සිලෝන් තවුහිද් ජමාත් සංවිධානය කොළඹදී විරෝධතාවක

සිලෝන් තවුහිද් ජමාත් සංවිධානය කොළඹදී විරෝධතාවක

*********************************************

සිලෝන් තවුහිද් ජමාත් සංවිධානය කොළඹදී විරෝධතාවක

(31.12.2020 – 19:25 +0530 – hirunews.lk/sinhala)

කොවිඩි-19 හේතුවෙන් ජීවිතක්ෂයට පත් වන පුද්ගලයන්ගේ මෘත දේහයන් භූමදානය සදහා අවසර ලබා දෙන ලෙස ඉල්ලමින් ‘සිලෝන් තවුහිද් ජමාත්’ සංවිධානය අද (31) බොරැල්ල පොදු සුසාන භූමිය ඉදිරිපිටදී උද්ඝෝෂණයක් සංවිධාන කර තිබුණා.

එහිදි මෙම උද්ඝෝෂනය සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුව සිදු කළ යුතු බවට පොලිසිය විසින් උද්ඝෝෂකයින්ට උපදෙස් ලබා දුන්නා.

එම උද්ඝෝෂනය සදහා කුඩා දරුවන්ද සහභාගී කරවා තිබු බවයි එහි සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ.

මේ අතර ‘අපේ ජනබල පක්ෂයේ’ පිරිසක්ද අදාල උද්ඝෝණයට විරෝධය පළ කරමින් තවත් විරෝධතාවක් බොරැල්ල පොදු සුසාන භූමිය ඉදිරිපිටදිම සිදු කරනු ලැබුවා.

මේ අතර කොවිඩ් මෘත දේහ ආදාහනය කරන්නේ ද භූමිදානය කරන්නේ ද යන්න සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ මහාචාර්ය ජෙනිෆර් පෙරේරා මහත්මියගේ සභාපතිත්වයකින් යුත් නව තාක්ෂණික කමිටුව සහ අනෙක් කමිටුව අද (31) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී රැස් වුණා.

එහිදී කමිටු දෙකෙහිම (2) සාමාජිකයින් විසින් සිදුකළ පරීක්ෂණවල කරුණු සෞඛ්‍ය අමාත්‍යවරියට ඉදිරිපත් කර ඇති අතර එහිදී මෘත ශරීර භූමදානය කිරීම සම්බන්ධයෙන් කමිටු දෙක (2) අතර විවිධ තර්ක හුවමාරු වී තිබෙන බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළා.

කෙසේ වෙතත්, අදාළ කමිටු දෙකෙහි (2) නිර්දේශ සහ තවත් කරුණු සලකා බලා අවසන් තීරණය තමා විසින් ප්‍රකාශ කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසූ බව ද අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළා.

+++++++++++++++++++++

(31.12.2020 – 19:37 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණ 5 ක් වාර්තාවී තිබෙනවා.

මියගොස් ඇත්තේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයන් 4 දෙනෙක්.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත මරණ සංඛ්‍යාව 204 ක් දක්වා ඉහළ යනවා.

ශ්‍රී ලංකාවෙන් මේවන විට කොරෝනා ආසාදිතයන් 43,299 ක් වාර්තාවී ඇති අතර ඉන් 7766 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 35,329 ක්.

අද දිනයේ මේ දක්වා වාර්තාවී ඇති ආසාදිතයන් ගණන 592 ක්.

+++++++++++++++++++++++

(31.12.2020 – 20:19 +0530 – hirunews.lk/sinhala)

කථනායක මහින්ද යාපා අබේවර්ධන මහතා සෞඛ්‍ය අංශ විසින් ස්වයං නිරෝධායනයට ලක්කර ඇතැයි පලවන වාර්තා පදනම් විරහිත සත්‍යයකින් තොර බව කථානායක මාධ්‍ය අංශ නිවේදනය කරනවා.

ඔහු හෙට (01), එනම් ජනවාරි පළමුවනදා (01) සුපුරුදු පරිදි රාජකාරී කටයුතු සඳහා වාර්තා කරන බවයි එම නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

කථානායකවරයාගේ ආරක්ෂාවට ගමන් ගන්නා පෙර ගමන් රථයක ඇතිවූ හදිසි කාර්මික දෝෂයක් හේතුවෙන් පොලිස් මූලස්ථානයෙන් තාවකාලික රාජකාරියක් සඳහා අනුයුක්ත කළ නිලධාරියෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් උද්ගත වූ සිද්ධිය සහ එම නිලධාරියා සමග සමීපව රාජකාරී කළ නිලධාරීන්ගේ පළමු පරීක්ෂණ තුලින් ඔවුන් ආසාදිතයන් නොවන බවට තහවුරු කරගෙන ඇතැයි ද සඳහන්.

එමෙන්ම එම නිලධාරීන් දින 14 ක කාලයක් ස්වයං නිරෝධායනය සඳහා යොමුකරන ලෙසට එම අංශ වැඩිදුරටත් උපදෙස් ලබාදුන් බවයි කථානායක මාධ්‍ය අංශය කියාසිටියේ.

එබැවින් කථානායකවරයාගේ ආරක්ෂාවට වෙනත් නිලධාරී කණ්ඩායමක් යොදවා ඇතැයි ද ඔවුන් සඳහන් කළා ෴

+++++++++++++++++++++++

විදෙස්ගත ශ්‍රමිකයන් ගෙන්වීමේදී වංචා සිදුවන බවට චෝදනා

(31.12.2020 – 20:45 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ් ව්‍යාප්තියේ බලපෑම නිසා අසරණ වී සිටින විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මෙරටට ගෙන්වීමේදී කිසි ලෙසකින් මුදල් වංචාවක් සිදු නොවන බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ මහතා පවසයි.

මෙරටට පැමිණීමට අපේක්ෂාවෙන් පසුවන විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් සමාජ මාධ්‍ය ඔස්සේ නගන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

කොවිඩ් වෛරසය මෙරට ව්‍යාප්ත වූ මුල් අවස්ථාවේදී විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් රජය පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ අතර එය එවකට බොහෝ දෙනෙකුගේ පැසසුමට ලක්විය.

නමුත් කොවිඩ් දෙවන රැල්ලේ ව්‍යාප්තිය වැඩිවීමත් සමග නැවතත් විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වීම තාවකාලිකව නවතා දැමුණි.

ඒ අනුව, නැවතත් එම වැඩපිළිවෙල ආරම්භ කරන ලද්දේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් අදාළ තානාපති කාර්යයාලය ඔස්සේ සම්බන්ධ වෙමින් නිරෝධායනය ද ඇතුළුව මෙරටට පැමිණීම සඳහා වන සියලු කටයුතුවලට මුදල් ගෙවා පැමිණිය හැකි “නව ක්‍රමය”ක් හඳුන්වාදෙමිනි.

කෙසේ වෙතත් මෙම නව ක්‍රමය ඔස්සේ මුදල් ගෙවා මෙරටට පැමිණීමට නොහැකිව විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් විශාල ප්‍රමාණයක් අසරණ වී ඇති අයුරු දක්නට ලැබේ.

++++++++++++++++++++++

භුමිදානයට පක්ෂව අදහස් දැක්වූ මහාචාර්ය නීලිකා මලවිගේට අක්බර් සමාගමෙන් නවීන විද්‍යාගාරයක්

(31.12.2020 – colombotoday.com)

කොරෝනා වෛරසය හේතුවෙන් මියයන මුස්ලිම් ජාතිකයන් භුමිදානය කිරීම සම්බන්ධයෙන් ඊට පක්ෂව අදහස් දැක්වූ මහාචාර්ය නීලිකා මලවිගේ මහත්මියට නවීන විද්‍යාගාරයක් ලබාදීම සඳහා අක්බර් සමාගම කටයුතු කරමින් සිටින බව එම සමාගමේ ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙනවා.

මහාචාර්යවරිය ඒ සඳහා ව්‍යාපෘති වාර්තාවක් සමාගමට ලබා දී ඇති බවත් අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුමැතිය ඊට ලැබුණු බවත් දැනගන්නට ඇත ෴

========================================

(31.12.2020 – 19:48 +0530 – hirunews.lk/sinhala)

වෙළද පොලේ පොල් මිල ඉහළ යාම ලබන වසර ආරම්භයත් සමඟ පහළ යනු ඇතැයි පොල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ පියසේන එදිරිමාන්න මහතා ප්‍රකාශ කළා.

පොල් සදහා වෙළද පොලේ පැවති අධික මිල ගණන් හේතුවෙන් පොල් ගෙඩියේ වට ප්‍රමාණය අනුව උපරිම සිල්ලර මිලක් නියම කරමින් පාරිභෝගික සේවා අධිකාරිය පසුගිය සැප්තැම්බර් මාසයේදී අතිවිශේෂ ගැසට් පත්‍රයක් ද නිකුත් කළා.

කෙසේ වෙතත්, එවන් තත්ත්වයක් යටතේ ද අධික මිල ගණන් යටතේ පොල් අලෙවි කිරිම් සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී පාරිභොගික අධිකාරිය පවා වැටලීම් සිදු කලා. කෙසේ වෙතත් තවමත් වෙළදපොලේ අධික මිල ගණන් යටතේ පොල් අලෙවි වන බවට ජනතාව චෝදනා කරනවා ෴

***************************************

(31.12.2020 – 20:44 +0530 – hirunews.lk/sinhala)

රටේ නායකයින් ලෙස ගන්නා සෑම තීරණයක්ම ආගමික චින්තනයට ගැළපෙන තීරණ විය යුතු බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

පයාගල පැවති උත්සවයකට එක්වෙමින් කාදිනල් හිමිපාණන් මේ බව සඳහන් කළා.

පයාගල මලේගොඩ ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මලේගොඩ නන්ද හිමියන්ගේ 75 වැනි ජන්ම දිනය නිමිත්තෙන් එම විහාරස්ථානයේ නව ධාතු මන්දිරය විවෘත කිරීම අද (31) සිදු කෙරුණේ ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා නායක අතිපූජ්‍ය මකුලෑවේ විමල නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන්.

මෙම අවස්ථාවට කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඇතුළු ගිහි පැවිදි පිරිසක් එක්ව සිටියා.

***************************************

(01.01.2021 – 06:17 +0530 – hirunews.lk/sinhala)

උතුරු නැගෙනහිර උතුරු මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

සෙසු ප්‍රදේශවල පස්වරු 1 න් පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ ෴

***************************************

මෙරට වයස්ගතම පුද්ගලයින් වාර්තා පොතට නොයන්නේ ඇයි ?

(31.12.2020 – 16:45 +0530 – sinhala.adaderana.lk)

දැනට ශ්‍රී ලංකාවේ වයස්ගතම කාන්තාව හා පිරිමියා ලෙස ලෝක වාර්තා අතරට එක්වන්නේ නම් ඒ සඳහා ජාත්‍යන්තරය පිළිගත් සහතික අවශ්‍ය වන බව ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ, වැඩබලන අධ්‍යක්ෂ චන්දන රණවීර ආරච්චි මහතා පවසයි.

දැනට ජීවතුන් අතර සිටින එම දෙපළගේ උත්පැන්න සහතික පවා සොයා ගැනීමට අසීරු වීම හේතුවෙන් ජාත්‍යන්තරයට ඉදිරිපත් කිරීම අපහසු කටයුත්තක් බව ඒ මහතා වැඩිදුරටත් කියාසිටියේය.

දරුවන්ගේ වයස හා හඳහන්වලින් දැක්වෙන තොරතුරු මත පමණක් පදනම්ව ලංකාවේ වයස්ගතම මවගේ හා පියාගේ වයස තීරණය කර ඇතැයි ද ඒ මහතා සඳහන් කරයි.

දැනට ශ්‍රී ලංකාවේ වයස්ගතම පියා ලෙස වාර්තා වන්නේ රාජාංගනය ප්‍රදේශයේ පදිංචි 109 හැවරිදි කේ.ඩී. පුංචි බණ්ඩා තාත්තා වන අතර වයස්ගතම මව ලෙස වාර්තා වන්නේ මාතර කනංකේවත්ත ප්‍රදේශයේ පදිංචි 114 හැවිරිදි කේ.ජී. ඩිංගිහාමි අම්මාය.

මේ අතර, මෙරට වයස්ගතම කාන්තාව ලෙස වාර්තා පොතට ගොස් සිටි දෙදරු මවක් වූ පාපත්තිවේලු මාතාව වසර 117ක් ආයු වළඳා පසුගිය 29 වන දා මිය ගියේය.

කළුතර නෑහින්න ක්ලෝඩන් වතුයායේ දිවිගෙවූ ඇය උපත ලබා ඇත්තේ 1903 වසරේ මැයි 03 වැනිදාය.

ඇගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදුකෙරෙන බව ජාතික වැඩිහිටි මහ ලේකම් කාර්යාලය සඳහන් කළේය.

මේ අතර මෙරට විසූ වයස්ගතම පුරුෂයා පිළිබඳවත් ‘අද දෙරණ’ට තොරතුරු වාර්තා විය.

ඒ කිරිඳිවැල ප්‍රදේශයෙනි.

ඔහු වසර 113 ක් ආයු වළඳා පසුගිය සැප්තැම්බර් 12 වන දින මිය ගොස් ඇති කේ.ඩී.විලියම් නැමති අයෙකි.

විලියම් මහතා මිය යන විටත් දෙවන ලෝක යුද්ධය වැනි ලෝක ඉතිහාසයට එක්වූ විශේෂ අවස්ථා පිළිබද මනා දැනුමක් තිබූ බව අපට වාර්තා විය.

***************************************

වී.ඕ.සී. පළගනාවක් විකිණීමට පැමිණි හිමි නම අත්අඩංගුවට

(01.01.2021 – 07:00 +0530 – truenews.lk)

රුපියල් කෝටි දහයකට අධික මුදලකට විදේශිකයකුට අලෙවි කිරීම සඳහා මහනුවරට රැගෙනවිත් තිබූ වීඕසී පළගනාවක් ඇතුළු ඉපැරණි භාණ්ඩ කිහිපයක් සමග හිමිනමක ඇතුළු සැකකටයුතු හත්දෙනෙකු (7) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මහනුවර පොලිසියේ කොට්ඨාස දූෂණ මර්දන ඒකකය මගින් ඊයේ (31 වැනිදා) මෙම වැටලීම කළා.

පුරාවස්තු ජාවාරමක් සඳහා පැමිණි හිමිනමක් ඇතුළු පුද්ගලයන් කිහිපදෙනෙකු මහනුවර නගරයේ හෝටලයක සති දෙකක (2) පමණ කාලයක් නවාතැන්ගෙන සිටින බවට ලද තොරතුරකට අනුව මෙම වැටලීම කර තිබුණා.

අත්අඩංගුවට ගත් අයගෙන් ප්‍රශ්න කිරීමේදී වී.ඕ.සී. භාණ්ඩ මිලදී ගැනීම සඳහා විදේශකයකු මෙරටට පැමිණෙන තුරු හෝටලයේ නවාතැන් ගෙන සිටි බවත් ඊට අදාළ රුපියල් ලක්ෂ 10 ක් පමණ වන හෝටල් බිල්පත් පවා විදේශිකයා ගෙවා ඇති බවත් හෙළිව තිබෙනවා.

කටුවන, හෝමාගම, පන්නිපිටිය, පිළියන්දල, ලේවැල්ල හා කුණ්ඩසාලේ පදිංචි ගිහි පිරිසක් සහ ගනේගොඩ විහාරස්ථානයක වැඩවාසය කරන හිමිනමක් මෙසේ කොටුවී ඇති බව සඳහන් ෴

***************************************

දෙවනගල ගොඩනැගුවේ කවුද? වැනසුවේ කවුද? විහාරාධිපති හිමි හෙළිකරයි (31-12-2020)

දෙවනගල ගිරි මුදුනේ පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සිදුකල ධර්මදේශනය (30-12-2020)

***************************************

යහපාලනේ හිටපු මානව හිමිකම් බැල්ලිය ශ‍්‍රී ලංකාව දංගෙඩියට ගෙන යන්න හදයි

(01.01.2021 – යිනදිව)

මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකාව ජාත්‍යන්තර අධිකරණයට යොමු කළ යුතු බව යහපාලන රජයේ මානව හිමිකම් කොමියේ හිටපු සාමාජිකා බිකාඅම් නාදන්සකු බැල්ලිය ප‍්‍රකාශ කර ඇත.

ඇය සිදු කළ මෙම බරපතළ ප‍්‍රකාශය ගැන රජය විමර්ශනයක් දියත් කර තිබේ.

එසේම රජය පත් කළ නව මානව හිමිකම් කොමිය ස්වාධීන නැතැයි බිකාඅම් චෝදනා කර තිබේ.

බිකාඅම් බැල්ලිය ඇතුළත් මානව හිමිකම් කොමිය හිටපු පතිජන මෛ-3-පාල සේනසිරිට හොරෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට සාවද්‍ය වාර්තා 300 ක් යවා තිබිණි. එම වාර්තාවලින් යුද හමුදාවට එරෙහිව චෝදනා නගා තිබුණා යයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවැසීය. මානව හිමිකම් කොමිය ජිනීවා වෙත යවා තිබූ එම වාර්තා ගැනද පරීක්‍ෂණ කරන බව රජයේ එම ආරංචි මාර්ග පළ කළේය.

කුලසූරිය-වර්ණ-කීර්ති

++++++++++++++

ලියක මහිම

යහපාලන රජයේ මානව හිමිකම් කොමිසමේ හිටපු සාමාජිකා අම්බිකා සකුනාදන් මහත්මිය

***************************************

එදා චන්ද්‍රිකා ශ්‍රි ලංකා එයාලයින් එකට කරපු දේ අද ගෝඨාභය වරායට කරන්න හදනවා – ජාතික සංවිධාන එකමුතුව (31-12-2020)

***************************************

මහජාතිය අවබෝධ කර ගත යුතු ගැඹුරු සත්‍යයට පිවිසීමට අවශ්‍යයම යතුර !

(31.12.2020 – 17:08 +0530 – lankaleadnews.com)

රටට සතුරු මතවාදයක ස්වභාවය නොදැන ඒ මතවාදය (තවමත්) ලිහිල්ව දරන අයව විශ්වාස කිරීමත් දැඩිව දරන අයව අවිශ්වාස කිරීමත් අදූරදර්ශී අනුවණ ක්‍රියාවක්. ඒ වෙනුවට අප කල යුත්තේ සතුරු මතවාදයෙහි ස්වභාවය මැනැවින් හඳුනාගෙන එයට නතු වූ මනුෂ්‍යයන් සමග අවබෝධයෙන් ගනුදෙනු කිරීමයි. හැකි පමණින් ඔවුන්ද එයින් ගලවා ගැනීමයි.ඉස්ලාමය, යුදෙව් ආගම, සහ කිතුනු දහම, යන ප්‍රධාන ඒබ්‍රහමික ආගම් අප කවුරුත් දන්නා හින්දු ආගම මෙන් හුදු පුද්ගල විමුක්තිය අරමුණු කරගත් ඇදහිලි ක්‍රම නොවේ. ඒවා ඇත්තෙන්ම (අඩු වැඩි වශයෙන්) මුළු ලෝකයම කවදා හෝ තම තනි අණසකට ගැනීම සඳහා නිර්මාණය වූ ‘ව්‍යාපෘතීන්’.

මේ ආගම් තුනේම එන මූලික ඉගැන්වීම් මීට වසර තුන් දහසකට පමණ පෙර පුරාණ මෙසපොතේමියාවේ උපන් හිබ්රූ බයිබලය මත පදනම් වෙනවා. සමූහ වශයෙන් රැස් වී වරද කළවුන් ගල් ගසා මැරීම, අත පය කපා දැමීම, වැනි දේ එදා සිට අද දක්වාම කරන ලෝකයේ ඉතා දරුණු මිනිසුන් වෙසෙන කලාපයක් වූ මැද පෙරදිග සංස්කෘතිය සමග බද්ධ වූ ඒබ්‍රහමික ආගම් වල එන සමහර ඉගැන්වීම් හේතුවෙන් ලෝක ඉතිහාසයේ බොහෝ ව්‍යසන සිදු වුනා. නමුත් ජේසුස් වහන්සේගේ ආගමනය සමග එකල පැවති හීබෲ බයිබලයෙන් බිඳී කිතුනු බයිබලයේ පැරණි තෙස්තමේන්තුවත්, උන් වහන්සේගේ සානුකම්පිත ඉගැන්වීම් ලියා දැක්වුණු නව තෙස්තමේන්තුවත් බිහි වුනා. එසේ වුවත් ලෝක ඉතිහාසයේ අන්‍යාගමික රාජ්‍ය වලට සිදු වූ දරුණුතම ආක්‍රමණ සිදු වී ඇත්තේ කිතුනුවන් සහ ඉස්ලාම් භක්තිකයන් අතින් බව ඉතා පැහැදිලි කරුණක්. ඒවා දෙස පවා හොඳින් බැලුවොත් ඒවාට හේතු වී ඇත්තේ කිතුනු බයිබලයේ පැරණි තෙස්තමේන්තුවේ මෙන්ම අල් කුරාණයේ ද අඩංගු එකම ආකාරයේ ඉගැන්වීම් බව හොඳින්ම පෙනෙනවා. (මේ ආගම් තුනම පිළිපදින්නන් තමන් ගේ ආගම් ඒබ්‍රහම් / ඊබ්‍රහිම් නම් තැනැත්තෙකු ගෙන් පැවත එන බව පිලිගන්නවා.) මේ ආගම් තුනේම ඉගැන්වෙන්නේ ලෝකයේ සිටිය හැක්කේ එක සර්ව බලධාරී දෙවියෙකු පමණක් බවයි. තවද මොවුන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථ වල එන මේ දෙවියන්ගේ වචනය ඒ අයුරින්ම ක්‍රියාවට නැංවීම මරණින් මතු දෙව් ලොව යන එකම මාර්ගය බවයි. එසේ නොකරන අය සියල්ලන්ම යන්නේ අපායට බවයි.

නමුත් 16 වන ශත වර්ෂයේ යුරෝපයේ ඇරඹි බටහිර විද්‍යාවේ නැගීමත් සමග කිතුනු සහ යුදෙව් ආගම් වල ලෝකයම සිය අණසකට ගැනීමේ බලය බිඳුනා. ඇත්තෙන්ම එහිදී සිදු වුනේ දේව සංකල්පය ක්‍රමයෙන් බිඳ වැටෙමින් ලෝකය ආක්‍රමණය කිරීමේ බලය කිතුනු පල්ලිය අතින් ගිලිහී යුදෙව් චින්තනය පදනම් කරගත් බටහිර රාජ්‍ය ව්‍යුහයන් විසින් අත්පත් කර ගැනීමයි. ඒ බටහිර රාජ්‍ය ව්‍යුහයන් තුල මේ ආධිපත්‍යය අදටත් රැඳී තිබෙන්නේ යුදෙව් සංස්කෘතිය සතුවයි.

නමුත් ඉහත සඳහන් දරුණු ආක්‍රමණශීලි ආගමික ඉගැන්වීම් අද වන තෙක් විශාල වෙනසකට ලක් නොවී ඉස්ලාමයේ පමණක් පවතිනවා. අරාබි කරයේ සහ ආසියාවේ පැතිරී තිබූ ඉස්ලාමය බටහිර ලෝකයේ කිතුනු ආගම මෙන් කිසි දාක ප්‍රතිසංස්කරණ වලට ලක් වී තිබුනේ නැතත් ඉස්ලාමයේ බොහෝ කාරුණික ත්‍යාගශීලී ඉගැන්වීම් ද තිබෙන බව අප අමතක නොකළ යුතුයි. ඉස්ලාමයේ ද අනෙකුත් ‘ආගම්’ වල මෙන්ම එකිනෙකට බොහෝ පරස්පර ඉගැන්වීම් බහුලව හමු වෙනවා. නමුත්, ලෝකයම සිය අණසකට ගැනීමේ උවමනාව ඒ කිසිවකින් යටපත් කල නොහැකි තරමට ඉස්ලාමයේ ප්‍රබලයි.

1938 වර්ෂයේ අරාබිකරයේ මුල් වරට තෙල් සොයා ගැනීම සමගම එම ප්‍රදේශයේ රාජ්‍ය ආගම වූ ඉස්ලාමයට, යටපත් වී තිබූ ලෝකය සිය අණසකට යටත් කර ගැනීමේ ව්‍යාපෘතිය නව වටයකින් අරඹන්නට අවස්ථාව උදා වෙනවා. සෞදි අරාබිය ප්‍රමුඛ ඉස්ලාමීය රාජ්‍ය අද ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල ක්‍රියාත්මක කරන්නේ එම ව්‍යාපෘතියයි. මෙහිදී අප පැහැදිලිව තේරුම් ගත යුතු පළමු කාරණය වන්නේ මේ ව්‍යාපෘතිය සතු මතවාදී බලය දෙමල බෙදුම්වාදය ට තිබූ බලයට වඩා බෙහෙවින් වැඩි බවයි. උදාහරණයකට, දෙමල ජාතිවාදී මරාගෙන මැරෙන බෝම්බ කරුවෙකුට ක්‍රියාත්මක වීමට වෙනත් පිරිසක් ගැන ඉතා තදබල වෛරයක් ගොඩ නගා ගත යුතු වුවත් ඉස්ලාම් ආගම්වාදියෙකුට පහසුවෙන් දෙව්ලොව යන අරමුණින් එය කල හැකියි. ඉස්ලාම් ආගමේ බලය පැතිරවීම වෙනුවෙන් මරාගෙන මැරෙන බෝම්බ කරුවෙකු යන්නේ දිව්‍ය ලෝකයට නොවේ යයි පෙන්වන්නට ඉගැන්වීමක් ඉස්ලාමයේ නැහැ.

දෙවනුව එවන් අන්තවාදී ඉගැන්වීම් (කවර අවස්ථාවේ කවර හේතු නිසා නබි තුමන් විසින් දේශනා කර තිබුනත්) අල් කුරාණයේ මෙන්ම හදීත් වලත් පැහැදිලිව සඳහන් වන නිසා කිසිදු ඉස්ලාම් භක්තිකයෙකුට ඒවා ප්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් ඇත්තේ නැහැ. මේ හේතුන් නිසා අද මුස්ලිම් ජාතිකයන් අති බහුතරයක් ඉහත කී ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන්නට හැර එහි අඩු වැඩි වශයෙන් කොටස් කරුවන් වී සිටිනවා. ඔවුන්ගේ ක්‍රියා කාරිත්වය බොහෝ දුරට පාපන්දු කණ්ඩායමක විවිධ තැන් වල ස්ථානගත වී සිටින ක්‍රීඩකයන්ට සමානයි. ඔවුන් අතරින් සෘජු ප්‍රහාරකයන් වන්නේ ඉතා සුළු ප්‍රතිශතයක්. නමුත් සියලු දෙනාම පාහේ අවසාන විග්‍රහයේදී පන්දුව ගෙන යන්නේ ඉස්ලාමය ලෝක ආධිපත්‍යය ලබා ගන්නා අරමුණ දෙසටයි. පසුගිය දා සිදු වූ ඉස්ලාම් අන්තවාදී මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් ඇත්තටම සිදු වුයේ දිව්‍ය ලෝකයට යන්නට හදිසි වූ මෝඩයන් සුළු පිරිසක් නිසා හොරාට කලින් ඉස්ලාම් ව්‍යාපෘතියේ කෙහෙල් කැන වැට පැනීමයි. ප්‍රහාරයෙන් පසුව මධ්‍යස්ථ යයි කියා ගන්නා බහුතර මුස්ලිම් සමාජය හැසිරුනු ආකාරය දෙස විමසිලිමත් ව බැලූ විට මෙය පැහැදිලියි.

මොවුන් අද ආරක්ෂක අංශ වලට ඔත්තු සැපයීම වුවද කරන්නේ තමන්ගේ ව්‍යාපාර බිඳ වැටීම ඇතුළු පාඩු මග හරවාගෙන වැට පැන්න කෙහෙල් කැන මතින් සියලු පව් සෝදා හැර හදිසියේ පීලි පැන්න ඉස්ලාම් ව්‍යාපෘතිය ඉතා සුක්ෂම ව නැවත වරක් පීල්ලට දමා ගැනීමට මිස ඊනියා සංහිඳියාවක් නිසා නොවේ. නැවත එවැනි ප්‍රහාර ඇති වීමේ අවදානම පවා ඉන් අහෝසි වෙන්නේ නැහැ.

ශ්‍රී ලාංකේය මුස්ලිම් බහුතරය මේ දරුණු ම්ලේච්ඡ අරාබිකරණය ට විරුද්ධව ‘ඇත්තටම’ කිසිවක් කරන්නේ නැහැ. මේ ව්‍යාපෘතියේ ඔවුන්ගේ භූමිකාව පාපන්දු කණ්ඩායමක පසු පෙළ ආරක්ෂකයන්ට සමානයි. අල් කුරාණයේ සහ හදීත් වල පැහැදිලිව සඳහන් ඉස්ලාමයේ ජිහාඩය හෙවත් අන් සියලු ආගම් ලෝකයෙන් අතුගා දමා මුළු ලෝකයම ඉස්ලාම් කරණය කරන ව්‍යාපෘතිය අපෙන් සඟවමින් ඒවා ‘නබි තුමන් විසින් යුද්ධ වලට යන අවස්ථා වල කියූ දේවල් පමණය’ කියමින් කොලේ වහන්නේ මේ බහුතර පිරිසයි.

කරුණු මෙසේ වුවත් මැලේ ජාතිකයන් වැනි සමහර ඉස්ලාමීය ජන කොටස් මැද පෙරදිග සංස්කෘතිය හා බැඳුනු මේ ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම පාහේ මගහැර යන්නට සමත් වී තිබෙන බව පෙනෙනවා. ඒ වෙන කිසිවක් මගින් නොව ඉස්ලාමයේ එන ඉගැන්වීම් වලින් තමන්ගේ සංස්කෘතියට ගැලපෙන ඒවා පමණක් තෝරාගෙන පිලි පැදීමෙනුයි. එසේ කිරීමෙන්, සෙසු සුන්නි මුස්ලිම් ජනයා ද පිලි ගන්නා එකම අල් කුරාණය පිළිගන්නා ඔවුන් ආක්‍රමණ ශීලී නොවී පන්දුව තමන්ගේ පැත්තේම රඳවා ගැනීමට සමත් වී තිබෙනවා. ඉහත සඳහන් කලේ මුස්ලිම් ලෝකයේ අති බහුතරයක් වූ සුන්නි මුස්ලිම් ප්‍රජාව ගැනයි. ෂියා මුස්ලිම් සුළුතරය නම් කොහොමටත් ඔය ව්‍යාපෘතියේ නැති සැහැල්ලුවෙන් තමන්ගේ පාඩුවේ ජීවත් වෙන පිරිසක්. (කවදා හෝ ඉරාන ජාතිකයෙකු මුණ ගැසී ඇති නම් මෙය ඔබට පැහැදිලි වනු ඇත.)

ශ්‍රී ලංකාව ඉස්ලාම් අන්තවාදයෙන් සහ එම ව්‍යාපෘතියේ ම කොටසක් වන ඉස්ලාම් ත්‍රස්තවාදයෙන් ගලවා ගැනීමට නම් අප කල යුත්තේද මැලේ ජාතිකයන් මෙන් තමන් ජීවත් වන රටේ ප්‍රධාන සංස්කෘතියට ගැලපෙන ඉගැන්වීම් පමණක් උගෙන ඒවා පිළිපැදීමට සෙසු ශ්‍රී ලාංකේය මුස්ලිම් ජනයාට බල කර සිටීමයි. (මෙය ඕනෑම රටක වෙසෙන අරාබි මුස්ලිම් හෝ යුදෙව් සංස්කෘතියට අයත් නොවන ඕනෑම සුළු ජන කොටසක් පිළිපදින න්‍යායක්.) නමුත් මෙය ඔවුන් පසුගිය දශකයකට වැඩි කාලයක් තුල සම්මාදම් වූ අරාබි ඉස්ලාම් ව්‍යාපෘතිය ආපසු හැරවීමක් වෙනවාට සැකයක් නැහැ. එම ව්‍යාපෘතිය ආපසු හරවන තෙක් (එනම් වෙනම ඇඳුම්, වෙනම ආහාර, වෙනම පාසැල්, වෙනම විශ්ව විද්‍යාල, වෙනම නීති, වෙනම පාලන කලාප ආදිය එපා යයි මුස්ලිම් සමාජය තුලින්ම ව්‍යාපාරයක් අරඹා එම අරමුණු ක්‍රියාවෙන් සාක්ෂාත් කරගෙන පෙන්වන තාක්) ඉස්ලාම් ව්‍යාප්ත වාදී අන්තවාදී ව්‍යාපෘතියේ කොටස්කරුවන් ලෙස ක්‍රියා කරන සියලු මුස්ලිම් ජනයා ශිෂ්ඨ සමාජයෙන් කොන් කර තැබිය යුතු මය.

වෙනත් ඕනෑම විකල්ප විසඳුමකින් සිදු වන්නේ නැවත වටයකින් (සමහර විට අවසාන වටයෙන්) සිංහලයන් රැවටීම මිස අනෙකක් නොවනු ඇත. යම් ප්‍රමාණයක නව නීති පැනවීමක් සහ පවතින නීති ක්‍රියාකත්මක වීමක් සිදු විය යුතු නමුත් අරාබිකරණය සහ වහබ්වාදය පරාජය කිරීම සඳහා මුස්ලිම් සමාජය තුලින් ක්‍රියාත්මක විය යුතු පුළුල් සමාජ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකින් තොරව ඒ කිසිවක් ප්‍රායෝගික වන්නේ නැහැ.මෙය ජාතිවාදයක් හෝ ආගම්වාදයක් නිසා කල යුතු දෙයක් නොව සියලු ජාති ආගම් වලට අයත් සියලුම මනුෂ්‍යයන්ට ලක් පොළොවේ නිදහසේ තම ආගම්අදහමින් ජීවත් විය හැකි වීම සඳහා ‘මෛත්‍රී සහගත පරාක්‍රමය’ පෙරටු කොට ගෙන කල යුත්තකි.

චාමින්ද විජේකෝන්

(ලේඛකයා මහනුවර ප්‍රදේශයේ උපත ලද දැනට ඔස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ජීවත්වන ලාංකිකයෙකි. මෙම ලිපිය ඔහුගේ ‘ෆේස් බුක්’ පිටුවෙන් උපුටා ගන්නා ලදී.)

***************************************

(01.01.2021 – 09:08 +0530 – hirunews.lk/sinhala)

ඇල්පිටිය කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු තොරතුරකට අනුව ඊයේ (31) පස්වරුවේ අම්බලන්ගොඩ – බෙන්වල ප්‍රදේශයේදී සිදුකළ වැටලීමකදී හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු ළඟ තිබී හෙරොයින් කිලෝ 01 යි ග්‍රෑම් 600 ක් සහ යතුරුපැදියක්ද පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

සැකකරුට හෙරොයින් ලැබුණු ආකාරය සහ ඒ ඔස්සේ ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකර තිබේද යන්න අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කිරීමට කටයුතු කරන බවයි ෴

***************************************

(01.01.2021 – 09:11 +0530 – hirunews.lk/sinhala)

අද (01) පෙරවරු හයෙන් (06:00) අවසන් වූ ගතවූ පැය 24 තුළ බීමත්ව අපරීක්ෂාකාරී ලෙස රිය පැදවීම සම්බන්ධයෙන් පුද්ගලයින් 173 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව පසුගිය 20 වැනිදා සිට මේ දක්වා රථවාහන වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 1,571 ක්.

එම කාලසීමාව තුළ සිදුවූ අනතුරුවලින් පුද්ගලයින් 53 දෙනෙකු මියගොස් ඇති අතර, 136 දෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගතකර ඇති බවයි පොලිසිය පැවසුවේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *