මද්‍රසාවෙන් විස පොවන දරුවෝ නොදන්නා දෙයියෙක් ගාවට යන්න මරාගෙන මැරෙනවා – විමල් වීරවංශ

බෞද්ධ,කතෝලික, හිංදු දහම්පාසලේ අන්‍යාගමිකයන්ව මරන්න උගන්නන්නේ නෑ. මද්‍රසාවෙන් විස පොවන දරුවෝ නොදන්නා දෙයියෙක් ගාවට යන්න මරාගෙන මැරෙනවා – විමල් වීරවංශ

රිෂාඩ් බදු­යු­දීන් රාජ්‍ය මුදල් අව­භා­විත කර­මින් මන්නා­රමේ ඉදි­කි­රීම් කරලා

හිස්බුල්ලාගේ හෙළිදරව්ව

*********************************************

බෞද්ධ, කතෝලික, හිංදු දහම්පාසලේ අන්‍යාගමිකයන්ව මරන්න උගන්නන්නේ නෑ. මද්‍රසාවෙන් විස පොවන දරුවෝ නොදන්නා දෙයියෙක් ගාවට යන්න මරාගෙන මැරෙනවා – විමල් වීරවංශ

(24.11.2020 – colombotoday.com)

බෞද්ධ හෝ කිතුනු හෝ හිංදු දහම්පාසලේ අන්‍ය ආගමිකයන්ව මරන්න බෙලි කපන්න යැයි උගන්නන්නේ නැති බවත් මද්‍රසවෙන් විස පොවවුවට පස්සේ ඒ දරුවෝ නොපෙනෙන, නොදන්නා දෙයියෙක් ගාවට යන්න බොම්බේ බඩේ බැඳගෙන මරාගෙන මැරුනහම ඒකට පුදුමවෙලා වැඩක් නැති බවත් අමාත්‍ය විමල් වීරවංශ මහතා ඊයේ (24) පාර්ලිමේන්තුවේදී පැවසීය.

“සහරාන්ලා වගේ ත්‍රස්තවාදීන් බිහිකරන්න බලපාපු ගර්භාෂය, ඒක අරාබි පාසැල කියලා හඳුන්වන පාසැල වෙන්න පුළුවන්. මද්‍රසා පාසැල කියලා හඳුන්වන පාසැල වෙන්න පුළුවන්. දැන් අර නීතිඥයෙක් අත්අඩංගුවේ ඉන්නවානේ හිස්බුල්ලා කියලා. ඒ නීතිඥයාගේ පාසැලක් තිබුනානේ. ඒ පාසැලේ ඉගෙනගත්ත පොඩි එවුන් ඇවිල්ලා කිවුවානේ සහරාන් ආවා දේශනා තිබ්බා. අවි ආයුධ පුහුණුවක් දුන්නා කියලා. ඒ ළමයි කටඋත්තර දුන්නා. එතකොට සහරාන්ලා නිකන් නිර්මාණය වන්නේ නෑ. ඒ නිර්මාණය වන ගර්භාෂයක් තියෙනවා. අන්තවාදී ගර්භාෂයක්. බෞද්ධ හරි කිතුනු හරි දහම්පාසලේ උගන්නන්නේ නෑ අන්‍ය ආගමිකයන්ව මරන්න බෙලි කපන්න කියලා. හිංදු දහම්පාසලක උගන්නන්නෙත් නෑ අන්‍ය ආගමිකයන්ව මරන්න බෙලි කපන්න කියලා. LTTE ත්‍රස්තවාදය තිබ්බට ඒකට හිංදු කෝවිල සම්බන්ධ නෑ. නමුත් මෙතැන තියෙන්නේ ආගමික ස්වරුපයෙන් මේ අන්තවාදය හා ත්‍රස්තවාදය නිර්මාණය වීමක්.” යැයි අයවැය විවාදයට එක්වෙමින් වීරවංශ මහතා සඳහන් කරන ලදි.

“පකිස්ථානය ගත්තොත් මද්‍රසා පාසැල් තහනම්. හේතුව පකිස්ථානයේ මරාගෙන මැරෙන ප්‍රහාර එල්ලකළ සියලුම දෙනා මද්‍රසා පාසැලක ඉගෙනගත්ත අය. පාසැල් කිවුවට මොනවා උගන්නනවද මොන විස පොවනවද කියලා කවුරුත් දන්නේ නෑ. ඒ විස පොවවුවට පස්සේ ඒ දරුවෝ නොපෙනෙන නොදන්නා දෙයියෙක් ගාවට යන්න බොම්බේ බඩේ බැඳගෙන මරාගෙන මැරුනහම ඒකට පුදුමවෙලා ඇති වැඩක් නෑ.” යැයි ඒ මහතා අවධාරණය කර සිටියේය.

ඒ නිසා මේ රටේ ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට ගෙනාවේ සහරාන් පිටිපස්සේ හිටිය අන්තවාදී කල්ලි ටික අල්ලලා හිරේ විලංගුවේ දැමීමට විතරක් නොවෙන බවත් ඒ සහරාන්ලා නිර්මාණය කරන ගර්භාෂය සම්බන්ධයෙනුත් අවශ්‍ය පියවර ගැනීමට බවත් එහෙම කලොත් පමණයි දීර්ග කාලින සමාජ ස්ථායි භාවයක් සාමකාමී තත්වයක් ඇති කරන්න පුළුවන් යැයි විමල් වීරවංශ අමාත්‍යවරයා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා :

*********************************************

රිෂාඩ් බදු­යු­දීන් රාජ්‍ය මුදල් අව­භා­විත කර­මින් මන්නා­රමේ ඉදි­කි­රීම් කරලා

(24.11.2020 – colombotoday.com)

රිෂාඩ් බදු­යු­දීන් හිටපු ඇමැ­ති­ව­රයා රාජ්‍ය මුදල් අව­භා­විත කර­මින් මන්නා­රම ප්‍රදේ­ශයේ ඉදි­කි­රීම් කට­යුතු කර ඇති බව වෙළෙඳ ඇමැති බන්දුල ගුණ­ව­ර්ධන මහතා මන්නා­රම ප්‍රදේ­ශයේ නිරී­ක්ෂණ චාරි­කා­ව­කට එක් වෙමින් කියා සිටි­යේය.

යහ­පා­ලන රජය සම­යේදී ඇමැ­ති­ව­ර­යකු ලෙස කට­යුතු කළ රිෂාඩ් බදු­ර්දීන් මහතා රාජ්‍ය මුදල් අව­භා­විතා කර­මින් මන්නා­රම ප්‍රදේ­ශයේ ඉදි­කි­රීම් සිදු කර ඇති බවට ඇති චෝදනා නිරී­ක්ෂ­ණය කිරී­මට ඇමැති බන්දුල ගුණ­ව­ර්ධන මහතා ඇතුළු නිල­ධා­රීන් පසු­ගි­යදා (22) එක්විය.

මන්නා­රම ප්‍රදේ­ශයේ පෞද්ග­ලික ඉඩ­මක රුපි­යල් මිලි­යන 70 ක් පමණ වටි­නා­ක­ම­කින් යුත් ව්‍යාපෘ­ති­යක් හිටපු ඇමැති රිෂාඩ් බදු­ර්දීන් මහතා විසින් ක්‍රියා­වට නංවා ඇති බව කියා සිටි ඇමැති ගුණ­ව­ර්ධන මහතා එම­ගින් මේ වන විට රුපි­යල් මිලි­යන තුන්සී­යක් (300) පමණ රාජ්‍ය මුදල් අව­භා­විතා කර ඇති බවත් කියා සිටි­යේය.

මේ ඉදි­කි­රීම් නිසි ක්‍රම­වේ­ද­ය­කින් තොරව පසු­ගිය රජය කාලයේ සිදු කර ඇති බවත් අමාත්‍ය මණ්ඩල තීර­ණ­ය­කට අනුව මන්නා­රම ප්‍රදේ­ශයේ පෞද්ග­ලික ඉඩ­මක ඉදි­කි­රීම් කට­යුතු සඳහා මුදල් ලබා දී තිබෙන බවත් එහිදි ඇමැ­ති­ව­රයා කියා සිටි අතර රටේ පරි­පා­ලන සහ මුදල් රෙගු­ලාසි උල්ලං­ඝ­නය කර­මින් කළ මේ රාජ්‍ය මුදල් අව­භා­වි­තය සම්බ­න්ධ­යෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් පරී­ක්ෂ­ණ­යක් සිදු කරන බවත් එම පරී­ක්ෂණ අව­සන් වු පසු ඉදිරි ක්‍රියා­මාර්ග ගැනී­මට කට­යුතු කරන බවත් ඒ මහතා කියා සිටියි.

තාරා­පු­රම් ප්‍රදේ­ශයේ ඉදි­කෙ­රෙන මේ ගොඩ­නැ­ඟිල්ල නිරී­ක්ෂ­ණ­යෙන් අන­තු­රුව වෙළෙඳ ඇමැති බන්දුල ගුණ­ව­ර්ධන මහතා විසින් මන්නා­රම ප්‍රදේ­ශ­යේම මුදල් අව­භා­විතා කර­මින් කළ අනෙ­කුත් ඉදි­කි­රීම් ද සොයා බැලී­මට එක්වූහ.

මන්නා­රම දිස්ත්‍රික් ලේකම්, වෙළෙඳ අමා­ත්‍යාං­ශයේ ලේකම්, සමූ­ප­කාර දෙපා­ර්ත­මේ­න්තුවේ නිල­ධා­රීන් ඇතුළු රාජ්‍ය නිල­ධා­රීන් පිරි­සක් මේ සංචා­ර­යට එක්වූහ ෴

***************************************

විශේෂඥ වෛද්‍යවරුන් 89 කගේ පුරප්පාඩු

(24.11.2020 – 07:43 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය පවතින මෙම කාල වකවානුව තුළදී රෝහල්වල තනතුරු පුරප්පාඩුව පැවතීම, සත්කාරක සේවාවේ ධාරිතාවට ඍජුවම බලපාන බැවින් ඒ සඳහා සුදුසු පුද්ගලයින් තෝරා ගැනීමට රජය කඩිනමින් ක්‍රියා කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ කාර්යක්ෂමතාව පසුගිය කාලය තුළ බිඳ වැටී පැවති බැවින් විශේෂඥ වෛද්‍ය සේවා තනතුරු 89 ක්ම පුරප්පාඩුව පවතින බවයි එම සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

විශේෂඥ වෛද්‍යවරුන්ගේ පත්වීම්, මාරුවීම් ලබන හා මාරුවීම් නොලබන ලෙස ප්‍රධාන වර්ග දෙකක් වන අතර, බොහෝ තනතුරු මාරුවීම් නොලබන වර්ගයේ තනතුරු බැවින් ජ්‍යෙෂ්ඨත්වය අනුව වෛද්‍යවරුන් එම තනතුරුවලට පත්වන අයුරෙනුයි මෙම ක්‍රමවේද සකස් කර ඇත්තේ.

කෙසේ වෙතත් ශික්ෂණ රෝහල්වලට අනෙකුත් රෝහල්වල සිට රෝගීන් යොමුකරන බැවින් එවැනි රෝහලක තනතුරු පුරප්පාඩුව පැවතීම රෝගී සේවාව අඩාලවීමට ඍජුව බලපාන කරුණක් වන අතර ඒ පිළිබඳව රජයේ අවධානය යොමුවිය යුතු බවයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මධ්‍යම කාරක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සඳහන් කළේ ෴

***************************************

අභියාචනා කළ උපාධිධාරින් රැකියාලාභීන්ගේ ලැයිස්තුව අන්තර්ජාලයේ

(24.11.2020 – 07:53 +0530 – hirunews.lk/sinhala)

රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ අභියාචනා ඉදිරිපත් කළ උපාධිධාරීන්ගේ නාමලේඛනය අන්තර්ජාලයට එක් කර තිබෙනවා.

සේවක අර්ථසාධක අරමුදලේ සහ සේවක භාරකාර අරමුදලේ සාමාජිකත්වය හිමිව තිබීම හේතුවෙන් පත්වීම් අහිමිව අභියාචනා ඉදිරිපත් කළ රැකියාලාභී උපාධිධාරීන්ගේ නාමලේඛනය මෙලෙස ප්‍රකාශයට පත් කළ බවයි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කළේ.

එම අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාව ඊයේ (23) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී රැස්වුණා.

ඒ, රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත්පාලන කටයුතු පිළිබඳ උපදේශක කාරක සභාවේ සභාපති අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන්.

එහිදීද අදාළ පත්වීම් හිමිවන නාම ලේඛනය අන්තර්ජාලයට නිකුත් කරන බවට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා ප්‍රකාශ කර තිබුණා.

ඒ අනුව සෑම දිස්ත්‍රික්කයකින්ම අභියාචනා ඉදිරිපත් කළ උපාධිධාරීන් 3902 කු සඳහා පත්වීම් ලබාදී තිබෙනවා. අභියාචනා ඉදිරිපත් කළ වැඩිම පත්වීම් ප්‍රමාණයක් ගම්පහ දිස්ත්‍රික්කයට ලැබී ඇති අතර, එම සංඛ්‍යාව 481 ක්.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ අභියාචනා ඉදිරිපත් කළ උපාධිධාරීන් 440 දෙනෙකුටත්, ගාල්ල දිස්ත්‍රික්කයේ 367 ක්, කලුතර දිස්ත්‍රික්කයේ 307 දෙනෙකුට, කෑගල්ල දිස්ත්‍රික්කයේ 241 කට, රත්නපුර 222 කුට සහ මාතර 212 දෙනෙකුට රැකියා හිමිව තිබෙනවා. හම්බන්තොටින් අභියාචනා කළ 126 දෙනෙකුත් රැකියා ලාභීන් ලෙස තෝරාගෙන ඇති බවයි රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් වන සියලු විමසීම් adcs.rec.pubad@gmail.com යන විද්‍යුත් තැපෑල වෙත ‘ජීටී රී කන්සිඩරේෂන්ස් ඔෆ් ඇපීල් 2020’ යනුවෙන් සටහන් කර යොමුකරන ලෙසයි රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය දැනුම් දෙන්නේ ෴

***************************************

(24.11.2020 – 08:30 +0530 – hirunews.lk/sinhala)

කන්තලේ පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරින්ට ලද තොරතුරක් මත රුපියල් 68,82,000 පමණ වටිනා ඇමෙරිකානු ඩොලර් නෝට්ටු 372 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු (2) සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඩොලර් නෝට්ටු මිලදී ගැනීම මුවාවෙන් කන්තලේ වැව බැම්ම උඩ දී මෙම පුද්ගලයන් දෙදෙනා 23 පස්වරුවේ කොටුකරගැනීමට කන්තලේ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමකට හැකිව තිබෙනවා.

ව්‍යාජව මුද්‍රණය කරන ලද අමෙරිකානු ඩොලර් 100 වටිනාකමකින් යුත් නෝට්ටු 372 මොවුන් සතුව තිබී ඇති අතර මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා (2) එක් අයෙකු දමිල ජාතිකයෙකු ලෙස පසුව මුස්ලිම් ජාතිකයකු ලෙස පෙනී සිටිමින් ඇති හිටපු එල්.ටි.ටි.ඊ බුද්ධි අංශයේ නිලධාරියකු බව පොලිසිය පවසනවා.

කාලයක් තිස්සේ අනුරාධපුර ප්‍රදේශයේ ස්ථානයක මෙම ව්‍යාජ ඩොලර් නෝට්ටු මුද්‍රණය කිරීමේ කටයුතුවල නිරත වන බව මෙම පුද්ගලයන් ගෙන් ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇතැයි පොලිසිය පවසනවා.

මෙම සැකකරුවන් දෙදෙනා අද (24) කන්තලේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි ෴

***************************************

(24.11.2020 – 11:54 +0530 – hirunews.lk/sinhala)

2011 වසරේ පැහැරගෙන ගොස් අතුරුදන් කළ බවට කියන ලලිත් වීරරාජ් සහ කූගන් මුරුගානන්දන් යන අයගේ නඩු විභාගයකට අදාළව සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා යාපනය මහේස්ත්‍රාත් අධිකරණය මඟින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නිකුත් කර තිබෙන සිතාසිය බලරහිත කරමින් අභියාචනාධිකරණය අද රිට් ආඥාවක් නිකුත් කළා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන විනිසුරු මඩුල්ල විසිනුයි මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ.

ලලිත් සහ කූගන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින හබයාස් කෝපුස් නඩු විභාගය සඳහා සාක්ෂි දීමට ඉකුත් වසරේ සැප්තැම්බර් 27 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණය මඟින් හිටපු ආරක්ෂක ලේකම් වශයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත නොතීසියක් නිකුත් කර තිබුණා.

ආරක්ෂක හේතූන් මත තමාට යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමට අපහසු බව දන්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාග කළ අභියාචනාධිකරණය එම සිතාසිය මත යාපනය මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටීම වලක්වාලමින් තහනම් නියෝගයක් ද නිකුත් කර තිබුණා.

එම පෙත්සමට අදාලව අද තීන්දුව ප්‍රකාශයට පත් කළ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් මහේස්ත්‍රාත් අධිකරණයක් මඟින් යම් පුද්ගලයෙකු වෙත සිතාසියක් නිකුත් කළ හැක්කේ යම් කිසි නිශ්චිත කරුණක් සඳහා පමණක් බව ප්‍රකාශ කළා.

එහෙත් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා වෙත මෙම සිතාසිය නිකුත් කර තිබෙන්නේ නීතිඥවරයෙකු ඉදිරිපත් කළ මෝසමකට අනුව යැයි පෙන්වා දුන් සභාපති විනිසුරුවරයා ඒ තුළ කිසිදු නීතිමය පදනමක් දක්නට නොලැබෙන බවයි කියා සිටියේ.

ඒ අනුව අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යාපනය මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කර තිබෙන සිතාසිය නීතියට පටහැනි මෙන්ම බලරහිත ලියවිල්ලක් බවයි සභාපති විනිසුරුවරයා තවදුරටත් ප්‍රකාශ කළේ ෴

***************************************

ජපන් ජාතික කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ එකම දියණිය පැහැරගෙන, ශ්‍රී ලංකාවට ආ කොච්චිකඩේ තරුණයා

(24.11.2020 – 12:10 +0530 – hirunews.lk/sinhala)

වැඩිදුර අධ්‍යාපනය සඳහා ජපානයට ගොස් එහි කෝටිපති ව්‍යාපාරිකයකුගේ බාලවයස්කාර 15 හැවිරිදි එකම දියණිය අපහරණය කර ශ්‍රී ලංකාවට පැමිණ සැඟව සිටින 24 හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයකු අත්අඩංගුවට ගැනීම සඳහා කොච්චිකඬේ පොලිසිය පුළුල් විමර්ශනයක් අරඹා තිබෙනවා.

දැනට මාස 7 ක පමණ කාලය තුළ එම සැකකාර තරුණයාත්, ජපන් තරුණියත් සොයා ගත නොහැකි පරිදි අතුරුදන් වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

තම බාලවයස්කාර දියණිය අපහරණය කිරීම සම්බන්ධයෙන් එම තරුණියගේ මව වන ‘ඔටිනි සෝරා’ මහත්මිය විසින් 24 හැවිරිදි සැකකාර ශ්‍රී ලාංකික පෙම්වතා විසින් තම දියණිය පැහැර ගත් දිනට පසු දින ජපානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණ කොච්චිකඩේ පොලිසියට 2020 මාර්තු මස 15 දින පැමිණිලිකර තිබෙනවා.

සැකකාර තරුණයා විසින් බාලවයස්කාර ජපන් පෙම්වතිය ජපානයේදී පැහැරගෙන ඇත්තේ 2020 මාර්තු මස 13 වෙනි දිනදීය.

මෙම පැමිණිල්ල කළ ජපන් තරුණියගේ මව විසින් ලබාදුන් කටඋත්තර අනුව කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ශ්‍රීනික ජයකොඩි මහතා විසින් සිදුකළ මූලික විමර්ශනයේදී අනාවරණය වී ඇත්තේ මෙහි සැකකාර පෙම්වතා කොච්චිකඩේ දළුවකොටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

ඔහු දැනට වසර 4 කට පමණ පෙර අධ්‍යාපනය සඳහා ජපානයට ගොස් ඇත. එහිදී අමතර වියදම් සොයා ගැනීම සඳහා අධ්‍යාපනය ලබන අතරතුර ජපානයේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසේ අමතර රැකියාවක් (Part Time)) කර තිබෙනවා.

පසුව එම නිවසේ සිටි කෝටිපති ව්‍යාපාරිකයාගේ බාලවයස්කාර 15 හැවිරිදි එකම දියණිය සමග පෙම් සබඳතාවක් ඇගේ වැඩිහිටියන්ට හොරා පවත්වා තිබෙනවා.

ටික කලකින් එම ජපන් පෙම්වතියගේ දෙමාපිය භාරකාරීන්ට හොරා බාලවයස්කාර පෙම්වතිය අපහරණය කර (පැහැරගෙන) ගුවන් මගින් ශ්‍රී ලංකාවට පලා විත් තිබෙනවා.

පසුව තම දියණියට අත්වූ ඉරණම පිළිබඳ දැනගත් ජපන් තරුණියගේ මව විසින් මේ පිළිබඳව ජපන් තානාපති කාර්යාලයට සහ පොලිසියට පැමිණිලි කොට තිබේ.

ඒ අනුව ජපානයෙන් පැහැරගෙන පැමිණි ජපන් පෙම්වතිය ඇගේ මව ශ්‍රී ලංකාවට පැමිණෙන තෙක් කොච්චිකඩේ පලඟතුරේ පිහිටි සංචාරක හෝටලයක තානාපති කාර්යාලය විසින් ආරක්‍ෂාකාරීව නවතා ඇත.

එහිදී ජපන් තරුණියගේ වැඩි ආරක්‍ෂාවට යැයි පවසමින් ජපන් තරුණියගේ පෙම්වතාගේ නැඟණියද හෝටලයේ නතරවී ඇත.

තම පෙම්වතියගේ මව ජපානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන බව දැනගත් සැකකාර පෙම්වතා තම නැගෙණියගේද සහාය ඇතිව සංචාරක හෝටලයට පැමිණ තම ජපන් පෙම්වතිය සමග අතුරුදන්ව තිබේ.

මෙම සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා 2020 මාර්තු මස 15 වෙනි දින සිට මාස 7 ක පමණ කාලයක් පොලිසිය උත්සාහ කළත් එම තැත ව්‍යර්ථ වී ඇත.

පසුව මෙම පැහැර ගැනීම පිළිබඳව අධිකරණය වෙත වාර්තා කිරීමෙන් අනතුරුව සැකකාර පෙම්වතාට විදේශගත වීම තහනම් කර ඇත.

එම පැහැර ගැනීමට ආධාර සහ අනුබල දීමේ චෝදනා ලැබූ සැකකාර තරුණයාගේ මව නැගණිය සහ අපහරණයට යොදාගත් මෝටර් රථයේ හිමිකරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් ඇපමත මුදාහැර ඇත.

කොච්චිකඩේ පොලිසිය විසින් මේ පිළිබඳව දිවයිනේ සියලු පොලිස් ස්ථාන දැනුවත් කර ඇති අතර ඔවුන් දෙදෙනාගේ ඡායාරූපද යවා ඇත.

පොලිස්පතිවරයා දැනුවත් කර එම යුවළගේ ඡායාරූප ජනමාධ්‍ය වෙත නිකුත් කළ බව කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ශ්‍රීනික ජයකොඩි මහතා පැවසීය.

මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමටත් තරුණිය සොයා ගැනීමටත් සහය වන ලෙසට මහජනයාගෙන් ඉල්ලා සිටින කොච්චිකඩේ පොලිසිය තොරතුරක් ඇතොත් 071 859 1631 දුරකථනයට දැනුම් දෙන ලෙසට ඉල්ලා සිටී.

උපුටා ගැනීම – දිවයින පුවත්පතෙන්

*********************************************

හිස්බුල්ලාගේ හෙළිදරව්ව

(24.11.2020 – 13:08 +0530 – hirunews.lk/sinhala)

අලියාර් ගැටුමෙන් පසු වරෙන්තු ලැබ සැඟව සිටි සහරාන් හෂීම්ට, ‘පැමිණ අධිකරණයට භාර වුවහොත් ඉදිරි කටයුතු තමන් කරන්නම්’ යැයි නැගෙනහිර හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා විසින් කර තිබූ ප්‍රකාශය සම්බන්ධයෙන් පාස්කු ජනපති කොමිසම ඔහුගෙන් ප්‍රශ්න කළා.

සහරාන් සමඟ පැවති සබඳතා සහ ‘ශ්‍රී ලංකා හිරා පදනම’ සම්බන්ධයෙන්ද මෙහිදී ජනාධිපති කොමිසම දිගින් දිගටම ප්‍රශ්න කරනු ලැබුවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා ඊයේ (23) සාක්ෂි ලබාදුන්නේ පළමුවරටයි.

රජයේ අධිනීතිඥවරයා :
“ශ්‍රී ලංකා හීරා පදනමට අයත් ලංකා බැංකු ගිණුම් තිබෙනවා ද?”

එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා – නැගෙනහිර හිටපු ආණ්ඩුකාර :

“ඔව් මුලින්ම 1993 විවෘත කළා. ඊට පස්සෙ 2011 න් පස්සේ ආයෙත් විවෘත කළා.”

රජයේ අධිනීතිඥවරයා :
“ඔබේ හීරා පදනමට කොහොමද මුදල් ලබාගන්න තීරණය කළේ ?”

එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා – නැගෙනහිර හිටපු ආණ්ඩුකාර :
“මුලින්ම අපි පොඩි පොඩි වැඩ තමයි කළේ. ඊට පස්සෙ 2015 ඉදලා තමයි ක්‍රියාකාරීව වැඩ කරන්න ගත්තේ”

රජයේ අධිනීතිඥවරයා :
“ඒ වැඩවලට විදේශ මුදල් ආවේ කොයි කාලෙද ?”

එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා – නැගෙනහිර හිටපු ආණ්ඩුකාර :
“2016 අවුරුද්දේ මාර්තු මාසයෙන් පස්සේ තමයි විදේශ මුදල් ආවේ. සෞදියේ අලි අබ්දුල්ලා අල් ජුෆාලි රුපියල් මිලියන 308 ක් දුන්නා. ලන්ඩනයේ සිද්ධික් සහ ඩයනා ඔස්මන් යුවළ රුපියල් ලක්ෂ 55 ක් දුන්නා.”

රජයේ අධිනීතිඥවරයා :
“සෞදි අරාබියේ ඔබට තිබෙන සම්බන්ධතා මොනවාද ?”

එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා – නැගෙනහිර හිටපු ආණ්ඩුකාර :
“අලි අබ්දුල්ලා සහ තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු හඳුනනවා “

අනතුරුව ජනාධිපති කොමිසම සතුව මේ වනවිට පවතින ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සිබිලි ෆාරුක් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් සමඟ සහරාන් හෂීම් ඇතුළු පිරිසක් සාකච්ඡාවක නිරත වෙන ආකාරය දැක්වෙන වීඩියෝ පටය සාක්ෂිකරුගේ අවධානයට යොමු කළා.

මෙම සාකච්ඡාවට අනුව එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලාට අරාබියෙන් ලැබී තිබූ රියාල් මිලියනයක පමණ මුදලක් සම්බන්ධයෙන් සහරාන් හෂීම් සහ සිබිලි ෆාරුක් සංවාදයක යෙදෙන අතර එම මුදල හිස්බුල්ලාගේ දේශපාලන කටයුතු සඳහා අරාබියෙන් ලැබෙන හෝ හීරා පදනම මඟින් ලැබෙන ඒවාද යන්න සම්බන්ධයෙන් ඔවුන් එහිදී වැඩිදුරටත් සාකච්ඡා කරනු ලබනවා.

එමෙන්ම සහරාන් හෂීම් මෙහිදී ප්‍රකාශ කරන්නේ හිස්බුල්ලාගේ කටයුතු සඳහා අරාබියෙන් එලෙස මුදල් ගෙන කටයුතු කිරීම පිළිබඳව තමන්ට ගැටලුවක් නොමැති බවයි.

මෙම වීඩියෝ පටිය සම්බන්ධයෙන් සාක්ෂිකාර හිස්බුල්ලා මහතා කරුණු දැක්වූවා.

එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා – නැගෙනහිර හිටපු ආණ්ඩුකාර :

“2015 වෙනකොට මට එරෙහිව සම්පූර්ණයෙන් වැඩ කළේ සහරාන් මට විරුද්ධ වුණ සිබිලි ෆාරුක් ඇතුළු පිරිස සමඟ තමයි මේ සහරාන් කතාකරන්නෙ. ඒකෙදි කියනවනේ මිලියනයක් රියාල් මට ලැබුනා. ඒවා දේශපාලනයට මම පාවිච්චි කළානම් කමක් නැහැ කියලා. නමුත් මම ඒවා දේශපාලනයට පාවිච්චි කළේ නැහැ.”

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු :
“ඒ කියන්නේ එහෙම මුදලක් ලැබුණා?”

එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා – නැගෙනහිර හිටපු ආණ්ඩුකාර :
“ඔව් ලැබුණා. Projects සඳහා තමයි ඒවා ආවෙ. අනික සහරාන් එතන කියනවානෙ සල්ලි ආවට කමක් නැ කියලා.”

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු :
“ඒ කියන්නේ සහරාන් ඔබට විරුද්ධව නෙවෙයිනෙ වැඩ කරලා තියෙන්නේ ?”

එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා – නැගෙනහිර හිටපු ආණ්ඩුකාර :
“නැ නැ ස්වාමීනි විරුද්ධව තමයි වැඩ කළේ “

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු :
“විරුද්ධ නම් ඇයි මැතිවරණයට ගිවිසුම් ගත වුණේ සහරාන් සමඟ ?”

එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා – නැගෙනහිර හිටපු ආණ්ඩුකාර :
“එයා social media ඇවිත් වීඩියො එකක් දැම්මා එයා සහය දෙන්නම් එකතු වෙන්න කියලා. ඊට පස්සෙ ඔක්කොම පක්ෂ එයාට සහය දුන්නා. මමත් ගියා ඒ නිසා “

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු :
“2017 මාර්තු 10 අලියාර් මංසන්ධියේ සිද්ධිය වුණේ කොහොමද ?”

එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා – නැගෙනහිර හිටපු ආණ්ඩුකාර :
“එතනදිත් මගේ අයට තමයි සහරාන්ගෙ අය ගැහුවෙ “

ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරු :
“ඔය ගැටුමෙන් පස්සෙ සහරාන්ට වරෙන්තු නිකුත් වෙලා සහරාන් හැංගුනානෙ. ඔබ සහරාන්ගෙ මවගෙ අතේ පණිවුඩයක් යැව්වද සහරාන්ට, ඇවිත් උසාවියට භාරවෙන්න මම බලගන්නම් කියලා ?”

එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා – නැගෙනහිර හිටපු ආණ්ඩුකාර :
“නෑ ස්වාමීනි. මගේ පක්ෂයේ කවුරු හරි කිව්වද දන්නැ එහෙම ඇවිත් භාරවෙන්න, එතකොට ඇමති තුමා බලාගනිවී කියලා. මම නම් දන්නෙ නැහැ ඒ ගැන.”

ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු :
“ඔච්චර දේවල් වුණත් ඔබ සහරාන්ට විරුද්ධව පැමිණිල්ලක් දැම්මේ නැහැ නේද ?”

එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා – නැගෙනහිර හිටපු ආණ්ඩුකාර :
“නැහැ ස්වාමීනි “

ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු :
“ඔබ නේද කාත්තන්කුඩියේ රට ඉඳි වවලා, ආරාබි අක්ෂරවලින් නාම පුවරු ගහලා ඒක අරාබියක් කළේ ?”

එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා – නැගෙනහිර හිටපු ආණ්ඩුකාර :
“ඔව්. ඒක එහෙ රස්නෙ වැඩි නිසා තමයි මම රට ඉදි ඉන්දෙව්වෙ. අනික ඇරබික් students වැඩියෙන් එන පැත්තක් නිසා එයාලව attract කරගන්න තමයි අරාබි අකුරු ගැහුවේ.”

ජනාධිපති කොමිසමේ අභියාචනාධිකරණ විනිසුරු :
“ඒකද නැත්නම් ඔවුන් කියපු නිසාද ?”

එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා – නැගෙනහිර හිටපු ආණ්ඩුකාර :
“නැ නැ මට ලස්සන කරන්නයි ඕන වුණේ “

මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට 7 වැනි දිනටත් අද (24) පැමිණියා.

අප වාර්තාකරු සඳහන් කළේ හිටපු ජනාධිපති වරයා මේ වන විටත් කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් සිටින බවයි.

==========================================

(24.11.2020 – 07:48 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා මරණ තුනක් (3) වාර්තාවීමත් සමඟ සමස්ත මරණ සංඛ්‍යාව 90 දක්වා ඉහළ ගියා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ හෙයියන්තුඩුව ප්‍රදේශයේ පදිංචි 86 හැවිරිදි කාන්තාවක්, අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා මියගොස් ඇති බවයි.

කොවිඞ් 19 වෛරසය නිසා ඇතිවූ උග්‍ර ආසාදන තත්ත්වයක් මරණයට හේතුව ලෙස දක්වා තිබෙනවා.

එමෙන්ම කොළඹ 14 ප්‍රදේශයේ 60 හැවිරිදි කාන්තාවක් හෘදයාබාධයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඊයේ (23) මියගියා.

ඇයගේ මරණයට හේතුව ලෙස දක්වා ඇත්තේ හෘදයාබාධ තත්ත්වය සහ කොවිඞ් ආසාදනයයි. ඊට අමතරව කොළඹ 15 – මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙකුද ඊයේ (23) මියගොස් තිබෙනවා.

කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන හෝමාගම රෝහලට ඇතුළත් කර ඇති මෙම පුද්ගලයා එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

කොරෝනා ආසාදනයත් සමඟ ඇතිවූ ලේ විසවීමක් මරණයට හේතුව ලෙස දක්වා තිබෙනවා.

මේ අතර ඊයේ (23) දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයන් 337 දෙනෙකු වාර්තාවීමත් සමඟ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 20,508 ක් දක්වා ඉහළ ගියා.

නව ආසාදිතයන්ගෙන් 335 දෙනෙකු පෑලියගොඩ කොවිඞ් පොකුරේ ආශ්‍රිතයින් වන අතර, ඉන්දියාවේ සිට පැමිණි පුද්ගලයෙකු සහ තුර්කි ගුවන් කාර්ය මණ්ඩලයේ සේවකයෙකු මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් සහ පෑලියගොඩ කොවිඞ් පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 16,978 ක් දක්වා ඉහළ යන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ වනවිට ආසාදිතයින් 5,921 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 14,497 ක්.

මේ අතර කොරෝනා වැළඳුණු පොලිස් නිලධාරීන්ගේ සංඛ්‍යාව ඊයේ (23) දහසේ සීමාව ඉක්මවා ගියා.

ඒ අනුව පොලිස් කොරෝනා පොකුර 1,039 ක් ලෙස මේ වනවිට දැක්වෙන අතර, වෛරසය වැළඳුණු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් 238 දෙනෙකුද ඊට ඇතුළත්.

එමෙන්ම තවමත් කොරෝනා වෛරසයේ වැඩිම බලපෑම එල්ලවී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයටයි.

අද (24) වනවිට කොළඹ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් 7,226 දෙනෙකු වාර්තාවී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

හුදකලා තත්ත්වය ඉවත් කෙරුණු බොරැල්ල, වැල්ලම්පිටිය, කොම්පඤ්ඤ වීථිය යන ප්‍රදේශවලින්ද ආසාදිතයන් තිහකට (30) වැඩි සංඛ්‍යාවක් පසුගිය දෙදින තුළ වාර්තාවී තිබෙනවා.

ගම්පහ දිස්ත්‍රික්කයෙන්ද කොරෝනා ආසාදිතයන් 5,391 දෙනෙකු වාර්තාවී ඇති අතර, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයන් 776 දෙනෙකු වාර්තාවී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය වැඩිදුරටත් කියා සිටියේ.

එමෙන්ම මැද පෙරදිග රටවල් දෙකක රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 188 දෙනෙකු අද (24) අලුයම දිවයිනට පැමිණියා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 50 දෙනෙකු සහ කටාර් හි රැඳී සිටි 138 දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණි බවයි කටුනායක හිරු වාර්තාකරු සඳහන් කළේ ෴

+++++++++++++++++++++

(24.11.2020 – 07:50 +0530 – hirunews.lk/sinhala)

ගර්භනී මවකට යම් රෝගී තත්ත්වයක් හෝ සංකූලතාවක් පවතීනම් නිවසට වී නොසිට වහාම ප්‍රතිකාර සඳහා යොමුවන ලෙස ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රාමාලි ද සිල්වා මහත්මිය දැනුම් දෙනවා.

දැනට හුදකලා කර ඇති ප්‍රදේශවල සිටින ගර්භනී මවකට හදිසි අවදානම් තත්ත්වයක් ඇතිවුවහොත් රෝහල් ගතවීම සඳහා ගර්භනී සටහන් පොත භාවිත කළ හැකි බවයි ඇය කියා සිටියේ.

මේ අතර මේ වනවිට හුදකලා කර ඇති ප්‍රදේශවල මාතෘ හා ළමා සායන නියමිත පරිදි නොපැවැත්වුණද සෙසු ප්‍රදේශවල අදාළ සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බව ද ප්‍රජා වෛද්‍ය විශේෂඥ චිත්‍රාමාලි ද සිල්වා මහත්මිය ප්‍රකාශ කළා ෴

+++++++++++++++++++

(24.11.2020 – 08:26 +0530 – hirunews.lk/sinhala)

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථවල ගමන් ගන්නා මගීන් වෙනුවෙන් කොවිඩ් ආරක්ෂණ අරමුදලක් පිහිටුවීමට එම මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව සෑම මගියෙකුගෙන්ම අයකරනා බස් ගාස්තුවෙන් රුපියලක් මගී අරමුදලට වෙන් කරන බවයි එහි සභාපති නීතීඥ කිංස්ලි රණවක මහතා සඳහන් කළේ.

යම් හෙයකින් ලංගම බස් රථයක ගමන් කිරීම හේතුවෙන් කොරෝනා ආසාදිතයෙකු වුවහොත් ඒ වෙනුවෙන් වන්දි මුදලක් ගෙවීමට මෙම වැඩපිළිවෙල යටතේ සැළසුම් කර තිබෙනවා ෴

+++++++++++++++++++++

(24.11.2020 – 09:13 +0530 – hirunews.lk/sinhala)

කිලිනොච්චි දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අද (24) සිට සිකුරාදා දක්වා වසා තැබීමට තීරණය කර තිබෙනවා.

ඒ ඊයේ තවත් කොරෝනා රෝගියෙකු වාර්තා වීමත් සමගයි.

කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි මොහු රෝග ලක්ෂණ පෙන්නුම් කිරීම නිසා පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කර ඇති අතර එහිදී වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.

මේ වන විට ඔහු වැලිකන්ද කොරෝනා විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබනවා.

ඔහුගේ පළමු පෙළ ආශ්‍රිතයන් හයදෙනෙකු (6) ද නිරෝධායනයට ලක්කර ඇති බවයි කිලිනොච්චි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කියා සිටියේ ෴

කොළඹ ආශ්‍රිත බන්ධනාගාරවලින් තවත් කොරෝනා ආසාදිතයන් 35 ක් හඳුනා ගැනීමත් සමඟ, බන්ධනාගාරවලින් වාර්තා වන මුළු ආසාදිතයන් සංඛ්‍යාව 717 දක්වා ඉහළ ගොස් ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා පවසනවා ෴

+++++++++++++++++++

(24.11.2020 – 12:44 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව විදේශයන් හි රැදී සිටින ශ්‍රී ලාංකිකයන් යළි දිවයිනට ගෙන්වා ගැනීමේදී මැදපෙරදිග රටවල සිටින ලාංකිකයන්ට ප්‍රමුඛත්වය ලබාදෙන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඔහු කියා සිටියේ ඉදිරි සතිය තුළත් අඛණ්ඩව විදේශගත ලාංකිකයන් මෙරටට රැගෙන ඒම සිදුකෙරෙන බවයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *