විදෙස්ගත ශ්‍රමිකයන්ට නිරෝධායනය නොමිළේ

විදෙස්ගත ශ්‍රමිකයන්ට නිරෝධායනය නොමිළේ

*********************************************

විදෙස්ගත ශ්‍රමිකයන්ට නිරෝධායනය නොමිළේ

(08.01.2021 – 14:16 +0530 – hirunews.lk/sinhala)

ඉදිරි කාලසීමාව තුළ මැදපෙරදිග සහ විදේශගතව සිට පැමිණෙන සියළු ශ්‍රමිකයින් නිරෝධායනය වීමේදී මුදල් අය කිරීමක් සිදුනොකරන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළා.

ඔහු මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේදී අද (08) අදහස් දක්වමින්.

+++++++++++++++++++++

(08.01.2021 – 13:17 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලාංකික විදේශ ශ්‍රමිකයින් යළි මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පිළිබඳව ‘හිරු ටීවී බලය’ සංවාදාත්මක වැඩසටහනේදී අදහස් පළ වුණා.

+++++++++++++++++++

(08.01.2021 – 14:52 +0530 – hirunews.lk/sinhala)

එළඹෙන සති අන්තයේදී දුම්රිය ගමන් වාර 19 ක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් වාර 06 ක්, මුහුදුබඩ මාර්ගයේ 07 ක්, පුත්තලම මාර්ගයේ 03 ක්, කැළණිවැලි මාර්ගයේ ගමන් වාර දෙකක් (02) සහ උතුරු මාර්ගයේ එක් (01) දුම්රියක් හෙට (09) සහ අනිද්දා (10) ධාවනය කෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

කෙසේ වෙතත්, දෙමටගොඩ දුම්රිය ස්ථානයේ තවදුරටත් දුම්රිය නොනවත්වා ධාවනය වන බව ද අදාළ නිවේදනයෙන් දක්වා තිබෙනවා.

මේ අතර, මඩකලපුව සහ මහව අතර දුම්රිය ගමන් වාර ඊයේ (07) සිට ආරම්භ කර තිබෙනවා ෴

++++++++++++++++++++

(08.01.2021 – 16:22 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයන් 656 ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලබා ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 40,317 ක්.

ශ්‍රී ලංකාවෙන් මේවන විට කොරෝනා ආසාදිතයන් 46,780 ක් වාර්තාවී ඇති අතර ඉන් 6241 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සිදුවූ මරණ සංඛ්‍යාව 222 ක් ෴

++++++++++++++++++++

(08.01.2021 – 17:43 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 251 ක් හඳූනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව සටහන් වන්නේ 47,031 ක් ලෙසටයි ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 273 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 47,304 ක් ෴

@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@

(08.01.2021 – 13:10 +0530 – hirunews.lk/sinhala)

යහපාලන රජය සමයේ අධිකරණය ලබාදුන් තීන්දුවලට සිදුකළ බලපෑම රන්ජන් රාමනායක විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී නිශ්චිත වශයෙන්ම තහවුරු කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා ප්‍රකාශ කළා.

එම පක්ෂ කාර්යාලයේ අද (08) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළා.

***************************************

(08.01.2021 – 13:23 +0530 – hirunews.lk/sinhala)

මහජන සුබ සිද්ධිය අරමුණු කර ගනිමින්, පවත්නා නීති හා රෙගුලාසි සරල කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සාමාජිකයින් 18 දෙනෙකුගෙන් යුත් කොමිසමක් පත් කර තිබෙනවා.

ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ ක්‍රිෂාන් බාලේන්ද්‍ර යන මහත්වරුන්ගේ සම සභාපතීත්වයෙන් යුත් කොමිසමේ ලේකම් ධුරය හොබවන්නේ විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේ මහතායි.

ජනාධිපතිවරයා පත් කළ මෙම කොමිසමට විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම්වරු, මණ්ඩල සභාපතිවරුන් මෙන්ම පෞද්ගලික ආයතන රැසක අධ්‍යක්ෂවරුන්ද ඇතුළත්.

ආයෝජන හා ඉදිකිරීම් කෂේත්‍ර ප්‍රමුඛ සියලු ක්ෂේත්‍රවලට අදාළව දැනට නිකුත් කර ඇති චක්‍රලේඛ, අවසර පත්‍ර හා බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රමවේද සහ අනුමත කිරීමේ පටිපාටි, රාජ්‍ය මූල්‍ය හා බදු ආදායම් සම්බන්ධ සියලු නීති, රෙගුලාසි සහ ඒවා ඇති කිරීමට බලපෑ කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් පූර්ණ සමාලෝචනයකට ලක්කිරීම කොමිසමට පැවරෙන කාර්යයක් වනවා.

එමෙන්ම විශාල ප්‍රමාණයක් චක්‍රලේඛ උපදෙස් නිකුත් කිරීම හා වරින්වර විවිධ නීති රෙගුලාසි බලාත්මක කිරීම හේතුවෙන් අධි නියාමනයක් ඇති වීම නිසා මූලික අරමුණින් බැහැරවීමක් සිදුවී ඇත්දැයි අධ්‍යයනය කිරීම සහ වඩාත් ඵලදායී නව නියාමන ක්‍රමවේද හඳුනා ගැනීම සඳහා ගෝලීය ප්‍රමිතීන් තුළ උක්ත නීති රෙගුලාසිවල අදාළ බව සහ ශ්‍රී ලකාව තුළ ඒවායේ යෝග්‍යතාව ඇගයීම ද කොමිසමට පැවරෙනු ඇති.

දැනට පවතින සංකීර්ණ හා අධිනියාමන නීති පද්ධති තුළ ඒවා බලාත්මක කිරීමට රජයටත්, ඒ සඳහා අනුගත වීමට ජනතාවටත් දැරිය යුතු වන වියදම සහ උක්ත නීති රෙගුලාසි හේතුවෙන් දූෂණ හා අවධිමත් භාවිතයන් නිර්මාණය වීමට ඇති හැකියාව තක්සේරු කිරීම සහ දැනට පවතින චක්‍රලේඛ, උපදෙස්, නීති රෙගුලාසි සරල කළ හැකි ක්ෂේත්‍ර හඳුනා ගැනීම හා එසේ සරල කිරීමට මෙන්ම නවීකරණයට අවශ්‍ය උපදෙස් නිකුත් කිරීමද නව කොමිසමේ කාර්ය භාරයක්.

ඊට අමතරව ජාතික මට්ටමෙන් පළාත් සභා හා පළාත් පාලන ආයතන මට්ටමින් විවිධ අනුමත කිරීම්, අවසර දීම් හා බලපත්‍ර නිකුත් කිරීම් ක්‍රියාවලිය හේතුවෙන් ක්‍රියාවලි ද්වීකරණය සිදුවී තිබේදැයි අධ්‍යයනය කොට එවැනි ක්‍රියාවලි සුදුසු පරිදි සංශෝධනය කිරීම ද ඊට ඇතුළත්.

මෙම කාර්යයන් ඉටුකිරීම සඳහා කොමිසමට දින 90 ක කාලයක් දී ඇති බවත්, සිය කාර්යභාරය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍යතාව පරිදි අදාළ ආයතන වෙත උපදෙස් දීමේ බලයද කොමිසම සතු බවත් ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා.

***************************************

(08.01.2021 – 13:40 +0530 – hirunews.lk/sinhala)

මේ දිනවල කතාබහට ලක්ව ඇති කොළඹ වරායේ, නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව මෙලෙස අදහස් පළ කළා.

***************************************

බදුවත්තේ මිනිසුන්ගේ සිහිනයක් වූ නිම නොවන මිරිඟු පාළම

(08.01.2021 – 13:45 +0530 – hirunews.lk/sinhala)

මේ ගම්මානයට පිවිසීම සඳහා පුස්සැල්ල දොල මතින් පාලමක් නොමැතිකමින් ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිනවා.

1999 වර්ෂයේදී එවකට පැවති රජය මඟින් පාලමක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කලද එය නිමා නොකිරීම හේතුවෙන් අද වන විට පවතින තත්ත්වයයි මේ.

සිය ප්‍රධාන ගැටලුවට විසඳුම් ලෙස කිහිපවතාවක් පොල් සහ කිතුල් කඳන් යොදා ඒදඩු පාලම් සාදා ගත්තද ගංවතුර පවතින අවස්ථාවලදී එවා ගසාගෙන යන බව ගම්වැසියන් පවසනවා.

විකල්ප පාලම ඉදිකිරීමට සැලසුම් කළ ස්ථානයෙන් මේ වන විට වතුරට බැස ජනතාව ගමන් ගන්නා අතර ගංවතුර පවතින අවස්ථාවලදී දැඩි දුෂ්කරතාවයකට පත්වන බව ගම්වැසියන් පෙන්වා දෙනවා.

පාසල් දරුවන්, වැඩිහිටියන් ඇතුළු සියලුදෙනා මේ හේතුවෙන් දැඩි අපහසුතාවකට පත්ව ඇති අතර මේ පිළිබඳ බලධාරීන් කොතෙකුත් දැනුවත් කලද කිසිවෙකුගේ අවධානය යොමු නොවූ බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

බදුවත්ත ගම්වාසීන්ගේ මෙම ගැටලුවට බලධාරීන්ගේ අවධානය යොමුවන තෙක් ‘රතු මිනිත්තුව’ අවධානයෙන්.

***************************************

(08.01.2021 – 14:10 +0530 – hirunews.lk/sinhala)

රුපියල් 1,50,000 ක අල්ලස් මුදලක් ලබා ගැනීමේ චෝදනාව මත අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් අත්අඩංගුවට ගත් මහනුවර මහනගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනා ලබන 19 වන දා දක්වා අද (08) රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඒ, සැකකරුවන් අද (08) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහයිල් මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදියි.

කෙසේ වෙතත්, කොරෝනා තත්ත්වය හමුවේ අධිකරණයේ අවසරයකින් තොරව අදාළ මන්ත්‍රීවරුන් දෙදෙනා විවෘත අධිකරණය හමුවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන්ට මහේස්ත්‍රාත්වරයා අවවාද කර තිබෙනවා.

පෙරේදා (06) අදාළ මන්ත්‍රීවරුන් දෙදෙනා (2) අත්අඩංගුවට ගනු ලැබුවේ ඩිජිටල් නාම පුවරුවක් සවි කිරීමට අවශ්‍ය අනුමැතිය කඩිනමින් ලබාදීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් 1,50,000 ක මුදලක් ලබා ගන්නා අවස්ථාවේයි ෴

***************************************

(08.01.2021 – 15:09 +0530 – hirunews.lk/sinhala)

සුළු හා මධ්‍යම පරිමාණ සහල් නිෂ්පාදකයින්ට ණය පහසුකම් ලබාදීමට පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, සමස්ත ලංකා සුළු හා මධ්‍යම පරිමාණ සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ නියෝජිතයින් සමඟ ඊයේ (07) පාර්ලිමේන්තුවේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

මහා පරිමාණ සහල් නිෂ්පාදකයින්ගේ ගැටළුවට පෙර සුළු හා මධ්‍ය පරිමාණ සහල් නිෂ්පාදකයින්ගේ ගැටළු විසදීමට පියවර ගන්නා ලෙසයි අග්‍රාමාත්‍යවරයා එහිදී උපදෙස් දී ඇත්තේ ෴

***************************************

(08.01.2021 – 15:52 +0530 – hirunews.lk/sinhala)

මේ දිනවල රට පුරා ගවයන්ට වැළඳෙමින් පවතින වෛරස් රෝගය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා හත් දෙනෙකු (7) ගෙන් යුත් කමිටුවක් පත්කර තිබෙනවා.

ඒ පශු සම්පත් ගොවිපල ප්‍රවර්ධන සහ කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා විසින්.

රාජ්‍ය අමාත්‍යංශ ලේකම් එස්. සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් එම කමිටුවට සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය රංජනී හෙට්ටිආරච්චි, අතිරේක ලේකම් වෛද්‍ය නිරෝෂන් ගමගේ, සත්ව වසංගත රෝග පිළිබඳ වෛද්‍ය ප්‍රදීප් කුමාරවඩු යන මහත්මමහත්මීන් සහ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වයඹ, උතුරු මැද සහ උතුරු පළාත් අධ්‍යක්ෂවරුන් ඇතුලත්.

මෙම රෝගයේ ව්‍යාප්තිය, එය පාලනය කිරීම සඳහා ක්ෂණිකව ගත යුතු ක්‍රියාමාර්ග මෙන්ම නැවත මෙම රෝගය වැළඳීම නතර කිරීම සඳහා පළාත් මට්ටමින් කිරි ගොවියන් දැනුවත් කළ යුතු ආකාරය පිළිබඳව වූ නිර්දේශ සහ එම නිර්දේශ ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳ උපදෙස් ඇතුලත් වාර්තාවක් සතියක් ඇතුලත තමා වෙත ලබාදෙන ලෙසටයි රාජ්‍ය අමාත්‍යවරයා කමිටුවට දැනුම්දී ඇත්තේ.

‘කැෆ්රි ෆොක්ස්’ නැමති වෛරස් ගණයට අයත් ගවයන්ට වැළඳෙන සමෙහි ගැටිති රෝගයේ වාහකයා මැස්සන් වන අතර රෝගයට ගොදුරු වූ සතුන්ගේ ශරීරය පුරා සමෙහි ගැටිති ඇතිවීම, සතුන් උදාසීන වීම, උණ ගතිය, ආහාර අරුචිය, ඇස් හා නාස්වලින් ශ්‍රාවය පිටවී ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස දක්නට ලැබෙනවා ෴

***************************************

(08.01.2021 – 16:12 +0530 – hirunews.lk/sinhala)

ව්‍යාජ තොරතුරු ඇතුළත් කරමින් සකස් කළ වීසා බලපත්‍ර උපයෝගී කරගනිමින් ඇමරිකාවට සහ ඉතාලිය වෙත යෑමට උත්සහ කළ ශ්‍රී ලාංකිකයින් තුන්දෙනෙකු (3) අද (08) අලුයම ගුවන් තොටුපල ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් යාපනය ප්‍රදේශයේ පදිංචි පිරිසක් බවයි ගුවන් තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ.

මෙම පුද්ගලයින් තුන්දෙනා (3) ගුවන් ප්‍රවේශපත්‍ර ලබාගැනීම සඳහා සේවා කවුළුව වෙත පැමිණි අවස්ථාවේදී ඔවුන් සතුව තිබූ වීසා බලපත්‍ර සම්බන්ධයෙන් සැක සිතූ ආගමන විගමන නිලධාරීන් සිදුකළ පරීක්ෂා කිරීම්වලින් අනතුරුවයි අත්අඩංගුවට ගෙන ඇත්තේ ෴

***************************************

(08.01.2021 – 16:59 +0530 – hirunews.lk/sinhala)

ඊ.ටී.අයි. සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.

ඒ මුදල් විශුද්ධිකරණය, වංචාව සහ අනෙක් වැරදි සම්බන්ධයෙන් ෴

(08.01.2021 – 17:02 +0530 – hirunews.lk/sinhala)

ඊ.ටී.අයි ආයතනයේ සිදුවූ මුල්‍ය වංචා සම්බන්ධයෙන් එම ආයතනයේ හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් සිව්දෙනා (4) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජීවක එදිරිසිංහ, අසංක එදිරිසිංහ, දීපා එදිරිසිංහ සහ නාලක එදිරිසිංහයි.

නීතිපතිවරයා ලබාදුන් උපදෙස් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

මීට පෙර මෙම සැකකරුවන් හතරදෙනා (4) රුපියල් බිලියන 13.7 ක මුදලක් තැන්පතු ලෙස නීතිවිරෝධීව ලබා ගැනීම සහ මුදල් විශුද්ධිකරණය කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගැනුනු අතර, පසුව ඇප මත මුදාහැරුණා.

අද (08) දිනයේදී නැවත ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊ.ටී.අයි. ආයතනයේ සිදු කළ මුදල් වංචා සම්බන්ධයෙන්.

ඔවුන් අධිකරණයට ඉදිර්පත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.

මෙම පුවත සැළවීමත් සමඟ ඊ.ටී.අයි. තැන්පත්කරුවන් පිරිසක් අද (08) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිටට පැමිණියා.

+++++++++++++++

***************************************

(08.01.2021 – 18:43 +0530 – hirunews.lk/sinhala)

මාතර ප්‍රදේශයේ බාලවයස්කාර දැරියන් යොදවා සිදු කළ ගණිකා ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකාරිය මාතර ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඇය අද (08) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන අද (08) අධිකරණයට ඉදිරිපත් කෙරුනු තවත් සැකකරුවන් තුන්දෙනෙකු ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළා.

මෙම ගණිකා ජාවාරමට අදාළව මේවනවිට සැකකරුවන් සහ සැකකාරියන් 9 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගතව පසුවනවා.

සිද්ධියට අදාළ නඩුව ලබන 11 වනදා යළි විභාගයට ගැනීමට නියමිතයි.

++++++++++

04-01-2021

පැතුම් මල් ගණිකා නිවාසය – පොල්හේන, මාතර

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *