වෘෂණ කෝෂයේ මදුරුවෙක් වැහුවාම කරන දේ රන්ජන් කියයි.. හිරුණිකාගේ වෘෂණ කෝෂ ප‍්‍රකාශය පරාදයි..

(25.01.2018 – 03:23 +0530 – lankacnews.com)

‘වෘෂණ කෝෂයේ මදුරුවෙක් වැහුවාම මනුස්සයා තේරුම් ගන්නව ප‍්‍රහාරයෙන් තොරව සාකච්චා මාර්ගයෙන් ප‍්‍රශ්ණය විසදා ගත යුතු බව’ යයි නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

අධිකරණයට අපහාස කලේ යයි පවරා ඇති පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ සලකා බැලු අවස්ථාවේ එහි පෙනී සිටි නියෝජ්‍ය ඇමතිවරයා මෙම අදහස් මාධ්‍ය හමුවේ පල කලේය.

වෘෂණ කෝෂ සම්බන්ධයෙන් මීට පෙර ජනප‍්‍රිය ප‍්‍රකාශයක් පාර්ලිමේන්තුවේදී කලේ එජාප මන්ත‍්‍රිනි හිරුණිකා ප්‍රේමචරන්ද්‍ර මහත්මිය යි.

*****************************************

යාපනය සරසවි සිසුවා ලොව දිනයි – ගණිත ගැටළු ඉතා සරලව විසඳන්න උපකරණයක්
(25.01.2018 – 07:14 +0530 – sinhala.adaderana.lk)

යාපනය විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ පළමු වසරේ ඉගෙණුම ලබන ශිෂ්‍යයෙකු අන්තර් ජාතික තාක්ෂණ තරගාවලියකට හා ප්‍රදර්ශනයකට සහභාගීවීම සඳහා සුදුසුකම් ලබා තිබේ.

සෝමසුන්දරම් විනෝජ්කුමාර් නැමති මෙම සිසුවා ගණිත ගැටළු ඉතා සරලව විසදිය හැකි උපකරණයක් නිර්මාණය කොට ඇති අතර එය ප්‍රදර්ශනයකට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම අවස්ථාව උදා වී තිබේ.

එම උපකරණයේ අයිතිය සම්බන්ධයෙන් වූ පේටන්ට් බලපත්‍රය හිමිකරගෙන ඇත්තේද විනෝජ්කුමාර් ශිෂ්‍යයා වන අතර ඔහු මේ වන විට විවිධ තාක්ෂණික උපකරණ නිපදවීම තුළින් දේශීය සම්මාන 32 ක් හා අන්තර්ජාතික සම්මාන 81 ක් දිනාගෙන ඇත.

ලෝකයේ රටවල් 97 ක පිහිටි විශ්වවිද්‍යාල දහසකින් පමණ සිසුන් මෙම තාක්ෂණික තරගාවලියට හා ප්‍රදර්ශනයට සහභාගි වන අතර ලබන පෙබරවාරි මස 1 දා සිට 6 වෙනිදා දක්වා එම තරගය හා ප්‍රදර්ශනය තායිලන්තයේ බැංකොක් නගරයේදී පැවැත්වීමට නියමිතය.

****************************************

කිළිනොච්චියේ සිසු පිරිසක්‌ පුටු කැඩෙන තුරු ගුරුවරයාට ගහලා
(25.01.2018 – divaina.com)

කිලිනොච්චිය හින්දු විද්‍යාලයේ සිසුන් පිරිසක්‌ එම විද්‍යාලයේ ගුරුවයකුට පහරදීම නිසා එම ගුරුවරයා බරපතල ලෙස තුවාල ලබා 23 දා කිළිනොච්චිය රෝහලට ඇතුළත් කොට තිබේ.

පහර කෑමට ලක්‌වූ ගුරුවරයා මෙම සිසුන්ගේ විනය විරෝධී ක්‍රියාවක්‌ සම්බන්ධයෙන් ඔවුන්ට පහරදී ඇති අතර ඉන් පැයකට පමණ පසුව මෙම සිසුන් පිරිස පැමිණ ගුරු විවේකාගාරයේ සිටි ගුරුවරයාට විවේකාගාරයේ තිබූ පුටුවලින් පුටු කැඩෙන තුරු පහර දී ඇත.

තුවාල ලැබූ ගුරුවරයා ප්‍රතිකාර ලබද්දී කිලිනොච්චිය රෝහල් පොලිසිය අදාළ ගුරුවරයාගෙන් ලබා ගත් කටඋත්තර මත සිද්ධියට සම්බන්ධ ශිෂ්‍යයන් හයදෙනකු හඳුනාගෙන තිබේ.

පොලිසිය මේ සම්බන්ධයෙන් කිළිනොච්චිය දිසා විනිසුරු ඒ. ඒ. ආනන්ද රාජා මහතාට තොරතුරු ඉදිරිපත් කිරීමෙන් පසුව එම සිසුන් අත්අංගුවට ගන්නා ලෙස පොලිසියට නියෝග කොට තිබේ.

කිළිනොච්චිය පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.

– දිනසේන රතුගමගේ

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *