පවිත්‍රාගේ කමිටුව පක්ෂග්‍රාහී කමිටුවක් බවට සැක!

පවිත්‍රාගේ කමිටුව පක්ෂග්‍රාහී කමිටුවක් බවට සැක!

*********************************************

පවිත්‍රාගේ කමිටුව පක්ෂග්‍රාහී කමිටුවක් බවට සැක!

(30.12.2020 – 19:39 +0530 – lankaleadnews.com)

සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් කොරෝනා මෘත දේහ පිළිබඳව තීරණය කිරීමට හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් අනිල් ජාසිංහ මහතා පත්කල කමිටුව තිබියදී හොර රහසේ තවත් කමිටුවක් පත්කර ඇති බව ආරංචි මාර්ග පවසයි.

පවිත්තරා දේවිය

පවිත්‍රා වන්නිඅරච්චි මහත්මිය විසින් පත් කළ කමිටුවේ සභාපතිවරිය ලෙස මහාචාර්ය ජෙනිෆර් පෙරේරා මහත්මිය කටයුතු කරනු ලබන බවද පැවසේ. ජෙනිෆර් පෙරේරා මහත්මිය වෛරස් පිළිබඳ විශේෂඥවරියක් නොවන අතර කොරෝනා වෛරසය සම්බන්ධ බරපතළ ගැටලුවක් ඇති වී ඇති මොහොතක ඒ සම්බන්ධ කමිටුවක සභාපති ලෙස කටයුතු කිරීමට ඇයට ඇති වෘත්තීමය සහ සදාචාරාත්මක අයිතියක් නැති බව සෞඛ්‍යය අංශ වල විද්වතුන්ගේ මතය වී ඇති බවද පැවසේ. එසේම ඇය කොරෝනා මරණ භූමදානය කිරීම පිළිබඳව දැඩි පක්ෂපාතී ස්ථාවරයක සිටින මහාචාර්යවරියක් නිසා, මෙම කමිටුවේ සභාපති ලෙස කටයුතු කිරීම වෘත්තීය ආචාර ධර්ම ද උල්ලංඝණය කිරීමක් බව විද්වතුන්ගේ මතයයි.

මහාචාර්ය ජෙනිෆර් පෙරේරා වැනි අයකුගේ පත්වීම සම්බන්ධයෙන් සැක සහිත තත්වයක් මතුවන්නේ ඇය වෛද්‍යවරුන් සම්බන්ධ වෘත්තිකයන්ගේ සංගමයක 2020 දෙසැම්බර් 21 වෙනි දින පැවති මහා සභා රැස්වීමකදී , කමිටු සාමාජිකාවක් වශයෙන් කොරෝනා මෘතදේහ භූමදානය කිරීම අනුමත කරමින් යෝජනාවක් සම්මත කිරීමට උත්සාහ ගත් බව ද වාර්තා වීම නිසායි.

තවද ප්‍රතිශක්තිය සම්බන්ධ මහාචාර්යවරියක් ද කමිටුවට පත් කර ඇති බව වාර්තාවේ. මේ අතර ඉතා විශ්වාස දයක ආරංචි මාර්ගයක් මගින් පැවසෙන්නේ ජෙනිෆර් පෙරේරා මහාචාර්යවරිය එක්තරා ආගමික සංවිධානයක වෛද්‍යවරුන් සම්බන්ධ සංගමයක සාමාජිකයෙකු ලෙස ක්‍රියාශීලී කාර්යභාරයක් ඉටුකරණ බවයි ෴

2017

++++++++++++++++++++++++

කොරෝනා ආසාදිත සිරුරු බැහැර කිරීමේ තාක්ෂණික කමිටුවේ සභාපතිට අලි සබ්‍රිගෙන් තර්ජන

(31.12.2020 – colombotoday.com)

ශ්‍රී ලංකාවේ අධිකරණ වෛද්‍ය නිලධාරීන් විසින් සිදු කරනු ලබන ‘කොරෝනා මරණ කළමනාකරණ’ ක්‍රියාවලියට අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි විසින් සිදුකරනු ලබන අනවශ්‍ය මැදිහත් වීම හෙළා දකිමින් ශ්‍රී ලංකාවේ අධිකරණ වෛද්‍ය විද්‍යාඥයින්ගේ විද්‍යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර ඇත.

එහි කිට්ටුම සිද්ධිය ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ ‘COVID 19 ආසාදිත සිරුරු බැහැර කිරීම’ පිළිබඳ තාක්ෂණික කමිටුවේ සභාපතිවරයාට තර්ජනය කිරීමේ විලාශයෙන් හැසිරීම පිළිබඳ සිද්ධියක් වෛද්‍ය අසේල මෙන්ඩිස් මහතාගේ අත්සනින් නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනයෙන් පෙන්වා දී ඇත.

අදාල මාධ්‍ය නිවේදනය :

(30.12.2020 – 21:43 +0530 – lankadeepa.lk)

අපරාධ නීතියේ කොටසක් වන මරණ කළමනාකරණ ක්‍රියාවලියට අධිකරණ අමාත්‍යවරයා සෘජුව මැදිහත්වීම හා බලපෑම් කිරීම සම්බන්ධයෙන් දැඩි අප්‍රසාදය පළකරමින් ඊට විරෝධය දැක්වීමේ යෝජනාවක් ශ්‍රී ලංකා අධිකරණ වෛද්‍යවරුන්ගේ ආයතනයේ වෛද්‍යවරුන් විසින් අද (30) කොළඹදී පැවති විශේෂ රැස්වීමකදී සම්මත කරගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් එම ආයතනයේ සභාපති විශේෂඥ අධිකරණ වෛද්‍ය අසේල මෙන්ඩිස් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයේ මෙලෙස දැක්වේ :

“ශ්‍රී ලංකාවේ අධිකරණ වෛද්‍ය නිලධාරීන් විසින් සිදුකරනු ලබන ස්වාධීන මරණ කළමනාකරණ ක්‍රියාවලියට අනවශ්‍ය ලෙස මැදිහත් වීමෙන් හා සෞඛය ආමත්‍යාංශය විසින් කොරෝනා ආසාදිත සිරුරු බැහැර කිරීම පිළිබඳ තීරණය කිරීමට පත්කළ තාක්ෂණික කමිටුවේ සභාපතිවරයාට මෑතක දී තර්ජනය කිරීමේ අමාත්‍යවරයාගේ ක්‍රියා කලාපය ශ්‍රී ලංකා අධිකරණ වෛද්‍යවරුන්ගේ ආයතනයේ වෛද්‍යවරු දැඩි ලෙස හෙළා දකියි.”

+++++++++++++++++++

අලි සබ්බිරි

++++++++++++++++++++

අමාත්‍යධූරයෙන් නෙරපා අලි සබ්‍රි අත්අඩංගුවට ගතයුතුයි – පූජ්‍ය උලපනේ සුමංගල හිමි

(31.12.2020 – colombotoday.com)

“භූමිදානය කිරීමට නොදුන්නොත් ඉස්ලාම් තරුණයන් වැඩිකලක් නොගොස් ආයුධ අතට ගන්නවා” යැයි අධිකරණ ඇමති අලි සබ්‍රි පවසා ඇති බවත් ඔහු සිදුකල ප්‍රකාශය ඉතා බරපතල ප්‍රකාශයක් බැවින් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි අමාත්‍යධූරයෙන් නෙරපා වහා අත්අඩංගුවට ගත යුතු බවත් පූජ්‍ය උලපනේ සුමංගල හිමි සඳහන් කර සිටියා.

‘සාහසික වියරුව පරාජය කරන ජනතා ව්‍යාපාරය’ විසින් ඊයේ (30) සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව පැවසීය.

++++++++++++++++++++++

(31.12.2020 – 10:39 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 11 කදී සිදුකළ ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණවලදී තවත් පුද්ගලයින් 16 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වුණා.

ඊයේ (30) දිනය තුළ පුද්ගලයින් 195 දෙනෙකුට මෙලෙස ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂාව සිදුකර ඇති අතර ඒ අතරින් පිරිසකුයි මෙලෙස කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වී ඇත්තේ.

ඒ අනුව පසුගිය 18 වනදා සිට මේ දක්වා සිදුකළ ‘රැපිඩ් ඇන්ඩිජන්’ පරීක්ෂණ 11,926 කදී කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 90 ක්.

ජනවාරි 5 වනදා දක්වා මෙලෙස කොළඹින් පිටවන සහ ඇතුළු වන පුද්ගලයින්ට ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂාවන් සිදුකරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ ෴

++++++++++++++++++++++

(31.12.2020 – 12:47 +0530 – hirunews.lk/sinhala)

පොලොන්නරුව – ගල්ලෑල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා ආසාදිත බන්ධනාගාර රැඳවියන් පස් දෙනෙකු (5) පළාගොස් තිබෙනවා.

අද (31) අලුයම ඔවුන් පළාගොස් තිබූ අතර, ඔවුන් සොයා මේ වනවිට විමර්ශන ක්‍රියාත්මකයි.

මත්කුඩුවලට ඇබ්බැහි වූ පළාගිය රැඳවියන් අවුරුදු 26, 27, 31, 36 සහ 52 යන වයස්වල පසුවනවා.

ඔවුන් සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් පොලොන්නරුව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට හෝ 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට දැනුම් දෙන ලෙසයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ.

මේ අතර, ඊයේ (30) මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 639 දෙනා අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබුණා.

එම සංඛ්‍යාව 190 ක්. ඒ අතරින් 47 දෙනෙකු වූ වැඩිම සංඛ්‍යාව වාර්තා වී තිබුණේ පූගොඩ ප්‍රදේශයෙන්.

එසේම, නිට්ටඹුවෙන් ආසාදිතයින් 21 දෙනෙකු සහ බියගමෙන් ආසාදිතයින් 15 දෙනෙකු ඊයේ (30) දිනයේ වාර්තා වී තිබුණා.

කොළඹ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 133 දෙනෙකු ඊයේ (30) හඳුනාගෙන තිබූ අතර, ඉන් 83 දෙනෙකුම සීතාවක අපනයන සැකසුම් කලාපයේ පිහිටි ඇඟළුම් කර්මාන්ත ශාලාවකින් වාර්තා වූ ආසාදිතයින් වීම විශේෂත්වයක්.

ගතවූ දිනය තුළ කොළඹ මහ නගර සභා සීමාවෙන් හඳුනාගෙන ඇත්තේ ආසාදිතයින් 31 දෙනෙකු පමණයි.

ඊට අමතරව ඊයේ (30) දිනයේදී මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 89 ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 50 ක් සහ අම්පාර දිස්ත්‍රික්කයෙන් 42 ක් හඳුනාගෙන තිබුණා.

යුක්රේනයේ සිට දිවයිනට පැමිණි සංචාරකයින් අතරින් 06 දෙනෙකුටද මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා.

කෙසේ වෙතත්, පැවති තත්ත්වයට සාපේක්ෂව මේ වනවිට සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාව සැසඳීමේදී කොරෝනා ආසාදිතයින් වාර්තාවීමේ සුළු අඩුවීමක් දක්නට ලැබෙන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා ප්‍රකාශ කළා.

කුරුණෑගල ශික්ෂණ රෝහලේදී කොරෝනා ආසාදිත මවක් ඊයේ (30) නිරෝගී දරු උපතක් සිදුකළ බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ප්‍රකාශ කළා.

වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔවුන් මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙත මාරු කිරීමට පියවර ගන්නා බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයින් සඳහා ඊයේ (30) දිනයේ සිදුකළ ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණ 940 ක් අතුරෙන් 16 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

ඒ අනුව පසුගිය 18 වැනිදා සිට මේ දක්වා සිදුකළ ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණවලදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 90 ක්.

එසේම, උදාවන නව වසර සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව සමරන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියා.

++++++++++++++++++++++

(31.12.2020 – 13:24 +0530 – hirunews.lk/sinhala)

වැඩි ආසාදන හැකියාවක් සහිත නව කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදනය වූ 20 දෙනෙකු ද මේ වනවිට ඉන්දියාවෙන් සොයා ගෙන තිබෙනවා.

මෙම නව කොරෝනා වෛරස් ප්‍රභේදය ව්‍යාප්ත වී ඇති එංගලන්තයෙන් හතරෙන් තුනක් මේ වනවිට දැඩි නිරෝධායන සීමාවන්ට යටත් කර අවසන්.

මේ අනුව, එංගලන්තයේ සෑම දසදෙනෙකු (10) ගෙන් 8 දෙනෙකුටම නව අවුරුදු සැමරුම් සිදුකිරීමට ඉඩ සැලසෙන්නේ නැහැ.

මේ අතර, කොරෝනා වෛරස් ගෝලීය වසංගතය හමුවේ ජනතාව එක්රැස්වීම වැළැක්වීමට ඉන්දියාවේ නවදිල්ලි අගනුවරට අද (31) රාත්‍රියේ ඇදිරි නීතිය පැනවෙනවා.

ඉන්දීය රජය නිවේදනය කළේ අද (31) රාත්‍රි 11 සිට හෙට (01) පෙරවරු 6 දක්වා මෙලෙස ඇදිරි නීතිය ක්‍රියාත්මක වන බවයි.

කොරෝනා වෛරසයෙන් දෙවනුව වැඩිම හානියක් සිදුව ඇති රට වන ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට 1,02,67,000 ඉක්මවා ඇති අතර මරණ සංඛ්‍යාව 1,48,700 කට අධිකයි ෴

++++++++++++++++++++

(31.12.2020 – 13:48 +0530 – hirunews.lk/sinhala)

බන්ධනාගාර ආශ්‍රිතව නව කොරෝනා ආසාදිතයින් 67 දෙනෙකු හඳුනාගෙන ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසනවා.

එම ආසාදිතයින් සියලුදෙනා පිරිමි රැඳවියන් බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

ඒ අනුව බන්ධනාගාර ආශ්‍රිතව හඳුනාගත් මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 4016 ක් වනවා.

ඒ අතරින් මේ වනවිට 3272 ක් සුවය ලබා ඇති බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ ෴

=======================================

(31.12.2020 – 09:25 +0530 – hirunews.lk/sinhala)

දෙපා අහිමි වූවත් දෙපා ඇති මිනිසුන්ට ආදර්ශයක් වෙමින් තම ජීවිකාව පවත්වාගෙන යන සුවිශේෂී පුද්ගලයෙකු පිළිබඳව ගාල්ලෙන් වර්තාවනවා.

සරත් මාපලගම නම් ඔහු මේ වනවිට 64 හැවිරිදි වියේ පසුවන අතර ඔහු ගාල්ල උමදූව කෝඳාගොඩ ගම්මානයේ වාසය කරන අතර ඔහු වඩු කාර්මිකයෙක්.

ඔහුට උපතින්ම දෙපා උරුම වූ අතර 1992 වර්ෂයේදී සිදුවූ අවාසනාවන්ත අනතුරකින් දෙපා අහිමිව ගියද ඔහුගේ දිරිය ඉන් බිඳක් හෝ අඩු නොවීම පුදුමයක්.

සුපුරුදු ජීවනෝපාය වූ වඩු කර්මාන්තයේද අඛණ්ඩව නියැලෙන මේ දිරිය මිනිසා නළ ලිං සැකසීමද සිදුකරන්නේ සියල්ලන් පුදුමයට පත්කරමින්.

කම්මල් කර්මාන්තයේ විවිධ දේ සකස් කරන ඔහු කැත්ත උදැල්ලේ සිට කම්මල් උපකරණ ද නිපැයුමට දක්ෂයෙක් වනවා.

වඩු කර්මාන්තයද, ගල් කැටයම් – ලී කැටයම් කලාවට ද දක්ෂතාවයක් ඇති සරත් මාපලගම මහතා දෙපා නැතිව ගස් නගින්නටද දක්ෂයෙක් වීම විශේෂත්වයක්.

ඔහු ගමේ – නගරයේ සියලුම ගමන් බිමන් යන්නේ එන්නේ විශේෂයෙන් සකස්කරන ලද තම යතුරු පැදිය උපයෝගි කරගෙනයි.

තම ජීවිත කතාව සරත් මාපලගම මහතා සිය වචනයෙන් විස්තර කළේ මෙලෙසින් :

“මම විවාහකයි. මට දරුවන් 5 දෙනෙක් සිටිනවා. දූ දරුවෝ පස් දෙනාම (5) විවාහ වෙලා ඔවුන්ට ද දූ දරුවන් ඉන්නවා. මම මගේ දක්ෂතාවයන් ප්‍රයෝජනයට ගෙන මේ රස්සාවල් සිදු කරනවා.

මට පාද අහිමි වෙලා වසර 38 ක් පමණ වෙනවා. මම නළ ලිං දස දහසකට (10,000) ආසන්න ප්‍රමාණයක් සකස් කර දී තියනවා. අද මම නළ ලිං අඩියක් සකස් කරන්නට රුපියල් දහසක් පමණ ගන්නවා. කපන ලද අඩි සියයක් (100) එක්සිය පනහක් (150) ක් හෝ (අඩි දෙසීයක්) 200 ක් පමණ ගැඹුරු ළිඳක හෝ වළක හෝ සිට ගැඹුරු ස්ථානයකට ගමන් කර පොළව තුළ ඇති පිරිසිදු ජලය මා ගන්නවා. ජලයේ මඩකඩ ඉවත් කරන්ටත් හැකියි. පිරිසිදු ජලය ගත හැකියි. වකුගඩු රෝගය පැතිරෙන ප්‍රදේශවලත් මේ ආකාරයට පිරිසිදු පානීය නිෂ්පානය කළ හැකියි.

වළ මත ඉහළ සවිකරන ලද අටිටාලයක සිට කප්පියක ආධාරයෙන් පුටුවක් ආධාරයෙන් කපන ලඳ වළකට – ළිදකට බහිනවා. පිරිසිදු ජලය භූ ගතව තිබෙන ස්ථානය සොයා ගෙන ජලය ගන්න වැය වන්නේ කෙටි කාලයක් පමණයි.

මෙයට අමතරව, මතුපිට පොළවේ සිට ද පොළව ඇතුලතට ගැඹුරටම නළ ලිං සකස් කරන්නටත් මට හැකියාවක් තියනවා. කිසිදු යන්තරයක් හෝ මන්තරයක් හෝ කිසිදු උපක්‍රමයක් නොමැතිව මා ප්‍රගුණ කළ යම් වු මාගේම තාක්ෂණයක් මත මේ ආකාරයට පොළව යට භූ ගත ජලය මතු පිටට ගන්නට මට හැකියාවක් තියනවා. එය මා දැනගත් ඉතා වටිනාවූ රහසක් අනුවයි මා මෙය සිදු කරන්නේ.

මෙයට අමතරව, හිස් බැරල් යොදාගෙන විවිධ නිපැයුම් සිදුකරන අතර ඒ යටතේ විල් බැරෝ තට්ටු සකස් කිරිමට ඇති හැකියාවක් මා සතුයි. මේවා මා විවිධ ප්‍රමාණයෙන් හැඩයෙන් හා විවිධාකාරයෙන් නිපැයුම් සිදු කරනවා. මේ සාත්තරය සිදුකරන ලංකාවේ කිහිපදෙනෙක් තමයි දැනට සිටින්නේ මෙය මා සකස් කරනවා. හදන තරමට ගොඩනැගිලි ද්‍රව්‍ය විකුණන වෙළෙදසැල්වලට මේ නිෂ්පාදනය ලබාදෙනවා.

දුම් කබල් සකස් කරන අතර ඒ එක දුම් කබලක් රුපියල් 100 ක් තරම් වු මුදලකට උණු කැවුම් වාගේ අළෙවි වෙනවා. මගේ ගෙදරට ඇවිත් මේ නිෂ්පාදන ගන්නවා වාගේම මම වෙළෙද පොළටද රැගෙන ගොස් මේ නිෂ්පාදන විකුණනවා.

මම බිම තමයි වැඩිපුරම ඉන්නේ. ගමන් බිමන් යන්න විතරයි යතුරු පැදිය ගන්නේ. රස්සාවට යන්න එන්න ද යතුරු පැදිය භාවිතා කරනවා. මට කරන්න බැරි වැඩක් නෑ. ඕනෑම වැඩක් මම කරනවා.

[ සේයාරූ ]

***************************************

(31.12.2020 – 10:08 +0530 – hirunews.lk/sinhala)

දඹුල්ල, ඉබ්බන්කටුව ප්‍රදේශයේ නිවසකට අනවසරයෙන් ඇතුළු වී එම නිවසේ දේපළවලට අලාභහානි සිදු කළේ යැයි චෝදනා මත දඹුල්ල මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු ඊයේ (30) රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ මන්ත්‍රීවරයා විසින් එම නිවසට රුපියල් ලක්ෂ තුනහමාරකට (3½) අධික අලාභහානි සිදුකර ඇති බවයි විමර්ශන වලදී අනාවරණ වී ඇත්තේ.

පෞද්ගලික ආරවුලක් දුරදිග යාම මෙලෙස නිවසට අලාභහානි කිරීමට හේතුවී ඇති බවටයි තොරතුරු වාර්තාවන්නේ.

නිවසට ඇතුළු වූ මන්ත්‍රීවරයා එහි තිබූ ආරක්ෂිත කැමරා පද්ධති කඩා දමා රථ වාහනවලට පහර දී අලාභ හානි සිදු කරමින් සිටියදී නිවාස හිමියා පොලිසියට කල දැනුම් දීමක් අනුවයි පොලිසිය පැමිණ ඔහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ.

සැකකාර නාගරික මන්ත්‍රීවරයා අද (31) දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර දඹුල්ල පොලිසියයි සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.

අදාළ සිද්ධියට අදාළ CCTV දර්ශන පහතින් :

***************************************

(31.12.2020 – 10:26 +0530 – hirunews.lk/sinhala)

අද (31) දිනයේ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ හා දුරකථන ඔස්සේ ලැබෙන ව්‍යාජ පණිවුඩ වලින් ප්‍රවේසම් වන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

බොහෝදුරට ශ්‍රී ලංකාවේ සිටින නයිජීරියානු ජාතිකයින් විසින් මෙම ජාවාරම අද (31) දිනයේද ක්‍රියාවට නැංවීමේ වැඩි ඉඩක් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ.

මෙවැනි වංචාකාරී ක්‍රියා සඳහා සම්බන්ධ වූ නයිජීරියානු ජාතිකයින් 24 දෙනෙකු පමණ මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇති බවයි අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

***************************************

(31.12.2020 – 10:52 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල ධීවර වරාය ආසන්නයේ පිහිටි ජාකොටුව වැල්ලේදී මත්ද්‍රව්‍ය ඇති බවට සැක කෙරෙන යාත්‍රාවක් සමඟ සිව්දෙනෙකු (4) නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහි මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා හිරු ප්‍රවෘත්ති අංශය කියා සිටියේ යාත්‍රාවේ පස්දෙනෙකු (5) සිට ඇති අතර, වැටලීම සිදුකරන අවස්ථාවේදී එක් අයෙකු පලාගොස් ඇති බවයි.

අදාළ යාත්‍රාවේ කොපමණ මත්ද්‍රව්‍ය තිබේ ද යන්න පිළිබඳව මේ වනවිට පරීක්ෂා කරමින් පවතින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

+++++++++++

***************************************

(31.12.2020 – 11:11 +0530 – hirunews.lk/sinhala)

මහර බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය පිළිබඳව සොයා බැලීමට පත් කළ කමිටුවේ වාර්තාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි ප්‍රකාශ කළා.

හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් පළ කරමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එම වාර්තාවේ සඳහන් නිර්දේශ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට ද අපේක්ෂා කරන බවයි.

පසුගිය මස 29 වනදා වාර්තා වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලිමට අධිකරණ අමාත්‍යවරයා විසින් මෙම කමිටුව පත් කළ අතර, එහි සභාපතිවරිය ලෙස කටයුතු කළේ හිටපු මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියයි.

අනතුරුව, එම කමිටුවේ අතුරු වාර්තාව පසුගිය දෙසැම්බර් 7 වනදා භාර දුන් අතර, ඊයේ (30) දිනයේ අධිකරණය අමාත්‍යවරයා වෙත භාර දෙනු ලැබූයේ එහි අවසන් වාර්තාවයි ෴

***************************************

(31.12.2020 – 12:50 +0530 – hirunews.lk/sinhala)

ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ රැස්වීමක් මේ වනවිට පැවැත්වෙනවා.

ඒ එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතාගේ ප්‍රධානත්වයෙන් රාජගිරියේ පිහිටි එම කොමිෂන් සභා පරිශ්‍රයේදීයි.

මැතිවරණ කොමිෂන් සභාව සඳහා නව සාමාජිකයින් පත් කිරීමෙන් අනතුරුව එම කොමිසම මෙලෙස රැස්වන්නේ දෙවන (2) වතාවටයි.

නව දේශපාලන පක්ෂ ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය ඇතුළු තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරනු ඇති බවට වාර්තා වනවා ෴

***************************************

(31.12.2020 – 13:21 +0530 – hirunews.lk/sinhala)

මාතර, පොල්හේන ප්‍රදේශයේ කලක් තිස්සේ සිදුවූ බාල වයස්කාර ගණිකා ජාවාරමක් පිලිබඳ තොරතුරු වාර්තා වූවා.

අද (31) හිරු CIA හෙළිදරව්ව ඒ පිළිබඳවයි.

‘පැතුම් මල්’ ගණිකා නිවාසය – පොල්හේන, මාතර

***************************************

(31.12.2020 – 13:25 +0530 – hirunews.lk/sinhala)

වෙළද පොලේ පොල් මිල යළි ඉහළ ගොස් ඇති බවට පාරිභෝගිකයන් චෝදනා කරනවා.

කෙසේවෙතත් පොල් සංවර්ධන අධිකාරිය පෙන්වා දෙන්නේ පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ මෙලෙස මිල ඉහළ ගොස් ඇති බවයි.

පොල් සදහා වෙළද පොලේ පැවති අධික මිල ගණන් හේතුවෙන් පොල් ගෙඩියේ වට ප්‍රමාණය අනුව උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික සේවා අධිකාරිය පසුගිය සැප්තැම්බර් මාසයේදී අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළා.

එමගින් වට ප්‍රමාණය අඟල් 13 ට වැඩි පොල් ගෙඩියක උපරිම මිල රුපියල් 70 ක් ලෙසත්, වට ප්‍රමාණය අඟල් 12 ත් 13 ත් අතර පොල් ගෙඩියක උපරිම මිල රුපියල් 65 ක් ලෙසත්, වට ප්‍රමාණය අඟල් 12 ට අඩු පොල් ගෙඩියක උපරිම මිල රුපියල් 60 ක් ලෙසත් මිල නියම කර තිබුණා.

මෙවන් තත්ත්වයක් යටතේ අධික මිල ගණන් යටතේ සිදුවන පොල් අලෙවි කිරිම් සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී පාරිභොගික අධිකාරිය පවා වැටලීම් සිදු කලා.

කෙසේ වෙතත් තවමත් වෙළදපොලේ අධික මිල ගණන් යටතේ පොල් අලෙවි වන බවට ජනතාව චෝදනා කරනවා.

***************************************

(31.12.2020 – 13:31 +0530 – hirunews.lk/sinhala)

යහපාලන රජය සමයේ අවාසනාවන්ත ලෙස නතර වූ නාගරික සංවර්ධන වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාමේ පසුතලය දැන් සකස් වී ඇතැයි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.

බේරේවැව ආශ්‍රිත සංවර්ධන ව්‍යාපෘතියක් ජනතා අයිතියට පත් කිරීම වෙනුවෙන් පැවති උත්සවය අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කළ බේරේවැව ආශ්‍රිත මෙම සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 60 ක්.

මෙම වසරේ ජුනි මසදී වැඩ ආරම්භ කළ ව්‍යාපෘතිය මාස 5 ක් තුළ සම්පූර්ණයෙන් අවසන් කෙරුණා.

මෙම සංවර්ධන ව්‍යාපෘතිය ව්‍යායාම මංතීරුවක්, රථ ගාලක් සහ වෙළෙඳසැල් 60 කින් සමන්විතයි.

***************************************

(31.12.2020 – 14:00 +0530 – hirunews.lk/sinhala)

මුහුදු ජලය ගලා ඒමා නිසා ආරච්චිකට්ටුව – මුතුපන්තිය දූපතේ පවුල් 13 ක් පීඩාවට පත්ව තිබෙනවා.

අද (31) අලුයම දූපතේ පිහිටි සියලුම ධීවර නිවාස වලට මුහුදු ජලය පැමිණ ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.

මෙම තත්ත්වය හේතුවෙන් එම දූපතෙහි අභ්‍යන්තර ගමනාගමන කටයුතු වලට ද බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ.

[ සේයාරූ ]

***************************************

(31.12.2020 – 14:02 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (30) දිනයේදී තවත් බන්ධනාගාර රැඳවියන් 174 ක් නිදහස ලබා සහ ඇප මත මුදා හැරි බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

ඊට සිරකරුවන් 3 දෙනෙකු සහ සැකපිට බන්ධනාගාර ගත කළ පිරිමි රැඳවියන් 155 ක් මෙන්ම, කාන්තා රැඳවියන් 12 දෙනෙකු ඇතුළත්.

ඒ අනුව, මේ මස පළමුවනදා සිට 29 වන දිනය දක්වා රැඳවියන් 9959 දෙනෙකු නිදහස ලබා සහ ඇප මත මුදා හැර තිබෙනවා ෴

***************************************

(31.12.2020 – 14:11 +0530 – hirunews.lk/sinhala)

කොවිඩ් 19 ආසාදිතව මියයන පුද්ගලයින්ගේ මෘත දේහ පිළිබඳ අවසන් කටයුතු සම්බන්ධයෙන් දේශපානලඥයින් සහ සිවිල් සංවිධාන නියෝජිතයින් අදත් (31) අදහස් පළ කළා :

***************************************

(31.12.2020 – 14:13 +0530 – hirunews.lk/sinhala)

එළැඹෙන පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා :

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • If these storeis are correct, it seems to me that Ali Sabri is the Trojan Horse deposited by islam extremists in the cabinet and won GR’s confidence, sadly for GR mistakenly. Beware of this danger lurking in the shadows. As always in Sri Lankan history it is the confidante that turns out to be the assassin, cf Babu in Premadasa story, both in actual fact and figuratively speaking.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *