාඩ්ගේ සොහොයුරියකට අයත් නිවසක ඉඳලා

(22.11.2020 – 13:36 +0530 – hirunews.lk/sinhala)

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරන් වන රියාජ් සහ රිෆ්කාන් බදියුදීන්, සහරාන් හෂීම් ඇතුළු බෝම්බකරුවන් සමඟ පවත්වා ඇති සබඳතා සම්බන්ධයෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයන ජනාධිපති කොමිසම රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයාගෙන් ප්‍රශ්න කළා.

එමෙන්ම ඔහුගේ සහෝදරියකට අයත් නිවසක බෝම්බකරුවන් රැඳීසිට තිබීම සම්බන්ධයෙන් ද කොමිසම මෙහිදී වැඩිදුරටත් කරුණු විමසා සිටියා.

***************************************

(22.11.2020 – 13:40 +0530 – hirunews.lk/sinhala)

මතුගම කාලවිලයාය දිගං ඇළේ ප්‍රතිසංස්කරණ කටයුතු අතර මග නැවතීම හේතුවෙන් ප්‍රදේශයේ ගොවීන් දැඩි අපහසුතාවට පත්ව සිටිනවා.

මේ සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කළද මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවට ගොවීන් චෝදනා කරනවා.

වසර 150 ක පමණ කාලයක සිට ගොවිතැන් කටයුතු සිදු කරන මතුගම ගොවිජන සේවා බල ප්‍රදේශයේ පුස්සමුල්ලයාය වෙල් යායයි මේ.

ඊට ජලය සපයා ගැනෙන්නේ බේරුවල පාදාගොඩ ගොවිජන බල ප්‍රදේශයට අයත් කාලවිලයාය දිගං ඇළෙන්.

නමුත් එම ඇළ මාර්ගයේ ජලය බැසයාම සම්බන්ධයෙන් පවතින ගැටලු හේතුවෙන් වැසි අවස්ථාවලදී ප්‍රදේශයේ කුඹුරු යට වන බව ගොවීන් පවසනවා.

***************************************

(22.11.2020 – 15:33 +0530 – hirunews.lk/sinhala)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (22) පෙරවරුවේ මහනුවර ඓතිහාසික දළදා මාළිගාව වෙත පැමිණ දළදා සමිදුන් වැද පුදාගෙන ආශිර්වාද ලබා ගත්තා.

රාමඤ්ඤ මහ නිකායේ මහනායක අතිපූජ්‍ය නාපාන පේමසිරි නාහිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මහනුවරට පැමිණි අවස්ථාවේදීයි ජනාධිපතිවරයා මෙලෙස දළදා සමිඳුන් වැද ගනු ලැබුවේ.

මේ වන විට මහනාහිමියන්ගේ දේහය ආදාහනය පූජෝත්සවය සිදුකෙරෙන මහනුවර – කුණ්ඩසාලේ බණ්ඩාරනායක ජාතික පාසල් ක්‍රීඩාංගනයට වැඩම කර ඇති අතර, ආදාහන පූජෝත්සවයේ කටයුතු ද ආරම්භ වී තිබෙනවා.

***************************************

(22.11.2020 – 16:18 +0530 – hirunews.lk/sinhala)

‘1929’ – ‘ශ්‍රී ලංකා ළමා ආරක්ෂක දුරකථන යෙදවුම’ ජාතික ළමාරක්ෂක අධිකාරියේ ශ්‍රවණාගාරයේදී එළිදැක්වුණා.

ඒ, කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන්.

සියළුම ආකාරයේ ළමා අපයෝජනයන්ගෙන් සහ නොසලකා හැරීම්වලින් ළමයින් මුදවා ගැනීම සඳහා මෙම දුරකථන යෙදවුම හඳුන්වා දී තිබෙනවා.

ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කළේ පර්යේෂණ කාලය අවසන් වූ පසු මෙය ජනතාවගේ පරිහරණය සඳහා ලබාදීමට නියමිත බවයි ෴

***************************************

(22.11.2020 – 17:00 +0530 – hirunews.lk/sinhala)

හෙරොයින් ග්‍රෑම් දෙකට (02) අඩු සහ ගංජා කිලෝග්‍රෑම් 05 ට අඩු චෝදනා එල්ලවී සිටින රිමාන්ඩ් රැඳවියන් 6,334 දෙනෙකුගේ නීති කටයුතු කඩිනම් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විෂයභාර රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය හෙට (23) අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි හමුවීමටද නියමිතයි.

බන්ධනාගාර ගතව සිටින පිරිසෙන් සියයට 73 ක්ම රිමාන්ඩ් බන්ධනාගාර ගතව පසුවන්නන් වන අතර, එය බන්ධනාගාර තුළ පවතින අධික තදබදයට ප්‍රධාන හේතුවක් වී ඇති බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා ෴

***************************************

(22.11.2020 – 17:17 +0530 – hirunews.lk/sinhala)

වෙබ් අඩවි නියාමනයට නිසි වැඩපිළිවෙලක් ඉදිරි සති දෙක (2) තුළ ක්‍රියාත්මක කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කර තිබෙනවා.

ඊයේ (21) පාර්ලිමේන්තුවේදී ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභා රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළ බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන කටයුතු දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

පුරවැසියන්ගේ ගරුත්වය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීම වෙනුවෙන් පුවත්පත් මණ්ඩල පනත සංශෝධනය කළ යුතු බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබෙනවා.

එහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ ජනමාධ්‍යවේදීන් වෙනුවෙන් රක්ෂණ ක්‍රමයක් ළඟදීම හඳුන්වා දෙන බවයි ෴

***************************************

(22.11.2020 – 17:44 +0530 – hirunews.lk/sinhala)

අග්‍රාමාත්‍ය කාර්යාලය හෝ අරලියගහ මන්දිරයේ සේවය කරනු ලබන කිසිදු නිලධාරියෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී නොමැති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරනවා.

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් අරලියගහ මන්දිරය තාවකාලිකව වසා දමා ඇති බවට පුවත්පතක පළ වී තිබු ප්‍රවෘත්තියේ කිසිදු සත්‍යතාවයක් නොමැති බවයි එම කාර්යාලය වැඩිදුරටත් පවසන්නේ.

කොවිඩ්-19 තත්ත්වය හමුවේ රජය හා සෞඛ්‍ය අංශවලින් නිකුත් කර ඇති උපදෙස්වලට අනුකූලව අග්‍රාමාත්‍ය කාර්යාලය මෙන්ම, අරලියගහ මන්දිරයේ දෛනික රාජකාරී කටයුතු කිසිඳු බාධාවකින් තොරව නිසි සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් පවත්වාගෙන යනු ලබන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

අග්‍රාමාත්‍ය කාර්යාලය හා අරලියගහ මන්දිරයේ රාජකාරී කටයුතු සඳහා කැඳවා ඇත්තේ අත්‍යාවශ්‍ය නිලධාරීන් පිරිසක් පමණක් බවයි අදාල නිවේදනයේ තවදුරටත් සඳහන් වන්නේ.

======================================

(22.11.2020 – 13:32 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 පරාජය කිරීමේ දී ජනතාව විදිහට අපිට පැවරෙන වගකීම සුලුපටු නැහැ.

ආරක්ෂිතව සිටීමෙන් ඔබත් රැකී අන් අයත් රැකගන්නට පුළුවන්.

+++++++++++++++++++++++

(22.11.2020 – 14:57 +0530 – hirunews.lk/sinhala)

පැතිර යන කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ සියලු තැපැල් සහ උප තැපැල් කාර්යාල නැවත දැනුම්දෙනතුරු වසා තැබෙන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු පවසන්නේ කුරුණෑගල ප්‍රාදේශීය තැපැල් අධිකාරී කාර්යාලයේ සහ කුරුණෑගල ප්‍රධාන තැපැල් කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 14 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවයි.

මෙම ඇතැම් නිලධාරීන් ඖෂධ බෙදාහැරීම සහ වෙනත් රාජකාරී කටයුතු සඳහා අනෙකුත් තැපැල් සහ උප තැපැල් කාර්යාල වෙත් ගොස් ඇති බැවින් සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි මෙම තීරණය ගත් බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

මේ සමඟ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඖෂධ බෙදාහැරීමේ කටයුතු ද නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවා ඇති බවයි ආදාල නිවේදනයේ තවදුරටත් දැක්වෙන්නේ ෴

++++++++++++++++++++

(22.11.2020 – 15:05 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් වෛරසය ආසාදයව ප්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයින් 479 දෙනෙක් සුවය ලබා අද (22) රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා.

මේ සමඟ මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින්ගේ සංඛ්‍යාව 14,000 සීමාව ඉක්මවා ගියා.

ඒ අනුව මේ වනවිට සුවය ලැබූ ආසාදිතයින්ගේ සංඛ්‍යාව දැක්වෙන්නේ 14,069 ක් ලෙසයි.

තවත් 5619 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ ෴

++++++++++++++++++++

(22.11.2020 – 15:10 +0530 – hirunews.lk/sinhala)

හෙට (23) දිනයේ සිට සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද යටත්තේ උදෑසන සහ පස්වරුවේ විශේෂ කාර්යාල දුම්රිය ධාවනය කිරීමට කටයුතු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

කෙසේ වෙතත්, හුදෙකලා ප්‍රදේශ ලෙස නම් කර ඇති පොලිස් බල ප්‍රදේශයන්හි ඒවා නොනවත්වා ධාවනය කෙරෙන අතර එලෙස දුම්රිය නොනවත්වන දුම්රිය ස්ථාන සහ දුම්රිය කාලසටහන පහතින්.

දුම්රිය කාල සටහන පහතින් :

*********************************************

කොවිඩ් පැතිරීම වැළැක්වීමට පාසල් සහ අධ්‍යාපන ආයතනවලට උපදෙස් සංග්‍රහයක්

(22.11.2020 – 19:01 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමට පාසල් සහ අධ්‍යාපන ආයතන සූදානම් කිරීම සඳහා උපදෙස් සංග්‍රහයක් නිකුත් කර තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යංශය මඟිනුයි මෙය නිකුත්කර ඇත්තේ.

එම උපදෙස් සංග්‍රහය :

+++++++++++++++++++++

(22.11.2020 – 19:14 +0530 – hirunews.lk/sinhala)

මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව මේ වනවිට 20,000 සේ සීමාවට ආසන්න වී තිබෙනවා.

කොරෝනා ආසාදිත 479 දෙනෙකු අද (22) දිනයේ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබූ මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 14,069 දක්වා ඉහළ ගියා.

වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ තවදුරටත් 5,619 දෙනෙකු රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන බවයි.

මේ අතර, කොරෝනා වෛරසයේ වැඩි බලපෑමකට ලක්ව ඇති කොළඹ නගරයෙන් මේ දක්වා ආසාදිතයන් 5,317 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඉන් 1,556 දෙනෙකුම වාර්තා වී ඇත්තේ පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල ආශ්‍රිත පොකුරෙන්.

ඊයේ (21) දිනයේ සිදුවූ කොරෝනා මරණ නවයම කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙනුයි වාර්තාවී තිබුණේ.

පවතින තත්ත්වය හමුවේ වයස්ගත සහ නිධන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන්ට අවශ්‍ය ඖෂධ සහ සායන පහසුකම් සඳහා කොළඹ නගරය තුළ විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා සඳහන් කළා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *