මහින්දගේ මලයණ්ඩිය ITN උගුල දිග්විජය කරයි.. ‘මිස්ටර් ටෙන්පසෙන්ට්’ පැය දෙකෙන් ‘මිස්ටර් 100%’ වෙයි..

(24.01.2018 – 12:00 +0530 – lankacnews.com)

පෙබ. 10 මැතිවරණය නිමවෙන තුරු සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ “අපි තරහයි” චිත්‍රපටය රගපාමින් ජනතාව මුලාකිරිමට උත්සහ ගන්නවා, බැසිල් ITN රජයේ නාලිකාවෙන් හරහා රටට කියයි…

මැතිවරණය නිමවෙන තුරු සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ “අපි තරහයි” චිත්‍රපටය රගපාමින් ජනතාව මුලාකිරිමට උත්සහ ගන්නා බවත් එම රගපෑම පෙබරවාරි 10 වෙනිදායින් පසුව අවසන් බවත්, යූ එන් පි ශ්‍රීලංකා නිදහස් පක්ෂ එකට ආණ්ඩු කරන අය ජනතාවට ගැන අවබෝධයක් ඇති බවත්, රජයේ රූපවාහිනි නාලිකාවක් වන ස්වාධීන රූපවාහිනි ” සංවාදය” වැඩසටහන ඔස්සේ හිටපු ආර්ථික සංවර්‍ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ශ්‍රීලංකා පොදුජන පක්ෂයේ (පොහොට්ටුව) නියෝජනය කරමින් ඊයේ රාත්‍රියේ දි පැවසීය.

මෙහි වැඩ සටහන මෙහෙයවනු ලැබුවේ යහපාලන ආණ්ඩුවේ රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපති චිත්‍රපට නිෂ්පාදක ආචාර්ය සෝමරතන දිසානායක මහතා යි.

මේ ආණ්ඩුව ජනතාවගේ ගෘහ ආර්ථිකයේ සිට රටේ කෘෂිකර්මාන්තය ඇතුළු සියලුම ක්ෂේත්‍රයන් අද වනවිට විනාශ කොට මේ ආණ්ඩුව ජනතාවගේ දේපල කුණු කොල්ලයට විකුණාගෙන කන තත්ත්වයකට පත්ව ඇති හැටි සාක්ෂි සහිතව පෙන්නුම් කලේ ය.

එමෙන්ම මෙරටේ සියලුම ක්ෂේත්‍රයන් චිත්‍රපට කර්මාන්තය ඇතුළු කරගෙන යා නොහැකි තත්ත්වයකට බදු පැනවීම හරහා සිදු කොට ඇති බැව් විස්තර කිරිම හරහා වැඩ සටහන මෙහෙය වූ සෝමරතන දිසානායක මහතා ද නිරුත්තර විය.

එදා 1951 දි එක්සත් ජාතික පක්ෂය නම් වු දැවැන්ත තනි දේශපාලන පක්ෂයෙන් ඉවත්ව බණ්ඩාරනායක මැතිතුමා ආණ්ඩුවෙන් එලියට පැමිණ ශ්‍රීලංකා නිදහස් පක්ෂය බිහිකළ අවස්ථාව සිහිපත් කල හිටපු අමාත්‍යවරයා එදා මාධ්‍ය හරහා පෙන්නුම් කිරිමට උත්සහ කලේ බණ්ඩාරනායක මහතා දේශපාලන වශයෙන් විනාශ වු බවයි.

එමෙන්ම එවකට ප්‍රධාන පුවත්පතක කාටුන් ශිල්පියා බණ්ඩාරනායක මහතා අහිගුණ්ඩකයෙකු ලෙස ඉරිච්ච ඇදුමක් ඇදගෙන තම පියා වු එද බණ්ඩාරනායක මහතා සමඟ එකට ආණ්ඩුවේන් එලියට ගිය ඩි ඒ රාජපක්ෂ මහතා වදුරා ලෙසටත් රට වටේ නටවමින් යන ආකාරයෙන් පෙන්නුම් කලා, එහෙත් මෙරටේ ප්‍රගතිශීලි ජනතාව 1956 දි බණ්ඩාරනායක මැතිතුමාට මෙරටේ ජනතාව ආණ්ඩුව බාරදි ඔහු අගමැතිවරයා කල බව සිහිපත් කෙලේ ය, එබැවින් අද රටේ ජනතාව ඉල්ලන අවශ්‍යතාවය ඉටු කිරීමට මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ මග පෙන්වීමෙන් මහින්ද චින්තනය පදනම් කරගෙන නියම ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයින්ට අවශ්‍ය බණ්ඩාරනායක සැබෑ ප්‍රතිපත්ති ආරක්ෂා කරමින් නව පක්ෂය වන ශ්‍රීලංකා පොදුජන පෙරමුණ බිහිකළ බවයි.

එමෙන්ම එම නව පක්ෂය රටේ අනාගත පරම්පරාවට ගැලපෙන මෙන්ම ජාත්‍යන්තරව රට ඔසවා තැබිය හැකි වැඩපිළිවෙළක් සහිතව නව පක්ෂයේ ප්‍රතිපත්තිය වන බවත් ඒ අනුව මෙරටේ ජනතාව අනාගතයේ දි ශ්‍රීලංකා පොදුජන පෙරමුණට ආණ්ඩු බලය ලබාදීම සිදු කරන බව පැහැදිලි කලේය.

තමනට මිස්ටර් ටෙන්පසන්ට් කියන්නේ ඇයිදැයි ඇසූ විට හිටපු ඇමතිවරයා කියා සිටියේ එය නිවැරදි නොවන බවත් තමනට කිව යුත්තේ හන්ඩ‍්‍රඩ්පසන්ට් කියා බවත්ය. තමන් ඇමති යුගයේ බාරගත් සියලු රාජකාරි 100% ක්ම සාර්ථකව නිම කර ඇති නිසා ගැලපෙන්නේ එය යයිද ඔහු කියා සිටියේය.

සම්පූර්ණ සාකච්ඡාව (පැය 2 යි මි. 22) :

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *