කතරගම රත්කළ වෙඩි තැබීම ගැන මානව හිමිකම් පරීක්ෂණත් ඇරඹේ

(23.01.2018 – 07:53 +0530 – hirunews.lk/sinhala)

පොලිස් කොස්තාපල්වරයෙක්ගේ වෙඩි පහරින් පුද්ගලයෙකු මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම ද පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

එම කොමිසමේ නිලධාරීන් පිරිසක් ඊයේ දිනයේම කතරගම ප්‍රදේශයට ගොස් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව සඳහන්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා කළ තොරතුරුවලට අනුව ඔවුන් මෙම පරීක්ෂණය ආරම්භ කර තිබෙනවා.

අණ නොතකා ධාවනය කළ යතුරුපැදියක ගමන් කළ පුද්ගලයෙකු කතරගම නගරයේ මුර සංචාරයේ යෙදුණු පොලිස් කොස්තාපල්වරයෙකුගේ වෙඩි පහරින් පසුගිය දා ජීවිතක්ෂයට පත්වූ අතර, ඊට විරෝධය පළ කරමින් ප්‍රදේශවාසීන් පොලීසිය ඉදිරිපිට නොසන්සුන්කාරී ලෙස හැසිරුණා.

එහිදි පොලීසිය අවස්ථා දෙකකදී එම පිරිස විසුරුවා හැරීම සඳහා කඳුඵ ගෑස් සහ බැටන් ප්‍රහාර එල්ල කල අතර, විරෝධතාවයේ නිරත වූ කාන්තාවන් ඇතුළු පුද්ගලයින් 58 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.

පසුව ඔවුන් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරීමටයි නියෝග කළේ.

කෙසේ වෙතත්, පොලිස් වෙඩි පහරින් මිය ගිය එම එක් දරු පියාගේ පවුලට නව නිවසක් තනාදීමට පොලීසිය තීරණය කර තිබෙනවා.

පොලීසියේ උසස් නිළධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ මිය ගිය පුද්ගලයාගේ පවුලේ ඥාතීන් සිදුකළ ඉල්ලීමකට අනුව අදාළ නිවස තනා දීමට තීරණය කර ඇති බවයි.

ඒ අනුව නව නිවසට මුල් ගල තැබීමේ කටයුතු ඉදිරි සති කිහිපය තුළ ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර ඊයේ ඔහුගේ මව අනතුර සිදුවූ ස්ථානයට පැමිණීම සංවේදී අවස්ථාවක් වුණා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *