කොරෝනා වසංගතයෙන් පසු විදෙස් සංචාරකයින් දිවයිනට පැමිණීම අදින් (28) ඇරඹේ

කොරෝනා වසංගතයෙන් පසු විදෙස් සංචාරකයින් දිවයිනට පැමිණීම අදින් (28) ඇරඹේ

*********************************************

කොරෝනා වසංගතයෙන් පසු විදෙස් සංචාරකයින් දිවයිනට පැමිණීම අදින් (28) ඇරඹේ

(28.12.2020 – 13:01 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතයෙන් පසු ශ්‍රී ලංකාව විදේශීය සංචාරකයන් සඳහා නැවත විවෘත කිරීමේ නියමු ව්‍යාපෘතිය යටතේ පළමු ගුවන් යානය මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත අද (28) පස්වරුවේ පැමිණෙනවා.

යුක්රේනයේ සිට සංචාරකයින් 180 කට වැඩි පිරිසක් රැගත් මගී ගුවන් යානයක් මෙලෙස දිවයිනට පැමිණීමට නියමිතයි.

මේ අනුව මෙම ව්‍යාපෘතිය යටතේ සැලසුම් කළ පරිදි දිවයිනට ඉදිරියේදී සංචාරකයින් රැගත් ගුවන් යානා පැමිණෙනු ඇති.

විශේෂ ක්‍රමවේදයකට යටත්ව සංචාරකයින් දිවයිනට ගෙන්වා ගැනීමේ නියමු ව්‍යාපෘතිය සැලසුම් කර ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටියේ.

කොරෝනා වසංගත තත්ත්වය නිසා විදේශීය සංචාරකයන් සඳහා වසා දමා තිබූ මෙරට ගුවන්තොටුපල මාස 9 කට පසු යළි විවෘත කරමින් පළමු සංචාරකයින් පිරිස අද (28) පස්වරුවේ දිවයිනට පැමිණියා.

ඒ අනුව, යුක්රේනයේ සිට 185 දෙනෙකු එලෙස මත්තල ගුවන්තොටුපල වෙත පැමිණි බවයි ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ.

එම පිරිස පැමිණ ඇත්තේ ‘ස්කයි අප්’ ගුවන් සේවයට අයත් පී.කියු. 555 දරණ විශේෂ යානයෙන් ෴

++++++++++++++++++

නව ආසාදිතයින් 674 දෙනාගෙන්, 174 ක් කොළඹ දිස්ත්‍රික්කයෙන්

(28.12.2020 – 10:57 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (27) දිනයේ වාර්තා වූ නව කොරෝනා ආසාදිතයින් 674 දෙනාගෙන් 174 දෙනෙකුම කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

එම ආසාදිතයින්ගෙන් 26 දෙනෙකු අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර, මරදාන ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 20 දෙනෙකු වාර්තා වී ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

එමෙන්ම, ඊයේ (27) දිනයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 153 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 110 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

(28.12.2020 – 13:05 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 11 කදී පසුගිය 18 වැනිදා සිට ආරම්භ කළ ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ තවදුරටත් ක්‍රියාත්මකයි.

ඒ සම්බන්ධයෙන් සහ උත්සව සමය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ උත්සව සමයේ සාද හැකිතාක් පවුලේ සාමාජිකයින්ට පමණක් සීමා කරන ලෙසයි.

එමෙන්ම, අද (28) උදෑසන 5 සිට වේල්ලවීදිය, කෙසෙල්වත්ත සහ මරදාන පොලිස් වසම්වල හුදකලාභාවය දින 50 කට පසු ඉවත් කෙරුණා.

එමෙන්ම, කොම්පඤ්ඤවීදියේ වෑකන්ද සහ හුණුපිටිය ග්‍රාමසේවා වසම, වැල්ලවත්තේ – මයුර පෙදෙස, බොරැල්ලේ – හල්ගහවත්ත සහ කාලිපුල්ලවත්ත මෙන්ම වැල්ලම්පිටියේ, ලක්සඳ සෙවණ නිවාස යෝජනා ක්‍රමයද මෙලෙස හුදකලාභාවයෙන් අද ඉවත් කිරීමට පියවර ගත්තා.

ඊයේ (27) මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 674 දෙනාගෙන් 174 දෙනෙකුම කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.

එම ආසාදිතයින්ගෙන් 26 දෙනෙකු අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර, මරදාන ප්‍රදේශයෙන් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 20 ක්.

එමෙන්ම, ඊයේ (27) දිනයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 153 දෙනෙකු සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 110 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

ඒ අනුව කොරෝනා දෙවන රැල්ල වාර්තා වූ ඔක්තෝම්බර් මස 04 වැනිදා සිට මේ දක්වා ගතවූ කාලය තුළ වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 36,097 ක්.

මේ අතර, කොරෝනා ආසාදනය වී ජීවිතක්ෂයට පත්වන පුද්ගලයින්ගේ මෘතදේහ ආදාහනයට අමතරව භූමදානය කිරීමේ හැකියාවක් තිබේද යන්න මතයක් ලබාදීම සඳහා පත්කළ විශේෂඥ කමිටුවේ වාර්තාව නුදුරේදීම සෞඛ්‍ය ලේකම්වරයාට භාරදෙනු ඇතැයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළා ෴

++++++++++++++++++++++

(28.12.2020 – 10:36 +0530 – hirunews.lk/sinhala)

දකුණු අප්‍රිකාව, එංගලන්තය ඇතුළු ලෝකයේ රටවල් රැසක දැන් සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා වෛරස් ප්‍රභේදය මර්දනය කිරීමට ද ඔක්ස්ෆර්ඩ් – ඇස්ට්‍රාසෙනෙකා එන්නත සමත් වන බව එම ඖෂධ සමාගමේ ප්‍රධානියා පවසනවා.

ඇස්ට්‍රාසෙනෙකා ප්‍රධානී පැස්කල් සෝරියට් කියා සිටියේ සිය එන්නත තරඟකාරි අනෙකුත් එන්නත් වලට සමාන සඵලතාවක් ඉදිරියේදී පෙන්නුම් කරනු ඇති බවයි.

ඔක්ස්ෆර්ඩ් එන්නතේ මූලික පරීක්ෂණවලදී අනාවරණ වූයේ එය සියයට 70 ක සඵලතාවකින් යුක්ත වන බවයි.

එහෙත්, ෆයිසර් – බයෝඑන්ටෙක් සහ මොඩර්නා එන්නත් සියයට 95 කට ආසන්න සඵලතාවක් පෙන්නුම් කළා.

ඇස්ට්‍රාසෙනෙකා ප්‍රධානියා සඳහන් කරන පරිදි පූර්ණ අධ්‍යයන වලින් පසු ඔක්ස්ෆර්ඩ් එන්නත ද ඊට සමාන සඵලතාවක් අත්කර ගනු ඇති.

එමෙන්ම, එය දරුණු කොරෝනා වෛරස් ආසාදනයට එරෙහිව සියයට සියයක රැකවරණයක් ලබාදෙන බවයි පැස්කල් සෝරියට් කියා සිටියේ ෴

+++++++++++++++++++++

(28.12.2020 – 11:20 +0530 – hirunews.lk/sinhala)

මුඛ ආවරණ පැළදීම සහ සමාජ දුරස්ථභාවය තබා ගැනීම යන නිරෝධායන නීති උල්ලංගණය කළ තවත් 39 දෙනෙකු අද (28) පෙරවරු 06:00 න් අවසන් වූ ගත වූ පැය 24 තුළ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව අදාළ නිරෝධායන නීති ක්‍රියාත්මක වීම ආරම්භ වූ ඔක්තෝම්බර් 30 වනදා සිට මේ දක්වා එම චෝදනාවට පුද්ගලයින් 1899 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ෴

++++++++++++++++++++

(28.12.2020 – 13:10 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාර ආශ්‍රිතව නව කොරෝනා ආසාදිතයින් 54 දෙනෙකු හඳුනාගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

එම ආසාදිතයින් සියලුදෙනාම පිරිමි රැඳවියන් බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

ඒ අනුව බන්ධනාගාර ආශ්‍රිතව හඳුනාගත් මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 3909 ක් වන අතර, ඉන් 3117 දෙනෙකු සුවය ලබා තිබෙනවා ෴

++++++++++++++++++++++

(28.12.2020 – 13:11 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතව ජීවිතක්ෂයට පත්වන සියලුදෙනාගේ දේහයන් ආදාහනය කරන ලෙස ඉල්ලා ජාතික භික්ෂු සංවිධාන අද (28) ජනාධිපති කාර්යාලය ඉදිරිපිටදී විරෝධතාවක නිරත වුණා.

එහිදී ඔවුන් ඊට අදාළව තොරතුරු ඇතුළත් සංදේශයක්, ඒ මොහොතේ වෙනත් සාකච්ඡාවක් සඳහා ජනාධිපති කාර්යාලයට පැමිණි සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට භාරදීමටයි කටයුතු කළේ.

මෙම විරෝධතාව සඳහා ජාතික සංවිධාන සම්මේලනය, සිංහල රාවය, ජාතික සංවිධාන එකමුතුව, සිංහලේ අපි, සිංහලේ හා බෞද්ධ තොරතුරු කේන්ද්‍රය ඇතුළු සංවිධාන කිහිපයක් එක්ව සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

කෙසේ වෙතත්, විරෝධතාව අතරතුර, විරෝධතාවයේ නිරත භික්ෂුන් වහන්සේ සහ ජනාධිපති කාර්යාලයේ ආරක්ෂාවට සිටි නිලධාරින් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවුණා.

පසුව, සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය එම ස්ථානයට පැමිණි අතර, එහිදී විරෝධතාවයේ නිරත භික්ෂුන් වහන්සේ අමාත්‍යවරිය වෙත සංදේශයක් භාර දෙනු ලැබුවා.

මේ අතර, කොරෝනා හේතුවෙන් මියයන පුද්ගලයින් භූමදානය කිරීමට යම් කොන්දේසිවලට යටත්ව ඉඩදිය යුතු බව ශ්‍රී ලංකා අමරපුර සහ රාමඤ්ඤ, සාමග්‍රි මහා සංඝ සභාවේ අන්තර් ආගමික සබඳතා අනුකමිටුව ජනාධිපතිවරයා වෙත ලිඛිතව පෙන්වා දී තිබෙනවා.

++++++++++++++++++++++

(28.12.2020 – 14:03 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ්-19 වසංගතය හමුවේ සෞඛ්‍යාරක්ෂාව රැක ගැනීම වෙනුවෙන් හඳුන්වා දුන් නව නිර්මාණ පිළිබඳ විවිධ අවස්ථාවලදී අපට වාර්තා වුණා.

ලොකු කුඩා භේදයකින් තොරව නිර්මාණකරුවන් විවිධ අත්හදා බැලීම් සිදුකර තිබුණේ විවිධ පරාසයන් යටතේයි.

මේ එවැනි තවත් සුවිශේෂී නිර්මාණකරුවෙකු පිළිබඳව අනාවරණයක්.

+++++++++++++++++++++

(28.12.2020 – 14:15 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදිතයන් වාර්තා වූ හැටන් – වටවල ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවෙන් තවත් ආසාදිතයින් 18 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව, එහි කොරෝනා වෛරසය ආසාදනය වූ මුළු සේවකයින් සංඛ්‍යාව 50 ක් වන අතර, මේ වනවිට එය වසා දමා ඇති බවයි අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කළේ.

එමෙන්ම, පූගොඩ – කුමාරිමුල්ල ගම්මානයේ තවත් කොරෝනා ආසාදිතයින් 34 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, එම ගම්මානයෙන් වාර්තා වී ඇති මුළු ආසාදිතයින් සංඛ්‍යාව 70 ක් දක්වා ඉහළ ගොස් ඇති බව දොම්පේ ප්‍රදේශය භාර පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩබ්ලිව්.ඒ. බණ්ඩාරනායක මහතා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා ෴

+++++++++++++++++++++

(28.12.2020 – 15:34 +0530 – hirunews.lk/sinhala)

අද දින (28) ධාවනයට යොදවා තිබූ දුම්රිය ප්‍රමාණය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් අමතර දුම්රිය ගමන්වාර කිහිපයක් අද (28) පස්වරුවේ ධාවනයේ යෙදවීමට තීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය නිවේදනය කළේ ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන්වාර දෙකක් (2), මුහුදු බඩ මාර්ගයේ ගමන්වාර දෙකක් (2) සහ කැළණිවැලි මාර්ගයේ දුම්රිය වාරයක් (1) මෙලෙස ධාවනයට යොදවා ඇති බවයි.

ඒ අනුව, ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන්වාර දෙක (2) පස්වරු 4 ට කොළඹ කොටුවේ සිට පොල්ගහවෙල හන්දිය දක්වාත්, පස්වරු 06:10 ට පොල්ගහවෙල හන්දියේ සිට කොළඹ කොටුව දක්වාත් මන්දගාමී දුම්රියන් ලෙස ධාවනය කෙරෙනවා.

මුහුදුබඩ මාර්ගයේ මරදානේ සිට පස්වරු 04:15 ට දකුණු කළුතර දක්වාත්, පස්වරු 05:45 ට දකුණු කළුතර සිට මරදාන දක්වාත්, මන්දගාමී දුම්රියන් ලෙස ධාවනය කෙරෙනු ඇති.

මීට අමතරව, කැළණිවැලි දුම්රිය මාර්ගයේ පස්වරු 5 ට කොළඹ කොටුවේ සිට පාදුක්ක දක්වා මන්දගාමී දුම්රියක් ධාවනය කෙරෙන බවයි දුම්රිය ස්ථානාධිපති සංගමය වැඩිදුරටත් නිවේදනය කළේ ෴

+++++++++++++++++++

(28.12.2020 – 16:17 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ආසාදනය වී සිටි තවත් පුද්ගලයන් 520 දෙනෙකු අද (28) දිනයේ සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ මෙරට සමස්ත සුවය ලැබූ සංඛ්‍යාව 33,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.

ඒ අනුව, මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 33,221 ක් ලෙස සටහන් වන බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 7642 ක් වන අතර, මෙරටින් මේ දක්වා වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 41,054 ක් ෴

=========================================

(28.12.2020 – 12:25 +0530 – hirunews.lk/sinhala)

වලපනේ සිට කොළඹ දක්වා ධාවනය වූ ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන ඇළ මාර්ගයකට පෙරලීමෙන් එහි රියදුරු සහ රිය සහයකයා බරපතල තුවාල ලබා තිබෙනවා.

අද (28) උදෑසන මෙම අනතුර සිදුව ඇත්තේ හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන, පිටවල ප්‍රදේශයේදීයි.

ගිනිගත්හේන පොලිසිය පැවසුවේ අනතුරෙන් බරපතල තත්ත්වයේ පසුවූ රියදුරු සහ එහි සහායක නාවලපිටිය මහ රෝහලට ඇතුළත් කර බවයි.

අධික වේගයෙන් ධාවනය වි ඇති ලොරි රථය එහි වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුර සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලිසිය පරික්ෂණ පවත්වනවා.

%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%9A+%E0%B7%80%E0%B7%9A%E0%B6%9C%E0%B6%BA+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B7%85+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29

***************************************

(28.12.2020 – 12:46 +0530 – hirunews.lk/sinhala)

රියදුරු බලපත්‍ර මුද්‍රණය එළඹෙන පළමු වනදා සිට ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ක්‍රියාත්මක කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා පවසනවා.

වසර 11 ක් පුරාවට දකුණු අප්‍රිකානු සමාගමක් විසින් මෙරට රියදුරු බලපත්‍ර මුද්‍රණය සිදු කරනු ලැබුවා.

නව රජය බලයට පැමිණීමෙන් පසු එම ගිවිසුම අවලංගු කිරීමට තීරණයක් ගත අතර ඒ අනුව එම කාර්ය ශ්‍රී ලංකා යුද හමුදාවට පැවරීමටයි තීරණය කළේ.

එමඟින් විදෙස් සමාගමක් වෙත ගිය විශාල මුදලක් මෙරට තුල ඉතිරිකර ගැනීමට හැකියාව ලැබෙනවා.

මසකට නව රියදුරු බලපත්‍ර 60,000 – 90,000 අතර ප්‍රමාණයක් නිකුත් කරන බවයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා සඳහන් කළේ ෴

***************************************

(28.12.2020 – 13:42 +0530 – hirunews.lk/sinhala)

වායුගෝලයේ කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

මේ අතර ගතවුණු පැය 24 ක කාලය තුළ වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී තිබුණේ බදුල්ල දිස්ත්‍රික්කයෙන්.

***************************************

(28.12.2020 – 13:59 +0530 – hirunews.lk/sinhala)

පසුගිය වසරට අදාළව අධ්‍යාපන අමාත්‍යංශයට වෙන් කළ මුදලින් රුපියල් බිලියන 10 කට ආසන්න මුදලක් භාවිතා කර නොමැති බව 2019 වසරට අදාළ විගණකාධිපති වාර්තාවෙන් හෙළිව තිබෙනවා.

එමෙන්ම දිවයිනේ ක්‍රීඩා පාසල් 22 ක්‍රියාත්මක නොවූ බවද එම වාර්තාව අනාවරණය කරනවා.

***************************************

(28.12.2020 – 16:27 +0530 – hirunews.lk/sinhala)

අද (28) රාත්‍රියේ මධ්‍යම සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අද (28) පස්වරු 4 ට ඉදිරි පැය 36 සඳහා නිකුත්කරන ලද කාලගුණ නිවේදනයේ සඳහන් වන්නේ සබරගමුව සහ බස්නාහිර පළාත් වලත් ගාල්ල සහා මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

උතුරු, නැගෙනහිර, උතුරු මැද, මධ්‍යම සහ වයඹ පළාත්වලත් බදුල්ල දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

මේ අතර හෙට (29) දිනයේ නැගෙනහිර උතුරු මැද සහ ඌව පළාත්වලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එහි සඳහන් වන්නේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ෴

***************************************

පොලිස් මෙහෙයුමක් අතරතුර ඇතිවූ සිද්ධියකින් සැකකරුවෙක් මරුට

(28.12.2020 – 07:29 +0530 – sinhala.adaderana.lk)

පොලීසිය විසින් සිදුකළ විශේෂ මෙහෙයුමකදී වේයන්ගොඩ ප්‍රදේශයේ සිදුවූ මංකොල්ලකෑම් කිහිපයකට සම්බන්ධ පුද්ගලයෙකු මියගොස් ඇතිබව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

“පෑලියගොඩ බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය මගින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබුණා. ඉකුත් 19 වනදා වේයන්ගොඩ මාලිගාතැන්න ප්‍රදේශයේදී පුද්ගලයෙකුගේ අත් පා වෙන් වන ආකාරයට කපා මනුෂ්‍ය ඝාතනයකට තැත් කිරීමක් සම්බන්ධයෙන්. ඔහු මංකොල්ලකෑම් කිහිපයකටත් සම්බන්ධ සැකකරුවෙක්. එම සැකකරු වේයන්ගොඩ බාඳුරාගොඩ ප්‍රදේශයේ පදිංචි නිශාන්ත කුමාරසිරි නැමැති 37 හැවිරිදි පුද්ගලයෙක්. අද (28) අලුයම මෙම සැකකරු සමග යම් මෙහෙයුමක් සඳහා පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් වේයන්ගොඩ පොලිස් වසමේ හල්ගම්පිටිය ප්‍රදේශයට ගොස් තිබෙනවා. එහිදී ඇති වූ සිද්ධියකදී මෙම සැකකරු රෝහල්ගත කිරීමකදී මියගොස් ඇති බවට වාර්තා වුණා. මෙම සැකකරු විසින් කළ ක්‍රියාවක ප්‍රතිඵලයක් ලෙස පොලිස් නිලධාරියෙක් තුවාල ලැබුවා.” යනුවෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

සිද්ධිය පිළිබඳව වැඩිදුරටත් තොරතුරු වාර්තා වී ඇති පරිදි, ගංජා ජාවාරම පිළිබඳව පොලීසියට තොරතුරු දුන් සිවිල් පුද්ගලයෙකුගේ දෑත් දෙපා කැපූ මෙම සැකකරු පොලිස් වෙඩිපහරින් මරණයට පත්වී තිබේ.

අදාළ සැකකරුට ගම්පහ මහාධිකරණයේ නඩු 2 ක්, මාරවිල මහාධිකරණයේ නඩුවක්, ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් විහාග වෙමින් පවතින බවද වාර්තා වේ.

https://www.youtube.com/watch?v=3ly4MR-ItDc#t=5

++++++++++++++++++

ආයුධ පෙන්නන්න යද්දී අද (28) මියගිය කැලි කපා මිනීමරන වේයන්ගොඩ නිශාන්තගේ පැටිකිරිය

(28.12.2020 – gossiplankanews.com)

වේයන්ගොඩ ප්‍රදේශයේදී සැඟවූ ආයුධ පෙන්වන්න යාමකදී අද (28) උදේ පොලිස් වෙඩි පහරින් සැකකරුවෙකු මියගියේය. ඉකුත් 19 වනදා වේයන්ගොඩ මාලිගාතැන්න ප්‍රදේශයේදී පුද්ගලයෙකුගේ අත් පා වෙන් වන ආකාරයට කපා මනුෂ්‍ය ඝාතනයකට තැත් කළ අයෙකු මෙලෙස මියගිය අතර පොලිසිය පැවසුවේ ‘නිශාන්ත කුමාරසිරි’ නැමැති 37 හැවිරිදි අයෙකු මෙලෙස මියගිය බවයි.

මියගිය තැනැත්තා අධික ලෙස මත්කුඩු හා ගංජා භාවිතයට මෙන්ම එම ජාවාරම් සඳහා ප්‍රකට අයෙකු බව පොලිසිය හඳුනාගෙන ඇත. වේයන්ගොඩ බාඳුරාගොඩ ප්‍රදේශයේ පදිංචි මෙම පුද්ගලයා, ගංජා රැගෙන එන පුද්ගලයකු සම්බන්ධයෙන් පොලිසියට ඔත්තු දුන්නේ යැයි සැකකොට වේයන්ගොඩ, මාලිගාතැන්න ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගේ අත්පා කඩුවලින් කපා ඔහුගේ එක් පාදයක කොටසක් රැගෙන පලාගොස් සිටි අයෙකි. මෙම සිදුවීම පසුගිය 19 දා සිදුවිය.

මාලිගාතැන්න ප්‍රදේශයේ පදිංචි සුනන්ද නමැති අයකුට තවත් පුද්ගලයකු සමඟ පැමිණ මෙසේ කඩුවලින් පහරදී ඔහුගේ පාදයේ කොටසක් සිරුරෙන් වෙන්කරගෙන රැගෙන ගිය බව කියන මෙම සැකකරු කොටුකර ගැනීමට වේයන්ගොඩ පොලිසිය හා බස්නාහිර (උතුර) අපරාධ විමර්ශන කොට්ඨාසය පුළුල් මෙහෙයුමක් දියත් කර තිබිණි.

මත්කුඩු අතැතිව පුද්ගලයකු කුරුවිට බස් නැවතුම අසල රැඳී සිටින බව ඔහු විසින්ම පොලිසියට දුන් දුරකථන ඇමතුමට අනුව බස් නැවතුම අසලට ගිය පොලිස් කණ්ඩායම මොහු කොටුකරගෙන තිබිණි.

පොලිසිය පවසන්නේ අල්ලා ගන්නා ලද අවස්ථාවේ ඔහු සන්තකයේ මත්කුඩු ග්‍රෑම් 2 ක් තිබූ බවය.

දින කිහිපයක් තිස්සේ සැඟව සිටි මොහු තමා ගැනම පොලිසියට ඔත්තුවක් සපයා කුරුවිට පොලිසියට භාර වීම ගැන පොලිසියට සැකයක්ද මතුවිය.

පසුව බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා දැනුවත් කිරීමෙන් පසු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් කුරුවිට පොලිසියට ගොස් සැකකරු භාරගෙන පෑලියගොඩ පිහිටි එම ඒකකයට ගෙන එන ලද අතර එහිදී කළ ප්‍රශ්න කිරීමේදී සැකකරු විසින් සිදුකරන ලද අමානුෂික ක්‍රියාව පාපොච්චාරණය කර තිබේ.

ඉකුත් 19 වැනිදා මාලිගාතැන්න ප්‍රදේශයේ වෙළෙඳසලකට සිය පුතු සමඟ ත්‍රිරෝද රථයකින් පැමිණි සුනන්ද ජයලත් නමැත්තාට මොහු සගයෙකුද සමග එක්ව කඩුවලින් පහරදී ඔහුගේ අත්පා කපා දමා ඇති අතර සුනන්දගේ සිරුරෙන් වෙන්වෙන ලෙස කපන ලද ඔහුගේ පාදයක කොටසක්ද මෙම සැකකරුවන් විසින් රැගෙන ගොස් තිබිණි.

බරපතළ තත්ත්වයෙන් පසු වූ සුනන්ද වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කළද ඔහුගේ තත්ත්වය අසාධ්‍ය වූයෙන් ඔහු කොළඹ ජාතික රෝහලට යැවීමට වෛද්‍යවරුන් කටයුතු කර ඇත.

සුනන්දගේ පාද දෙකටම කඩු පහරවලින් බරපතළ තුවාල සිදුවී තිබිණි. එක් පාදයක දණහිසෙන් පහළ කොටසද අනෙක් පාදයේ ඇඟිලි සහිත පතුල් කොටසද කැපී වෙන්වී තිබිණි.

සිද්ධිය සැලවීමත් සමඟ වේයන්ගොඩ පොලිස් කණ්ඩායමක් සැකකරුවන් සොයා විමර්ශන ආරම්භ කළද සැකකරු ඒ වනවිටත් ගම අතහැර පලාගොස් තිබිණි.

මේ සම්බන්ධ විමර්ශන සඳහා බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක්ද යොදනවා තිබියදී ප්‍රධාන සැකකරු කුරුවිට පොලිසියට භාර වී තිබුණි.

පහරදීමට පැමිණි අනෙක් පුද්ගලයා කවුදැයි යන්නද මේ වනවිට හඳුනා ගෙන ඇත.

ප්‍රධාන සැකකරු දින 90 ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට බස්නාහිර (උතුර) අපරාධ විමර්ශන කොට්ඨාසය කටයුතු කරන ලද අතර සැකකරු මංකොල්ලකෑම් කිහිපයකටත් සම්බන්ධ සැකකරුවෙක් වන බවත් වැඩිදුර විමර්ශනයේදී හෙළි විය.

වේයන්ගොඩ බාඳුරාගොඩ ප්‍රදේශයේ පදිංචි ‘නිශාන්ත කුමාරසිරි’ නැමැති 37 හැවිරිදි පුද්ගලයෙක් වූ ඔහු කැටුව අද (28) අලුයම යම් මෙහෙයුමක් සඳහා පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පිරිසක් වේයන්ගොඩ පොලිස් වසමේ හල්ගම්පිටිය ප්‍රදේශයට ගොස් තිබූ අවස්ථාවේ ඇති වූ සිද්ධියකදී මියගොස් ඇතැයි පොලිසිය වාර්තා කළේය.

වේයන්ගොඩ කළගෙඩිහේන හල්ගම්පිටිය ප්‍රදේශයේදී මෙම සිද්ධිය අද (28) අලුයම තුනයි තිහට (03:30) පමණ සිදුවූ බව පොලිසිය පවසයි. ඔහු ආයුධ සඟවා තැබූ ස්ථානයක් පරීක්ෂා කිරීමට ඔහු සමග පොලිසිය ගිය බවද එහිදී පොලිස් රියදුරුගේ ගෙළ අත් මාංචුවලින් සිරකිරීමේදී රථය මාර්ගයෙන් ඉවතට පැන නතර වී ඇති බවද පොලිසිය පවසයි. පළායාමට තැත් කිරීමේදී පොලීසිය තැබූ වෙඩි පහරින් තුවාල ලැබූ ඔහු වතුපිටිවල රෝහලට රැගෙන යන විටත් මියගොස් සිටි බවද දන්වා ඇත.

සැකකරුගෙන් ලබා ගත් තොරතුරු මත වෙඩි තැබූ ස්ථානයේ සිට මීටර් සියයක (100) දුරින් පිහිටි පාළු වත්තක තිබී ජීව අත්බෝම්බ දෙකක් (2) සහ ප්‍රදේශයේ සුසාන භූමයක් අසළ සගවා තිබූ කඩු දෙකක් (2) පොලිසිය සොයාගත් බවද දන්වා තිබේ.

තොරතුරු – කීර්ති මෙන්ඩිස්

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *