ඇමති රාජිතගේ සහෝදරයාට කොළඹ හතෙන් අක්කර පහක ඉඩමක් ටෙන්ඩර් නැතිව.. වටිනාකම බිලියන 10 යි.. බැදුම්කරේ වගේමයි..

(23.01.2018 – 10:40 +0530 – lankacnews.com)

කොළඹ 07 කුරුදුවත්ත ටොරින්ටන් ප්‍රදේශයේ පර්චස් 870 ක් එනම් අක්කර 5 කට වඩා වැඩි රුපියල් මිලියන දහ දාහක් වටිනා ඉඩමක් රජයේ ටෙන්ඩර් පරිපාටියෙන් බැහැරව ලබාදීමට අමාත්‍ය මණ්ඩලයට වාර්තා කොට ඇති බැව් මේ ඉරිදා ” සන්ඩේ ටෛම්ස්” ඉංග්‍රිසි පුවත්පත වාර්තා කොට ඇත.

අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ සොහොයුරු මහේල සේනාරත්න මහතාගේ සමාගමක් වන “ස්කයි මව්න්ට් හෝල්ඩින්ස්” (Sky Mount Holdings) විසින් මෙම ඉඩම ලබාගැනිමට අවශ්‍ය කටයුතු සූදානම් කොට ඇති බවත් එම සමාගම විසින් මහල් 42 කින් යුක්ත අති සුඛෝපභෝගි නිවාස 200 ක් සහිතව මෙම ඉදිකිරිම සිදු සුදානම් බැව් එම පුවත්පත වාර්තා කරයි.

මහේල සේනාරත්න මහතා මහින්ද රාජපක්ෂ යුගයේ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ධීවර අමාත්‍ය කාලයේදී ලංකා ධීවර සංස්ථාවේ සභාපතිවරයාය.

එකල මෝදර එම සංස්ථාවට අයත් විශාල ඉඩමක් පුද්ගලික අංශයට දිම නිසා අල්ලස් කොමිෂන් ඉදිරීයේ පැමිණිල්ලක් ද විභාග වෙමින් පවති.

එමෙන්ම පුද්ගලික සමාගමක් හරහා නැව් කිහිපයක් යොදා ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලිම සිදු කලේද එම යුගයේ දී ය. සමාගමේ වෙබ් අඩවිය [මෙතනින්]

Super luxury Torrington Towers : Rajitha requests unsolicited contract for brother’s company
(21.01.2018 – sundaytimes.lk)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *