බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභා වාර්තාව : කවුද හොරා ?

(21.01.2018 – divaina.com)

බැඳුම්කර ජනාධිපති කොමිෂන් සභා වාර්තාව ඉකුත් ජනවාරි 17 වැනිදා පාර්ලිමේන්තුවට භාර දී තිබේ. එදිනම එම වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස්‌ මත අන්තර්ජාලයටද මුදා හැර ඇත. එනම් ජනාධිපති බැඳුම්කර කොමිෂන් සභාවේ සම්පුර්ණ වාර්තාව www.presidentsoffice.gov.lk යන වෙබ් අඩවියෙන් දැන් ඕනෑම අයෙකුට ලබා ගත හැකිය. ඒ අනුව එය දැන් පොදු මහජන ලියවිල්ලක්‌ වී ඇත. ඒ ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අපේ ස්‌තුතිය පුද කළ යුතුව ඇත. මේ බැඳුම්කර මගඩි සිඳු වුයේ අගමැතිවරයා යටතේ ඇති මහ බැංකුවේය. මේ වාර්තාව නිකුත් වූ පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ ප්‍රකාශයක්‌ කළේය. ඉන් පසු අගමැතිවරයාද පාර්ලිමේන්තුවේදී ඉකුත් ජනවාරි 10 දින විශේෂ ප්‍රකාශයක්‌ කළේය. එහෙත් එදින මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවට ගියේ බැඳුම්කර කොමිෂන් සභා වාර්තාවට අදාළ පාර්ලිමේතු විවාදයට මිස අගමැතිවරයාගේ විශේෂ ප්‍රකාශවලට සවන් දීමට නොවේ. මේ නිසාම පාර්ලිමේන්තුව තුළ විශාල ගැටුම්කාරී තත්ත්වයක්‌ද ඇති විය. තමන්ගේ යටතේ ඇති ආයතනයක තමන්ගේ ඕනෑකමටපත් පත් කරගත් පුද්ගලයෙක්‌ යටතේ මෙතරම් විශාල වංචා සිදුව ඇති අවස්‌ථාවක අගමැතිවරයා කළේ කුමක්‌ද? පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිතා කරමින් අනුන්ට චෝදනා කරමින් “කව්ද හොරා” යයි පාර්ලිමේන්තුවේ මහ හඩින් කෑ ගසමින් තම පක්‌ෂයේ අනිත් මන්ත්‍රීවරුන්ටද තමන් අනුව කෑ ගසන්නැයි පවසමින් විශාල නාටකයක්‌ රග දැක්‌වීමයි. එහෙත් මෙවැනි අවස්‌ථාවක ඔහු කළ යුතුව තිබුණේ ඉදිරි පරීක්‌ෂණ සහ නීතිමය කටයුතු කිසිදු බලපෑමකින් තොරව ස්‌වාදීනව කිරීමට සහය දක්‌වමින් අගමැතිධුරයෙන් තාවකාලිකව හෝ ඉල්ලා අස්‌වී නිහඩව සිටීමයි. එසේ කළේ නම් එය යහපාලන පිළිවෙතක්‌ ලෙස අපට පිළිගත හැකිය. ඔහු මේ තරම්කළබල වී ඇත්තේ ඇයි? මේ සියලු විගඩම් දෙස රටවැසියා අවධියෙන් බලා සිටී. ඔවුන් මෝඩයන් නොවන බව අගමැතිවරයා තේරුම් ගත යුතුය. මේ බැඳුම්කර මගඩියේ දේශපාලන මහ මොළකරුවන් කවුදැයි ජනතාවට වැටහී අවසන් බව ජනසමාජයේකතා බහ තුළින් අපට පැහැදිළිය. වඩාත් බලගතුම අධිකරණය ජනතා අධිකරණය නිසා එම විනිශ්චයේ ප්‍රතිඵලද අනාගතයේ ලැබීමට ඉඩ තිබේ. ඒ සඳහා ද මේ දේශපාලන මහමොලකරුවන් සුදානමින් සිටිය යුතුය. කොමිසමෙන් ගැලවුනත් මේ මහජන විනිශ්චයට අනිවාර්යෙන්ම ඔවුන්ට මුහුණ දීමට සිදු වීම වැළක්‌විය නොහැකිය.

මේ සඳහා නීතියෙන් පමණක්‌ නිසි යුක්‌තිය ඉටු වනු ඇතිද යන්න ගැන ජනතාවට සැක සංකා තිබේ. කොමිසමේ වාර්තාව දෙස බැලු විට එමගින් මේ මගඩියේ දේශපාලන මහමොලකරුවන් ගැලවී ඇති බව පෙනේ. කොමිසමේ ක්‍රියාකලාපය ගැනද බොහෝ සැක සංකා තිබු අතර ඒවා මේ වන විට සත්‍ය වී ඇති සැටියකි. එජාප නායක රනිල් වික්‍රමසිංහ. එජාප මහ ලේකම් කබීර් හෂීම් සහ එජාප සභාපති මලික්‌ සමරවික්‍රම යන මහත්වරුන් කොමිසමට කදවා ප්‍රශ්න කළ හැටිත්, අනිත් සාක්‌ෂිකරුවන්ගෙන් ප්‍රශ්න කළ හැටිත් කොමිසමේ සිටි අපට හොඳටම මතකය. ඒ නිසා මේ බැඳුම්කර කොමිසමෙන් පුර්ණ යුක්‌තිය ඉටු වනු ඇතිද යන්න ගැන අපට සැකයක්‌ තිබුණි. කොමිසම නිකුත් කළ වාර්තාවේ ඇති නිර්දේශ පුළුල් ලෙස අධ්‍යනය කළ යුතු නමුත් බැලු බැල්මට පෙනෙන්නේ කොමිසමෙන් ජනතාව අපේක්‌ෂා කළ පුර්ණ යුක්‌තිය ඉටුව නැති බවයි. ඒ නිසා පරමාධිපත්‍ය බලය හිමි ජනතාවට මේ මගඩිය මේ සම්බන්යෙධන් නිසි යුක්‌තිය ඉටු කර ගැනීම සඳහා තවදුරටත්කාර්යභාරයක්‌ තිබේ. ඒ සඳහා ළඟ එන පළාත් පාලන මැතිවරණයද මහජනතාවට හොඳ අවස්‌ථාවක්‌ කර ගත හැකිය. මේ පළාත් පාලන මැතිවරණය පාලම් බෝක්‌කු මැතිවරණයකට වඩා මේ රටේ ඉදිරි දේශපාලන ගමන්මගේ දිශානතිය තීන්දු කරන තීරණාත්මක මැතිවරණයක්‌ වනු ඇතැයි අපට සිතිය හැකිය. ජන්ද දායකයින්ගෙන් කොපමණ පිරිසක්‌ මේ පුළුල් අර්ථයෙන් ජන්දය ප්‍රකාශ කරනු ඇතිදැයි අපට සිතා ගැනීමට අපහසු වුවත් ඔවුන්ගෙන් බහුතරයක්‌ මේ ආණ්‌ඩුවේ පහුගිය ක්‍රියාකලාපයට ඔවුන්ගේ නිසි ප්‍රතිචාර මේ මැතිවරණයේදී දක්‌වනු ඇතැයි අපට සිතිය හැකිය. මේ සඳහා බැඳුම්කර කොමිසමේ වාර්තාවද ඉටු කරනු ඇත්තේ තීරණාත්මක කාර්යභාරයකි. කොමිසමේ ක්‍රියාකලාපය ගැන ප්‍රශ්න තිබුණත්ජනාධිපති බැඳුම්කර කොමිසමට සහාය වූ දප්පුලද ලිවේරා සහ යසන්ත කෝදාගොඩ යන මහත්වරුන් ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥ මණ්‌ඩලය අභීතව රට වෙනුවෙන් කතා කළ ආකාරය අපි දුටුවෙමු. ඒ නිසාම ඔවුන්ට නොයෙකුත් දේශපාලන අවලාද ඇසීමටද සිදු වූ බව අපට මතකය. එහෙත් මුළු මහත් ජාතියේම ගෞරවය ඔවුන්ට හිමිව ඇති බව කිව යුතුව තිබේ. මේනීතිඥ මණ්‌ඩලය දිවා රෑ නොබලා කෙතරම් විශිෂ්ට මෙහෙවරක්‌ කළත් ඔවුන් අපේක්‌ෂා කළ එසේම දප්පුල ද ලිවේරා මහතා කොමිසම හමුවේ නිරන්තරයෙන්ම ප්‍රකාශ කළ මෙහෙවර ඒ අයුරින්ම ඉටු කිරීමට නොහැකි වූ බව අපේ හැඟීමයි.

ඔවුන් අතගැසුවේ ඉමහත් අභියෝගාත්මක භාරදූර කාර්යයකටය. ඒ අභියෝග ජය ගැනීමටසියලු ශක්‌තිය සහ හැකියාව ලිවේරා මහතා ඇතුළු කණ්‌ඩායමට හොඳටමතිබුණත් ඔවුන්ට පාලනය කළ නොහැකිබලවේග ක්‍රියාත්මක වීම නිසා මහජනයා අපේක්‌ෂා කළ යුක්‌තිය ඒ අයුරින්ම ඉටු කර ගත නොහැකි විය. ඔවුන්ගේ මෙහෙවර නිසා හෝ මේ කොමිසමෙන් ඉටු වූ කාර්යභාරය අපට අවතක්‌සේරු කළ නොහැකි නමුත් මීට වඩා වැඩි කාර්යභාරයක්‌මින් මහජනයා වෙනුවෙන් ඉටු කර ගත හැකිව තිබු බව මහජන අපේක්‌ෂාවයි.

බැඳුම්කර කොමිසම පත් කිරීමට ජනාධිපතිවරයා ගත් පියවර නිසා යම් යුක්‌තියක්‌ මේ වන විට ඉටුව තිබේ. එහෙත් ඒ බාගෙට ලැබුණු යුක්‌තිය හෝ යථාර්ථයක්‌ කර ගැනීමට තවදුරටත් බොහෝ අභියෝග තිබෙන බව පෙනේ. මෙසේ යුක්‌තිය ඉටු වීමේ ක්‍රියාවලියට තවදුරටත්බාධාපවතින නිසාජනාධිපතිවරයා දැනට ගෙන තිබෙන පියවරපමණක්‌ ප්‍රමාණවත් නැත. චෝදනා ලත් අයගේ ග්‍රහණයෙන් මහ බැංකුව වහාම නිදහස්‌ කර ගැනීමද මේ මොහොතේ අත්‍යවශ්‍ය කාරණයකි. එනම් අගමැතිවරයාගේ ග්‍රහණයෙන් මහ බැංකුව නිදහස්‌ කිරීම ජනාධිපතිවරයා බැඳුම්කර කොමිසම් පත් කළ අවස්‌ථාවේම කිරීමට තිබුණු දෙයකි. අඩු තරමේ දැන් හෝමහ බැංකුව තමා යටතට පවරාගෙන මහජනතාවට යුක්‌තිය ඉටු කිරීමේ ක්‍රියාවලිය ගැන විශ්වාසය තහවුරු කිරීමට පියවර ගන්නා ලෙස අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමු. එසේ නැතහොත් මේ සඳහා යුක්‌තිය ඉටු කිරීමේ ක්‍රියාවලියට තවදුරටත් බාධකඇති වනු ඇත.බැඳුම්කර සිද්ධිය ගැන තවදුරටත් මේ නාටක බලා සිටීමට ජනතාවට අවශ්‍ය නැත. එසේ නැතහොත් මෛත්‍රීපාල සිරිසේන මහතා මේබැඳුම්කරජනාධිපත් කොමිසම පත් කළත් ජනතාවට නිසි යුක්‌තිය ඉටුවීමේ ක්‍රියාවලියට තිබෙන විශ්වාසය ජනතාවගෙන් ගිලිහී යනු ඇත.

පසුගිය ජනවාරි 17 වැනිදා පාර්ලිමේන්තුවටබැදුම්කර ජනාධිපති කොමිෂන් සභා වාර්තාව භාර දුන් පසු මේ බැඳුම්කර මගඩි සිදු වූ මහ බැංකුව භාර ඇමතිවරයා මෙන්ම රටේ අගමැතිවරයාද වන රනිල් වික්‍රමසිංහ මහතා ඊට පසු දිනම (18) තවත් විශේෂ ප්‍රකාශයක්‌ කළේය. මේ විශේෂ ප්‍රකාශ පවා අප නම් දකිනුයේ මේ සම්බන්ධයෙන් යුක්‌තිය ඉටු කිරීමට එරෙහිව සිදු කරන බලපෑම් බවයි. ඒ ප්‍රකාශයේ හරි අපුරු දේවල් අන්තර්ගතව තිබේ. එනම් ඉකුත් ජනවාරි 19 දින “දිවයින” පුවත්පත වාර්තා කර තිබු පරිදි එම විශේෂ ප්‍රකාශයෙන් අගමැතිවරයා කියා තිබුණේ මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම අයථා ලෙස උපයාගෙන ඇති මුළු මුදලම රජයට ලබාගත හැකි නිසා රජයට කිසිදු අලාභයක්‌ සිදු නොවන බවයි. පර්පෙචුවල් සමාගම උපයාගෙන ඇති ලාභය සහ රජයට සිදු වූ අලාභය යනු එකක්‌ නොවේ. අගමැතිවරයා එම ප්‍රකාශයේ එක තැනක මෙසේ ද කියයි.

“මේ බැඳුම්කර නිසා පර්පෙචුවෙල් ට්‍රෙෂරීස්‌ සමාගම අයුතු ලෙස බිලියන 9.2 ක්‌ උපයා ගෙන ඇති බව කොමිසම් වාර්තාවේ සඳහන්. මා ඇමති ධූරය දරන ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය යටතේ ඇති මහ බැංකුව මේ වන විටත් ඒ සමාගමේ බිලියන 12 ක මුදලක්‌ රඳවා ගෙන තිබෙනවා. ඒ නිසා කොමිසම නිර්දේශ කළ පරිදි රුපියල් බිලියන 9. 2 ක්‌ නැවත ලබා ගන්න පුළුවන්. අපි ඒ සඳහා කොමිසම විසින් යෝජනා කළ ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. එවිට මේ මුළු මුදලම රජයට ලබා ගන්න පුළුවන්. රජයට කිසිදු අලාභයක්‌ සිදු වන්නේ නෑ. ඒ වගේම මේ වංචාවට කිසියම් හෝ නිලධාරීන් පිරිසක්‌ හවුල් නම් ඒ අයට නීතිය අනුව ක්‍රියා කරනවා.”

අගමැතිවරයා යෝජනා කරන මේ කැකිල්ලේ තීන්දුව අනුව බැඳුම්කර වංචාවෙන් රජයට කිසිදු පාඩුවක්‌ නොවේ. මේ මගඩිවලින් රජයට සිදු වූ අලාභය බිලියන 9.2 ක සොච්චමකට ලගු කර එම මුදල පමණක්‌ අය කර ගනිමින් ප්‍රශ්නය යටපත් කිරීමේ ඕනෑකමක්‌ ඔහුට තිබෙන බව පෙනේ. රටේ පොලී අනුපාත ඉහල යැම නිසා රජයේ පොලී වියදම් ඉහල යැමෙන් රජයට සිදු වූ පාඩුව මෙතන නැත. ඇත්ත වශයෙන්ම මේ මගඩිය නිසා රජයට මෙන්ම සමස්‌ත ආර්ථිකයටම ඉමහත් පාඩු සිදු විය. මේ නිසා සමස්‌ත ආර්ථිකයට සිදු වූ මුළු අලාභය ගණනය කර අවසන් කළ නොහැකි තරම්ය. අද ඔබ ගන්න බැංකු ණය මුදලට මෙතරම් ඉහල පොලී ප්‍රතිශතයක්‌ ඔබට ගෙවීමට සිදුව ඇත්තේද මේ මගඩිවලට පින්සිදු වන්නටය. සමස්‌ත ආර්ථිකයට වූ හානිය අපමණ වුවත් රජයට වූ පාඩුව හෝ හරියට ගණන් බැලුවොත් එය රු. බිලියන 9.2 කට වඩා වැඩි අති විශාල මුදලකි. මුලින්ම රජයට සිදු වූ අලාභය හරියට තක්‌සේරු කළ යුතුය. අනිත් අතට හොරෙක්‌ හොරකම් කර අසු වූ පසු ඔහු හොරකම් කළ මුදල දුන් විට සියල්ල හරි යනවාද? අගමැති කියන්නේ මේ වංචාවට කිසියම් නිලධාරින් පිරිසක්‌ හවුල් නම් ඒ අයට නීතිය අනුව ක්‍රිය කරන බවයි. නීතිය ක්‍රියාත්මක කරන්නේ නිලධාරීන්ට පමණද? එවිට මෙහි දේශපාලන මහමොලකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන්නේ නැද්ද? ඇත්තවශයෙන්ම මේ සඳහා නීතිය ක්‍රියාත්මක කිරීමට අගමැතිවරයා මෙතරම් උනන්දුවීම පිටුපස ඇති රහස කුමක්‌ද? මෙයත් හරියට නරියට කුකුල්ලු බලාගන්න භාර දුන්නා වගේ වැඩක්‌ වනු ඇති නිසාද? ඒ නිසා බහුතර ජනතා අපේක්‌ෂාව වන්නේදෙවියන්ගේ නාමෙටඅගමැතිවරයා මේ සම්බන්ධයෙන් නීතිය ඉටු කිරීමේ ක්‍රියාවලියට අතපෙවීමෙන් වැළකී සිටීම ඔහුට පින් සිදු වන දෙයක්‌ බවයි.

– ශ්‍යාම් නුවන් ගනේවත්ත

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • The commission was partial to the PM, to Kabir, to Malik, to Mahendran. They were allowedto get away, or even the commission has allowed these people to dictate to the commission how they want the commission to proceed when theywere being questioned, to let them evade questions and to make a whole mockery of the commission. I have no trust and confidence on the commission that just identified some minor scapegoats, and let the big sharks to escape justice. Ashamed of them.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *