‘බැටිකලෝ කැම්පස්’ එකට මුදල් ආ හැටි ?

‘බැටිකලෝ කැම්පස්’ එකට මුදල් ආ හැටි ?

*********************************************

‘බැටිකලෝ කැම්පස්’ එකට මුදල් ආ හැටි ?

(23.11.2020 – 20:31 +0530 – sinhala.adaderana.lk)

එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා විවෘත කිරීමට සූදානම් වූ මතභේදාත්මක මඩකලපුව විශ්වවිද්‍යාලය ඉදිකිරීම සඳහා විවෘත කළ රාජ්‍ය බැංකු ගිණුමක රුපියල් මිලියන ගණනක සැකකටයුතු ගනුදෙනු සිදු ව ඇති බව අද (23) අනාවරණ විය.

ඒ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේදී.

ජනාධිපති කොමිසම අද (23) සාක්ෂි විමසනු ලැබුවේ කොල්ලුපිටිය, රාජ්‍ය බැංකු ශාඛාවක හිටපු කළමනාකාරවරියක ගෙනි.

එහිදි ඇය කියා සිටියේ, කොල්ලුපිටියේ අදාළ රාජ්‍ය බැංකු ශාඛාවේ Batticaloa Campus නමින් ජංගම ගිණුම් 2 ක් සහ එක් (1) SIA ගිණුමක් ඇති බවය.

2016 ජනවාරි මස දී බැටික්ලෝ කැම්පස් කොලේජ් ප්‍රයිවට් ලිමිටඩ් නමින් ආරම්භ කළ ගිණුමේ බලයලත් නිලධාරින් ලෙස එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා සහ අහමඩ් හිරාස් හිස්බුල්ලා යන නම් සඳහන් ව ඇති බව සාක්ෂිකාරිය පැවසුවාය.

මෙම ගිණුමට අවස්ථා 7 කදී රුපියල් මිලියන 3640 කට වැඩි මුදලක් විදෙස් ප්‍රේෂණ ලෙස ලැබී ඇති බව ද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

එම අවස්ථා 7 දීම මුදල් බැර කර ඇත්තේ සෞදි ‘අරාබියේ අබ්දුල්ලා අල් ජෆාරි’ නැමැත්තෙකි.

මෙහිදි කොමිසම විමසුවේ, එම විදෙස් ප්‍රේෂණ කුමකට භාවිත කළා ද, ගිණුම් ආරම්භ කිරීමේ අරමුණ හා සැසදෙනවා ද? යන්න සොයා බැලුවේ ද යන්නය.

“මෙතන ගිණුම ආරම්භ කිරීමේ අරමුණ තිබුණේ පෞද්ගලික විශ්වවිද්‍යාලයක් ආරම්භ කිරීම. ඒ දේ වෙන බව අපි මාධ්‍ය ඔස්සේ දැක්කා. එතනින් එහාට සොයාබැලීමක් සිදුවුනේ නැහැ” යැයි සාක්ෂිකාරිය පිළිතුරු දුන්නාය.

එසේම මෙම ගිණුමෙන් අවස්ථා රැසකදී චෙක්පත් මගින් රුපියල් මිලියනයකට වඩා වැඩි මුදල් ලබාගැනීම් රැසක් සිදුකර ඇති බව හිටපු කළමනාකාරිණිය පැවසුවාය.

මෙහිදි කොමිසමේ සභාපති විනිසුරුවරයා,

“සාමාන්‍යයෙන් රුපියල් මිලියනයකට වැඩි මුදල් ගැනීමක් එකවර සිදුවෙනවා නම් මහබැංකුව දැනුවත් කරන්න ඕනේ. ඉතිං මේ සැකකටයුතු ගනුදෙනු ගැන මහබැංකුව දැනුවත් කළා ද.? යනුවෙන් විමසුවේය.

“මහ බැංකුවට වාර්තා කරලා නැහැ ස්වාමිනි. මම ඒ පිළිබඳ අපේ ප්‍රධාන ශාඛාවේ අනුකූලතා අංශය දැනුවත් කළා. නමුත් ප්‍රධාන ශාඛාවෙන් මහබැංකුව දැනුවත් කරලා නැහැ. මහ බැංකුවට මේ පිළිබඳ දැනුම් දී තියෙන්නේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ” යැයි සාක්ෂිකාරිය පිළිතුරු දුන්නාය.

මෙහිදි එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතාට අයත් හීරා පදනමට අදාළව කොල්ලුපිටිය රාජ්‍ය බැංකු ශාඛාවේ ඇති ගිණුම් ගැන ද කොමිසමේ අවධානය යොමුවිය.

ඒ සම්බන්ධයෙන් සාක්ෂි ලබාදෙමින් එම ශාඛාවේ හිටපු කළමනාකාරිණිය කියා සිටියේ,

“‘ශ්‍රී ලංකා හීරා ෆවුන්ඩේෂන්’ නමින් 1993 අගෝස්තු 18 ජංගම ගිණුමක් විවෘත කරලා තියෙනවා. බලයලත් නිලධාරින් ලෙස එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාගේ නම සඳහන් ව තිබෙනවා.” යනුවෙනි.

මෙම ගිණුමට විදේශ ප්‍රේෂණවලින් මුදල් ලැබිලා තියෙනවාදැයි කොමිසම විමසා සිටියේය.

අවස්ථා 15 කදී විදේශ ප්‍රේෂණ විදිහට රුපියල් මිලියන 313 කට අධික මුදලක් ලැබී තිබෙන බව සාක්ෂිකාරිය කියා සිටියාය.

[ SIA (Securities Investment Account) is a Sri Lankan Rupee (LKR) Account which eligible investors could open to invest in Government Securities (Treasury Bills and Treasury Bonds), Equity Capital of Companies incorporated in Sri Lanka and Units of Unit Trusts in Sri Lanka. ]

***************************************

අභියාචනා ඉදිරිපත් කිරීමෙන් පසු රැකියා සඳහා තෝරාගත් උපාධිධාරීන්ගේ නාම ලේඛනය නිකුත් වෙයි

(23.11.2020 – 21:38 +0530 – hirunews.lk/sinhala)

රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩපිළිවෙලට අදාලව අභියාචනා ඉදිරිපත් කළ පසු රැකියා සඳහා තෝරාගත් උපාධිධාරීන්ගේ නාම ලේඛනය නිකුත් වී තිබෙනවා.

එම නාම ලේඛනය [ මෙතැනින් ]

***************************************

(23.11.2020 – 22:01 +0530 – hirunews.lk/sinhala)

කොටවිල පොලිස් ස්ථානයට අනියුක්තව රාජකාරියේ යොදවා ඇති 1990 සුව සැරිය ගිලන් රථ සේවාවට අයත් ගිලන් රථයේ සහායකවරයා මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසනවා.

අද (23) දින මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි වැලිගම අප වාර්තාකරු සඳහන් කළේ.

සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 3300 ක්, ගංජා මිලිග්‍රෑම් 9200 ක්, හෑෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 780 සහ මැන්ඩි නැමැති මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 400 ක් මෙලෙස සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු මාතර, නාවිමන දකුණ ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි අයෙක් ෴

***************************************

ව්‍යාජ තොරතුරු මත රුසියාවේ අධ්‍යාපනයට – රැකියාවට ගිය ලාංකිකයින් 27 ක් එරටදී අත්අඩංගුවට

(23.11.2020 – colombotoday.com)

ව්‍යාජ තොරතුරු මත රුසියාවේ අධ්‍යාපන හා රැකියා සඳහා ගිය ශ්‍රී ලාංකිකයින් 27 දෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අංඩගුවට ගෙන ඇතැයි රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ මේ වසරේදී රුසියාවට ගිය ලාංකිකයින් පිරිසකි.

මෙම ලාංකිකයන් 27 දෙනා ගෙන් ඉන් 17 දෙනෙකු දැනටමත් තම සිර දඬුවම් අවසන් කිරීමෙන් අනතුරුව නැවත දිවයිනට යවා ඇති අතර තවත් පුද්ගලයන් දස දෙනෙකු (10) එරට රැඳවුම් මධ්‍යස්ථාන බාරයේ පසුවන බවද ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියා සිටී.

එරට රැදවුම් බාරයේ සිටින ලාංකිකයින් සම්බන්ධයෙන් නීතිමය කටයුතු සිදු කෙරෙමින් පවතින බැවින්, ඔවුන් විවිධ නගරවල රැඳවුම් මධ්‍යස්ථානවල රඳවා ඇතැයිද එම තානාපති කාර්යාලය පෙන්වා දේ.

මෙලෙස ව්‍යාජ විදේශ රැකියා සහ අධ්‍යාපනික නියෝජිතායතනවලට එරෙහිව ලාංකිකයන්ගෙන් රුසියාවේ තානාපති කාර්යාලයට ලැබෙන පැමිණිලි සංඛ්‍යාවද ඉහළ ගොස් ඇති බවත් , එවැනි හොර රැකියා ඒජන්සි ආයතනවලට නොරැවටෙන ලෙස රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලීමක් කර සිටී.

රැකියා අවස්ථා ලබා ගැනීමේ සහ තවදුරටත් යුරෝපා රටවල් කරා සංක්‍රමණය වීමේ අපේක්ෂාවෙන් යුතුව, ශිෂ්‍ය හා සංචාරක වීසා මඟින් රුසියාව වෙත පැමිණෙන ලාංකිකයන් සංඛ්‍යාව වසරින් වසර වැඩිවෙන බව නිරීක්ෂණය වී ඇතැයිද තානාපති කාර්යාලය කියා සිටී.

සංක්‍රමණ නීති රීතිවලට අනුව, සංචාරක වීසා මඟින් රුසියාවට පැමිණෙන විදේශකයන් හට ඔවුන්ගේ වලංගු වීසා කාලසීමාව තුළ දී රැකියාවල නිරත වීමට අවසර දෙනු නොලබන අතර, දඬුවමකට ද යටත් වීමට සිදු වන බව ද තානාපති කාර්යාලය පෙන්වා දේ.

එම තත්ත්වය නොසලකා ශ්‍රී ලංකාවේ විදේශ රැකියා සහ අධ්‍යාපනික නියෝජිතායතන කිහිපයක්, රුසියාවේ වෙසෙන ලාංකිකයන් සහ තවත් සංවිධානය වූ කණ්ඩායම් මෙම නීතිවිරෝධී කටයුතුවල නිරත වන බව අනාවරණය වී ඇතැයි ද එම තානාපති කාර්යාලය පෙන්වා දේ.

රුසියාවට හෝ වෙනත් අසල්වැසි රටකට පැමිණීමට නීතිවිරෝධී මාර්ග භාවිතා කිරීමෙන් වළකින ලෙසත් , එවැනි ව්‍යාජ ආයතන පිළිබඳව සුපරීක්ෂාකාරී වන ලෙසත්, කිසිදු නීති විරෝධී ආයතනයකට ගෙවීම් කිරීමෙන් වැළකී සිටින්නැයිද තානාපති කාර්යාලය ඉල්ලා සිටී ෴

=============================================

(23.11.2020 – 18:50 +0530 – hirunews.lk/sinhala)

තුන්වන පාසල් වාරය සඳහා දිවයිනේ පාසල් 5100 කට ආසන්න සංඛ්‍යාවක් අද (23) ආරම්භ කෙරුණු අතර එම පාසල්වල ගුරුවරුන්ගේ සහ සිසුන්ගේ පැමිණීම සතුටුදායක මට්ටමක පවතින බව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසනවා.

පළාත් අධ්‍යාපන බලධාරීන් වෙතින් ලබාගත් තොරතුරු අනුව, අනාවරණය වී ඇත්තේ, වයඹ පළාතේ සිසුන් 35% ක් සහ ගුරුවරුන් 85% ක් ද, දකුණු පළාතේ සිසුන් 15% ක් සහ ගුරුවරුන් 80% ක් ද, සබරගමුවේ සිසුන් 55% ක් සහ ගුරුවරුන් 86% ක්ද, උතුරුමැද පළාතේ සිසුන් 30% ක් සහ ගුරුවරුන් 80% ක් ද, මධ්‍යම පළාතේ සිසුන් 40% ක් සහ ගුරුවරුන් 80% ක් ද, උතුරු පළාතේ සිසුන් 47% ක් සහ ගුරුවරුන් 75% ක් ද, නැගෙනහිර පළාතේ සිසුන් 28% ක් සහ ගුරුවරුන් 80% ක් ද, ඌව පළාතේ සිසුන් 30% ක් සහ ගුරුවරුන් 80% ක් ද පැමිණ ඇති බවයි.

බස්නාහිර පළාතේ සහ හුදකලා කරන ලද පොලිස් වසම් තුළ පිහිටි පාසල් මෙන් ම, නැගෙනහිර පාසල් 16 ක්, උතුරුමැද පාසල් 14 ක්, වයඹ පාසල් 48 ක්, මධ්‍යම පාසල් 14 ක්, සබරගමුව පාසල් 12 ක් සහ දකුණු පළාතේ පාසල් 01 ක් ඇතැම් පාසල් සෞඛ්‍ය නිර්දේශ නොලැබීම හේතුවෙන් අද (23) ආරම්භ වුණේ නැහැ.

කෙසේ වෙතත් ගුරු සංගම් පවසන්නේ පාසල්වල සිසුන්ගේ පැමිණීම සියයට පහක පමණ ප්‍රතිශතයක් ගෙන තිබූ බවයි.

+++++++++++++++++++

(23.11.2020 – 19:26 +0530 – hirunews.lk/sinhala)

කොළඹ ඩීන්ස් පාරේ පිහිටි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයීම් අංශයෙන්ද කොරෝනා ආසාදිතයන් හයදෙනෙකු (6) වාර්තාවී තිබෙනවා.

එම ආසාදිතයන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් නිරෝධායනය සඳහා යොමුකර ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ.

මේ අතර බන්ධනාගාර ආශ්‍රිතව වාර්තාවන කොරෝනා පොකුරේ පළමු මරණය අද (23) රාගම ශික්ෂණ රෝහලෙන් වාර්තාවුණා.

මෙලෙස මියගොස් ඇත්තේ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටි ගිනිගත්හේන ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදි පුද්ගලයෙක්.

මහර බන්ධනාගාරයේ සිට රෝගී තත්වයක් හේතුවෙන් රාගම රෝහලට ඇතුළත් කර සිටියදී අදාළ රැදවියා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

2006 වසරේ සිදුවූ මනුෂ්‍ය ඝාතනයකට අදාළව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටි මොහු තවත් රැඳවියන් 112 දෙනෙකු සමඟ වැලිකඩ බන්ධනාගාර රෝහලේ සිට මහර බන්ධනාගාරයට මාරුකර එවා තිබුණේ පසුගිය 11 වනදායි.

එහි කළ පී.සී.ආර්. පරීක්ෂණයේදී රැඳවියන් දෙදෙනෙකුට (2) කොරෝනා ආසාදනය වී ඇති බවට පසුගියදා හෙළිවූ අතර, ඔවුන් කන්දකාඩු ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කිරීමෙන් අනතුරුව ඉතිරි පිරිස වාට්ටු දෙකක (2) නිරෝධායනයට ලක් කිරීමට පියවර ගැනුනා.

බන්ධනාගාරය තුළ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේදී මියගිය පුද්ගලයාට කොරෝනා වැළඳී නොමැති බවට තහවුරු වුවද, රාගම රෝහලේදී මියයාමෙන් පසු කළ පී.සී.ආර්. පරීක්ෂණයේදී ඔහුට කොරෝනා වැළඳී තිබූ බවටයි අනාවරණ වී ඇත්තේ.

අගුණකොලපැලැස්ස බන්ධනාගාරයට වෙනත් බන්ධනාගාරවලින් රැඳවියන් රැගෙන නොඑන ලෙසට ඉල්ලමින් එම බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අද (23) පෙරවරුවේ ආහාර වර්ජනයක නිරතවුණා.

එමෙන්ම ඊයේ (22) දිනයේදීද කොරෝනා ආසාදිතයන් 26 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, ඒ අනුව බන්ධනාගාර ආශ්‍රිතව වාර්තාවන මුළු කොරෝනා රෝගීන් සංඛ්‍යාව 682 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊට බන්ධනාගාර නිලධාරීන් 43 දෙනෙකුද ඇතුළත් බවයි බන්ධනාගාර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රියන්ත අතපත්තු මහතා සඳහන් කළේ.

එමෙන්ම ඇල්පිටිය – නවදගල ප්‍රදේශයේ පදිංචි බන්ධනාගාර නිලධාරියෙකුට ද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ අතර, වැලිකඩ බන්ධනාගාරයේ සේවය කරන මොහු නිවසට පැමිණි අවස්ථාවේදී ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකදීයි මේ බව තහවුරු වී ඇත්තේ.

එම නිලධාරියා තම යතුරුපැදියෙන් බන්ධනාගාරයේ සිට නිවසට පැමිණ ඇති අතර, ඇල්පිටිය ප්‍රදේශයේ වෙළඳසැලකට ද ඔහු ගොස් ඇති බවට අනාවරණ වී තිබෙනවා.

එමෙන්ම කඨින පිංකමකටද සහභාගිවී ඇති අතර, ස්වාමීන් වහන්සේ දෙනමක් (2) ඇතුලු 9 දෙනෙකු නිරෝධායනයට යොමුකළ බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ ෴

++++++++++++++++++

(23.11.2020 – 19:29 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා මර්දනය සඳහා බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය මගින් නිපදවා ඇති ඇස්ට්‍රොසෙනිකා නැමති එන්නත සියයට 70 ක සාර්ථකත්වයක් ඇති බවට අද හෙළි කෙරුණා.

මෙහි විශේෂත්වය වන්නේ අනෙක් එන්නත්වලට සාපේක්ෂව මිලෙන් අඩුවීම සහ පහසුවෙන් ගබඩා කිරීමට හැකිවීම හේතුවෙන් ප්‍රවාහනය පහසුවීමයි.

මෙම එන්නතේ පර්යේෂණ කාර්ය මණ්ඩලයේ ප්‍රධානත්වය දරන්නේ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත වෛද්‍යවරියක් වන මහේෂි රාමසාමි මහත්මිය යි.

දැනට ඇය ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ සහ එන්.එච්.එස්. පදනම් භාරයේ උපදේශක වෛද්‍යවරියක් ලෙසද කටයුතු කරනවා ෴

++++++++++++++++++++

(23.11.2020 – 20:20 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 ව්‍යාප්තියත් සමඟ හුදකලා තත්ත්වයට පත්කර තිබු කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පොලිස් බල ප්‍රදේශ 06 ක් අද (23) අළුයම සිට එම තත්ත්වයෙන් මුදාහැරුණා.

එම දිස්ත්‍රික්කවල පොලිස් බල ප්‍රදේශ 18 ක් තවදුරටත් හුදකලා තත්ත්වයෙන් පවතින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

++++++++++++++++++++

(23.11.2020 – 22:09 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 ආසාදනය වූ තවත් ආසාදිතයින් 131 දෙනෙකු අද (23) හඳුනාගෙන තිබෙනවා.

ඔවුන් සියලු දෙනා ආශ්‍රිතයින් බවයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ.

ඒ අනුව අද (23) දිනයේ මේ වනවිට හඳුනගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 335 ක් ෴

+++++++++++++++++++

(23.11.2020 – 22:55 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිත මරණ 03 ක් අද (23) දිනයේ වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

මෙම මරණ 03 ත් සමඟ මෙරට කොරෝනා ආසාදිත මරණ ගණන 90 ක් දක්වා ඉහළ ගියා.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 86 සහ 60 හැවිරිදි වියේ පසුවූ කාන්තාවන් දෙදෙනෙක් (2) සහ 60 හැවිරිදි වියේ පසුවූ පිරිමි පුද්ගලයෙක්.

++++++++++++++++++++

ටෙලි නාට්‍ය රූගත කරන්න ගිය ජනප්‍රිය යොවුන් ශිල්පියාට කොරෝනා – මතුව ඇති තත්ත්වය මෙන්න

(23.11.2020 – 16:11 +0530 – truenews.lk)

මෙරට ප්‍රධාන කලාකරුවෙක් ගේ ජනප්‍රිය පුතණුවකු මේ වන විට කොරෝනා වෛරසය ශරීරගතව ඇති බවට හෙළි වීම නිසා රෝහල් ගතකර තිබෙනවා.

මහනුවර ප්‍රදේශයේ ටෙලි නාට්‍යනාට්‍ය රූගත කිරීමට සහභාගි වී පසුව 19 වන දින කොළඹ පැමිණ පරීක්ෂණයක් කර තිබෙනවා.

ඔහුට රෝගය වැළඳී ඇති බව හෙළිව ඇත්තේ ඒ අනුවයි.

අදාල ටෙලි නාට්‍ය කණ්ඩායම සහ හෝටලයේ සේවකයන් මේ වන විට නිරෝධායනය කර ඇති බවයි තෙල්දෙණිය ප්‍රදේශ ආරංචි මාර්ග සඳහන් කළේ.

Truenews.lk මීට පෙර ද අනාවරණය කළේ මෙවැනි රූගත කිරීම් නිසා අනතුරුදායක තත්ත්වයක් ඇති වනු ඇති බවයි ෴

++++++++++++++++++

වයිරසයෙන් බේර ගන්න බෑ කියලා අත ඇරපු ලෙඩ්ඩු මම සුව කලා (20.11.2020)

***************************************

සිරස අතනාරී.. සිට‍්‍රස් සමූහයට ප‍්‍රහාරයක්.. එහි සභාපතිද දිලිත් ජයවීරයි..

(24.11.2020 – 00:01 +0530 – lankacnews.com)

සිරස රූපවාහිනියේ ප්‍රවෘත්ති විකාශයට ඊයේ (23) දිනයේ අධිකරණය විසින් පැනවූ වාරණ නියෝගයෙන් පසු ඔවුන් ඊයේ (23) රාත‍්‍රී තම ප‍්‍රවෘත්ති විකාශණය ඔස්සේ තවත් හෙලිදරවුනක් සිදු කලේය.

2015ට කලින් සමයේ කොළඹ කොටස් වෙළෙඳපොළේ සිදුවූ අක්‍රමිකතා සම්බන්ධයෙන් චෝදනා එම චෝදනා එල්ල විය.

සිට‍්‍රස් හෝටල් සමූහයට එමගින් චෝදනා එල්ල කරන ලදී.

සිට‍්‍රස් සමූහයේ සභාපතිවරයා වන්නේ දිලිත් ජයවීර මහතායි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *