පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට වසර 04 ක බරපතල වැඩ සහිත සිර දඬුවම්

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට වසර 04 ක බරපතල වැඩ සහිත සිර දඬුවම්

*********************************************

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට වසර 04 ක බරපතල වැඩ සහිත සිර දඬුවම්

(12.01.2021 – 10:56 +0530 – hirunews.lk/sinhala)

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට බරපතල වැඩ සහිත අවුරුදු 04 ක සිරදඩුවමක් නියම කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය මීට සුළු වේලාවකට පෙර නියෝග කළා.

ඒ අදාල චෝදනාවට ඔහු වරදකරු බවට තීන්දු කරමින්.

පූජ්‍ය මාගල්කන්දේ සුදන්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා විසින් වගඋත්තරකාර රංජන් රාමනායකට එරෙහිව මීට අදාළ චෝදනා පත්‍රය ගොනු කර තිබුණා.

+++++++++++++++++

රන්ජන් පල්ලන්සේන කඳවුරට යවනවා – බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක

(12.01.2021 – 11:51 +0530 – sinhala.adaderana.lk)

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වු හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාව පල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි ෴

++++++++++++++++++

රන්ජන්ට සිවු (4) වසරක සිර දඬුවම් නියම කෙරේ.. ‘ඇපීල්’ කරන්න අවස්ථාවක් නෑ…

(12.01.2021 – 11:36 +0530 – lankacnews.com)

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට බරපතළ වැඩ සහිත සිව් (4) අවුරුදු සිර දඬුවමක් නියම කර තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නඩු තීන්දුව අද (12) පෙරවරුවේ ලබා දුන්නේ අධිකරණයට අපහාස කලේ යයි චෝදනා කරමින් එල්ලවූ නඩුවක තීන්දුව ලබා දෙමිනි.

ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීන්දුව ලබා දුන් නිසා අභියාචනය කිරීමේ කිසිදු අවස්ථාවක් නැත ෴

++++++++++++++++

(12.01.2021 – colombotoday.com)

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර හතරක (4) සිරදඬුවම් නියම කර තිබේ.

සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඒකමතික මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබීය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලේ සභාපති විනිසුරු සිසිර ද ආබෲ මහතා සඳහන් කර සිටියේ, අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් වග උත්තරකාර රන්ජන් රාමනායක මහතා වෙත එල්ල කර තිබෙන අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවය.

ඒ අනුව රන්ජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කරන බවත් ඒ සඳහා ඔහුට බරපතළ වැඩ සහිත වසර හතරක (4) බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කරන බවත් තීන්දුව ප්‍රකාශ කරමින් විනිසුරුවරයා සඳහන් කළේය.

විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කළ පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා විසින් වගඋත්තරකාර රන්ජන් රාමනායක හිටපු අමාත්‍යවරයාට එරෙහිව එම චෝදනා පත්‍රය ඉදිරිපත් කර තිබුණි.

2017 වසරේ අගෝස්තු මස 21 වන දා කොළඹ, අරලියගහ මන්දිරයේ දී එවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූ රන්ජන් රාමනායක මහතා මෙරට විනිසුරුවරුන්ගෙන් හා නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිතයන් බවට ප්‍රකාශ කර තිබුණි.

එම ප්‍රකාශය තුළින් රන්ජන් රාමනායක මහතා මෙරට අධිකරණ පද්ධතිය කෙරෙහි මහජනතාව තබා තිබෙන විශ්වාසය පළුදු කිරීමට ක්‍රියාකර ඇති බවත් ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවත් පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

ඒ අනුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු විභාගයක් පවත්වා සුදුසු දඬුවම් නියම කරන ලෙසද එම පැමිණිල්ල තුළින් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබුණි.

කෙසේවෙතත් අධිකරණය තුළ ප්‍රකාශයක් කිරීම හේතුවෙන් අධිකරණයට අපහස කළා යැයි වරදකරු කෙරු ඥාණසාර හිමිට වසර 6 ක සිර දඩුවමක් ලබා දෙන ලදී ෴

++++++++++++++++++

+++++++++++++++++++++

https://www.youtube.com/watch?v=ODH2LFFC1_U
11-01-2021

++++++++++++++

(12.01.2021 – 13:34 +0530 – hirunews.lk/sinhala)

බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක රැගෙන යාමට බන්ධනාගාර නිලධාරීන් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණ තිබෙනවා.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක වරදකරුකරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට වසර 4 ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් අද (12) නියම කළා.

සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඒකමතික මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවා ෴

++++++++++++++++

(12.01.2021 – 13:47 +0530 – hirunews.lk/sinhala)

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වසර 04 ක බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම කළ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මීට සුළු වේලාවකට පෙර ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රයේ සිට පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානය වෙත රැගෙන ගියා.

ඒ ඔහු නිරෝධායනයට ලක් කිරීමටයි.

අද (12) පෙරවරුවේ සිසිර ද ආබෲ, විජිත් මලල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ල ඒකමතිකව තීන්දු කළේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ඔහු වරදකරු වන බවටයි.

2017 වසරේ අගෝස්තු මස 21 වන දා කොළඹ, අරලියගහ මන්දිරයේ දී එවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව ජනමාධ්‍ය වෙත අදහස් දැක්වූ රන්ජන් රාමනායක මහතා මෙරට විනිසුරුවරුන්ගෙන් හා නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිතයන් බවට ප්‍රකාශ කර තිබුණි. රන්ජන් රාමනායක සිදුකළ එම ප්‍රකාශයෙන් අධිකරණයට අපහාසයක් සිදුවී ඇති බවට ඉදිරිපත් කෙරුණු පැමිණිල්ලකට අනුවයි මෙම නඩුව විභාගයට ගැනුණේ.

එම ප්‍රකාශය තුලින් රන්ජන් රාමනායක මෙරට නීතිඥවරුන් සහ විනිසුරුවරුන්ගෙන් බහුතරය දූෂිතයන් බවත්, ඔවුන් මුදලට වැඩ කරන බවත් දූෂිතයන් බේරා ගන්නා බවත් ප්‍රකාශ කර තිබූ බව සාක්ෂිවලින් අනාවරණ වී තිබූ බවයි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සභාපති විනිසුරු සිසිර ද ආබෲ සඳහන් කළේ.

එමෙන්ම, තමන් විසින් සිදුකළ ප්‍රකාශය ඉල්ලා අස්කර නොගන්නා බවටත් ඒ වෙනුවෙන් සිරදඩුවම් විඳීමට පවා සූදානම් බවටත් උපරිමාධිකරණ සංකීර්ණ භූමියේදී රන්ජන් රාමනායක ජනමාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබූ බවයි විනිසුරුවරයා පෙන්වා දුන්නේ.

ඒ තුළින් ඔහු තුල විනිසුරුවන්ට අපහාස කිරීමේ චේතනාවක් තිබූ බව ඔහු විසින් පුන පුනා ප්‍රකාශ කර ඇති බව ද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු සිසිර ද ආබෲ අවධාරණය කළා.

වසර 04 ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක දෑත්වලට විලංගුලා බන්ධනාගාර බස් රථය වෙත රැගෙන යන අවස්ථාව වාර්තා කිරීම සඳහා මාධ්‍යවේදීන් ඇතුළු විශාල පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණ පරිශ්‍රය වෙත රැස්ව සිටියා.

+++++++++++++++++

(12.01.2021 – 16:18 +0530 – hirunews.lk/sinhala)

සිර දඬුවම් හිමි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මීගමුව පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝදන මධ්‍යස්ථානයට රැඟෙන විත් තිබෙනවා.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක වරදකරුකරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඔහුට වසර 4 ක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් අද නියම කළා.

***************************************

(12.01.2021 – 07:52 +0530 – hirunews.lk/sinhala)

වී අලෙවි මණ්ඩලය හරහා මහ කන්නයේ වී අස්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ 03 ක් මිලදී ගැනීමේ කටයුත්ත අද (12) ආරම්භ වනවා.

ඒ, වී අලෙවි මණ්ඩලයේ අම්පාර – අක්කරෙයිපත්තුව ගබඩා සංකීර්ණයේදීයි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා ඒ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ වෙළඳපොලේ සහල් මිල ස්ථාවරව තබා ගැනීම සහ මාෆියාකරුවන්ගෙන් පාරිභෝගිකයා මුදා ගැනීම සඳහා වී මිලදී ගැනීමේ වැඩපිලිවෙල ක්‍රියාත්මක කිරීමට සිදුවූ බවයි.

ඒ අනුව ඉදිරියේදී සහල් මිල ස්ථාවරව පවත්වාගෙන යෑමට හැකියාව ලැබෙනු ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ෴

***************************************

(12.01.2021 – 09:35 +0530 – hirunews.lk/sinhala)

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු නිත්‍යානුකූල නොවන ආකාරයෙන් මුදාහැරීම සම්බන්ධයෙන් බන්ධනාගාර නියාමකවරයෙකුගේ සහ ජේලර්වරුන් දෙදෙනෙකු (2) ගේ වැඩ තහනම් කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා ෴

***************************************

(12.01.2021 – 10:22 +0530 – hirunews.lk/sinhala)

කොළඹ හා තදාසන්න නගර ආශ්‍රිතව නවීන පහසුකම් සහිත පොදු ප්‍රවාහන සේවාවක් සහ වාහන නවතා තබා යාමේ පහසුකම් සහිත සේවාවක් ආරම්භ කිරීම සදහා වාහන නියාමන සහ බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශය සැලසුම් කර තිබෙනවා.

ඒ සදහා දැනට පවතින බස් රථවලට වඩා මගී සුව පහසු සහිත කෙටි දුර ධාවනයට උචිත බස් රථ 200 ක් මිලදී ගැනීමටද ඊයේ (11) පැවති කැබිනට් හමුවේදී අනුමැතිය හිමිව තිබෙනවා ෴

***************************************

(12.01.2021 – 10:30 +0530 – hirunews.lk/sinhala)

කුලී පදනම මත වාහන ලබාගෙන ව්‍යාජ ලියකියවිලි සකස්කර අලෙවි කිරීමේ ජාවාරමක් සිදුකරගෙන ගිය ස්ථානයක් පොලිසියව විසින් වටලා තිබෙනවා.

පොලිසිය පැවසුවේ සිදුකළ මෙම වැටලීමේදී දෙදෙනෙකු (2) අත්අඩංගුවට ගෙන වාහන 17 ක් සිය භාරයට ගත් බවයි.

මුල්ලේරියාව පොලීසියට ලද තොරතුරක් මතයි මෙම වැටලීම සිදුකර ඇත්තේ.

සැකකරුවන් විසින් ව්‍යාජ හැඳුනුම්පත්, රියදුරු බලපත්‍ර වාහන කුලී පදනම මත ලබාදෙන ආයතන වෙත ඉදිරිපත් කර, වාහන කුලීයට ගෙන ඒවායේ එන්ජින් අංක වෙනස් කර හෝ කැබලි කර විකුණන බවටයි අනාවරණය වී ඇත්තේ.

%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%A2+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9B%E0%B6%B1+%E0%B7%83%E0%B6%9A%E0%B7%83%E0%B7%8F+%E0%B6%9A%E0%B7%94%E0%B6%BD%E0%B7%93+%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B6%B1+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B6%A7%E0%B6%BD%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%2F%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29

+++++++++++++

+++++++++++++++++

***************************************

(12.01.2021 – 11:47 +0530 – hirunews.lk/sinhala)

රාජකාරී සම්බන්ධයෙන් නම්‍යශීලි වේලාවන් හඳුන්වාදීම කෙරෙහි මේ වන විට රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වනවා.

කැබිනට් මණ්ඩල තීරණ දැනුම්දීමේ අද (12) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ බව සඳහන් කළා.

එහිදී අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කර සිටියේ මෙවැන්නක් :

“සතියකට පැය 40 ක් වැඩ කරන්න ඕන නම්, සමහර දාට කලින් යන්න පුළුවන්, සමහර දාට පරක්කුවෙලා යන්න පුළුවන්. පැය 40 සම්පූර්ණ කිරීමයි අවශ්‍ය වෙන්නේ. හැමෝම එකම වේලාවක වැඩ ආරම්භ කරලා, එකම වෙලාවට වැඩ අවසන් කිරීම වෙනුවට නව තාක්ෂණයත් භාවිතා කරමින් නම්‍යශීලි රාජකාරී වේලාවන් නියම කිරීම පිළිබදව ආණ්ඩුවේ අවදානය යොමුවෙලා තියෙනවා. ඒ පිළිබදව අධ්‍යනය කරමින් පවතිනවා.”

***************************************

(12.01.2021 – 12:51 +0530 – hirunews.lk/sinhala)

පසුගිය වසරේ (2020) තුන්වන (3) කාර්තුව තුල ධාන්‍ය වගා කිරීම ඊට පෙර වසරේ (2019) තුන්වන (3) කාර්තුවට සාපේක්ෂව සියයට 256.65 ක වර්ධනයක් අත් කරගෙන ඇති බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

2020 තුන්වන (3) කාර්තුව සඳහා වන ජාතික ගිණුම් ඇස්තමේන්තුවට අනුව පසුගිය වසරේ එම කාර්තුවට සාපේක්ෂව කෘෂිකර්ම ක්ෂේත්‍රය සියයට 4.3 ක වර්ධනයක් අත්කරගෙන ඇති බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.

මිරිදිය මසුන් ඇල්ලීම එම කාලය තුළ සියයට 20.6 කින් ඉහල ගොස් ඇති අතර, වී වගා කිරීම ද සියයට 15.5 ක සැලකිය යුතු වර්ධනයක් පෙන්වා තිබෙනවා ෴

***************************************

(12.01.2021 – 12:56 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වසංගතය හේතුවෙන් පුද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් එකඟව වූ සහන කාලසීමාව මාර්තු මස අවසානය දක්වා දීර්ඝ කර තිබෙනවා.

පුද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් ගෙවීම සම්බන්ධයෙන් සේවා යෝජකයින්, සේවක වෘත්තීය සමිති, ජාතික කම්කරු උපදේශක සභාව, කම්කරු අමාත්‍යාංශය සහ කම්කරු දෙපාර්තමේන්තුවේ සහභාගීත්වයෙන් ස්ථාපිත කර ඇති කාර්ය සාධක බලකා රැස්වීමේදී මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර, ඒ අනුවයි විෂයභාර අමාත්‍යවරයා අදාළ යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබුවේ.

කෙටිදුර ධාවනය සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට මගී සුවපහසුව සහිත පහත් නව බස් රථ 200 ක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

කොළඹ සහ තදාසන්න නගර ආශ්‍රිත නවීන පහසුකම් සහිත පොදු ප්‍රවාහන සේවාව වැඩිදියුණු කිරීමේ අරමුණින් වාහන නියාමන, බස් රථ ප්‍රවාහන සේවා, දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන නව සැලසුමට අනුවයි මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇත්තේ.

විෂය භාර අමාත්‍යවරයා විසින් අදාළ යෝජනාව ඉදිරිපත් කර ඇති අතර, ඒ සඳහා පිලිගත් දේශීය සමාගම් මගින් පත්ල පහත් උසස් තත්ත්වයේ නව බස් රථ 200 ක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

මේ අතර, පවුල් නීති පනත සංශෝධනය කිරීම සඳහා විශේෂ දැනුමක් සහිත කමිටුවක් මගින් අධ්‍යයනය කර කෙටුම්පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

විවාහය, දික්කසාදය, වෙන්වීම සහ ඊට සම්බන්ධ ක්‍රියා පටිපාටිය විවාහ ලියාපදිංචි කිරීමේ ආඥා පනතේ සහ සිවිල් නඩු විධාන සංග්‍රහයේ ඇතුළත්ව ඇති අතර, එම ආඥා පනතේ විධිවිධාන වර්තමාන තත්ත්වයට ගැලපෙන අයුරින් සංශෝධනය කිරීමට විෂයභාර අමාත්‍යවරයා විසින් අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ අනුවයි අදාළ පනත සංශෝධනය සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත්තේ.

මේ අතර අද (12) පෙරවරුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය උදය ගම්මන්පිල කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකළා ෴

***************************************

(12.01.2021 – 13:14 +0530 – hirunews.lk/sinhala)

ඊ.ටී.අයි. සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන්ට ඇප ලබා නොදෙන ලෙස ඉල්ලා ඊ.ටී.අයි. තැන්පත්කරුවන් පිරිසක් අද (12) පෙරවරුවේ සිට අධිකරණ පරිශ්‍රය ආසන්නයේ නිහඬ විරෝධතාවක නිරත වනවා.

මේ අතර, ඊ.ටී.අයි. සමාගමේ සිදුව ඇති මුල්‍ය වංචාවන්ට අදාළ නඩුව අද (12) පස්වරු 2 ට පමණ යළි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳවීමට නියමිතයි.

එම නඩුව අද (12) පෙරවරුවේ කැඳවූ අවස්ථාවේ අධිකරණය නියෝග කළේ නඩු විභාගය පස්වරු 2 දක්වා කල් තැබීමටයි.

පසුගිය සෙනසුරාදා ඊ.ටී.අයි. සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන අය අද (12) දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවා.

නීතිපතිවරයාගේ උපදෙස් අනුව එම සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන්වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන අය පසුගියදා අත්අඩංගුවට ගැනුණේ බොරැල්ල ප්‍රදේශයේදීයි.

ඊ.ටී.අයි. ආයතනයේ සිදුවූ බව කියන රුපියල් බිලියන 6.4 කට අධික මූල්‍ය වංචාවකට අදාළවයි.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනාවරණය නොකළ ගිණුම් පවත්වාගෙන යමින් අදාළ ගිණුම්වල පැවති තැන්පත් මුදල් හිටපු අධ්‍යක්ෂ මණ්ඩලයේ පෞද්ගලික සුඛවිහරණය සඳහා සාවද්‍ය පරිහරණය කර ඇති බවටද විමර්ශනවලදී අනාවරණවී තිබෙනවා.

ඒ අනුව නීතිපතිවරයා නියෝග කර ඇත්තේ මුදල් වංචා කිරීම, සාපරාදී විශ්වාසය කඩ කිරීම සහ සාවරාධී පරිහරණය යන චෝදනා මත ඊ.ටී.අයි. හිටපු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් දණ්ඩනීති සංග්‍රහයේ 386, 389 සහ 403 යන වගන්තිය යටතේ දඬුවම් ලැබිය හැකි වරදවල් සිදුකර ඇති බවයි ෴

***************************************

(12.01.2021 – 13:18 +0530 – hirunews.lk/sinhala)

දිවයිනට බලපා ඇති වර්ෂාව සහිත කාලගුණ තත්ත්වය තව දින 03 ක් පමණ පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළා.

හිරු ප්‍රවෘත්ති අංශයට ඔහු කියා සිටියේ ඇතැම් ප්‍රදේශවලට තවදුරටත් තද වැසි ඇතිවිය හැකි බවයි.

මේ අතර, දිවයිනේ පිහිටි ප්‍රධාන ජලාශ 74 න් 21 කම වාන්දොරටු මේ වනවිට විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ එස්.පී.සී. සුගීෂ්වර මහතා සඳහන් කළා.

මේ අතර, මහවැලි ගඟේ ජල මට්ටම ඉහළ ගොස් පැවතීම හේතුවෙන් සෝමාවතී මාර්ගයේ කොටසක් ජලයෙන් යටවී තිබුණා.

එමෙන්ම, ප්‍රදේශයේ පහත් බිම් කිහිපයක්ම ජලයෙන් යටවී ඇති බවයි හිරු වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ අතර, වනාතවිල්ලුව හරහා විල්පත්තුව ජාතික වනෝද්‍යානයට යන මාර්ගය වන මන්නාරම් මාර්ගය ජලයෙන් යටවී තිබුණේ තබ්බෝව ජලාශයේ වාන්දොරටු 04 ක් විවෘත කිරීමත් සමඟ කලාඔයේ ජල ධාරිතාව පිටාර ගැලීම හේතුවෙන්.

එමෙන්ම, මධ්‍යම කඳුකරේ වැලිමඩ, ඌව පරණගම ඇතුළු බදුලු දිස්ත්‍රික්කය පුරා ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් වැලිමඩ උඩුපුස්සැල්ලාව මාර්ගයට පස්කඳු කඩා වැටී මාර්ගයේ ගමානගමනයට බාධා එල්ල වී තිබුණා.

@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@

(12.01.2021 – 08:00 +0530 – hirunews.lk/sinhala)

නව කොරෝනා ආසාදිතයින් 569 දෙනෙකු හමුවීමත් සමඟ මෙරට මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 48,949 දෙනෙකු දක්වා ඉහළ ගියා.

ඒ අනුව, මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස්, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොල සහ බන්ධනාගාර ආශ්‍රිත පොකුරේ ආසාදිතයින් සංඛ්‍යාව 45,186 ක්.

තවදුරටත් දිවයිනේ රෝහල් කිහිපයක ආසාදිතයින් 6,618 ක් ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ සංඛ්‍යාව 42,091 ක් වන බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

මේ අතර, තවත් කොරෝනා ආසාදිත රෝගීන්ගේ මරණ 08 ක් ඊයේ (11) දිනයේදී වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 240 දක්වා ඉහළ ගියා.

ඒ අතර ජනවාරි මස 06 වැනිදා, 07 වැනිදා, 08 වැනිදා, 10 වැනිදා සහ ඊයේ (11) යන දිනවලදී පුද්ගලයින් මියගොස් තිබෙනවා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ වැලිකඩ බන්ධනාගාරයේ සිටි 52 හැවිරිදි රැඳවියෙකු වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බවයි.

කොවිඩ් නියුමෝනියාව ඔහුගේ මරණයට හේතුව ලෙස දැක්වෙනවා.

එසේම, රාජගිරියේ පදිංචි 61 හැවිරිදි පුද්ගලයෙකු කොළඹ පෞද්ගලික රෝහලකදී මියගොස් ඇති අතර, ඔහුගේ මරණයට හේතු වී ඇත්තේ කොවිඩ් නියුමෝනියාව සමඟ උග්‍ර වූ දියවැඩියා තත්ත්වයයි.

මට්ටක්කුලියේ පදිංචි 45 හැවිරිදි අයෙක් සහ කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි කාන්තාවක් කොළඹ ජාතික රෝහලේදී ජීවිතක්ෂයට පත්ව තිබුණා.

කොවිඩ් නියුමෝනියාව සහ අපස්මාර තත්ත්වයන් ඔවුන්ගේ මරණවලට හේතුව ලෙස දැක්වෙනවා.

එසේම, කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙක් හෝමාගම මූලික රෝහලේදී මියගොස් ඇති අතර, ඒ කොවිඩ් නියුමෝනියා තත්ත්වය හේතුවෙන්.

බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි කාන්තාවක්ද මියගොස් ඇත්තේ හෝමාගම මූලික රෝහලේදීයි.

ඇය කොවිඩ් නියුමෝනියා තත්ත්වයත් සමඟ උග්‍ර වූ වකුගඩු රෝගයකින් මියගොස් ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

එමෙන්ම, දකුණු කළුතර පදිංචි 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේදී මියගොස් ඇති අතර, කොවිඩ් නියුමෝනියාව සහ ලේ විෂවීම මරණයට හේතුව ලෙස දැක්වෙනවා.

මීට අමතරව කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි 57 හැවිරිදි පිරිමි පුද්ගලයෙක්ද වැලිකන්ද මූලික රෝහලේදී ඊයේ (11) දිනයේදී මියගොස් ඇති අතර, එම මරණයට හේතුව කොවිඩ් නියුමෝනියාව සමඟ ලේ විෂවීම බව සඳහන්.

කොරෝනා වෛරසය ආසාදනය වූ ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාරගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10 දෙනෙකුට පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු වී ස්වයං නිරෝධායනය වන ලෙස ඊයේ (11) දැනුම් දුන්නා.

එමෙන්ම, වාසුදේව අමාත්‍යවරයාගේ ආශ්‍රිතයින් ලෙස පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ 15 දෙනෙකුද හඳුනාගෙන තිබෙනවා.

මීට පෙර අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්ට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වුණා.

එසේම, අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතාට ද කොරෝනා වෛරසය ආසාදනය වූ අතර, ඒ අනුව, ඔහුගේ ආශ්‍රිතයන් සහ රවුෆ් හකීම් මන්ත්‍රීවරයාගේ ආශ්‍රිතයින් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 21 දෙනෙකුට නිරෝධායනයට යොමුවන ලෙස උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව, මේ වනවිට ස්වයං නිරෝධායනයට උපදෙස් ලබාදී ඇති මුළු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 31 ක්.

මේ අතර, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල හිරු ප්‍රවෘත්ති අංශය අමතා ප්‍රකාශ කළේ තමාට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයෙන් වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වූ බවයි.

මේ අතර, කොරෝනා තත්ත්වය හමුවේ තාවකාලිකව ධාවනය නතර කර තිබූ දුම්රිය ගමන්වාර 51 ක් අද (12) සිට යළි ධාවනය සඳහා එක් කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

මීට අමතරව, දෛනිකව ධාවනය කරවනු ලැබූ සියලුම දුම්රිය සේවා වාර ලබන 25 වනදා සිට සාමාන්‍ය පරිදි ධාවනය වන බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා ෴

++++++++++++++++++++

(12.01.2021 – 09:02 +0530 – hirunews.lk/sinhala)

ගත වූ පැය 24 ක කාලය තුළ බස්නාහිර පළාතෙන් පිටත නිරෝධායන නීති කඩ කළ පුද්ගලයන් 23 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මුහුණු ආවරණ නොපැළදීම හා සමාජ දුරස්ථභාවය තබා නොගැනීම හේතුවෙන්.

ඒ අනුව, පසුගිය ඔක්තෝම්බර් 30 වනදා සිට මේ දක්වා කාලය තුළ මුහුණු ආවරණ නොපැළදි හා සමාජ දුරස්ථභාවය තබා නොගත් පුද්ගලයන් 2438 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

++++++++++++++++++++

(12.01.2021 – 10:47 +0530 – hirunews.lk/sinhala)

මැදපෙරදිග, කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටියදී විවිධ හිරිහැර සහ වධ හිංසාවලට ලක්ව සිටි ශ්‍රී ලාංකිකයින් 414 දෙනෙකු දිවයිනට පැමිණ තිබෙනවා.

සිය හාම්පුතුන්ගේ වධහිංසාවලට ලක්ව මෙරටට පැමිණිමට නොහැකිව සිරවී සිටි මෙම පිරිස ගුවන් යානා දෙකකින් (2) දිවයිනට පැමිණි බවයි හිරු ගුවන්තොටුපල වාර්තාකරුවන් සඳහන් කළේ.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබිහි රැකියා සඳහා පිටත්ව ගිය 186 දෙනෙකු ඊයේ (11) පැමිණි අතර, කටාර් රාජ්‍යයේ සිට අනෙක් 225 දෙනා අද (12) අලුයම දිවයිනට පැමිණ තිබෙනවා.

මොවුන් සියලුදෙනා ගුවන්තොටුපලේදීම පී.සී.ආර්. පරීක්ෂණවලට ලක්කිරීමෙන් අනතුරුව නිරෝධායනය සඳහා රජයේ මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය බවයි හිරු ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළේ ෴

+++++++++++++++++++++

(12.01.2021 – 13:36 +0530 – hirunews.lk/sinhala)

පසුගිය වසරේ ඔක්තෝම්බර් 04 වැනිදා සිට ආරම්භ වූ මෙරට කොරෝනා දෙවන රැල්ලට අදාළව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන ආසාදිතයින් සංඛ්‍යාව 20,000 ඉක්මවා තිබෙනවා.

ඒ අනුව එම සංඛ්‍යාව සටහන් වන්නේ 20,017 ක් ලෙසයි.

එසේම, ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා දෙවන (2) රැල්ලට අදාළව ආසාදිතයින් 10,303 ක් මේ වනවිට වාර්තා වන අතර, ඉන් අනතුරුව වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ කළුතර දිස්ත්‍රික්කයෙන්.

එම සංඛ්‍යාව 3,854 ක්.

මහනුවර දිස්ත්‍රික්කයෙන්ද කොරෝනා දෙවන (2) රැල්ලට අදාළව ආසාදිතයින් 2,236 දෙනෙකු මේ වනවිට වාර්තා වනවා.

මේ අතර, ඊයේ (11) දිනයේ මෙරටින් හඳුනා ගැණුනු කොරෝනා ආසාදිතයින් 569 දෙනා අතරින් 110 ක් වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වුණා.

එසේම, ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ (11) ආසාදිතයින් 88 දෙනෙකු සහ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් පනස් දෙදෙනෙකු (52) හඳුනාගෙන තිබුණා.

කෙසේ වෙතත්, මෙතෙක් දෛනිකව වැඩිම ආසාදිතයින් වාර්තා වූ කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ (11) වාර්තා වී තිබුණේ ආසාදිතයින් 37 දෙනෙකු පමණයි.

මේ වනවිට අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම්ට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.

එසේම, අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතාට ද කොරෝනා වෛරසය ආසාදනය වූ අතර, ඒ අනුව, ඔහුගේ සහ රවුෆ් හකීම් මන්ත්‍රීවරයාගේ මෙන්ම වාසුදේව නානායක්කාර අමාත්‍යවරයාගේ ආශ්‍රිතයින් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 31 දෙනෙකුට නිරෝධායනයට යොමුවන ලෙස උපදෙස් ලබාදී තිබෙනවා.

එලෙස උපදෙස් ලැබුණු විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල හිරු ප්‍රවෘත්ති අංශය අමතා ප්‍රකාශ කළේ තමාට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයෙන් වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වූ බවයි.

සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයෙන් කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වූ බව තිස්ස අත්තනායක මන්ත්‍රීවරයාද ප්‍රකාශ කළා.

අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන මහතාද හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ තමාට සිදුකළ ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණයෙන් ආසාදිතයෙකු නොවන බව තහවුරු වූ බවයි.

මේ අතර රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක ගෙන් අප කළ විමසීමකදී සඳහන් කළේ තමාට සිදුකළ ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණයෙන් කොවිඩ් ආසාදිතයෙකු නොවන බවට තහවුරු වූ බවයි.

එසේම, ගයන්ත කරුණාතිලක, තලතා අතුකෝරාල සහ එම්.ඒ.සුමන්දිරන් යන මන්ත්‍රීවරුන්ටද කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බව මීට පෙර තහවුරු වුණේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵලවලට අනුවයි.

මේ අතර, මහා බ්‍රිතාන්‍යයෙන් මුල්වරට හඳුනාගත් නව කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදනය වූ බවට සැක කෙරෙන පුද්ගලයෙකු පිළිබඳ පරීක්ෂණ ක්‍රියාත්මක බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා.

එමෙන්ම, පාසල් ක්‍රීඩා උත්සව පැවැත්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ ලබාදීමට කටයුතු කරන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා කියා සිටියා.

මේ අතර, සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කරන පුද්ගලයින් සොයා තවදුරටත් මෙහෙයුම් සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *