මද්‍රාසා උවදුර ගැන මේ දේවල් ඔබ දන්නවාද ?

මද්‍රාසා උවදුර ගැන මේ දේවල් ඔබ දන්නවාද ?

උම්බලකඩ කුඩු සමග ජනතාවගේ ‘ලිවර්’ එක දිය කිරීම…

*********************************************

මද්‍රාසා උවදුර ගැන මේ දේවල් ඔබ දන්නවාද ?

(24.11.2020 – 07:43 +0530 – lankaleadnews.com)

මද්‍රාසා යනු පාසල, අධ්‍යාපන ආයතනය යන තේරුම ඇති අරාබි වචනයකි. එහෙත් අද මෙය ලෝකය පුරා භාවිත වන්නේ ඉස්ලාම් ආගම උගන්වන පාසල් විශේෂයක් හැඳින්වීම සඳහාය.

මද්‍රාසාවල ඉතිහාසය නබිතුමාගේ කාලය දක්වා දිවෙන අතර ඒවා අන්තවාදය පතුරුවන ආයතන බවට පත්වන්නේ මෑතකාලීනව ක්‍රියාත්මක වන වහාබ්වාදී ප්‍රවණතා සමගිනි. අද ලෝකය පුරාම මද්‍රාසාවල ක්‍රියාකාරීත්වය මහත් ගැටලු හා විවේචනයට ලක්වී තිබෙන්නකි.

ලංකාවේ දැනට ලියාපදිංචි කළ මද්‍රාසා පාසල් 1674 ක් ක්‍රියාත්මක වේ. දිස්ත්‍රික් මට්ටමින් ගත් කළ අම්පාර 344 ක්, අනුරාධපුරය 66 ක්, බදුල්ල 58 ක්, මඩකලපුව 148 ක්, කොළඹ 61 ක්, ගාල්ල 18 ක්, ගම්පහ 70 ක්, හම්බන්තොට 13 ක්, යාපනය 11 ක්, කළුතර 59 ක්, මහනුවර 120 ක්, කෑගල්ල 60 ක්, කුරුණෑගල 114 ක්, මන්නාරම 44 ක්, මාතලේ 32 ක්, මාතර 32 ක්, මොණරාගල 10 ක්, මුලතිව් 5 ක්, නුවරඑළිය 21 ක්, පොළොන්නරුව 33 ක්, පුත්තලම 87 ක්, රත්නපුර 27 ක්, ත්‍රිකුණාමලය 128 ක්, වව්නියාව 13 ක් ආදී වශයෙනි. ඊට අමතරව අරාබි විදුහල් 317 ක් සහ ඉස්ලාම් අහදියා දහම් පාසල් 277 ක් ක්‍රියාත්මක වන අතර ලියාපදිංචි නොකළ ආයතන තව විශාල ප්‍රමාණයක් තිබිය හැකිය.

ලංකාවේ ඇති රජයේ පාසල් සංඛ්‍යාව 10,194 කි. පිරිවෙන් සංඛ්‍යාව 753 කි. ඒ අනුව ලංකාවේ රජයේ පාසල් සංඛ්‍යාවෙන් හයෙන් එකක ප්‍රමාණයක් සහ ලංකාවේ පිරිවෙන් සංඛ්‍යාවට වඩා දෙගුණයකට වැඩි ප්‍රමාණයක් මද්‍රාසා පාසල් ක්‍රියාත්මක වේ. මෙය ජනගහන අනුපාතයට සාපේක්ෂව අති විශාල අගයක් බව වටහා ගැනීමට අටුවා ටීකා අවශ්‍ය නොවේ.

මද්‍රාසා පාසල්වල ඉගැන්වීම්, විෂය නිර්දේශ ආදී කිසිවක් පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයට කිසිදු වගකීමක් හෝ සම්බන්ධයක් නැත. මද්‍රාසා පාසල් යම් යම් පුද්ගලයන් හෝ සංවිධාන මගින් පෞද්ගලිකව ආරම්භකර පවත්වාගෙන යයි. මේ බොහොමයක් අන්තවාදී රටවල මුදල් ආධාර මත ක්‍රියාත්මක වන අතර ඒ ලැබෙන ආධාර පිළිබඳ කිසිදු නියාමන ක්‍රමවේදයක් නැත.

මද්‍රාසාවල සිර කඳවුරු මෙන් සිසුන් පාසල් සීමාව තුළ කොටු කරගෙන පූර්ණ නේවාසික අධ්‍යාපනයක් ලබාදෙයි. මාස තුනකට දින කීපයක නිවාඩුවක් පමණක් සිසුන්ට ලැබෙන අතර, සාමාන්‍ය සමාජය සමග ගැටීමට මුසුවීමට ඔවුන්ට කිසිදු අවස්ථාවක් ලැබෙන්නේ නැත. පාන්දර හතරේ පහේ සිට දවස පුරා ආගම, කුරානය, අරාබි බස, ඇතුළු ආගම කේන්ද්‍ර කරගත් අධ්‍යාපනයක් මේවායින් ලබා දෙන අතර, ඇතැම් මද්‍රාසාවල වෙනත් විෂයයන්ද සුළු වශයෙන් ඉගැන්වීම සිදුකෙරේ.

විදේශ රටවල සිසුහු පවා ලංකාවේ මද්‍රාසා පාසල්වල නේවාසික අධ්‍යාපනය ලබති. ඒ අනුව අද ලංකාව ආසියාවටම මොළ සෝදාගත් අන්තවාදීන් නිර්මාණය කර දෙන මධ්‍යස්ථානයක් බවට පත්ව තිබේ.

මද්‍රාසාවල ඉගැන්වීම සඳහා නීත්‍යනුකූල ලෙස මෙන්ම නිත්‍යනුකූල නොවන ලෙසද පැමිණි විදේශිකයෝ විශාල ප්‍රමාණයක් ලංකාව තුළ රැඳී සිටිති. ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් එසේ රැඳී සිටි 600 ක පමණ පිරිසක් පිටුවහල් කිරීමට පසුගිය මැයි මාසයේදී රජය කටයුතු කළේය.

2001 සැප්තැම්බර් 11 ඇමරිකාවට ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ ඉස්ලාම් අන්තවාදීන් සියලු දෙනා මද්‍රාසා පාසල්වල අධ්‍යාපනය ලැබූවෝ වෙති.

ඉන්දියාවේ 1947 වන විට 88 ක්ව පැවති මද්‍රාසා පාසල් සංඛ්‍යාව 2006 වනවිට ලක්ෂ පහ දක්වා ඉහළ ගොස් ඇත. ඒ මද්‍රාසා ව්‍යාප්ත වීමේ වේගය පිළිබඳ උදාහරණයකි.

මද්‍රාසා අහිංසක යැයි සිතන සහජීවන අනාථයන් තවත් සිටී නම් පාකිස්තානය, ඉන්දියාව වැනි රටවල් ගැන අධ්‍යයනය කරන්න. මද්‍රාසා පාසල් නිසා එම රටවල අර්බුද ගණනාවක් මතුවී ඇති අතර, එරට රජයන්ට නොයෙක් අවස්ථාවල ඒ පිළිබඳ ක්‍රියාමාර්ග ගැනීමට සිදුව ඇත. ඒ ආශ්‍රිතව පළවූ පුවත්, වාර්තා, ලිපි, නිබන්ධන ගණනාවක් අන්තර් ජාලය තුළ දක්නට ලැබේ.

පසුගිය 2019 ජනවාරි 29 වැනිදා ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ මුස්ලිම් නායකයකු වන වසීම් රිස්වි අගමැති නරේන්ද්‍ර මෝඩිට ලිපියක් යවමින් ඉන්දියාවේ සියලු මද්‍රාසා තහනම් කරන ලෙස ඉල්ලා සිටියේ එම ආයතන ඉන්දියාව තුළ අයිඑස්අයිඑස් මතවාද පැතිරවීමට කටයුතු කරන බවට චෝදනා නගමිනි.

පාකිස්තානයේ මද්‍රාසා පාසල් 30,000 ක් රජයේ පාලනය යටතට ගැනීමට කටයුතු කරන බව පසුගිය 2019 අප්‍රේල් 29 වැනිදා පාකිස්ථානයේ ආරක්ෂක ප්‍රධානියෙකු රොයිටර් පුවත් සේවයට පවසා තිබිණි. ඒ පාකිස්තානය තුළ වේගයෙන් ඉහල යන ත්‍රස්ත ක්‍රියාකාරකම් සඳහා මද්‍රාසාවලින් ලැබෙන පිටුබලය නිසාය.

සීයට 96 ක් ඉස්ලාම් ආගම අදහන පාකිස්තානයේ බලධාරීන්ට අන්තවාදය සම්බන්ධව එවැනි තීරණ ගැනීමට ධෛර්යයක් තිබුණද සීයට 9.7 ක් මුසල්මානුවන් වෙසෙන ලංකාවේ නිවට බලධාරීහු තවමත් මේ අන්තවාදී ෆැක්ටරි දෙස නිහඬව බලා සිටිති.

කුඩා දරුවන් මහණ කිරීම ගැන කියමින් පොළවේ පස් කන නිරාගමික, රැඩිකල්, හේතුවාදී, මාක්ස්වාදී පුස්සන් මෙතෙක් මේ අන්තවාදී පැක්ටරි ගැන වචනයක් කතා කර නැත. ඒ කුඩා දරුවන් මහණ කිරීමට වඩා කුඩා දරුවන් සිරගත කරගෙන දවස පුරා ම්ලේච්ඡ මුස්ලිම් අන්තවාදය ඉගැන්වීම ඔවුන්ගේ මහා මානව හිතවාදයට ගැටලුවක් නොවන නිසාය.

ඉසුරු ප්‍රසංග

++++++++++++++++++++++++++

පිරිවෙන් සඳහා වෙනම දෙපාර්තමේන්තුවක් ඉල්ලයි – ඉස්ලාම් අන්තවාදීන්ගේ පෙළඹවීමක් දැයි සැකයක්

(24.11.2020 – 05:13 +0530 – lankaleadnews.com ඇසුරෙන්)

වටිනාකම් පහක් ඇති බව කීවද කිසිඳු වටිනාකමක් නැති බවට පසුගිය කාලයේදී චෝදනාවට පත් වූ භික්ෂූන් වහන්සේ නමකගේ මැදිහත්වීමෙන් පිරිවෙන් පාලනය සඳහා වෙනම දෙපාර්තමේන්තුවක් අවශ්‍ය බවට ආණ්ඩුවට ඉල්ලීම් ඉදිරිපත් කෙරෙන බව වාර්තා වේ.

ඒ පිළිබඳව අදහස් දැක්වූ නම සඳහන් කිරීමට අකමැති අධ්‍යාපන අමාත්‍යංශයේ පිරිවෙන් අංශයේ ස්වාමීන්වහන්සේ නමක් සඳහන් කරන්නේ මෙම යෝජනාව කරන ස්වාමීන් වහන්සේට එම ආයතනයේ ප්‍රධානියා වීම සඳහා ආණ්ඩුවෙන් එම ඉල්ලීම කරන බවය.

අප වෙත අදහස් දැක්වූ ස්වාමීන් වහන්සේට අනුව මෙය ඉස්ලාම් අන්තවාදීන්ගේ මර උගුලක් විය හැකිය. ඊට හේතු දක්වන උන් වහන්සේ සඳහන් කරන්නේ ඉස්ලාම් අන්තවාදීන් මද්‍රසා පාසල් නීතිගත කිරීම සඳහා වෙනම නීතියක් අවශ්‍ය බවට කරනු ලබන ඉල්ලීම් එනම් නීති විරෝධී දේ අහෝසි කිරීම හෝ ඒවා අධ්‍යාපන අමාත්‍යංශයට පවරා ගැනීම වෙනුවට ඒවා වෙනම නීතියක් යටතේ පවත්වාගෙන යාම සඳහා කරනු ලබන ඉල්ලීම් සාධාරණීකරණය කිරීම සඳහා පිරිවෙන් දෙපාර්තමේන්තුවක් ඉල්ලා සිටින බවය ෴

රටේ පවතින 750 කට ආසන්න පිරිවෙන් පාලනය කිරීම සඳහා වෙනම දෙපාර්තමේන්තුවක් ඉල්ලන්නේ ඉස්ලාම් අන්තවාදීන්ගේ උවමනාවක් සඳහා බවට එල්ල කෙරෙන චෝදනා පිළිබඳව ලංකා ලීඩ් ජාතික සංවිධාන වල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා දැක් වූ අදහස් ඔහුගේ වචනයෙන් :

“2014 ට පෙර මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පරාජික කිරීම සඳහා මර්වින් සිල්වලා, සජිත් වාස්ලා තරමටම හේතු වූ බව කියන ස්වාමීන් වහන්සේ නමක් තමයි පිරිවෙන් සඳහා වෙනම දෙපාර්තමේන්තුවක් ඉල්ලන බව කියන්නේ.

අවංක රාජ්‍ය නිලධාරියෙකු වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහත්තයාට සිල්රෙදි යෝජනාව ඉදිරිපත් කරලා එතුමාව අමාරුවේ දැම්මේ මේ ස්වාමීන්වහන්සේ බවටත් චෝදනාවක් තියෙනවා.

උන්වහන්සේට අධ්‍යාපන අමාත්‍යංශයේ පිරිවෙන් අංශයේ ප්‍රධානියා වීමට සුදුසුකම් නැති නිසා වෙනම දෙපාර්තමේන්තුවක් හදලා ඒකේ ප්‍රධානියා වෙන්න හදනවා කියලත් කථාවක් තියෙනවා.

අපි දන්නේ නැහැ ඒවායේ ඇත්ත නැත්ත. කොහොම වුනත් රිෂාඩ් බදිඋදීන්ලා සමඟ සලි-අබ්රිලා සමඟ ඩීල් දාන ආණ්ඩුවේ යම් ප්‍රබලයෙක් මේක පිටි පස්සේ ඉන්නවා වෙන්න පුළුවන්.

අපේ රටේ මද්‍රසා කියන නීතිවිරෝධී අරාබි පාසල් පිරිවෙන් වගේ දෙගුණයක් තියෙනවා. ඒවායේ උගන්වන්නේ මවුලවිලාට නොවේ සාමාන්‍ය පාසල් දරුවන්ට. ඔවුන්ට අනෙක් දරුවන් වගේ විද්‍යාව, ගණිතය, සමාජ අධ්‍යනය ආදී විෂයන් වෙනුවට වැඩි වශයෙන් ආගම උගන්නනවා.

ඒක හරිම අසාධාරණයි. සිංහල, දෙමළ, මුස්ලිම් සෑම දරුවෙකුටම එක සමාන විශයමාලා ඉගැන්විය යුතුයි. මුස්ලිම් දරුවන්ට පමණක් මොළේ හෝදන ආගමික අන්තවාදී අධ්‍යාපනයක් දීම දුෂ්ඨ වැඩක්.

ඒ දරුවන්ට කරන අසාධාරණයක්. මේවා අහෝසි කරන්න ඕන. එහෙම නැතිනම් සියල්ලම අධ්‍යාපන අමාත්‍යංශයට පවරා ගෙන සිසුන් ප්‍රමාණය අනුව අවශ්‍ය ප්‍රමාණයට පාසල් තෝරලා ඒවායේ අනෙක් පාසල්වල උගන්වන විෂයමාලා උගන්වන්න ඕන. දැන් ඒ වෙනුවට ඉස්ලාම් අන්තවාදීන් හදන්නේ නව නීතියක් ගෙනත් ඒ නීතිවිරෝධී පාසල් නීතිගත කර කිරීමයි.

පාස්කු ප්‍රහාරයෙන් පසුව ඊට මුවා වෙලා ඔවුන් ඒ සඳහා පනතක් හැදුවා. සමහරවිට සලි-අබ්රිගේ කොන්ත්‍රාත්තුව ඒක ගෙන එක වෙන්න පුළුවන්.

දැන් අධ්‍යාපන ඇමති කියන කථාවලින් ඒ බව පේනවා. ඒ ගොන්වැඩ කලොත් ඒක ආණ්ඩුව කරන අවසාන ගොන් වැඩේ තමයි.”

*********************************************

උම්බලකඩ කුඩු සමග ජනතාවගේ ‘ලිවර්’ එක දිය කිරීම…

(24.11.2020 – 13:02 +0530 – lankaleadnews.com)

අනාදිමත් කාලයක සිට මේ රටේ ජනතාව උම්බලකඩ කෑමට පුරුදු වී සිටියහ. ලුනුමිරිසට, පොල් සම්බෝලයට පමණක් නොව උයන පියන ව්‍යංජන රසවත් කරන්නටත් උම්බලකඩ නැතුවම බැරි අංගයක් විය. ගිරයකින් උම්බලකඩ උලුප්පා ගත් යුගයක් අප රටේ විය. ඉන්පසු උම්බලකඩ කැබලි කර පැකට් ලෙස වෙළඳපොළට නිකුත් කරන්නට විය. ලංකාවේ කිසිම දවසක උම්බලකඩ විකුණන්නට රූපවාහිනී දැන්වීම් ප්‍රචාරය කළේ නැත. උම්බලකඩ කෑල්ල අද ඒ තත්ත්වයට පත්ව ඇත්තේ බහුජාතික සමාගම් උම්බලකඩ බිස්නස් එකට අත දැමීමත් සමගය. බොහෝ සමාගම් උම්බලකඩ විකුනන්නෙ උම්බලකඩ පවුඩර් මිශ්‍රණයක් නමිනි. එම ලේබලයේ සැබෑ උම්බලකඩ සමගින් යනුවෙන් තවත් සඳහනක් ඇත. එයින් කියැවෙන්නේ සැබෑ උම්බලකඩවලට අමතරව තවත් ඒවා ඇති බවයි.

ඒවා මොනවාදැයි සොයා බැලූ විට පෙනී යන්නේ අප උම්බලකඩ කුඩු කියා කන්නේ ‘අජිනොමොටෝ’ බවයි.

මෑතකදී පිළිකා රෝහලේ වෛද්‍යවරයෙකු පවසා සිටියේ පිළිකා රෝහලට අතීතයේදී දිනකට පැමිණෙන නවක රෝගීන් ගණන 7-8 පමණ වූ බවයි. වර්තමානය වන විට එම සංඛ්‍යාව දිනකට 80 පමණ වන බව ඔහු ප්‍රකාශ කළේය. පිළිකාව අප උපතින් අරන් එනවාද, නැතිනම් බහුජාතික සමාගම් අපට පිළිකා හදනවාද යන්න වටහාගත යුතු කාල සීමාව දැන් එළැඹ ඇත.

ඉස්සර අප දැන සිටියේ ක්ෂණික මෝචනය පමනි. දැන් ක්ෂණික නූඩ්ල්ස්වල සිට හැම කන කෑමක්ම, බීමක්ම ක්ෂණික වී තිබේ. අපේ ජීවිත ක්ෂණික කරදී ‘ක්ෂණිකව ස්වර්ගයට යන පාර කපාදීම’ බහුජාතික සමාගම්වල ක්ෂණික කාර්යභාරය වී තිබේ.

මෙකී බහුජාතික සමාගම් ජනතාවගේ ඇස්වලට වැලි ගසන තවත් උපාය මාර්ගයක් ඇත. එනම් ඔවුන් විකුණන ආහාර වර්ග ඇසුරුම්වල ඉදිරිපස ‘no added msg‘ යනුවෙන් ලොකුවට සඳහන් කර තිබීමයි. අපේ රටේ මෝඩ ජනතාව සිතන්නේ මේක මරු කෑමක් කියායි. එහෙත් ඇසුරුම පිටුපස බැලූවිට යථාර්ථය මොනවාට පැහැදිලි වෙයි. ඉහත ‘no added msg’ යන පාඨයෙන් කියවෙන්නේ අමතරව msg අඩංගු කර නැති බවයි. එහෙත් ඔවුන් සාමාන්‍යයෙන් එක් කරන msg ප්‍රමාණය එහි අඩංගුව ඇත.

බහුජාතික සමාගම් මෙරට ජනතාවට මෙලෙස වස ගිල්ලවද්දී සෞඛ්‍ය බලධාරීන් නිසොල්මනේ බලා සිටීම විමතිය දනවන කරුණකි. පාරිභෝගික ආරක්ෂා පනත්, පාරිභෝගික අධිකාරිය යනාදී වශයෙන් නහුතයක් අධිකාරි හා සංවිධාන මේ රටේ පිහිටුවා තිබේ. නිදි වැද සිටීම හැර මෙම සංවිධාන කරන වෙනත් කාර්යභාරයක් නැතිදැයි ඇතිවන්නේ බලවත් සැකයකි.

පැණිබීම සම්බන්ධයෙන් ඇති අපූරු කතාවක් මෙහිදී සිහිපත් වේ. දිනක් පැණිබීම නිෂ්පාදකයකුගේ ගෙදරට ඔහුගේ හිතවතෙකු පැමිණියේය. තම හිතවතාට ඔහු නිෂ්පාදනය කරන පැණි බීම වීදුරුවක් පිළිගැන්වීය. එහෙත් නිෂ්පාදකයා එය පානය නොකළ බැවින් හිතවතා ඒ පිළිබඳ විමසීමක් කළේය. එවිට පැණි බීම නිෂ්පාදකයා දී ඇත්තේ මෙවැනි පිළිතුරකි. “පිස්සුද මගේ බල්ලාටවත් දෙනවාද ඔය ජරාව….”

අපි දැන් උම්බලකඩ කුඩු දෙසට හැරෙමු. උම්බලකඩ කුඩු පැකට්ටුවක් පිටුපස දෙස බලන්න. එහි සඳහන්ව ඇත්තේ මොනවාද…?
Salt, monosodium glutamate, disodium guanylate, disodium 5- inosinate, corn starch, sugar, palm fat, caramel powder, silica ආදිය එහි අඩංගු බව සඳහන් වේ. මෙයට අමතරව උම්බලකඩ කුඩුද ඇතුළත් කර තිබේ. ගෙදර උම්බලකඩ කුඩු ටික කොටා ගන්නට කම්මැලි අමන මෝඩ පාරිභෝගිකයෝ උම්බලකඩ නාමයෙන් තම දරුවන්ට අජිනොමොටෝ ගිල්ලවා තමනුත් ඒවා ගිල දමති.

Made in China චිත්‍රපටයේ මෙවන් ප්‍රකාශයක් එයි. ‘පාරිභෝගිකයා මෝඩයෙකි’

ලංකාව සම්බන්ධයෙන් නම් එය 100% ක්ම නිවැරදිය. මෝඩයින්ට අමතරව අපි හරකුන්ද වන්නෙමු. කඩේ උම්බලකඩ කිලෝව රුපියල් 2000 කට ගත හැකිව තිබියදී ඒ වෙනුවට අපි අජිනොමොටෝ දැමූ උම්බලකඩ කුඩු මිශ්‍රණය කිලෝවට රුපියල් 3000 ක් වැයකරමු. (ග්‍රෑම් 40 රුපියල් 120 බැගින් කිලෝ එකට රුපියල් 3000)

අප කන උම්බලකඩ කුඩු මිශ්‍රණයේ තිරිඟු පිෂ්ඨය සහ සීනි ඉහළ ග්ලයිසමික් දර්ශකයක් ගන්නා අතර දිගු කලක් පාවිච්චි කිරීමෙන් ඉන්සියුලින් ප්‍රතිරෝධයක් වීමටත් ඉඩ ඇත. ඒ සමගම මෙහි අඩංගු පාම් මේද මගින් ක්‍රියාශීලී ජීවන රටාවක් නැති අපට අධික රුධිර පීඩනය, කොලොස්ටරෝල් සහ අක්මාව එසේත් නැත්නම් සිරෝසීස් වැනි රෝග තත්ත්වයන්ට අත වනනු ඇත.

මේ බහුජාතික සමාගම් අපට වස කවනුයේ පාරිභෝගිකයා නොමඟ යවන සුළු වාක්‍යවල සඟවාය. ඒවා මෙසේය :

ස්වභාවික රසකාරක, අනුමත රසකාරක, රස යාමනයන්, මෝල්ටඩ් බාර්ලි, වැඩි දියුණු කළ ආහාරමය පිෂ්ඨය, මෝල්ට් සාරය, ස්වභාවික චිකන් රස, ආහාර පදම් කාරක, තිරිඟු සිරප් යනාදී වශයෙනි.

මේවා සියල්ලේම අඩු වැඩි වශයෙන් සඟවා ඇත්තේ අජිනමොටෝය. නැතිනම් msg ය. අජිනොමොටෝ නම් වෙළඳ නාමයෙන් කවුරුත් දන්නා මොනෝසෝඩියම් ග්ලූටමේට් නැතිනම් msg යන මෙම රසායනිකය මදසරුභාවයට, ලිංගික බෙලහීනතාවයට ප්‍රධාන වශයෙන් බලපායි. Msg මගින් මොළයේ ඇති රසය හඳුනා ගන්නා සෛලය අධි උත්තේජනයට ලක් කරයි. ඒ අනුව කටේ දමා ගන්නා ඕනෑම දහජරාවක් ඉතාමත් ප්‍රනීත රසයෙන් යුක්ත බව මොළයට සන්නිවේදනය කරයි. අවසානයේ පුන්නක්කු වුවත් msg දමා එව්වොත් අපේ ජනතාව විසින් ඉමහත් අතිරුචියකින් බුදින තත්ත්වයකට දැන් පත්ව ඇත. අද අප කරමින් සිටිනුයේ එයයි.

පරිප්පුවලටත් අපට සුප් කැටය දැමීමට අවශ්‍යය. පරිප්පු අප කෑවේ දශක ගණනක් එහා සිටයි. අද ඒ පරිප්පුම අජිනමොටෝ දමා චිකන් රසට කන්නැයි බහුජාතික සමාගම් අපට උගන්වයි. අපි හිස් මුදුනින්ම ඒවා පිළිගන්නෙමු.

අවසානයේ මේ සියලු දෙනාම ගොඩවන්නේ 119 මහරගම-දෙහිවල බස් එකටය. ගමනාන්තය වන්නේ මහරගම පිළිකා රෝහලයි.

(උපුටා ගැනීම චමිල් කුමාරගේ මුහුණු පොතෙන්…)

***************************************

පෞද්ගලික රෝහලක පිරිසකගෙන් ‘තරු හතේ හෝටලයක සේවකයෙක්ට’ කොවිඩ් වැළඳිලා – මුදල් ගෙවා සිද්ධිය යට ගහලා

(24.11.2020 – 07:28 +0530 – truenews.lk)

පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට ගිය ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක කාර්ය මණ්ඩලයකින් කොළඹ තරු හතේ හෝටලයක කාර්ය මණ්ඩල සාමාජිකයකුට කොවිඩ් වැලඳීමේ සිද්ධියකට වන්දි මුදලක් ගෙවා යට ගැසීමට පියවර ගෙන ඇති බව ආරක්ෂක අංශ අනාවරණය කරගෙන ඇති බව ‘අරුණ පුවත් පත’ වාර්තා කර තිබෙනවා.

කොවිඩ් වැලඳුණු හෝටල් සේවකයා පෙරේදා (22 වැනිදා) වන විට වැලිකන්ද රෝහලට යොමු කර තිබුණා.

දින දාහතරකට (14) වරක් මෙම හෝටල් සේවකයන්ගේ පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරන අතර එම පරීක්ෂාව කර සේවයට පැමිණි අයෙකුටද කොවිඩ් වැලඳී ඇතැයි 21 වැනිදා යළිත් කළ පී.සී.ආර්. පරීක්ෂණයකදී අනාවරණය වී තිබෙනවා.

හෝටල් කළමනාකාරිත්වය රෝගය වැලඳීමට හේතුව සොයා බැලීමේදී තම සාමාජිකයන්ගේ පී.සී.ආර්. සාම්පල රැගෙන යාමට පැමිණි පෞද්ගලික රෝහලේ කණ්ඩායම තවත් ස්ථානයක කොවිඩ් ආසාදිතයන් පරීක්ෂා කර එහි පැමිණ ඇති බව හෙළි වී ඇතැයි වාර්තා වනවා.

එමගින් තම කාර්ය මණ්ඩලයට කොවිඩ් ආසාදනය වූ බව හෝටල් කළමනාකාරීත්වය සොයාගැනීමත් සමග මෙය වන්දි මුදලක් ගෙවා සමථයකට පත්කර ගැනීමට පෞද්ගලික රෝහල් කළමනාකාරිත්වය පියවර ගෙන ඇති බව සඳහන් ෴

***************************************

ටෙලි නළුවාටත් කොරෝනා වෛරසය ආසාදනය වේ

(24.11.2020 – gossiplankanews.com)

මහනුවර තෙල්දෙණිය ප්‍රදේශයේ රූගත කිරීමට සහභාගි වීමේදී ඇතිවූ අසනීප තත්වයක් මත පෞද්ගලික රෝහලකට ඇතුළත් කර සිදු කළ පීසීආර් පරීක්ෂණයකදී නැගී එන ජනප්‍රිය ටෙලි නළුවෙකු කොරෝනා සඳහා ධනාත්මකවූ බව වාර්තා විය.

සිය රෝගී තත්වය මාධ්‍ය හරහා ප්‍රසිද්ධ කිරීමට පුද්ගලිකව දක්වා තිබෙන අකමැත්තට ගරු කරමින් ඔහුගේ නම හෙළී නොකිරීමට මාධ්‍ය වග බලාගෙන තිබෙන නමුත් ඔහු පිළිබඳ ඉඟි කිහිපයක්ම ප්‍රකටව තිබේ. මෙම නළුවා දේශපාලනයට කලක් සමීපව සම්බන්ධවී පසුව ඈත්වූ ප්‍රකට සිනමා නළුවෙකුගේ පුතෙකු වන අතරම ඔහුගේ සොයුරු සොයුරියන්ද කලාවට සම්බන්ධිතය.

ඔහු මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ වැඩසටහනක් මෙහෙයවන්නෙකුද වේ. ඔහුගේ රෝගී තත්වය මතුවන අවස්ථාවේ මහනුවර ප්‍රදේශයේ රූගත කරමින් පැවතියේ ස්වාධීන රූපවාහිනියේ ටෙලි නාටකයකි. එහි ප්‍රධාන නළුවා ලෙස ඔහු රඟපාමින් සිටී.

රෝගී තත්වය මතුවීමෙන් පසු ස්වර්ණවාහිනියේ ඔහුගේ වැඩසටහනට ‘නොවැළැක්විය හැකි හේතුවක්’ නිසා ඔහු පැමිණ නැත’ යනුවෙන් සටහනක් තබන ලදි.

අදාළ නළුවා කොරෝනා පරීක්ෂණයේදී ආසාදිත යැයි හෙළි වීමෙන් පසුව රූගත කිරීමට සහභාගි වූ තෙල්දෙණිය ප්‍රදේශයේ හෝටලයට පැමිණි කණ්ඩායම සහ හෝටලයේ සේවකයන්ද නිරෝධානයට යොමු කර තිබේ. නිරෝධායනයට යොමු කර ඇත්තේ ඔහු සමග සිටි රංගන ශිල්පීන් ඇතුළු 21 දෙනකු බවද වාර්තාවේ. ඔවුන් මේ වනවිට එම හෝටලය තුළම නිරෝධායනයට ලක්කර ඇත. හෝටලයේ කාර්ය මණ්ඩලයේ පස් දෙනකුද මෙලෙස නිරෝධායනයට යොමු කර ඇත.

පෞද්ගලික රෝහලෙන් පී.සී.ආර්. පරික්ෂණය ධනාත්මකවූ පසුව සෞඛ්‍ය බලධාරීන් රංගන ශිල්පියාව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කළ බව ආරංචි මාර්ග පවසයි. පසුගිය 20 වන සිකුරාදා මෙම රෝග තත්වය හඳුනාගෙන ඇති අතර ඔහුට රෝගය බෝවුනේ කවර පොකුරකින්ද යන්න තවම නිශ්චය කරගෙන නැත ෴

++++++++++++++++++++

‘පනා පුත්‍ර කුහුඹු පැණියා’ ගේ ලොකු පැණියා.. ?

***************************************

රටම කතාවෙන විල්සන් කරූ හෙළි කරන ඇත්ත කතාව – විල්සන් කරු (21.11.2020)

***************************************

බිහිරි පවුලක අමිහිරි කතාවක් (20.10.2020)

https://www.youtube.com/watch?v=QLbk2OoMu4Y

Thakshila Priyanthi Kahawaththage

A/C No. : 245-2-001-6-0043191

Peoples Bank – Pallebedda

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *