කතානායක ව්‍යවස්ථාව කඩා ගිවිසුමක් රහිතව ආණ්ඩුවක් ගෙන යන බව පිලිගනී.. මෙගා ඇමති මණ්ඩලයට වරප්‍රසාද, වැටුප්, පහසුකම් ජනතා මුදලින්…

(25.01.2018 – 10:00 +0530 – lankacnews.com)

19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් අමාත්‍ය මණ්ඩලය ඇමතිවරු 30 කට සිමා කොට ඇත. එහෙත් ගිවිසුමක් මගින් ජාතික ආණ්ඩුවක් පවත්වාගෙන යන්නේ නම් එම කාලය තුල පාර්ලිමේන්තුවේ අනුමැතිය ඇතිව එම සංඛ්‍යාව වැඩි කර ගැනීමට ප්‍රතිපාදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සපයා ඇත. මේ සම්බන්ධයෙන් වගවිම පාර්ලිමේන්තුවේ කථානායක සතුය.

එහෙත් යහපාලන ආණ්ඩුවේ කථානායකවරයාට තමන් සතුව ඇති ජාතික ආණ්ඩුවේ කල් ඉකුත් වු ගිවිසුම සම්බන්ධයෙන් අවබෝධයක් නැත. මෙය පාර්ලිමේන්තුව සම්ප්‍රදාය තුල ඉතා කණගාටුදායක තත්ත්වයකි. ඊට හේතුව මෙසේ කල් ඉකුත් වු ගිවිසුමක් සක්‍රිය ගිවිසුමක් ලෙස සගවා තබා ගැනිම නීතිවිරෝධී ය. එමෙන්ම ඒ හරහා රටේ විශාල මහජන මුදලක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ සඳහන් 30 කට වැඩි නීතිවිරෝධී අමාත්‍ය මණ්ඩලයක් නඩත්තු කිරිමට අනුබල දීම සම්බන්ධයෙනි.

UNP-SLFP ජාතික ආණ්ඩුවේ ගිවිසුම 2017 දෙසැම්බර් මස 31 වෙනිදා අවසන් වී ඇති බැව් ඒ සම්බන්ධයෙන් වගවීම ඇති කථානායකවරයා පවසයි. එමෙන්ම එම ගිවිසුමේ කාලය ඉකුත්ව ඇති බැව් හෙතෙම පිලිගනි. එබැවින් පාර්ලිමේන්තුවේ මහා ලේකම්වරයා ද රාජ්‍ය නිලධාරින්යෙකු ලෙස මීට වගකිව යුතුය.

එහෙත් මේ වනවිට සති හතරක් පමණ කල් ඉකුත්වි ඇති ගිවිසුමක් සම්බන්ධයෙන් නිත්‍යානුකූලව අදාළ පාර්ශවයන් දැනුවත් කොට එම ගිවිසුම් කාලයේදී ලබා ගත් වරප්‍රසාද හෝ පහසුකම් තවදුරටත් ලබා ගැනිම තහනම් කිරිම හෝ අත්හිටුවීම එම ගිවිසුම අධීක්ෂණය සම්බන්ධයෙන් නිත්‍යානුකූල බලය පැවරි ඇති පුද්ගලයා හෝ කණ්ඩායමක් මගින් සිදු කල යුතුය.

මේ වනවිට පාර්ලිමේන්තුවේ කථානායකවරයා විසින් එම කාර්යය පැහර හැර ඇති බැව් පිලිතුර මගින් පැහැදිලියි. ඒ අනුව යම් දිනක රජයට හිතා මතා හෝ දැනුවත්ව අලාභයක් අනාර්ථයක් සිදු කිරිම යටතේ අල්ලස් හෝ දූෂණය පනත 70 වෙනි වගන්තිය යටතේ මොහුනට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගැනිමට ඉදිරි රජයකට අවකාශ ලැබේ.

*****************************************

රවීගේ විශ්වාසභංගය ගැන ජනපති කළ ප්‍රකාශය සූක්ෂම ලෙස ගෙතූ කතාවක් – බන්දුල ගුණවර්ධන
(24.01.2018 – 06:55 +0530 – hirunews.lk/sinhala)

හිටපු අමාත්‍ය රවීකරුණානායක මහතාගේ විශ්වාසභංගය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා කළ ප්‍රකාශය ඔහු වටා සිටින පුද්ගලයෙකු විසින් ගොතන ලද අසත්‍යයක් බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා මේ අදහස් පළකළේ ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය කොළඹදී අද පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ජාවකදී.

බන්දුල ගුණවර්ධන මහතා :

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා රවී කරුණානායක මහතාට විරුද්ධ විශ්වාසභංග යෝජනාවක් බැඳුම්කර සම්බන්ධයෙන් තිබුණා. ඒ සඳහා ඡන්ද විමසීමක් කළා. ඡන්ද විමසීමේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හිටපු ඡන්දය පාවිච්චි කළේ නැහැ. එළියට ඇවිල්ලා සුභපැතුවා රවී කරුණානායකට. මම නම් මෙයට හවුල් වුණේ නැහැ කියන ප්‍රකාශ සියල්ල වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව හිතාමතා ජනතාව ඉදිරියේ අප්‍රසාදයට පත්කරන්න එතුමා වටේ සිටින කවුරු හෝ වන්දිභට්ටයෙක් හෝ ප්‍රශස්තිකරුවෙක් හෝ ආවතේවකරුවෙක් විසින් සූක්ෂම ලෙස ගොතලා කියපු කේලමක් පදනම් කරගෙන මේ ප්‍රකාශය කළ බව තමයි ඒකාබද්ධ විපක්ෂය වශයෙන් අපිට කියන්න තියෙන්නේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *