වෛද්‍ය ධම්මික බණ්ඩාරයන්ගේ කොවිඩ් මර්දන හෙළ ඔසුව : පිටුව [2]

වෛද්‍ය ධම්මික බණ්ඩාරයන්ගේ කොවිඩ් මර්දන හෙළ ඔසුව : පිටුව [2]

+++++++++++++++++++++++++++++++++++

වෛද්‍ය ධම්මික බණ්ඩාරයන්ගේ කොවිඩ් මර්දන හෙළ ඔසුව : පිටුව [1]

*********************************************

කෑගල්ලේ කොරෝනා ඖෂධය සාර්ථක නම් රෝගීන්ට ලබා දෙන්න සූදානම්.. – කැබිනට් ප‍්‍රකාශක

(09.12.2020 – 12:00 +0530 – lankacnews.com)

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා කොරෝනා මර්දනය සඳහා හදුන්වා දී ඇති දේශීය ඖෂධය ගැන රජය ධනාත්මකව සලකා බලමින් සිටින බව සම කැබිනට් ප්‍රකාශක ඇමැති රමේෂ් පතිරණ මහතා සඳහන් කරයි.

පවතින තත්වය යටතේ අදාළ ඖෂධය සාර්ථක ප්‍රතිචාර දක්වන්නේ නම් කෙටිකාලීන ක්‍රියාමාර්ගයක් ලෙස එය ලබාදීමට බටහිර වෛද්‍යවරුන් ද එකඟතාව පළ කර ඇතැයි ඒ මහතා කියා සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය අමතමිනි.

++++++++++++++++++++++++++

කොරෝනා ඖෂධය අවසන් පරීක්‍ෂණයේ.. සමත් නම් දින 03 කින් රෝගීන්ට දෙනවා.. කාලි අම්මාගෙන් ලැබුණාට කමක් නෑ.. සාර්ථක නම් පිලිගන්න වෙනවා..

(09.12.2020 – 12:02 +0530 – lankacnews.com)

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් සංවිධානය කළ විශ්වවිද්‍යාල පද්ධතියෙන් බිහිවූ උපාධිධාරීන් ව්‍යවසායකයන් 146 දෙනකුට මූල්‍යමය ප්‍රතිපාදන ප්‍රදානය කිරීමේ ‘උපාධිධාරී ව්‍යවසායක උදානය’ වැඩසටහනට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය :

කොරෝනා බෙහෙත

අපේ රටේ යම් වෙනසක් කිරීමට අලුතින් සිතන පුද්ගලයකුට ලබා දෙන උත්තේජනයට වඩා වැඩියි ඔහු එහෙම හිතන එක වැලැක්වීමට ඇති කරනු ලබන පීඩනය. නිදසුනක් ලෙස කොරෝනාවලට යම් බෙහෙතක් සොයා ගත් බව වාර්තා වන මහත්මයා පත්ව ඇති තත්වය පෙන්වා දිය හැකියි. එම බෙහෙත සායනික පරීක්ෂණ කිහිපයකින් හොඳ බෙහෙතක් බව සනාථ වී තිබෙනවා. තවදුරටත් ඒ පිළිබඳව පර්යේෂණ සිදු කෙරෙමින් පවතිනවා. ඒ බෙහෙත ගැනයි සොයා බැලිය යුත්තේ. නමුත් දැන් ඇතැම් අය සියලු වැඩ නතර කර ඒ බෙහෙත හදපු කෙනා පිළිබඳව සොයනවා. ඔහු ආයුර්වේද වෛද්‍යවරයෙක්ද, ඔහුට සහතික තිබෙනවාද, ඔහු කපුවෙක්ද කියා සොයා බලනවා. මේ අය එදා සිටියා නම් ලෝවාමහාපාය හදපු කෙනාගෙ ‘උපාධි සහතිකය’ ඉල්ලා සිටීවි. දැනුම කියන්නේ මිනිසුන් අතරින් උපදින දෙයක්. අද අප නොදන්නා දෙයක් හෙට ඉතා සාමාන්‍ය මිනිසකු අතින් උපදින්න පුළුවන්. එදා සර් අයිසැක් නිව්ටන් ඇපල් ගසක් යට නොසිටියා නම් අප අදත් ගුරුත්වාකර්ෂණ බලය කියා දෙයක් නොදැන සිටීමට තිබුණා. එදා ඔහු කළ ශ්‍රේෂ්ඨ සොයා ගැනීම ඔහු ලබාගත් සහතික ඉල්ලමින් නොසලකා සිටියා නම් එය කොතරම් වැරදිද? නූතන විද්‍යාවට හසුනොවන දැනුම් පද්ධති ලෝකය පුරා බොහෝමයක් තිබිය හැකියි.

දැන් රජරට විශ්වවිද්‍යාලය තුළ සිදු කෙරෙන පර්යේෂණවලින් සනාථ වූ පසු තව දින 3 කින් එම බෙහෙත කොරෝනා රෝගීන් සඳහා ලබා දිය හැකි වේවි. එමඟින් රෝගීන් සුවපත් වෙනවා නම් එම බෙහෙත ඔහුට කීවේ ‘කාලි මෑණියන්ද?’ යන්න අප ගැටලුවක් කරගත යුතු නැහැ. බෙහෙතින් රෝගය සුව වෙනවා නම් එම වට්ටෝරුව ඔහුට ලැබුණ විදිහ ගැන ඔහු පවසන දෙය අපට පිළිගැනීමට සිදු වේවි. එය අපට නොතේරුණා කියා ප්‍රතික්ෂේප කළ නොහැකියි.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
කර්මාන්ත අමාත්‍යාංශය

++++++++++++++++++++++++++

කෑගල්ලේ කොරෝනා ඖෂධය සාර්ථක නම් රටටම ආඩම්බරයක්.. ගෞරවයක්.. ලෝකයේම ජයග‍්‍රහණයක්.. අපේ උපරිම සහාය දෙනවා.. – GMOA

(09.12.2020 – 03:32 +0530 – lankacnews.com)

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති කොරෝනා ඖෂධය සාර්ථක නම් තම සහයෝගය ලබාදීමට සූදානම් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එම ඖෂධය සාර්ථක නම් එය රටක් ලෙස ආඩම්බරයට ගෞරවයට කාරණාවක් බව ද සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

එම ඔෂධයෙන් කොරෝනා සුව වන්නේ නම් එය සමස්ථ ලෝකයේම ජයග‍්‍රහණයක් යයිද ඒ මහතා පවසයි.

දේශීය වෛද්‍ය ක‍්‍රමයක් හෝ ඕනෑම ක‍්‍රමයකින් වසංගතය සුව කල හැකි නම් බටහිර වෛද්‍යවරුන් ලෙස ඒ සම්බන්ධයෙන් කිසිදු විරෝධයක් නැතැයි ද ඒ මහතා තව දුරටත් කියා සිටියේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පළ කළේය ෴

++++++++++++++++++++++++++

ලෝකය බේරාගත් රාජ්‍යය වීමේ ගෞරවය අපට අහිමි වුණා

(09.12.2020 – 18:17 +0530 – lankadeepa.lk)

දේශීය වෛද්‍යවරු කොවිඩ්-19 වයිරසයට ප‍්‍රතිරෝධී, එකිනෙකට වෙනස් විකල්ප බෙහෙත් වර්ග 50 කට ආසන්න ප‍්‍රමාණයක් හඳුන්වා දුන් නමුත් රාජ්‍යය සිසාරා පැතිර ඇති බටහිර වෛද්‍ය ක‍්‍රමය හේතුවෙන් ‘ලෝකය බේරාගත් රාජ්‍යය’ යන ගෞරව නාමය අපට අහිමි වූ බව රජයේ මාධ්‍ය ප‍්‍රකාශක බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අද (09) පැවති ආණ්ඩුවේ පක්ෂ නායකයින්ගේ මාධ්‍ය හමුව අමතමිනි.

බටහිර ගැති ආකල්පවල ගැලී ජීවත් වන විපක්ෂය, දේශීය වෛද්‍ය ක‍්‍රම ඔස්සේ සොයාගන්නා බෙහෙත් අපහාසයට උපහාසයට ලක්කරමින් සිටින්නේ යැයි ද ඔහු කියා සිටියේය. ඔවුන් විද්‍යාව ලෙස දකින්නේ බටහිරෙන් ඇති වූ විද්‍යාව පමණකැයි ද ඔහු කියා සිටියේය.

නමුත් ඊට වඩා දියුණු දැනුම ලබා ගැනීමේ ක‍්‍රම දේශීය වෛද්‍ය කර්මයේ ඇති බවත් අධ්‍යාත්මික දැනුම ලබා ගැනීමේ ක‍්‍රම පවා ඇති බවත් ඒ ක‍්‍රම සමග බටහිර ක‍්‍රමවේදයන් සංසන්දනය කිරීමේ දී බටහිර වෛද්‍ය විද්‍යාව දණගාන අවදියේ සිටිතැයි කිව හැකි බවත් අමාත්‍යවරයා කීය. ශ්‍රී ලාංකේය වෛද්‍ය කර්මය ඇතුළු සම්ප‍්‍රදායික දේ ගරහන්නන් එසේ ගරහන්නේ මේ ජාතියේ අභිමානයට බව මතක තබා ගත යුතු යැයි ද අමාත්‍යවරයා කියා සිටියේය.

ප‍්‍රතිශක්තිකරණ ඖෂධ යනු බෙහෙත් නොවන බවත් රෝග වැළඳීම වැළක්වීමේ ශක්තිය වැඩි දියුණු කිරීම පමණක් වන අතර වයිරසවලට බටහිර බෙහෙත් නැතත් දේශීය වෙදකමේ බෙහෙත් ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය. දේශීය දැනුමට නිගා නොකරන්නැයි විපක්ෂයනේ ඉල්ලා සිටින බව ගම්මන්පිල මහතා තව දුරටත් පැවැසීය ෴

++++++++++++++++++++++++++

පැණිය ගන්න පැමිණි ජනතාවගේ වගකීම භාරගන්නවා – ධම්මික බණ්ඩාර වෙදමහතා

(09.12.2020 – 08:26 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය මැඬ පැවැත්විය හැකි බවට ප්‍රකාශවුනු දේශීය ඖෂධය ජනතාව අතර බෙදා හැරීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

ධම්මික බණ්ඩාර නැමති පුද්ගලයෙකු මෙම ඖෂධය සොයාගෙන තිබූ අතර, ඊයේ (08) එය කෑගල්ල – උඩුමාගම කාලි දේවාල පරිශ්‍රයේදී නොමිලේ බෙදා හැරීම සිදුකළා.

එම ඖෂධය ලබාගැනීම සඳහා නිරෝධායන නීති කඩකරමින් විශාල පිරිසක් කෑගල්ල ප්‍රදේශයට පැමිණ සිටින අයුරු ඊයේ දක්නට ලැබුණා.

සෞඛ්‍ය මාර්ගෝපදේශ ද කඩ කරමින් මෙම කටයුත්ත සිදු කර ඇති බවට පළ වන වාර්තා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් ලබාදෙන ලෙසට කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට උපදෙස් දී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඊයේ (08) ප්‍රකාශ කළේ.

පැවති තත්ත්වයත් සමඟ මෙම ඖෂධය නිපද වූ ධම්මික බණ්ඩාර මහතා සහ ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් ඇතුළු පිරිසක් ඊයේ (08) කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සාකච්ඡාවක් පවත්වා ඇති අතර, ඉන් අනතුරුවයි එම ඖෂධය බෙදා හැරීම තාවකාලිකව අත්හිටුවා ඇත්තේ.

කෙසේ වෙතත්, ඖෂධය නිපද වූ ධම්මික බණ්ඩාර මහතා කියා සිටියේ එය තවදුරටත් නිෂ්පාදනය කිරීමට අවශ්‍ය බැවින් බෙදා හැරීම තාවකාලිකව අත්හිට වූ බවයි.

එම ඖෂධයෙන් කොරෝනා ආසාදනය වූවන් සුව වන බවට ඖෂධය නිපද වූ තැනැත්තා ප්‍රකාශ කළ ද මෙතෙක් එය වගකිව යුතු පාර්ශව විසින් විද්‍යාත්මක සනාථ කර නැහැ.

මෙම ඖෂධය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කමිටුවක් ද පත් කර ඇති අතර, එහි ප්‍රතිඵලය මෙතෙක් ලබාදී නැහැ.

කොරෝනා ආසාදිතයින් සුව වන බවට පැවසෙන මෙම ඖෂධය නිපද වූ ධම්මික බණ්ඩාර මහතා ගෙන් හිරු ප්‍රවෘත්ති අංශය මේ සම්බන්ධයෙන් විමසීමක් කළා.

++++++++++++++++++++++++++

‘ධම්මික පැණිය’ බෙදූ දන්සල ගැන නිරෝධායන නීතිය අනුව කටයුතු කළ හැකියි

(09.12.2020 – 12:56 +0530 – hirunews.lk/sinhala)

කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙදමහතා විසින් නිශ්පාදනය කළ දේශීය කොවිඩ් ඖෂධය බෙදා දීම සඳහා ඊයේ (08) පැවැති දන්සල සම්බන්ධයෙන් නිරෝධායන නීතිය අනුව කටයුතු කළ හැකි බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා.

මේ අතර වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේ, සායනික පරීක්ෂණවලින් තහවුරු වන තෙක් අදාළ ඖෂධය භාවිතය පිළිබඳව කිසිදු නිර්දේශයක් ලබා දිය නොහැකි බවයි.

කොව්ඩ් වෛරසය මර්දනය කළ හැකි බවට ඉදිරිපත්වී සිටින ධම්මික බණ්ඩාර වෙද මහතා විසින් නිපදවා ඇති දේශීය ඖෂධය මේ වන විටත් පවතින්නේ සායනික පර්යේෂණ මට්ටමේයි.

කෙසේ වෙතත් අදාළ ඖෂධය නොමිලේ බෙදා දීම සඳහා ඊයේ (08) කෑගල්ල උඩුමාගම ප්‍රදේශයේ දන්සලක් පැවැති අතර එහිදී විශාල ජන ඒකරාශී වීමක් සිදු වුණේ, නිරෝධායන නීති ද කඩ කරමින්.

අවසානයේ කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරයා, ධම්මික බණ්ඩාර මහතා කැඳවා සිදු කළ සාකච්ඡාවකින් පසු අදාළ ඖෂධය බෙදා දීම තාවකාලිකව අත්හිටවනු ලැබුවා.

ඒ සායනික පර්යේෂණ වාර්තා ලැබීමකින් තොරව ඖෂධය බෙදා දීම සුදුසු නොවන බවට නිගමනය කරමින්.

මේ අතර අදාළ ඖෂධය සහ එය බෙදා දීම සඳහා පැවැති දන්සල සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව අදහස් පළ කළා.

++++++++++++++++++++++++++

කොවිඩ් හෙළ ඔසුව ආහාරමය අතිරේකයක් ලෙස ලබාදීමට අනුමැතිය

(09.12.2020 – 19:36 +0530 – sinhala.adaderana.lk)

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා නිෂ්පාදනය කළ දේශිය ඖෂධය කොවිඩ් රෝගීන් සඳහා ආහාරමය අතිරේකයක් ලෙස ‍ලබා දීමට දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සහ ආයුර්වේද දෙපාර්තමේන්තුව අනුමැතිය ලබා දී තිබේ.

මේ අතර ආයුර්වේද දෙපාර්තමේන්තුවේ විශේෂඥ කණ්ඩායමකගේ අධීක්ෂණය යටතේ අද (09) එම ඖෂධය නිෂ්පාදනය කිරීමට පියවර ගත්තේය.

කොවිඩ් වෛරසය රෝගීන්ගේ ශරීරයෙන් ඉවත් කළ හැකි දේශීය ඖෂධයක් කෑගල්ල ප්‍රදේශයේ ධම්මික බණ්ඩාර වෙදමහතා විසින් සොයාගත් බව වතුපිටිවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිදුකළ සායනික අත්හදාබැලීම් දෙකකදී තහවුරු වූ පසුබිමක ඊයේ (08) එම ඖෂධය ජනතාවට නොමිලේ බෙදා දිමට පියවර ගත්තේය.

කෙසේ වෙතත් එම ඖෂධය ලබා ගැනීමට දස දහසකට අධික ජනතාවක් කෑගල්ලට පැමිණිමත් සමඟ එම තත්ත්වය පාලනය කිරීම සඳහා කෑගල්ල දිස්ත්‍රික් ලෙකම්වරයාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ ඊයේ (08) ධම්මික බණ්ඩාර වෙදමහතා සමඟ පැවති සාකච්ඡාවකින් පසුව ඖෂධය බෙදා හැරීම තාවකාලිකව අත්හිටුවනු ලැබීය.

ඖෂධය ජනතාවට බෙදාහැරීම සම්බන්ධයෙන් අදත් (09) පාර්ශව කිහිපයක්ම අදහස් පළ කළේය.

ධම්මික බණ්ඩාර වෙදමහතා විසින් නිෂ්පාදනය කළ දේශීය ඖෂධය කොවිඩ් රෝගීන්ට අතිරේක ආහාරයක් ලෙස ලබාදීමට දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ කොවිඩ් මර්ධන ජාතික කමිටුවේ අනුමැතිය හිමි වූ බව විෂය භාර අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ‘අද දෙරණ’ට සඳහන් කළේය.

ඊට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ද අනුමැතිය හිමිව තිබේ.

මේ අතර අද (09) දින ධම්මික බණ්ඩාර මහතාගේ නිවසේ දී දේශීය ඖෂධය නිෂ්පාදනය කරන ආකාරය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ විශේෂඥ කණ්ඩායමක් අධීක්ෂණය කළෝය.

++++++++++++++++++++++++++

කෑගල්ලේ වෙද මහතාගේ කොරෝනා ඖෂධයට පේටන්ට් අයිතිය

(10.12.2020 – 14:14 +0530 – lankaleadnews.com)

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා නිෂ්පාදනය කළ හෙළ ඔසුවට පේටන්ට් බලපත්‍රය ලබාගැනීමට කටයුතු කරන බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා ප්‍රකාශ කර සිටී.

ඔසුව සම්බන්ධයෙන් වන සායනික අධ්‍යයනයන් කඩිනමින් අවසන් කොට මේ සඳහා අවශ්‍ය පියවර ගන්නා බවද ය සිසිර ජයකොඩි මහතා මාධ්‍ය වෙත පැවසීය.

එම හෙළ ඔසුව කොරෝනා රෝගීන් සඳහ ආහාරමය අතිරේකයක් ලෙස ‍ලබා දීමට දැනටමත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිල අනුමැතිය ලැබී ඇති බවත් ඔසුවක් ලෙස එයට අවශ්‍ය අනුමැතියද කඩිනමින් ලබාගැනීමට පියවර ගන්නා බවත් ඔහු පැවසීය ෴

++++++++++++++++++++++++++

කොවිඩ් හෙළ ඔසුව පාර්ලිමේන්තුවට

(10.12.2020 – 17:44 +0530 – sinhala.adaderana.lk)

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කළ කොරෝනා වෛරසයට එරෙහි දේශීය ඖෂධය අද (10) කථානායකවරයාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකට ලබාදී තිබේ.

කොරෝනා වෛරසයට එරෙහිව ධම්මික බණ්ඩාර මහතා විසින් මී පැණි, සාදික්කා ඇතුළු ඖෂධ කිහිපයක එකතුවෙන් දේශීය ඖෂධයක් නිෂ්පාදනය කළ අතර ඒ පිළිබඳව පසුගිය දිනවල දැඩි කතාබහක් මතු විය.

ඒ අනුව ඔහු විසින් එම පැණිය කෑගල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ දී නොමිලයේ බෙදා දීමට පියවර ගැනුණ ද පවතින තත්ත්වයන් සැළකිල්ලට ගනිමින් එය අත්හිටුවීමට තීරණය කෙරුණි.

කෙසේවෙතත් එලෙස අත්හිටුවීමට තීරණය කළ එම ඖෂධය අද (10) මහජන නියෝජිතයින්ට ලබා දීමට පියවර ගත්තේය.

ඒ අනුව ධම්මික බණ්ඩාර මහතා අද (10) පස්වරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රය වෙත පැමිණ දේශීය ඖෂධය කථානායකවරයාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසකට ලබාදුන්නේය.

++++++++++++++++++++++++++

විශේෂඥ කණ්ඩායමක් ධම්මික බණ්ඩාරගේ නිවසේ.. කොරෝනා ඖෂධ තොගයක් හදයි.. සීල් තබා අරන් යයි..

(10.12.2020 – 22:30 +0530 – lankacnews.com)

දේශීය වෛද්‍ය අමාත්‍යංශයේ ලේකම්වරිය, ආයුර්වේද කොමසාරිස් ජනරාල් ඇතුළු විශේෂඥ කණ්ඩායමක් කෑගල්ලේ පිහිටි ධම්මික බණ්ඩාර මහතාගේ නිවසට ගොස් ඔහු විසින් හදුන්වා දී ඇති කොරෝනා මර්ධන ඖෂධය නිෂ්පාදන කටයුතු ආරම්භ කර තිබේ.

එම ඖෂධය සකස් කිරීමට අවශ්‍ය මී පැණි, සාදික්කා ඇතුළු ඖෂධ කීපයක් එම විශේෂඥ කණ්ඩායම් විසින් සකස් කර දී තිබේ.

විශේෂඥ කණ්ඩායම ඖෂධ නිෂ්පාදනයට දායක වී ඇති අතර ඔවුන්ගේ අධීක්ෂණය මත අද (10) උදෑසන තෙක් එම කටයුත්ත සිදු කර තිබේ.

එම ඖෂධ තොගය බෝතල් වලට දමා මුද්‍රා තබා විශේෂඥ කණ්ඩායමට භාර දී තිබේ.

ඒ අනුව එම ඖෂධවලින් කොරෝනා වෛරසය විනාශ කිරීම සඳහා ඇති හැකියාව සොයා බලන තීරණාත්මක පර්යේෂණ සඳහා යොදා ගැනීමට නියමිතව ඇත.

++++++++++++++++++++++

++++++++++++++++++

11-12-2020

++++++++++++++++++++

ධම්මිකගේ පැණියේ රස බලන කමිටුව තවම රැස්වෙලා නෑ

(12.12.2020 – 10:04 +0530 – aruna.lk)

කෑගල්ල මහා භද්‍රකාලි දේවාලයේ කපු මහතා වන ධම්මික බණ්ඩාර නමැත්තා සකස් කළ කොවිඩ් සුව වන බව කියන පැණිය ආසාදිතයන්ට ලබාදීමේ ක්‍රමවේදය සැකසීම සඳහා පත්කළ විද්වත් මණ්ඩලය මෙතෙක් රැස්වී නොමැති බව වාර්තා වේ.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි විසින් මෙම කමිටුව පසුගිය (02 දා) දින පත්කළ අතර සතියක කාලයක් ගතවී ඇතත් කමිටුව රැස්වී සාකච්ඡා පවත්වා නැත. මහාචාර්ය සේනක පිලපිටියගේ සහභාගිත්වයෙන් යුත් මෙම කමිටුවට විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම, මහාචාර්ය සිසිර සිරිවර්ධන, මහාචාර්ය සරෝජ ජයසිංහ, මහාචාර්ය ලේකම්වසම්, මහාචාර්ය ජනක ද සිල්වා, මහාචාර්ය සෑම් කුලරත්න, මහාචාර්ය කමනි වනිගසූරිය යන අය ඇතුළත් වෙති.

කමිටුව රැස්වී මෙම පැණිය පිළිබඳ සායනික පරීක්ෂණයක් සිදුකර රෝගීන්ට ලබාදීම සුදුසු බව ප්‍රකාශ කිරීමට පෙර පැණිය ජනගත කිරීම පිළිබඳව කමිටුව කනස්සල්ලට පත්ව ඇත.

“විද්‍යාත්මක පරීක්ෂණයක් කළ යුතුයි. සාදික්කා වැනි ආයුර්වේද ඖෂධ නියමිත මාත්‍රාවට නොගතහොත් වෙනත් රෝගාබාධ ඇතිවෙන්න පුළුවන්. ඇතැම් රටවල මත්ද්‍රව්‍යයක් ලෙස සලකා සාදික්කා තහනම් කර තිබෙනවා. මීපැණි උණුකර ඖෂධ සමග බීමෙන් විෂ ශරීරගත වෙනවා. මේ ගැන පරීක්ෂා කර තීරණයක් ගත යුතුයි” ‘සති අග අරුණ’ කළ විමසීමකදී එම කමිටු සාමාජිකයෙක් අවධාරණය කර සිටියේය. මේ පිළිබඳව කමිටු සභාපති රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය සේනක පිලපිටියගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ සායනික පරීක්ෂණය සඳහා අවශ්‍ය පැණි සාම්පල මෙතෙක් ආයුර්වේද දෙපාර්තමේන්තුව ලබාදී නොමැති බවයි. රජරට විශ්වවිද්‍යාලයේදී සායනික පරීක්ෂණය සිදු කිරීමට නියමිතය. සායනික පරීක්ෂණයේ මූලික අදියරේ කරුණු පමණක් මේ වනවිට සූදානම් කර ඇති බව මහාචාර්යවරයා කියා සිටියේය.

කෙසේ වෙතත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ මිල සූත්‍ර කමිටුව හා කොවිඩ් මර්දන ආයුර්වේද ජාතික කමිටුව මෙම පැණිය ආයුර්වේද ආහාරමය පානයක් ලෙස අනුමත කර ඇත.

උදයජීව ඒකනායක

+++++++++++++++++++++

කොවිඩ් හෙළ ඔසුව නිෂ්පාදනයට තාක්ෂණික සහය

(12.12.2020 – 13:13 +0530 – sinhala.adaderana.lk)

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් සොයා ගත් කොවිඩ් මර්දන දේශීය ඖෂධය පිළිබඳව පර්යේෂණ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් පත්කළ මහාචාර්ය කමිටුවේ වාර්තාව තවත් සති කිහිපයකදී ඉදිරිපත් කිරීමට හැකි බව ඖෂධ නිෂ්පාදන, නියාමන සහ සැපයුම් රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

මේ අතර, කොවිඩ් වෛරසයට එරෙහිව දේශීය ඖෂධය නිෂ්පාදනය කළ කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාට මහාපරිමාණ ඇඹරුම් යන්ත්‍රයක් ලබාදීමට කර්මාන්ත අමාත්‍යශංය පියවර ගෙන තිබේ.

කොවිඩ් වෛරසය රෝගීන්ගේ ශරීරයෙන් ඉවත් කළ හැකි දේශීය ඖෂධයක් කෑගල්ල ප්‍රදේශයේ ධම්මික බණ්ඩාර මහතා විසින් සොයාගත් බව වතුපිටිවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිදුකළ සායනික අත්හදාබැලීම් දෙකක දී තහවුරු වූ පසුබිමක ඒ පිළබඳව පර්යේෂණ රැසක් ආරම්භ විය.

පසුගිය 08 වැනිදා මෙම ඖෂධය ජනතාව අතර නොමිලේ බෙදා දීම අත්හිටුවීමට තීරණය කිරීමත් සමඟ ඖෂධ නිෂ්පාදන කටයුතුද තාවකාලිකව අඬාල විය.

කෙසේ නමුත් ඊයේ (11) දිනයේදීත් ජනතාව කෑගල්ල, උඩුකුඹුර ප්‍රදේශයේ පිහිටි ධම්මික බණ්ඩාර මහතාගේ නිවසට රැස්ව සිටි අතර ඖෂධය නිෂ්පාදනය කර නොතිබීම හේතුවෙන් ජනතාව මහත් අපහසුතාවයකට පත්ව සිටියේය.

අනතුරුව පොලීසිය මැදිහත්ව එම පිරිස ඉවත් කිරීමට පියවර ගනු ලැබීය.

මේ දක්වා අවම පහසුකම් යටතේ ඖෂධ නිෂ්පාදන කටයුතු සිදුකරගෙන ගිය ධම්මික බණ්ඩාර මහතාට විශාල වශයෙන් ඖෂධ නිෂ්පාදනය කිරිමට තාක්ෂණික උපකරණ නොමැති කමින් ගැටලු රැසකට මුහුණ දී සිටියේය.

මේ තත්ත්වය මත කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මැදිහත්වීමෙන් කර්මාන්ත හා ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් පිරිසක් ඊයේ (11) ධම්මික බණ්ඩාර මහතාගේ නිවසට පැමිණ මහාපරිමාණයෙන් ඖෂධ ඇඹරීම සිදුකළ හැකි ඇඹරුම් යන්ත්‍රයක් සවි කිරීමට පියවර ගත්තේය.

++++++++++++++++

+++++++++++++++++++

කොරෝනා මර්දනයට සොයාගත් දේශීය ඖෂධවල විද්‍යානුකූලව තහවුරු කිරීම්, කඩිනම් කරන්න්නැයි අගමැතිගෙන් උපදෙස්

(13.12.2020 – 13:04 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය මර්දනයට සොයා ගත් දේශීය ප්‍රතිකාර ක්‍රම සහ ඖෂධ සම්බන්ධ විද්‍යානුකූල තහවුරු කිරීම් කඩිනම් කරන්න ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජාතික පර්යේෂණ සභාවට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලයේ නිර්දේශිත දේශීය වෙදකමක්, ආචාර්ය හර්ෂ සුබසිංහ මහතාගේ සහ ඉන්දික ජාගොඩ මහතාගේ මුලිකත්වයෙන් සැකසූ විශේෂිත වූ දේශීය ප්‍රතිකාර ක්‍රම හා කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාගේ ඖෂධ පැණිය වැඩිදුරටත් විද්‍යානුකූල පරීක්ෂණ වලින් තහවුරු කරන ලෙසටයි අග්‍රාමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී ඇත්තේ.

එසේම, ලෝකයේ කොවිඩ්-19 සම්බන්ධයෙන් සොයාගත් එන්නත් වර්ග ගැන හැදෑරීමක් කොට ඒ පිළිබඳ වාර්තාවක් සපයන ලෙසට ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මීට පෙර ජාතික පර්යේෂණ සභාවට දැනුම් දී තිබුණා.

++++++++++++++++

[ https://www.youtube.com/watch?v=g6XXClH-m30 ]

++++++++++++++++++++

වතුපිටිවලදී ධම්මික පැණිය නොදුන් බවට වෛද්‍ය අලුත්ගේ කියන්නේ බොරු – අපි රෝගීන්ට පැණිය දුන්නා වෛද්‍ය ධම්මික කුමාර

(14.12.2020 – am.lk)

වතුපිටිවල රෝහලේ දී ධම්මික බණ්ඩාර මහතාගේ පැණිය රෝගීන්ට ලබා නොදුන් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසුවද එය බොරුවක් බව මේ වනවිට සනාථ වී තිබේ.

වතුපිටිවල කොවිඩ්-19 මධ්‍යස්ථානයේ සිටි රෝගීන් 140 අතුරින් මේ බෙහෙත පානය කිරීමට කැමති අයට එය ලබා දුන් බව වතුපිටිවල රෝහලේ මහජන සෞඛ්‍ය ඒකකය භාර වෛද්‍ය නිලධාරී ධම්මික කුමාර මහතා සඳහන් කරයි.

ඉන් පසුවත් කොවිඩ්-19 වැළඳුණු තවත් රෝගීන් 50 කට මෙම ඖෂධය හා ඊට සමාන ඖෂධ ලබා දුන් බව ද වෛද්‍ය ධම්මික කුමාර මහතා හෙළිදරව් කරයි.

ධම්මික බණ්ඩාර මහතාගේ පැණිය පානය කළ එම සියළුම රෝගීන් සුවපත් වූ බව ද වෛද්‍ය ධම්මික කුමාර මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

ධම්මික බණ්ඩාර මහතාගේ මෙම පැණිය පිළිබඳ රට තුළ උනන්දුවක් ඇතිවූයේ ඉන්පසුව බවටද වෛද්‍ය ධම්මික කුමාර මහතා අවධාරණය කරයි.

වතුපිටිවල රෝහලේ කිසිදු රෝගියෙකුට ධම්මික බණ්ඩාර මහතාගේ පැණිය ලබා නොදුන් බව මීට ටික දිනකට පෙර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ප්‍රකාශ කොට තිබිණි ෴

+++++++++++++++++++

(14.12.2020 – 17:16 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසයට එරෙහිව මෙරට දේශීය වෛද්‍යවරයෙකු විසින් නිපදවනු ලැබූ පැණිය සම්බන්ධයෙන් සිදුකෙරෙන පරීක්ෂණයන්හි වත්මන් තත්වය පිළිබඳව අද (14) පැවති වැඩසටහනකින් අනතුරුව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා අදහස් පළකලා.

එම අදහස් පහතින් :

[ https://www.youtube.com/watch?v=7sMgZG_Y-O0 ]

+++++++++++++++++++++

වතුපිටිවල රෝහලේ කොරෝනා වැලදුනු සියළු දෙනා ධම්මික පැණිය ප‍්‍රතික්‍ෂේප කල අයයි.. බිවු කිසිවෙකුට හැදී නෑ..

(15.12.2020 – 14:10 +0530 – lankacnews.com)

වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළු කාර්ය මණ්ඩල පිරිසකට කොරෝනා රෝගය වැළඳී ඇති බව තහවුරු වී තිබේ.

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවන ලද කොරෝනා ඖෂධය මුල්වරට පරික්ෂා කරන ලද්දේ වතුපිටිවල රෝහලේ දීය.

කෙසේ නමුත් අප වෙත තහවුරු කරන ලද තොරතුරු මගින් හෙලි වී ඇත්තේ – අනාවරණය වී ඇත්තේ ධම්මික බණ්ඩාර මහතා ගේ ඖෂධය පානය කල වෛද්‍යවරුන්ට හා කාර්ය මණ්ඩලයට කොරෝනා රෝගය වැළඳී නැති බවයි.

රෝගය වැලදී ඇත්තේ එම ඖෂධය ප්‍රතික්ෂේප කළ වෛද්‍යවරයෙකුට හා කාර්ය මණ්ඩල කිහිප දෙනෙකුටයි ෴

++++++++++++++++++++++

වතුපිටිවල රෝහලට අනුබද්ධ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින්ට කොවිඩ් වැළඳී නැහැ

(15.12.2020 – 20:03 +0530 – sinhala.adaderana.lk)

වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයෙකු ඇතුළු සේවකයින් 10 දෙනෙකුට කොවිඩ්-19 ආසාදිත බව තහවුරු වී තිබේ.

කෙසේ වෙතත්, එම රෝහලට අනුබද්ධ වතුපිටිවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ කිසිදු කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට කොවිඩ් ආසාදනය වී නොමැති බව වාර්තා වේ.

වතුපිටිවල රෝහලේ වෛද්‍යවරයෙකු, සෞඛ්‍ය කාර්ය සහයකයින් හා කණිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු 10 දෙනෙකුට කොවිඩ් ආසාදිත බව පසුගිය 13 සහ 14 යන දිනවලදී හඳුනා ගැණුනි.

ඔවුන් එම රෝහලේ කායික හා රුධිර කාන්දු පෙරණ ඒකකය ආශ්‍රිතව රාජකාරි කළ අය බව සඳහන් වේ.

කෙසේ වෙතත්, මෙම රෝහලේ සිට කිලෝ මීටරයක් පමණ දුරින් පිහිටි පැරණි යොවුන් සේනාංක ගොඩනැගිල්ලේ ස්ථාපිත කර ඇති ‘වතුපිටිවල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ’ කිසිදු කාර්ය මණ්ඩල සාමාජිකයෙකුට කොවිඩ් ආසාදනය වී නොමැති බව එම රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කළේය.

මේ වනවිට මහත් කතාබහට ලක්ව ඇති ‘හෙළ කොවිඩ් ඖෂධයේ’ පළමු සහ දෙවැනි පරීක්ෂණය සඳහා යොදාගෙන තිබුණේද මෙම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූ රෝගීන් පිරිසකි.

වට දෙකකදී සාර්ථකත්වයක් පෙන්වූ මෙම ඖෂධය පිළිබඳ ව තෙවැනි වටයේ පර්යේෂණය මේ වන විට රජයේ මැදිහත්වීමෙන් සිදු කෙරේ.

++++++++++++++++++++++

ධම්මික පැණිය ගැන පූජ්‍ය සුමනවංශ හිමි හෙළි කල ආන්දෝලනාත්මක හෙළිදරව්ව්ව

[ https://www.youtube.com/watch?v=FH0rOZsu63I ]

++++++++++++++++++++++

අපේ දේශීය බෙහෙත් වලට උඩට එන්න දෙන්නේ නෑ – හිටපු ආයුර්වේද කොමසාරිස්

[ https://www.youtube.com/watch?v=RqqgqrPdfmg ]

+++++++++++++++++++

කොවිඩ් හෙළ ඔසුව ගැන අස්ගිරි මහනායක හිමිගේ මතය

(15.12.2020 – 17:55 +0530 – sinhala.adaderana.lk)

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා නිෂ්පාදනය කළ කොවිඩ් මර්දන දේශීය ඖෂධයෙන් මෙරට ජනතාවට සේවයක්වීම දැකීමට අකමැති පිරිස් ඊට ප්‍රසිද්ධියක් ලබා නොදෙන බවට තමන් වහන්සේට හැඟී යන බව අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියෝ පවසති.

අදාළ ඖෂධය අද (15) ශ්‍රී දළඳා වහන්සේ වෙත පූජා කිරීමෙන් අනතුරුව ධම්මික බණ්ඩාර මහතා අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියෝ බැහැදුටු අවස්ථාවේදී මහනායක ස්වාමීන්වහස්සේ මේ බව පෙන්වා දුනි.

එහිදී “ජනතාවට මෙය තුළින් විශාල සේවයක් වෙන්න පුළුවන්කම තිබෙනවා. ඊට අකමැති නිසාමද කොහෙද එහෙම නැත්තම් දුප්පත් අය පිළිබඳව කිසිම සැළකීමක් නැති නිසාද කොහෙද ඒ පිළිබඳව ප්‍රසිද්ධියක් කළේ නෑ ඒ අය., කියන එකයි මට හිතෙන්නේ. නමුත් එදා අපි දැක්කා විශාල පිරිසකට ඔබතුමා පරිත්‍යාග කළා. ජීවිත දහස් ගානක් රැකගන්න කටයුතු කළා. ඒ කාර්යය ක්‍රමවත්ව විධිමත්ව කරන්නට අවකාශ දුන්නානම් රජයෙන්, මන් හිතනවා ඊට වඩා විශාල සේවයක් මේ දුප්පත් ජනතාවට සලසාදෙන්න පුළුවන්කම තිබුණා.” යනුවෙන් ද අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමියෝ පැවසූහ.

ධම්මික බණ්ඩාර මහතා කොවිඩ් මර්දන දේශීය ඖෂධය අස්ගිරි මහනායක හිමියන් වෙත ද පූජා කළේය.

එම අවස්ථාවට එක්වූ දියවඩන නිලමේ නිලංග දෑල මහතාට ද දේශීය ඖෂධය පිළිගැන්විණි.

අනතුරුව අස්ගිරි අනුනායක පූජ්‍ය ආනමඩුවේ දම්මදස්සි හිමි වෙත එම ඖෂධය පූජා කළේය.

මෙහිදී අදහස් දැක්වූ ධම්මික බණ්ඩාර මහතා, “මේ බෙහෙත අපි විද්‍යාත්මකව සොයා බැලීමක් කළා, මේ අසනීපය සුව වෙනවද කියලා. ඒ අසනීපෙ සුව වෙන නිසා තමයි අපි මේක ගෙනල්ලා පූජා කළේ. මේ රෝගය නිසා රටේ දිනෙන් දින මැරෙන සංඛ්‍යාව අඩුකර ගන්න මේ ඖෂධය ඉක්මණින්ම දෙන්න නිර්දේශය ලැබෙයි කියලා මම විශ්වාස කරනවා,” යනුවෙන් සඳහන් කළේය.

++++++++++++++++++++

කොවිඩ් හෙළ ඖෂධය අනුරපුරයට

(16.12.2020 – 20:00 +0530 – sinhala.adaderana.lk)

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවන ලද කොවිඩ් මර්දන දේශීය ඖෂධය අද (16) පෙරවරුවේ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වෙත සහ රුවන්වැලි මහා සෑ රදුන් වෙත පූජා කෙරුණි.

අනතුරුව එම ඖෂධය අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් වෙත ද පිළිගන්වීමට ධම්මික බණ්ඩාර මහතා කටයුතු කළේය.

විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් වෙතද ධම්මික බණ්ඩාර මහතා හෙළ ඖෂධය පිළිගැන්වූවේය.

මේ අතර බටහිර වෛද්‍ය ක්‍රමයෙන් සොයානොගත් ඖෂධයක් තමන්ට නිර්දේශ කළ නොහැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා මාධ්‍ය හමුවකදී ඒ බව පැවසීය.

++++++++++++++++++++++

වරම ගැන ධම්මික බණ්ඩාර ගේ පළමු හෙළිදරව්ව Truth with Chamuditha (16.12.2020)

++++++++++++++++

‘මං කාලි.. ඔබ වහන්සේගෙ අම්මා.. ඇයි මගේ ඖෂධය පැත්තට විසි කරන්න කිවුවේ..’ ධම්මික බණ්ඩාර අටමස්ථානාධිපති හිමියන් ලඟ ගුගුරයි.. උඩමළුවට යන්න නොදුන්නාට විරෝධය..

(16.12.2020 – 22:02 +0530 – lankacnews.com)

කොරෝනා වෛරසය මැඩලීම සඳහා ඖෂධයක් සොයා ගන්නා ලද කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා එම ඖෂධය ජය ශ‍්‍රී මහා බෝධියට හා රුවන්මැලි මහා සෑයට අද (16) දිනයේ පූජා කරන ලදී.

ජය සිරි මහා බෝධියේ ඉහළ මාලයට එය පූජා කිරීමට අවසර ඉල්ලුවද ඔහුට අවසර ලැබුනේ පහල මාලයට ඇතුළු වීමට පමණි.

එම කටයුතු නිම වීමෙන් පසු ධම්මික බණ්ඩාර මහතා පැමිණ අටමස්ථානාධිපති හිමියන් සමඟ වාදයක් ඇති කරගන්නා ලදී.

තමන් ලෝකය බේරා ගැනීමට සාදන ලද ඖෂධය ජය සිරි මහා බෝධියට පූජා කිරීමට අවසර නොදුන්නේ මන්දැයි ඔහු උස් හඬින් නාහිමියන්ගෙන් ප‍්‍රශ්ණ කලේය.

“ලෝකයේ සියළු දෙනාම බේරගන්න මං ඖෂධයක් හැදුවා. ඔබ වහන්සෙ දන්නව මං කාලි කියල. මගේ ඖෂධයට ඇයි අගෞරවයක් කලේ පැත්තකට විසි කරන්න කියල. මං උතුම් වූ ජයසිරි මා බෝධීන් වහන්සේගෙ බෝධි මූලයටයි මේ පූජාව කරන්න හැදුවෙ. ඇයි මට අවසර දුන්නෙ නැත්තෙ. මං කාලි. ඔබ වහන්සේගෙ අම්මා. මට මේ කටයුත්තෙන් ඉවත් වෙන්න අවසර දෙන්න” යයිද ඔහු එහිදී පැවසීය.

දේවාරූඪයෙන් කල ප්‍රකාශයක් විය හැක – අමරසර

++++++++++++++++++++

ශ්‍රී මහ බෝධියට යන්න පෙර මිහින්තලයට ගිය ධම්මිකට ලැබුණ ප්‍රශංසාව

(17.12.2020 – gossiplankanews.com)

ඊයේ අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධි පාමුළට කොරෝනාවට එරෙහි පැණියක් පූජා කරන්නට අපේක්ෂාවෙන් එහි ගිය කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා තමන්ට ඉහළ මළුවට යාමට අවස්ථාවක් නොලැබීම ගැන එම විහාරාධිපති හා අටමස්ථානාධිපති පූජ්‍ය සිරිනිවාස හිමියන් වෙත සිය විරෝධය පළ කළ අයුරු මේ වනවිට සැරිසරන වීඩියෝ මගින් කියැවේ.

කෙසේ වෙතත් එම ස්ථානයට යාමට පෙර ධම්මික වෙද මහතා ඊයේ (16) උදේ ගමන් කර තිබුනේ මිහින්තලේ රජමහා විහාරයටය. එහි විහාරාධිපති හිමියන් ලෙස වැඩවසන පූජ්‍ය වලවාහැංගුණ වැවේ ධම්මරතන හිමියන් ධම්මික වෙදමහතා සාදරයෙන් පිළිගෙන තිබූ අතර හිමියන් වහන්සේ ආසන්නයේම අසුනක් පිරිනමා ඔහුගේ ගුණ වර්ණනා කරනු මාධ්‍ය වාර්තා තුළින් හඳුනාගන්නට ලැබේ. ඔහු ලෝකයටම යහපත් දෙයක් නිර්මාණය කර ඇති බව හැඟිම බව උන් වහන්සේ පෙන්වා දෙන ලදි. ඒ අතරම වෛද්‍ය සභාවේ අනුමැතිය ලබාගත යුතු බව තමන් වහන්සේ අපේක්ෂා කරන බවත් විස්මයට පත්කරමින් එය ජයග්‍රහණය කරන්නට ආශිර්වාද කරන බවත් උන් වහන්සේ දන්වා සිටියහ.

+++++++++++++++++++++++

“මම කාලි..” ධම්මික අටමස්ථානාධිපති හිමියන්ට බැන වැදුනේ ඇයි ? කාලිට ශ්‍රී මහ බෝධිය තහනම් ද? (17.12.2020)

17-12-2020

+++++++++++++++++++

17-12-2020

++++++++++++++++++++++

‘ධනපාල කංකානම්ගේ’ , ‘ධම්මික බණ්ඩාර’ වුණ හැටි

(18.12.2020 – gossiplankanews.com)

කොරෝනා මර්දනය කරන පැණියක් නිෂ්පාදනය කළ බව කියමින් දේශපාලකයන් හා සම්බන්ධවීම් සහ මාධ්‍ය ප්‍රචාරයන් නිසා මේ දිනවල ප්‍රසිද්ධියට පත්ව ඇති ‘ධම්මික බණ්ඩාර’ එම නමින් පෙනී සිටියද ඔහුගේ සැබෑ නම එය නොවන බව වාර්තාවේ.

කෑගල්ල – මාතුර – හෙට්ටිමුල්ල ප්‍රදේශයේ ඉපිද මේ වන විට උඩුවාගම – අඹවල ප්‍රදේශයේ පදිංචිව සිටින ඔහුගේ සැබෑ නම වනුයේ අප්පුකුට්ටි කංකානම්ලාගේ ධනපාල යි.

ගම් වාසීන්ගේ අතීතානුස්මරණය අනුව ඔහු කලක් රූකඩ නැටවීමේ යෙදී ජීවිකාව සරිකරගත්තේය. අනතුරුව ඩොල්කි ගසන්නෙකු ලෙස සිටියේය. අතිරේක වෘත්තියක් ලෙස පෙදරේරුවෙකු හා වඩු බාස් කෙනෙකු ලෙස ඔහු කටයුතු කළ බවටද ගම් වැසියන් සාක්ෂි සපයා ඇත.

කෙසේ වෙතත් ඔහු කරළියට එන්නේ එක්වරම කාලි මෑණියන්ගේ වරමක් ලැබුණු බව පවසමින් දේවාලයක් ඉදිකර එහි කපු මහතා බවට පත්වීම නිසාය. (මේ හා සමාන හාස්කම් සිදුවීම් අපට දෙරණ නාලිකාවේ ‘සිදු’ ටෙලිනාට්‍ය හරහාද දක්නට ලැබේ.) කංකානම්ලාගේ ධනපාල ගුරුන්නාන්සේ ශ්‍රී වීර මහා භද්‍රකාලී දේවාලය නමින් දේවාලයක් පවත්වා යමින් ප්‍රදේශයේ අයට විවිධ ගුරුකම් කරමින් සිටියේය.

එය ගැමියන්ගේ පුදුමයට හේතුවක් වුවත් ගැටලුවක් වූයේ නැත. එවැනි අය ඕනෑතරම් එම ප්‍රදේශවල වාසය කරන නිසාය.

තමන් කාලි මෑණියන් ලෙස ඔහු හඳුන්වාගත් අතර වැඩ කරගන්නට ගිය අය කිව්වේ ‘කාලි’ නැතහොත් ‘මෑණියෝ’කියාය. කාලි මෑණියන් හමුවට යන්නේ යම් යම් අසාධාරණකම් සිදුවූ අය ඒවා සරිකරගන්නට හා යම් යම් අයගේ නොහොඳ නෝක්කඩු වෙනුවෙන් ද්වේශයෙන් පුදපූජා කරන්නටය.

ගම්මු පවසන්නේ ඔහු හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න මහතාගේ සමීපතමයෙකුව සිටි බවයි. මේ නිසා ඇතැම් දේශපාලකයින්ද මෙම ස්ථානයට දේශපාලන හැලහැප්පිලි ගුරුකම් වැඩ කරගන්නට දිගු කලෙක සිට ආ ගිය බව පැවසුණි.

ඔහු කට්ටඩියෙකු ලෙස කටයුතු කළත් වෙදකම් කළ බවක් වාර්තා නොවේ. ලංකාවේ හෙළ වෙදෙකු ලෙස හෝ ආයුර්වේද වෙදෙකු ලෙස ධනපාල කංකානම්ගේ ප්‍රකටව සිටියේ නැති බව ගම්මු දනී. මේ නිසා තමන් කොරෝනා සඳහා බෙහෙතක් සොයාගත් බව ඔහු පැවසුවත් එය පිළිගන්නට හෝ එය දැනගෙන වැල නොකැඩී ගමේ අය ඔහු වෙත ගිය බවක් වාර්තා නොවේ.

ඔහුගේ පැණිය ගැන ප්‍රසිද්ධවී තමා ඔහු සොයාගෙන ගිය බවත් මෙම වෙදමහතා සොයාගත්තේ තමා බවත් නීතීඥයෙකු වන රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවේය. ඔහු මොහු කෙරේ විශ්වාසය තැබුවේ පැහැදුනේ වෙනත් කවර හේතුවක් නිසාදැයි පැහැදිලි නැත.

ධනපාල කංකානම්ගේගේ නම එක්වරම ධම්මික බණ්ඩාර වන්නේ මෙම ‘නොදන්නා සංසිද්ධියෙන්’ පසුය. (එය ‘පොලිටිකල් මාකටිං’ විය හැකිය – හොඳ නමකින් ආවොත් තමයි හරියන්නේ !!)

උගත් නීතිඥයෙකු හා දිනේෂ් ගුණවර්ධන මහතාගේ පක්ෂයේ පැරණි සාමාජිකයෙකු ලෙස ප්‍රකට සිසිර ජයකොඩි මහතා වැනි අයෙකු මොහුව විශ්වාස කිරීම ගැන නැවත සොයා බැලිය යුත්තකි.

ධනපාල ධම්මික වී ඔහු බෝතලයද රැගෙන සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වා ගෙන ඒමට ජයකොඩි මහතා කටයුතු කරන අතර ඔහුව ප්‍රවර්ධනය කෙරෙන වැඩසටහන් දෙරණ නාලිකාව හරහා විවිධ ලෙස විකාශයවීමද ඇරඹෙන්නේ කිසියම් සැලසුමකට අනුව බව පෙනී යයි.

ඇතැමුන් මොහුගේ නිරූපණය හඳුන්වන්නේ ලංකාවට එන්නත් ලැබෙනතරු ජනතාවගේ සැනසීමට රජයෙන් නිර්මාණය කළ ‘ගෝත්‍රික උපාය ධූතයෙකු’ ලෙසයි.

මේ සමග පළවන්නේ 2006 දී ශ්‍රීමහ බෝධිය අසළදී ධනපාල කංකානම්ගේ වෙනුවෙන් පැවති උත්සවයක් ගැන පෝස්ටරයක් හා 2020 ධම්මික බණ්ඩාර වෙනුවෙන් ප්‍රදේශයේ සිටවූ කටවුටයකි.

+++++++++++++++++++++++++

(18.12.2020 – 15:26 +0530 – hirunews.lk/sinhala)

මේ අතර, ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කළ කොරෝනා පැණිය ලබා ගැනීමට කෑගල්ල – උඩුමාගම ප්‍රදේශයට විශාල පිරිසක් අදත් පැමිණ සිටි අතර, පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඔවුන් විසුරුවා හැරීමට පියවර ගත්තා.

එසේම, ධම්මික බණ්ඩාර මහතා කොරෝනා වෛරසය සඳහා නිෂ්පාදනය කළ ඖෂධීය පැණිය ලබාගැනීමට පැමිණි පස් දෙනෙකු (5) වරකාපොල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, නිරෝධායනය සඳහා යොමුකළ බවට ඇතුළත් ව්‍යාජ ලේඛණ රැගෙනවිත් තිබීම හේතුවෙන්.

18-12-2020

++++++++++++++++++++

බටහිර දැනුම් පද්ධති වලින් පමණක් සත්‍යය නිර්ණය කළ නොහැකියි – රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන

(19.12.2020 – 19:49 +0530 – lankaleadnews.com)

ඖෂධ නිෂ්පාදන සහ සැපයුම් නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසා සිටින්නේ කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් කොරෝනා වෛරසය සඳහා නිෂ්පාදනය කර ඇති ඖෂධය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ වාර්තාව ලැබී ඇති බවත් එම වාර්තාව අනුව මෙම ඖෂධයේ විෂ සහිත කිසිවක් නැතැයි සඳහන් වන බවත්ය.

නමුත් මින් ඉදිරියටද සායනික පරීක්ෂණ කිරීම සඳහා යම් ක්‍රියාවලියක් ඇතැයි පැවසූ ඇමතිවරයා එම ක්‍රියාවලිය තුළද මෙය යම් මට්ටමකට ඉදිරියට ගොස් ඇතැයිද ඒ අනුව පරීක්‍ෂණ කණ්ඩායම් එම කටයුතු ඉදිරියටද කරගෙන යමින් සිටින බවද පැවසීය.

බටහිර හෝ ආයුර්වේද නොවන ඖෂධයක් එම වෛද්‍ය ක්‍රම දෙකෙන් පරීක්ෂණ කිරීම ගැටලු සහගත වුවත් ජනතාවගේ යම් පිළිගැනීමක් ලැබිය යුතු නිසා එසේ පරීක්ෂණ සිදුකරන බවද ඔහු සඳහන් කළේය.

ධම්මික බණ්ඩාර මහතා කියන ආකාරයට එම ඖෂධය නිෂ්පාදනය කර ඇත්තේ ඇසට නොපෙනෙන ජීව කොට්ඨාසයකින් ලැබුණු දැනුමකින් බවද පවසන ජයසුමන මහතා එය ප්‍රශ්නයක් කරගත යුතු නොමැති බවද පවසා සිටියේය.

නමුත් එම ඖෂධය විෂ රහිත නම් වෛරසය ප්‍රතිඵලදායක නම් ඒ ගැන සොයා බැලීමේ වරදක් නැතැයි ද සඳහන් කළේය.

තමන් බටහිර වෛද්‍ය විද්‍යාව උගත් වෛද්‍යවරයෙකු වුවද ලෝකයේ ඇත්තේ එකම දැනුම පද්ධතියක් යයි කියන මතයට තමන් කිසිසේත්ම එකඟ නැතැයි පැවසූ ඔහු මනුෂ්‍යයා ගේ ප‍්‍රශ්ණවලට පිළිතුරු දිය හැක්කේ බටහිර වෛද්‍ය විද්‍යාවෙන් පමණ යයි කියන මතයේ තමන් නැති බවත් පැවසීය.

බටහිර නොවන දැනුම් පද්ධති ඕනෑ තරම් ලෝකයේ ඇති බවත් ඒවායෙන්ද මනුෂ්‍යයා ගේ ප‍්‍රශ්ණවලට පිළිතුරු සොයාගත හැකි යැයි යන ස්ථාවරයේ තමන්ට සිටින බවද තව දුරටත් ඔහු පවසා සිටියේය ෴

+++++++++++++++++++++++

(20.12.2020 – 22:57 +0530 – hirunews.lk/sinhala)

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිපද වූ කොවිඩ් පැණිය ලබාගැනීමට විශාල පිරිසක් ඒකරාශීවීම හේතුවෙන් කෑගල්ල, උඩුකුඹුර ප්‍රදේශයේ අදත් (20) නොසන්සුන් තත්ත්වයක් ඇති වුණා.

නිරෝධායන රීති කඩකරමින් ඒකරාශී වී සිටි පිරිස් ඉවත් කිරීමට පොලිසියද මැදිහත් වූ අතර පැමිණ සිටි පිරිස් හා ධම්මික බණ්ඩාර මහතා අතරද උණුසුම් තත්ත්වයක් හටගත්තා.

කොවිඩ් වෛරසය මර්දනය කළ හැකි දේශීය පැණියක් නිෂ්පාදනය කළ බව කියන කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාට අයත් කෑගල්ල, නෙළුම්දෙණිය, උඩුකුඹුර ප්‍රදේශයේ නිවසක් වෙත අදත් (20) ජනතාව විශාල වශයෙන් පැමිණ සිටියා.

ඒ, දේශීය පැණිය ධම්මික බණ්ඩාර මහතාගෙන් ලබාගැනීමේ අපේක්ෂාවෙන්.

මේ හේතුවෙන් අදාළ ප්‍රදේශයේ දැඩි මාර්ග තදබදයක්ද ඇති වී තිබුණා.

පැමිණ සිටි පිරිස් හා ධම්මික බණ්ඩාර මහතා අතර උණුසුම් වචන හුවමාරුවක්ද ඇති වුණා.

මේ අතරතුර පැමිණ සිටි කාන්තාවක් මෙලෙස හැසිරුණේ අද්භූත බලවේගයක් ආරූඪ වූ ආකාරයෙන්.

පසුව එහි පැමිණ සිටි පිරිස් විසුරුවා හැරීම සඳහා පොලිසිය මෙලෙස කටයුතු කළා.

+++++++++++++++++++++

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ මළුවේ දී වූ දේ මා දන්නේ නෑ.. කොරෝනා බෙහෙත හදන්න භික්‍ෂුන් වහන්සේ නමක් ලක්‍ෂ 10 ක් මට දුන්නා.. – ධම්මික බණ්ඩාරගේ හඬ ඇමුණුමක් ලීක් වේ..

(21.12.2020 – 10:00 +0530 – lankacnews.com)

පසුගිය දිනෙක තමන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ මළුවේ දී හැසිරුනේ තමන් නොදැනුවත්ව බව කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා සඳහන් කරයි.

ඒ අවස්ථාවේදී තමන්ට සිදුවූ දේවල් කිසිවක් මතක නැතැයි ද ඔහු පෙන්වා දෙයි.

කොරෝනා ඖෂධය නිෂ්පාදනය කිරීම සඳහා භික්ෂූන් වහන්සේ නමක් රුපියල් ලක්ෂ 10 ක මුදලක් තමන්ට දුන් බවද ඒ මහතා සඳහන් කරයි.

ඔහු සමග සිදුකරන දුරකථන සංවාදයක දී මේ බව හෙළිකර තිබේ.

සමාජජාලාවල හුවමාරු වෙමින් ඇති හඬ ඇමුණුම මෙසේය :

ඉහත විඩියෝවේ ධම්මික බණ්ඩාර මහතා සමග කථාකරන පුද්ගලයා තමාගේ නියම අනන්‍යතාව හෙළිනොකර, වෙනත් අයෙකු ලෙස පෙනීසිටිමින් ධම්මික බණ්ඩාර මහතාව රවටා තිබෙන බව පෙනේ. මොහු ‘නෙත් එෆ් එම් – බැලුම්ගල’ ට සම්බන්ධ මාධ්‍යවේදියෙකු විය හැක – අමරසර

+++++++++++++++++++++++

(21.12.2020 – 13:12 +0530 – hirunews.lk/sinhala)

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා කොරෝනා මර්දනය කිරීම සඳහා නිෂ්පාදනය කළ බව කියන ඖෂධය අදාළ ක්‍රමවේදය යටතේ ප්‍රමිතීන්වලට අනුව මෙතෙක් තම සභාවට ලැබී නොමැති බව ජාතික පර්යේෂණ සභාව ප්‍රකාශ කළා.

එහි ප්‍රධානී මහාචාර්ය හේමන්ත දොඩම්පහල මහතා කියා සිටියේ නව ඖෂධ පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමේදි සෞඛ්‍ය ප්‍රමිතීන්වලට අනුව සිදු කළ යුතු බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්යවරයා කියා සිටියේ කොරෝනා සම්බන්ධයෙන් නිෂ්පාදනය කළ දේශීය ඖෂධ දෙකක් (20 පමණක් තම සභාව වෙත මෙතෙක් ලැබී ඇති බවයි ෴

++++++++++++++++++++

21-12-2020

+++++++++++++++++++++++++

ධම්මිකගේ කොවිඩ් ඔසුවට ආයුර්වේද අනුමැතිය

(22.12.2020 – colombotoday.com)

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවන ලද කොවිඩ් මර්දන දේශීය ඖෂධයට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ, සූත්‍ර කමිටුවේ අනුමැතිය හිමිව තිබේ.

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙක් විසින් එම ඖෂධයට රජයේ අනුමැතියක් හිමිව තිබේ දැයි අසන ලද පැනයට පිළිතුරු දෙමින් අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව තහවුරු කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ, ඖෂධය මේ වන විටත් දේශීය වෛද්‍ය විද්‍යාත්මකව ආහාර සංඝටකයක් ලෙස ලබාදීමට අනුමැතිය ලබා දී ඇති බවය.

එනිසා ස්වාධීන කැමැත්ත මත ඖෂධය ලබා ගැනීම වළක්වාලීමට අවස්ථාවක් නොමැති බව ද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

එහිදී අදහස් දැක්වු අමාත්‍ය රමේෂ් පතිරණ මහතා :

“මේ සම්බන්ධයෙන් විදිමත් පරීක්ෂණයක් සිදුකිරීමට රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ඇතුළු පිරිස කටයුතු කරනවා. ඒ යටතේ දී ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සුත්‍ර කමිටුව විසින් මෙම ඖෂධය අනුමත කරලා තියෙනවා. එම ඖෂධය සූත්‍ර කමිටුව විසින් අනුමත කිරීමෙන් පසුව ඒ සඳහා අවශ්‍ය ආචාර්යධර්ම කමිටුවකින් මේක අනුමත කිරීමට අවශ්‍යයි. එම ආචාර්යධර්ම කමිටුවට මෙම පරීක්ෂණය පිළිබඳ තොරතුරු හෙට ඉදිරිපත් කරනවා. ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ආචාර්යධර්ම කමිටුවෙන් එම අනුමැතිය ලැබුණු පසුව මෙය විද්‍යාත්මක පරීක්ෂණයට භාජනය කිරීමට බලාපොරොත්තු වෙනවා. එහිදී අපි බලාපොරොත්තු වුණ විදියට බටහිර වෛද්‍ය විද්‍යාව සඳහා මෙය භාවිත කරනවා නම් එයට සාක්ෂි මත පදනම්ව මෙය ඖෂධය භාවිත කිරීමෙන් රෝගය නිශ්චිතව සුව වෙන බවට පරීක්ෂණයක් සිදුකළ යුතුයි. එය සිදුකිරීමට තමයි සුදානම් වන්නේ. එම පරීක්ෂණයට අවශ්‍ය මුලික අනුමැතිය ලබාගැනීම සිදුවෙනවා. එම පරීක්ෂණයෙන් පසුව අපිට නිශ්චිතව එය බටහිර වෛද්‍ය විද්‍යානූකූලව රෝගය නිශ්චිතව සුව කිරීමට සමත් ද කියන එක අපිට හෙළි කළ හැකියි. එතකල් අපිට ඒ සම්බන්ධයෙන් බලා සිටීමට සිදුවෙනවා. ස්වාධීන කැමැත්තෙන් ඖෂධය ලබා ගන්නා අය වළක්වන්න බෑ. මොකද දේශීය වෛද්‍ය විද්‍යාත්මකව ඔවුන් එය ආහාර සංඝටකයක් ලෙස ඔවුන්ට අනුමැතිය ලබාදීලා තියෙනවා. එයට විරුද්ධ වීමට අපට හැකියාවක් නෑ.”

කොවිඩ්–19 වෛරසයට එරෙහිව කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් අත්හදා බැලූ දේශීය ඖෂධය පිළිබඳව අනුමැතිය ලබාදීම සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුව ඊයේ (21)දින රැස්විය.

ආයුර්වේද කොමසාරිස්වරයා ප්‍රධානත්වය දරන සූත්‍ර කමිටුවේ ප්‍රධාන කාර්ය වන්නේ, දේශීය ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සඳහා අවසර ලබා දීමය.

ඊයේ (21) දින එම සූත්‍ර කමිටුව රැස්වී තිබුණේ, ධම්මික බණ්ඩාර මහතා මීට මාසයකට පමණ පෙර ඖෂධය නිෂ්පාදනයට අනුමැතිය ඉල්ලා තිබු පසුබිමකය.

පසුගිය දිනවල දී ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ධම්මික බණ්ඩාර මහතාගේ නිවසේදී ඔවුන් ඉදිරියේ නිෂ්පාදනය කළ ඖෂධය ප්‍රමිතියට අනුකූලව සිදුකර ඇති බවට වූ වාර්තාව ද එහිදි ඉදිරිපත් විය.

ඒ අනුව මෙම ඖෂධය පිළිබඳව කරුණු රාශියක් සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව එම ඖෂධයට නිෂ්පාදන බලය සඳහා අවසර ලබා දීමට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුව තීරණය කර තිබේ ෴

++++++++++++

22-12-2020

++++++++++++++++

කෑගල්ලේ කොවිඩ් ඔසුව ලියාපදිංචි කෙරේ

(22.12.2020 – 19:17 +0530 – sinhala.adaderana.lk)

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදවන ලද කොවිඩ් මර්දන දේශීය ඖෂධය ආයුර්වේද කොමසාරිස්වරයා විසින් දේශීය ඖෂධයක් ලෙස ලියාපදිංචි කර තිබේ.

ඒ ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සුත්‍ර කමිටුව විසින් එය දේශීය ඖෂධයක් ලෙස භාවිත කිරීමට අනුමැතිය ලබාදීමෙන් අනතුරුවය.

මේ පිළිබඳ අදහස් දැක්වු දේශීය වෙදකම් ප්‍රවර්ධන, ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්, කුමාරි වීරසේකර මහත්මිය මෙසේ අදහස් දැක්වීය :

“ධම්මික වෙද මහතාගේ ඖෂධය පිළිබඳව සියලුම තාක්ෂණික වාර්තා ඇගයීමට ලක්කිරීමෙන් අනතුරුව, ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සුත්‍ර කමිටුව විසින් එය දේශීය ඖෂධයක් ලෙස භාවිත කිරීමට අනුමැතිය ලබාදීලා තියෙනවා. එම අනුමැතිය මත ආයුර්වේද කොමසාරිස්වරයා විසින් අද එය දේශීය ඖෂධයක් ලෙස ලියාපදිංචි කරනු ලැබුවා. ඒ ලියාපදිංචි කිරීම කෙසේනමුත් මෙය කොවිඩ් රෝගය සඳහා සුදුසු ඖෂධයක් ද යන්න තීරණය කරනු ලබන්නේ සායනික පරීක්ෂණවලින් අනතුරුවයි. ඒ සඳහා පත්කරන ලද විද්වත් කමිටුව විසින් එම සායනික පරීක්ෂණ කටයුතු ඉදිරියේ දී පවත්වාවි. ඉන් අනතුරුව තමා අපි මෙම ඖෂධය කොවිඩ් රෝගය සඳහා සුදුසු ඖෂධයක් ද යන්න නිගමනය කරනු ලබන්නේ.”

ධම්මික බණ්ඩාර මහතා විසින් කොවිඩ් මර්දනය සඳහා අත්හදා බැලුණු ඖෂධය සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවේ අනුමැතිය හිමි වූ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේය.

අද (22) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවේය.

‍කොවිඩ්-19 වෛරසයට එරෙහිව කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් අත්හදා බැලූ දේශීය ඖෂධය පිළිබඳ අනුමැතිය ලබා දීම සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුව ඊයේ (21) රැස්විය.

ආයුර්වේද කොමසාරිස්වරයා ප්‍රධානත්වය දරණ සූත්‍ර කමිටුවේ ප්‍රධාන කාර්ය වන්නේ දේශීය ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සඳහා අවසර ලබා දීම පිළිබඳ කටයුතු කිරීමය.

පසුගිය දිනවලදී ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ධම්මික බණ්ඩාර මහතාගේ නිවසේදී ඔවුන් ඉදිරියේ නිෂ්පාදනය කළ ඖෂධයේ සාම්පල වාර්තාව ද එහිදි ඉදිරිපත් විය.

ඒ අනුව මෙම ඖෂධය පිළිබඳව කරුණු රැසක් සැළකිල්ලට ගැනීමෙන් අනතුරුව එම ඖෂධයට නිෂ්පාදන බලය සඳහා අවසර ලබා දීමට ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුව තීරණය කර තිබේ.

22-12-2020

+++++++++++++++++

කොරෝනා පැණියට ආයුර්වේද දෙපාර්තමේන්තුව දුන් සහතිකය ධම්මික බණ්ඩාර ප්‍රතික්ෂේප කරයි

(23.12.2020 – 23:11 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් මර්දන ඖෂධයක් යැයි පවසමින් කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිපද වූ පැණිය නිෂ්පාදනය කිරීම සඳහා ලබන වසරේ දෙසැම්බර් මස 31 වැනිදා දක්වා ආයුර්වේද දෙපාර්තමේන්තුව සහතිකයක් ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත් ධම්මික බණ්ඩාර මහතා පවසන්නේ අදාළ සහතිකය තමන් ප්‍රතික්ෂේප කරන බවයි.

කොවිඩ් වෛරසය මර්දනය කරන පැණියක් නිපද වූ බව පවසන කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාගේ නිවස වෙත පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි ඇතුළු පිරිසක් පැමිණියා.

ඒ අවස්ථාවේදී ධම්මික බණ්ඩාර මහතා ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් තමන්ට ලබාදුන් සහතිකය පිළිබඳව අදාළ පිරිස දැනුවත් කළා.

ඔහු ප්‍රකාශ කළේ මෙම සහතිකය ඔහු සොයාගත් ඖෂධය සම්බන්ධයෙන් අපේක්ෂා කළ සහතිකය නොවන බවයි.

+++++++++++++++++++

(24.12.2020 – 20:35 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් මර්දන ඖෂධයක් යැයි පවසමින් කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිපැදවුණු පැණිය සඳහා ආයුර්වේද දෙපාර්තමේන්තුව විසින් සහතිකයක් නිකුත්වීම පිළිබඳ තමා දැනුවත් නොමැති බව දේශීය වෙදකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසනවා.

මේ අතර අදාළ පැණිය සම්බන්ධයෙන් අදත් (24) පාර්ශ්ව රැසක් විවිධ අදහස් පළ කළා.

ධම්මික බණ්ඩාර මහතාට ඖෂධ නිෂ්පාදනාගාරයක් පවත්වාගෙන යාමට සහ ඔහු විසින් නිෂ්පාදනය කළ පැණිය භාවිත කිරීමට අවසර ලබාදෙමින් ආයුර්වේද දෙපාර්තමේන්තුව නිකුත් කර තිබූ සහතිකය ධම්මික බණ්ඩාර මහතා ප්‍රතික්ෂේප කර සිටියා.

මේ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්, විෂයභාර රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතාගෙන් ප්‍රශ්න කළා.

මේ අතර අප කළ විමසීමකදී ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංග මහතා පැවසුවේ තම දෙපාර්තමේන්තුව විසින් ධම්මික බණ්ඩාර මහතා වෙත නිෂ්පාදනාගාර බලපත්‍රයක් නිකුත් කළ බවයි.

කෙසේ වෙතත් ඔහු නිෂ්පාදනය කරන පැණිය කොවිඩ් සඳහා සුදුසුද යන්න පිළිබඳව තවමත් පරීක්ෂණ සිදුකෙරෙනවා.

මේ අතර අදාළ ආයුර්වේද පැණිය සම්බන්ධයෙන් අදත් විවිධ පාර්ශ්ව අදහස් පළ කළා.

+++++++++++++++++++++

(25.12.2020 – 19:39 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වූවන් සුව වන බවට පවසා ඖෂධයක් නිපද වූ කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාගේ ඖෂධ නිෂ්පාදනාගාරය ඇති ස්ථානයට අද (25) දිනයේත් විශාල පිරිසක් පැමිණ සිටියා.

ඔවුන් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරමින් මෙලෙස පැමිණ සිටියේ ඖෂධ නිකුත් නොකරන බවට ධම්මික බණ්ඩාර මහතා විසින් ප්‍රකාශ කර තිබියදියි.

පොලීසිය පැමිණ, පැමිණ සිටි පිරිස විසුරුවා හැරීමට කටයුතු කළ ද දිගින් දිගටම පැමිණි පිරිස නිරෝධායන නීති රීති කඩ කරමින් ඒකරාශී වී සිටින ආකාරයක් දක්නට ලැබුණා.

ධම්මික බණ්ඩාර මහතා විසින් නිෂ්පාදනය කළ මෙම ඖෂධයෙන් කොරෝනා ආසාදනය වූවන් සුව වන බවට මෙතෙක් සායනිකව ඔප්පු වී නැහැ.

එම නිසා එය ලබා ගැනීම සඳහා ඒකරාශී වීමෙන් වළකින ලෙසයි ආරක්ෂක අංශ දැනුම් දෙන්නේ.

නිරෝධායන නීති කඩ කරමින් මෙලෙස ඒකරාශීවීම හරහා කොරෝනා වෛරසය තවදුරටත් ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා ෴

25-12-2020
25-12-2020

++++++++++++++++++++++

ධම්මික බණ්ඩාර කොරෝනා ඖෂධය නිෂ්පාදනය නවතා දමයි..

(26.12.2020 – 22:28 +0530 – lankacnews.com)

කොරෝනා වෛරසය සඳහා ඖෂධයක් නිෂ්පාදනය කළේ යැයි පැවසූ කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා එම ඖෂධ නිෂ්පාදන කටයුත්තෙන් ඉවත්වන බව ප්‍රකාශ කර තිබේ.

දැනටත් එම ඖෂධය නිෂ්පාදන කටයුත්ත සදහා තමන්ට පුද්ගලික රුපියල් ලක්ෂ 20 ක පමණ මුදලක් වැය වී ඇතැයි ද ඔහු සඳහන් කර ඇත.

එවන් තත්වයක් යටතේ තමන් වෙනුවෙන් කිසිවෙකු පෙනී නොසිටින නිසා තමන් මෙම කටයුත්තෙන් ඉවත් වන්නේ යැයි වරකාපොල ප‍්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු මන්ත්‍රීවරුන් සමග ඔහු පවසා ඇත.

කෙසේ නමුත් තමන් ජීවත් වන ගම් ප‍්‍රදේශයේ සියළු දෙනාට එකී ඖෂධය ලබාදීම දෙන බවත් ඉන්පසුව මෙම ඖෂධය නිෂ්පාදන කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දමන බවත් ඔහු සඳහන් කර ඇත.

එනිසා මෙම ඖෂධය සාර්ථක ද නැද්ද යන නිසි ලෙස පරීක්ෂා කිරීමට බලධාරීන් කටයුතු කළ යුතු බවත් සභාපතිවරයා සහ මන්ත‍්‍රීවරුන් මාධ්‍ය අමතමින් කියා සිටියහ.

++++++++++++++++++++

26-12-2020

++++++++++++++++++++++

පැණිය හැදූ ධම්මිකගේ පැටිකිරිය ගැන බැලුම්ගල 2013 දී කළ හෙළිදරව්ව (සම්පූර්ණ වැඩසටහන)

24-12-2020

වඩු බාස් කාළි වරම් ගෙන වෙද මහතා වූ හැටි

24-12-2020

+++++++++++++++++++++

ධම්මික පැණිය බිවු 05 කට කොරෝනා .. පෝලිම්වල පොරකෑ සියල්ලන් අවදානමේ ..

(29.12.2020 – 09:20 +0530 – hirunews.lk/sinhala)

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා හඳුන්වා දුන් කොරෝනා වෛරසය නසන ඖෂධය පානය කළ පස් දෙනෙකුට (5) එම වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

වරකපොල සහ කෑගල්ල ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 05 ක් වූ දරුවකු සහ ඇගේ මව ඇතුළු පස් දෙනෙකු (5) මෙසේ ආසාදිත වී ඇතැයි සංගමය සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසීය.

තමන් එම ඖෂධය පානය කළ බව ඔවුන් විසින් සෞඛ්‍යය නිලධාරීන් සමග තොරතුරු හෙළි කර ඇතැයිද ඒ මහතා සඳහන් කළේය.

අදාල ආසාදිතයන් පස් දෙනා (5) මේ වන විට කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන වලට යොමු කර ඇති බවද ඒ මහතා පැවසීය.

නිරෝධායන නීති නොතකමින් පෝලිම්වල පැය ගණන් පොරකමින් එම ඖෂධය ලබා ගැනීමට යාමෙන් ඉදිරියේදී එම ප්‍රදේශවල වෛරසය තවත් දැඩිව ව්‍යාප්ත වීමේ අවදානමක් තිබෙන බව ද ඒ මහතා කියා සිටියේය.

සෞඛ්‍ය නීති නොතකමින් මෙවන් දේ පසුපස ගොස් ජීවිතය අවදානමක දමා නොගන්නැයි ඉතා ඕනෑකමින් ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඔහු තව දුරටත් පැවසීය ෴

+++++++++++++++++++++

කෑගල්ලේ කොවිඩ් ඔසුව – ආචාර ධර්ම කමිටුවේ තීරණය අද (29) හෝ හෙට (30)

(29.12.2020 – 14:15 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් වෛරසය මර්දනයට නිෂ්පාදනය කළ දේශීය ඖෂධය පිළිබඳව, ආචාර ධර්ම කමිටුවේ තීරණය අද (29) හෝ හෙට (30) ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව ඖෂධ නිෂ්පාදනය සැපයුම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ අනුරාධපුරයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින්ය.

කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙදමහතා අත්හදා බැලූ කොවිඩ් දේශීය ඖෂධය ලබාගන්නා රෝගීන් දින 03 ක් තුල සුව වන බවට වතුපිටිවල රෝහලේ සිදුකළ සායනික පරීක්ෂණ 02 කදී ලබාගත් පී.සී.ආර්. පරීක්ෂණ මගින් තහවුරු වූ බව ‘අද දෙරණ’ රටට අනාවරණය කර මාසයක් ගත වී තිබේ.

මේ වන විටත් එම ඖෂධය ශරීරයට අහිතකර නොවන බව ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුව තහවුරු කර ඇති අතර එම ඖෂධය නිෂ්පාදනය කිරීමටද ධම්මික වෙද මහතාට අවසර දී ඇත.

මේ අතර කොවිඩ් මර්දනයට අත්හදා බැලූ දේශීය ඖෂධ පිළිබඳ පරීක්ෂණවල ප්‍රමාදය ගැන බෞද්ධ තොරතුරු කේන්ද්‍රයේ, විධායක අධ්‍යක්ෂ පූජ්‍ය අඟුලුගල්ලේ සිරි ජිනානන්ද හිමි පවසා සිටියේ, එම පැණිය මඟින් පුද්ගලයෙකුට කිසිදු ශාරීරික හානියක් නොවන බව තහවුරු කර ඇති බවය.

එවන් පසුබිමක එම පරීක්ෂණ වාර්තා තව තවත් ප්‍රමාද කිරීම රට තුළ අනවශ්‍ය ප්‍රශ්න ඇති කිරීමට හේතු වන බව ද උන්වහන්සේ මෙහිදී වැඩිදුරටත් පැවසීය.

මෙම දේශීය ඖෂධ ගැන ‘අද දෙරණ’ සිදුකළ අනාවරණයෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් එහි පරීක්ෂණ කටයුතු වල වගකීම ඖෂධ නිෂ්පාදනය සැපයුම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා යටතට පත්කළ අතර ඔහු අද දින පරීක්ෂණවල ප්‍රගතිය පිලිබඳ කරුණු පැහැදිලි කළේය.

“ඇතැම් අයට මේක ඉක්මනින් කර ගන්න බොහෝම කැමැත්තක් තියෙනවා. ඒ වගේම තවත් කණ්ඩායමක් හිටියා මේක අඩපණ කරන්න. බාධා කරන්න බලාගෙන විවිධ පිරිස් හිටියා. විශේෂයෙන්ම ආගමික මතවාද කරපින්නා ගත් අය වගේම බටහිර විද්‍යාව හා බටහිර වෛද්‍ය විද්‍යාව මේ ලෝකේ තියෙන එකම දැනුම පද්ධතිය මිනිසාට ප්‍රතිකාරයක් කරන්න පුළුවන්. මිනිසාගේ ප්‍රශ්නවලට පිළිතුරක් දෙන්න පුළුවන් එකම දැනුම් පද්ධතිය කියලා හිතපු අය විවිධ ආකාරයේ බලපෑම් කළා. විශේෂයෙන්ම ආගමික විශ්වාසයන්ට ගරහමින් විවිධ ආගම්වල දෙවිවරුන්ට අපහස කරමින් සමාජ මාධ්‍ය යොදා ගෙන මහ ව්‍යාපාරයක් පටන් ගත්තා. ඒ වගේම රටේ සියයට එකකට දෙකකට වඩා නැති ඡන්ද ප්‍රතිශතයක් ඇති අන්තවාදී වාමාංශික දේශපාලන බලවේග මේක දේශපාලනීකරණය කරලා. ඔවුන්ගේ භෞතිකවාදී මතවාද පැලපැදියන් කරන්න උත්සහ කිරීම තුළ මෙවැනි බාධා ඇති වුණේ.”

+++++++++++++++++++++

කොරෝනා පැණිය ගැන සායනික පරීක්ෂණ ආචාර ධර්ම සහතිකයෙන් පසු

(29.12.2020 – 20:41 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය මැඩලීම සඳහා නිෂ්පාදනය කළ කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතාගේ දේශීය ඖෂධය සායනික පරීක්ෂාව සඳහා යොමුකළ හැක්කේ ඊට ආචාර ධර්ම සහතිකය ලැබුණු පසු පමණක් බව දේශීය වෙදකම් ප්‍රවර්ධන, රාජ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

එහි ලේකම් කුමාරි වීරසේකර මහත්මිය හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ අදාළ සහතිකය ඉදිරි දින දෙක තුලදී අමාත්‍යාංශය වෙත ලැබීමට නියමිත බවයි.

දේශීය වෙදකම් ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ආචාර ධර්ම කමිටුව විසින් එම ඖෂධයට අදාළ ආචාර ධර්ම සහතිකය ලබා ගැනීම සඳහා මේ වනවිට රජරට විශ්වවිද්‍යාලය වෙත යොමුකර තිබෙනවා.

මෙය දේශීය ඖෂධයක් බැවින් ආචාරධර්ම සහතිකයට පෙර එය දේශීය ඖෂධයක් ලෙස ලියාපදිංචි කිරීමට ද පියවර ගැණුනා.

ඒ එහි මිනිස් සිරුරට අහිතකර ද්‍රව්‍ය අඩංගු නොවන බව සහතික කර ගැනීමෙන් පසුවයි.

කෙසේ වෙතත්, ආචාර ධර්ම සහතිකය ලැබෙනතුරු එය ජනතා භාවිතයට නිර්දේශ කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා සායනික පරීක්ෂණ වෙත යොමු කිරීමට හැකියාවක් නොමැති බව ලේකම්වරිය වැඩිදුරටත් ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, මෙම ඖෂධය පානය කිරීමෙන් පසු කොරෝනා වෛරසය ආසාදනය වූ 5 දෙනෙකු කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති බවට ද වාර්තා වුණා.

නෙලුම්දෙණිය – ඔත්නාපිටිය ප්‍රදේශයේ කාන්තාවකට, මෙම ඖෂධය පානය කළ ද කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

ඇගේ මව ද මේ වනවිට රෝහල් ගත කර ඇති අතර, ඇයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්දැයි මෙතෙක් තහවුරු වී නැහැ.

මේ අතර කොවිඩ් රෝගීන් වෙනුවෙන් තමන් සකස් කළ ඖෂධයට මෙරට බටහිර වෛද්‍යවරුන් අකුල් හෙලමින් සිටින බව කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා පවසන්නේ.

+++++++++++++++++++++

කෑගල්ලේ ධම්මික වෙද මහතා අතට පත්වූ පර්යේෂණ වාර්තාව

(29.12.2020 – 22:05 +0530 – hirunews.lk/sinhala)

අද (29) කෑගල්ලේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා තම ඖෂධය පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සිදුකළ මෙතෙක් එළිනොදැක්වූ පරීක්ෂණ වාර්තාවක් මාධ්‍ය වෙත ඉදිරිපත් කළේය.

ධම්මික බණ්ඩාර වෙදමහතා අත්හදා බැලූ කොවිඩ් දේශීය ඖෂධය ලබාගන්නා රෝගීන් දින 03 ක් තුළ සුව වන බවට වතුපිටිවල රෝහලේ සිදුකළ සායනික පරීක්ෂණ 02 කදී ලබාගත් පී.සී.ආර්. පරීක්ෂණ මගින් තහවුරු වූ බව ‘අද දෙරණ’ රටට අනාවරණය කර මාසයක් ගත වේ.

මේ වන විටත් එම ඖෂධය ශරීරයට අහිතකර නොවන බව ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුව තහවුරු කර ඇති අතර එම ඖෂධය නිශ්පාදනය කිරීමටද ධම්මික වෙදමහතාට අවසර දී තිබේ.

එවන් පසුබිමක ඊයේ (28) ජාතික පුවත්පතක් මෙම ඖෂධය ලබාගත් කාන්තාවකට කොවිඩ් වෛරසය වැළඳී ඇති බව වාර්තා කළේය.

අද (29) දින එම කාන්තාවගේ පියා ඒ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත කරුණු පැහැදිලි කළේය.

කොවිඩ් වැළඳුනු කාන්තාවගේ පියා : “එක පාරක් බිව්වා ඊට පස්සේ ආය බිව්වේ නෑ. ආය ඊට පස්සේ නම් අපි එක දිගට ඔක්කෝමලා බිව්වා. අපිට තාම හරියට කියලා නෑ. දුවට නම් රිපෝට් එකක් තියෙනවා. අපි නම් ඔක්කෝම බිව්වා අපිට තාම දැනගන්න නෑ.”

මේ අතර රාජ්‍ය මට්ටමින් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා පත්කළ මහාචාර්ය කමිටුව සිදුකරගෙන යන පරීක්ෂණ දිගින් දිගටම ප්‍රමාද වීම සම්බන්ධයෙන් ධම්මික බණ්ඩාර වෙදමහතාද අද (29) මාධ්‍ය හමුවක් පවත්වමින් මෙලෙස අදහස් පලකළේය.

“අපි විද්‍යාත්මකව සොයාගත් දෙයක් තියෙනවා. මේකේ තියෙනවා මේ බෙහෙත ගැන සම්පූර්ණ විස්තරයක්. මේ පරීක්ෂණය කරලා තියෙන්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන්. මේක අපි එළියට දෙන්නේ නෑ මාධ්‍යයට. මොකද එතුමන්ලා ඉල්ලීමක් කරලා තියෙනවා මේක තව ටික දවසකින් දෙමු රජයෙන් හොයන්න දුන්න දේ හෙව්වට පස්සේ කියලා. මේකට මඩ ගහන්න එපා. මඩ ගහලා හිංසා පීඩා කරන්න එපා. නිලධාරීන් ලවා මගේ දරුවෝ ගෙන ගිහින් නිරෝධායනය කරන්න එපා. බටහිර වෛද්‍යවරු මේකට අකමැතියි. ඒක තමයි මම දකින්නේ සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී තමයි මේක කරන්නේ කියන එක මට දැන් හැඟී යනවා. මම එයාලට දෝෂයක් කියනවා නෙමෙයි. හැබැයි අපි ඒ අයගෙන් පහළ මට්ටමේ අයගෙන් ඇහුවහම කියන්නේ අපිට කරන්න දෙයක් නෑ. ඉහළ අය දෙන නියෝග තමයි අපි පිළිපඳින්නේ කියලා.”

කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා නිෂ්පාදනය කළ කොවිඩ් වෛරසයට එරෙහි ඖෂධය පිළිබඳ සායනික පරීක්ෂණ සඳහා ආචාර ධර්ම කමිටුවේ තීරණය අද (29) හෝ හෙට (30) ලැබෙනු ඇතැයි ඖෂධ නිෂ්පාදනය සැපයුම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

මෙම දේශීය ඖෂධ ගැන ‘අද දෙරණ’ සිදුකළ අනාවරණයෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් එහි පරීක්ෂණ කටයුතුවල වගකීම ඖෂධ නිෂ්පාදනය සැපයුම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා යටතට පත්කළේය.

+++++++++++++++++++++

සමහර සෞඛ්‍ය බලධාරීන් මට මඩ ගහනවා කෙනහිලිකම් කරනවා… – කෑගල්ලේ ධම්මික බණ්ඩාර කියයි

(31.12.2020 – divaina.com)

“මෙම බෙහෙත දිව්‍ය වරමකින් ලබා දුන්න බෙහෙතක්. මෙයින් රෝගීන් දසදහසක් සුවවෙලා තිබෙනවා. මෑතකදී සිට මාධ්‍යයෙන් හා සමහර සෞඛ්‍ය බලධාරීන් මට මඩ ගහනවා, කෙනහිලිකම් කරනවා. අගෞරව කරනවා. මෙම බෙහෙත බිව් අයට කොරෝනා හැදිලා කියා වාර්තා පළකර තිබුණා. ඒක අමූලික බොරුවක්.

ඔවුන් බෙහෙත් හරියට පාවිච්චි කර නැහැ. ඵක වේලයි බීලා තිබෙන්නේ. එහෙම රෝග සුව වෙන්නේ නැහැ. මම ඉතාමත් කරුණාවෙන්, ගෞරවයෙන් ඉල්ලා සිටිනවා විද්‍යුත්, පුවත්පත් හා සමාජ මාධ්‍යවලින් මේ මඩ ගැහිල්ල නතර කරලා රෝගීන් සුවපත් කීරීමට උදව් වෙන්න කියලා” යැයි කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් පැවසීය.

මෙහිදී වැඩිදුරටත් කරුණු ගෙන හැර පෑ ධම්මික බණ්ඩාර මහතා :

“මෙම රෝගයට බෙහෙතක් කිසි කෙනෙකුට සොයා ගන්න බැරි අවස්ථාවකදී මම මෙම බෙහෙත් ලබාගත්තේ ‘ශී‍්‍ර භද්‍රකාලී දේවමෑණියන්’ වෙතින්. මේ සඳහා පළමුවෙන්ම මෙහි ගෞරවය දක්වන්න ඕන භද්‍රකාලී මෑණියන්ට. දේව මෑණියෝ තමයි මේ බෙහෙත් දුන්නේ. මේ බෙහෙත හැදුවේ මුළු ලෝකයාම මෙම වෛරසයෙන් මුදවා ගන්න. අවුරුද්ද මුලදීමයි හැදුවේ. එහෙම හදලා මේ රටේ බොහෝදෙනකුට දුන්නා. ඉහළ මට්ටමේ සිට රජයේ හැම දෙනාටම දුන්නා. පොලිසිය ත‍්‍රිවිධ හමුදාව ආදී සියලුදෙනාටම දුන්නා. ඒ අය නිරෝගී වුණා. හොඳ බෙහෙතක් කියලා කිව්වා.

නමුත් ටික කාලයක සිට නොයෙක් හිරිහැර, කම්කටොලුකම් කරනවා. මගේ ළඟ ඉන්න ළමයි නිරෝධායනය කරන්න හදනවා. කිසිම හේතුවක් නැහැ. මම ගෞරවයෙන් ඉල්ලනවා මට හිරිහැර කරන්න ඵපා. මම මේ බෙහෙත් ඖෂධය හැදුවේ මේ රට විතරක් නොවේ, මුළු ලෝකයම බේරා ගන්න. කොවිඩ් වසංගතයෙන් බේරාගන්න. බෙහෙත පරීක්‍ෂණ කරලා රෝගය හැදුන අයට දීලා නිරෝගී කරගත්තා. අපේ රටට විදේශ විනිමය ගෙන්න ගන්න පුළුවන්. බේත්වලට ගෞරව කරන්න. මම සිතනවා සමහර විට බටහිර වෛද්‍යවරු මේකට අකැමැති කියලා. සෞඛ්‍ය නිලධාරීන් තමයි මේක කරන්නේ. විශේෂයෙන් පහල මට්ටමේ අයගෙන් අහපුවම කියන්නේ ඉහළින් එන අණ නිසා අපිට මොකුත් කරන්න බැහැ කියලා.

මෑතකදී ඔත්නාපිටිය ගමේ රෝගියෙක් ගැන පුවත්පතක පළවුණා. මෙම බෙහෙත බිව්වට පසු ඵ් කාන්තාවට කොරෝනා රෝගය හැදුනා කියලා වෛද්‍ය නිලධාරියෙක් කියා තිබුණා. ඵතුමගෙන් මම අහනවා සොයා බලලද මෙම ප‍්‍රකාශය කළේ කියා. අපි බෙහෙත් ගමට දීලා තිබෙන්නේ පසුගිය 25 වැනිදා. ඒකට හේතුව බෙහෙත් දෙන්න විදියක් තිබුණේ නැහැ. මෙම රෝගියා රෝගී වුණේ කවද්ද දන්නේ නැහැ. මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා – මෙම නිලධාරීන්ටත් මාධ්‍යයටත් මම කියනවා හරි ගවේෂණයක් කරන්න හරියට තොරතුරු දැන ගන්න කියලා. නිකම් මඩ ගහන්න එපා කියලා.

ඵම නිසා මෙම බෙහෙත දුප්පත් අයට බෙදාදෙන්න වැඩපිළිවෙලක් ඇති කරන්න. මෙම බෙහෙත හැදුවේ තනි කැමැත්තට. ඊට පස්සේ රජයේ අනුමැතිය ලැබුණා. රටේ ඉහළ අය කීවා බෙහෙත හදලා කිසි ප‍්‍රශ්නයක් නැතිව දෙන්න කියලා. මාධ්‍ය මේවා නොදැන තමයි කටයුතු කරන්නේ.

අනුරාධපුර අටමස්ථානාධිපති නායක හිමියන් ඉදිරියේ කළ කතාවේ මුල ටික දැම්මා. අග ටික දැම්මේ නැහැ. ඒ ටිකත් දමන්න. අති උතුම් සිරිමාබෝධීන් වහන්සේට පැණි වක්කරන්න ගියේ නැහැ. කෙන්ඩියක දමලා ගෙනැවිත් පාත්තරයක දමාලා පූජා කරන්න කටයුතු කළේ. ඒ විදියට රුවන්මැලි සෑයටත් පුජා කළා. මේ වනවිටත් ආරංචියක් තිබෙනවා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පත්කළ කමිටුව බෙහෙත නිර්දේශ කළා කියා. ඵය සියලු මාධ්‍යවලට දැන ගන්නට ලැබෙයි.

මේ සඳහා කෑගල්ල සෞඛ්‍ය නිලධාරීන් සමඟ සමහර අය මේ සඳහා විරුද්ධයි. ගමට බෙහෙත් දෙන්න ග‍්‍රාම නිලධාරිගෙන් නාම ලැයිස්තු ඉල්ලුවම දෙන්න බැහැ කියනවා. ඇයි කියලා අහපුවම ඉහළ නිලධාරීන් දෙන්න ඵපා කියලා තියෙනවලු. මාධ්‍යකරුවන් තමයි දන්නේ මගේ අම්ම තාත්තා ගැන. ඒ තරමටම මට නින්දා අපහාස කරනවා. මම වඩු බාස්කෙනෙක් කියනවා, මේසෙන් බාස් කෙනෙක් කියනවා. එහෙම වෙන්න පුලුවන්. පාර අතුගාන කම්කරුවෙක් වුණත් වෙන්න පුළුවන්. මම දේව වරමකින් සොයා ගත්ත බෙහෙතක්. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මෙම බෙහෙත ගැන පර්යේෂණ කළා. එම වාර්තා තිබෙනවා. අපි කිසිම තැනක බොරුවක් කරලා නැහැ. ඔය මඩ ගහන අය ඔය බේත් බීලා ඉන්නේ. ඵම නිසා මඩ ගහන්න එපා. මාව අපහසුතාවට පත්කරන්න එපා.

මෙතනදී මම ඵක ඉල්ලීමක් කරනවා ජනාධිපතිතුමා ඇතුළු රජයෙන්, ආරක්ෂක අංශවලින්, මාධ්‍යවලින්. මේකට කෙනහිලිකම් කරන්නේ නැතිව දුප්පත් මහජනතාව වෙත බෙදාහැරීම සඳහා මැදිහත්වන්න කියලා. එසේම රාජ්‍ය අනුග‍්‍රහය දීලා මෙම බෙහෙත සාදාගැනීමට යන පිරිවැය ලබාදීමට කටයුතු කරන්න. සියලු දෙනාටම නිදුක් නිරෝගී සුවය පතනවා.”

මෙම පැණිය බිව්වායින් පසු කොරෝනා රෝගය වැළදී දැනට ප‍්‍රතිකාර ලබන නිවසේ අයිතිකරු වන ඔත්නාපිටියේ පී. ඒ. නිමලසුරිය මහතාගේ නිවසට යන විටත් මුලූ පවුලම නිරෝධායන කර දැන්වීම් අලවා තිබුණා.

නිමලසිරි මහතා පැවසුයේ අපි සියලුදෙනාම මෙම බෙහෙත බිව්වා. අපිට නම් මෙතෙක් අසනීපයක් නැහැ. බිරිඳ වරකාපොල රෝහලේ අධි රුධිර පීඩනය සඳහා ඇතුළත්ව සිටිනවා. දුවට කොරෝනා හැදිලා කියලා කිව්වා. ඵයා මේ බෙහෙත හරියට බිව්වේ නැහැ. ඵක වරුවයි බීලා තිබෙන්නේ. ඵයා පාන්දර වැඩට යනවා. හවස් වෙලාඑන්නේ. ආයෙ පසුදා යනවා. හරියට බෙහෙත් ටික බොන්න බැරි වුණා. පුතාලා අපි හරියට බිව්වා. දුව නාරම්මල ප‍්‍රතිකාර ලබනවා යැයි පැවසීය.

කෑගල්ල – ඵම්. බී. පහලවත්ත

+++++++++++++++++++++++++++++++++++

වෛද්‍ය ධම්මික බණ්ඩාරයන්ගේ කොවිඩ් මර්දන හෙළ ඔසුව : පිටුව [3]

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • ධනපාල බාසුන්නැහේ මහතා ඉදිරිපත් කලේ කාලි අම්මාගෙන් අසාගත් වට්ටෝරුවක්නෙ, ඉතින් වෛද්‍ය කාලි අම්මා යනුවෙන් නිවැරදි වියයුතුයි නේද​? දොස්තර මහත්තයාගෙන් බෙහෙත අසා තුන්ඩුව ලියන කෙනාට දොස්තර කියන්නෙ නැහැනේ.

MARAYA වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *