පුරාවස්තු විනාශය සංවිධානාත්මකව සිදුවන බවට රාජ්‍ය ඇමති විදුරට සැකයක්

පුරාවස්තු විනාශය සංවිධානාත්මකව සිදුවන බවට රාජ්‍ය ඇමති විදුරට සැකයක්

*********************************************

පුරාවස්තු විනාශය සංවිධානාත්මකව සිදුවන බවට රාජ්‍ය ඇමති විදුරට සැකයක්

(12.01.2021 – 14:27 +0530 – hirunews.lk/sinhala)

මේ වනවිට සිදුවන පුරාවස්තු විනාශය සංවිධානාත්මකව සිදුවන්නේදැයි සැකයක් පවතින බව රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා. කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

***************************************

(12.01.2021 – 14:32 +0530 – hirunews.lk/sinhala)

යුද හමුදාවේ සේවය කළ කිසිදු සෙබළෙකුගේ විශ්‍රාම වැටුප් කප්පාදුවීමක් සිදුකර නොමැති බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

ඒ, ආබාධිත විශ්‍රාමික හමුදා සාමාජිකයන් පිරිසක් සිය විශ්‍රාම වැටුප් නොලැබෙන බවට පවසමින්.

ඊයේ (11) කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවට ප්‍රතිචාර දක්වමින්.

***************************************

(12.01.2021 – 16:35 +0530 – hirunews.lk/sinhala)

විදුලි ජනක කොටස් ලෙස ප්‍රකාශ කර නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ගෙන්වූ රථවාහන 12 ක් රේගු භාරයට ගෙන තිබෙනවා.

එහි වටිනාකම රුපියල් පන් කෝටි පනස් ලක්ෂයක් (5,50,00,000) බවයි අනාවරණ වී ඇත්තේ.

කිලෝ ග්රැම් 12,140 බරැති මෙම අඩි 40 ක් දිග බහාලුම් 03 සිංගප්පූරුවේ සිට මෙරටට ඒවා ඇති බවයි වාර්තාවන්නේ.

ඒ තුළ තිබී ටොයෝටා හයි ඒස් වෑන් රථ 02 ක්, ටොයෝටා විට්ස් කාර් රථ 03 ක්, නිසාන් මිනි වෑන් 01 ක්, හයි ජෙට් මිනි වෑන් 03 ක් සහ හස්ට්ලර් වැගන් රථ 03 ක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

රේගු නිලධාරීන් විසින් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ වරායේ ලිපිකරුවකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 20 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙනවා.

***************************************

(12.01.2021 – 16:46 +0530 – hirunews.lk/sinhala)

පළාත් සභා ව්‍යවස්ථාවේ කොටසක් වන බැවින්, පළාත් සභා මැතිවරණ පවත්වා මහජන නියෝජිතයන් පත් කර ගැනීම අවශ්‍යතාවක් බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

අත්‍යාවශ්‍ය සේවාවන්හි නිරත වූවන්ට පූර්ව ඡන්ද ප්‍රකාශ කිරීමේ අවස්ථාවක් ලබාදීම පිළිබඳව මැතිවරණ කොමිසමේ අවධානය යොමුවී තිබෙනවා.

විශේෂයෙන් සෞඛ්‍ය සේවාවන්හි නිරත වූවන් සහ මාධ්‍යවේදීන් ඇතුළු කණ්ඩායම් වලට මෙලෙස කලින් ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලබාදීමට අදහස් කරන බවයි මැතිවරණ කොමිසමේ සභාපති නිමල් පුංචිහේවා මහතා ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් සමඟ අද (12) පැවති සාකච්ඡාවකදී සඳහන් කර ඇත්තේ.

ඒ සඳහා මැතිවරණ නීතිය වෙනස් කිරීමේ සංශෝධන ගෙන එන බව ද ඔහු එහිදී ප්‍රකාශ කළා ෴

***************************************

(12.01.2021 – 17:55 +0530 – hirunews.lk/sinhala)

ඊ.ටී.අයි. සමාගමේ සිදුව ඇති මුල්‍ය වංචාවන්ට අදාළව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර සිටි එම සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ අද (12) යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ ඊට අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඞ් මිහාර් හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

අද (12) පෙරවරුවේ එම නඩුව කැඳවූ අවස්ථාවේ, නඩු විභාගය පස්වරු 2 දක්වා කල් දැමුණා.

පසුව ඊ.ටී.අයි. සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහට ඇප ලබාදීම සම්බන්ධයෙන් වන තීන්දුව ජනවාරි 15 වනදා ලබාදෙන තෙක් ඔවුන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවේ.

ETI ආයතනයේ සිදුවූ බව කියන රුපියල් බිලියන 6.4 කට අධික මූල්‍ය වංචාවකට අදාළව නීතිපතිවරයාගේ උපදෙස් මත ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ පසුගියදා අත්අඩංගුවට ගැනුණේ බොරැල්ල ප්‍රදේශයේදීයි.

ශ්‍රී ලංකා මහ බැංකුවට අනාවරණය නොකළ ගිණුම් පවත්වාගෙන යමින් අදාළ ගිණුම්වල පැවති තැන්පත් මුදල් ඔවුන් පෞද්ගලික සුඛවිහරණය සඳහා සාවද්‍ය පරිහරණය කර ඇති බවටද විමර්ශනවලදී අනාවරණවී තිබෙනවා.

මේ අතර, ඊ.ටී.අයි. සමාගමේ හිටපු අධ්‍යක්ෂවරුන්ට ඇප ලබා නොදෙන ලෙස ඉල්ලා ඊ.ටී.අයි. තැන්පත්කරුවන් පිරිසක් අද (12) පෙරවරුවේ සිට අධිකරණ පරිශ්‍රය ආසන්නයේ නිහඬ විරෝධතාවක නිරත වුණා.

***************************************

සිරදඩුවමත් සමඟ රන්ජන්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයත් අහෝසියි – ජනාධිපති නීතිඥ යූ.ආර්.ද සිල්වා

(12.01.2021 – 18:55 +0530 – hirunews.lk/sinhala)

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කරමින් බරපතළ වැඩ සහිත වසර 4 ක සිර දඬුවමක් නියම වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක නිරෝධායනය සඳහා මීගමුව – පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානය වෙත රැගෙන ගියා.

අදාල නඩුවේ තීන්දුව සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද (12) ප්‍රකාශයට පත් කරනු ලැබුවේ ඒකමතික තීන්දුවක් ලෙසින්.

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක අධිකරණයට අපහාසවන අයුරින් අදාළ ප්‍රකාශය සිදුකරනු ලැබුවේ, 2017 වසරේ අගෝස්තු මස 21 වැනිදායි.

ඒ, එවක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සමඟ අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ඒ අනුව පුජ්‍ය මාගල්කන්දේ සුදන්ත හිමියන් සහ විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා විසින් ශේෂ්ඨාධීකරණයට යොමු කල පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා විසින් වගඋත්තරකාර රංජන් රාමනායකට එරෙහිව මීට අදාළ චෝදනා පත්‍රය ගොනු කර තිබුණා.

අවස්ථා කිහිපයදීම කැඳවූ මෙම නඩුවේ තින්දුව අද (12) ප්‍රකාශයට පත් කළා.

නීතිපතිවරයා වෙනුවෙන් ජේෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සරත් ජයමාන්න පෙනී සිටි අතර වගඋත්තරකාර රංජන් රාමනායක වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් ඇතුළු නීතිඥ මණ්ඩලයක්.

නඩුව සලකා බැලු‍වේ සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන ත්‍රිපුද්ගල ශේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේයි.

අධිකරණය විසින් සම්පාදිත ලිඛිත තීන්දුව විවෘත අධිකරණයේ ප්‍රකාශයට පත් කළේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු සිසිර ද ආබෲ විසින්.

2017 වසරේ අගෝස්තු මස 21 වන දා අරලියගහ මන්දිරය ඉදිරිපිටදි රංජන් රාමනායක සිදු කළ ප්‍රකාශයකින් අධිකරණයට අපහාසයක් සිදු වී තිබෙන බවට චෝදනා කරමින් ඉදිරිපත් වූ පැමිණිල්ලකට අනුව මෙම නඩුකරය විභාගයට ගැනුණු බව විනිසුරුවරයා එහිදී සඳහන් කළා.

එම ප්‍රකාශය තුළින් වගඋත්තරකාර රංජන් රාමනායක මහතා මෙරට නීතිඥවරු සහ විනිසුරුවරුන්ගෙන් බහුතරය දූෂිතයින් බවත්, ඔවුන් මුදලට වැඩ කරන බවටත් ඔවුන් දූෂිතයින් බේරා ගන්නා බවටත් ප්‍රකාශ කර තිබූ බව සාක්ෂිවලින් අනාවරණය වනවා.

අධිකරණය හමුවේ සාක්ෂි දුන් වගඋත්තරකාර රංජන් රාමනායක ප්‍රශ්නගත ප්‍රකාශය තුළ තමන් අතින් ‘විනිසුරුවරු’ යන වචනය සඳහන් වූයේ වැරදීමකින් යැයි සඳහන් කර තිබෙනවා.

නමුත් ඔහුගේ පශ්චාත් ක්‍රියාකලාපය පිරික්සීමේදී එම විත්තිවාචකය බිඳ වැටෙනවා.

මෙම නඩුකාරය ආරම්භ වීමෙන් පසුව නඩුව කැඳවන දිනවල එය අවසන් වීමෙන් පසුව වගඋත්තරකාර රංජන් රාමනායක ජනමාධ්‍යවලට විවිධ ප්‍රකාශ සිදුකර තිබෙන බවද විනිසුරු සිසිර ද ආබෲ සිහිපත් කළා.

2017 වසරේ දෙසැම්බර් මස 14 වනද, 2018 වසරේ මාර්තු මස 23 වන දා, ජුනි මස 4 වන දා, ජුනි මස 18 වනදා, සහ සැප්තැම්බර් මස 05 වනදා යන දිනයන්හි මෙම නඩු විභාගය අවසන් වීමෙන් පසුව වගඋත්තරකාර රංජන් රාමනායක අධිකරණ ශාලාවෙන් පිටතට පැමිණ ශේෂ්ඨාධිකරණ භූමියේ දී සිදුකළ ප්‍රකාශවලින් විනිසුරුවරු දූෂිතයින් බවට තමන් විසින් සිදු කළ ප්‍රකාශය ඉල්ලා අස්කර නොගන්නා බවටත් තමන් ඒ වෙනුවෙන් සිර දඬුවම් විඳීමට පවා සූදානම් බවටත් ඒ වෙනුවෙන් තමන් තවදුරටත් පෙනී සිටින බවටත් සඳහන් කර තිබෙනවා. ඒ බව වීඩියෝ සාක්ෂි පිරික්සීමේදී අනාවරණය වනවා.

මෙම නඩුවට පාදක වන ප්‍රශ්නගත ප්‍රකාශය තුළින් විනිසුරුවරුන්ට අපහාස කිරීමේ චේතනාවක් තමන් තුළ නොතිබූ බවට රන්ජන් රාමනායක විසින් සිය විත්තිවාචකය මගින් සඳහන් කර තිබුණා.

වගඋත්තරකාර රංජන් රාමනායක විසින් 2017 වසරේ අගෝස්තු මස 21 දා අරලියගහ මන්දිරය අසළ දී සිදුකළ ප්‍රකාශය මෙම නඩුකරය ආරම්භ වීමෙන් පසුවද අවස්ථා කිහිපයකදී උපරිමාධිකරණ සංකීර්ණ භූමියේදී ජනමාධ්‍යවලට සිදුකර තිබූ බව විනිසුරු සිසිර ද ආබෲ පෙන්වා දුන්නා.

ඒ තුළින් විනිසුරුවරුන්ට අපහාස කිරීමේ චේතනාවක් වගඋත්තරකරු තුළ තිබූ බව ඔහු විසින් පුන පුනා ප්‍රකාශ කර ඇතැයි ද විනිසුරුවරයා සඳහන් කළා.

මෙම චෝදනාව විභාග කිරීමට ශේෂ්ඨාධිකරණයට අධිකරණ බලයක් නොමැති බවට වගඋත්තරකාර රංජන් රාමනායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරයා මතු කළ විරෝධතාව ද ප්‍රතික්ෂේප කරන බවයි විනිසුරුවරයා සඳහන් කළේ.

සියලු‍ කරුණු පිරික්සීමේදී වගඋත්තරකාර රංජන් රාමනායකට එරෙහිව නීතිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබූ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව සාධාරණ සැකයකින් ඔබ්බට ඔප්පු වී තිබෙන බව ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල තීන්දු කළා.

ඒ අනුව ඔහුට බරපතළ වැඩ සහිත වසර හතරක සිර දඬුවම් නියම කරන බව ද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නිවේදනය කළා.

අනතුරුව සිර දඬුවම් නියමවු රංජන් රාමනායක අධිකරණ පරිශ්‍රයේ සිට බන්ධනාගාර බස් රථයකින් වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙන ගියා.

පසුව සිර දඬුවම් නියමවු රංජන් රාමනායක නිරෝධායනය සඳහා මීගමුව – පල්ලන්සේන තරුණ වරදකරුවන්ගේ විශෝධන මධ්‍යස්ථානය වෙත රැගෙන යනු ලැබූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා ප්‍රකාශ කළා.

මේ අතර, බරපතල වැඩ සහිතව වසර 4 ක සිරදඩුවමක් නියම වීමත් සමඟ රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි වන බව ජනාධිපති නීතිඥ යූ.ආර්.ද සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ අදාළ නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් අප කළ විමසීමකදීයි.

ඒ බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 වගන්තියේ සිට 91 දක්වා වගන්තිවල පැහැදිලිව සඳහන් වන බවයි ඔහු කියා සිටියේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 වන වගන්තියේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වශයෙන් තෝරා පත් කර ගනු ලැබීමට වන නුසුදුසුකම් සඳහන් වනවා.

ඒ 89 වන ව්‍යවස්ථාවේ දක්වා ඇති නුසුදුසුකම් සඳහා යටත්වීමට අනුකූලවයි. 89 වන ව්‍යවස්ථාවේ ‘ඈ’ ඡේදයේ සඳහන් පරිදි යම්කිසි තැනැත්තෙකු අවුරුදු 2 කට නොඅඩු කාලයක් බන්ධනාගාර ගත කිරීමෙන් දඩුවම් කළ හැකි වරදකට කවර හෝ අධිකරණයක් මගින් වරදකරු කරනු ලැබීමෙන් පසුව නියම කරන ලද 6 මාසයකට නොඅඩු කාලයකට කවර වූ හෝ ආකාරයක බන්ධනාගාර ගත කිරීමේ දඩුවමක් විඳිමින් සිටීනම්, ඒ තැනැත්තා ජනාධිපතිවරයා තෝරා පත් කිරිමේ ඡන්ද විමසීමකදී හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් තෝරා පත් කිරීමේ මැතිවරණයකදී ඡන්ද හිමියෙකු වීමට හෝ ජනමත විචාරණයකදී ඡන්දය දීමට සුදුස්සෙකු වන්නේ නැහැ.

ඒ අනුව, 91 වන ව්‍යවස්ථාවේ වැඩිදුරටත් සඳහන් වන්නේ 89 වන ව්‍යවස්ථාවේ සඳහන් අදාළ නුසුදුසුකම්වලට යටත් වන්නේ නම්, එම තැනැත්තා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් තෝරා පත් කර ගැනීමට, අසුන් ගැනීමට හෝ පාර්ලිමේන්තුවේ ඡන්දය භාවිත කිරීමට ද නුසුදුසු වන බවයි.

පසුගිය මහමැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සමගි ජනබලවේගයෙන් නියෝජිතයින් 4 දෙනෙකු පාර්ලිමේන්තු වරම් හිමිකර ගත්තා.

එම ලැයිස්තුවේ පස්වන ස්ථානය හිමිවුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන අජිත් මාන්නප්පෙරුම ටයි.

අදාළ තත්ත්වය මත රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධුරය, අජිත් මාන්නප්පෙරුම වෙත හිමිවනු ඇති බවයි සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සඳහන් කළේ.

කෙසේ වෙතත්, නව මන්ත්‍රීවරයෙකු නම් කිරීම මාස 6 කට පසුව ද සිදුකළ හැකි බවයි හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ නිමල් පුංචිහේවා මහතා ප්‍රකාශ කළේ.

අදාළ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ගෙන් ද අප විමසීමක් කළා.

ඔහු කියා සිටියේ තමන් මේ වනවිටත් අදාළ නීතිමය පසුබිම සොයා බලමින් පසුවන බවයි ෴

++++++++++++

රන්ජන්ට වසර 7ක් ඡන්ද අයිතිය අහිමියි

+++++++++++++

මේ අතර, රංජන් රාමනායකට හිමිවූ දඬුවම සම්බන්ධයෙන් පාර්ශ්ව රැසක් මෙලෙස අදහස් පළ කළා :

***************************************

(12.01.2021 – 20:17 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමේ සූදානමක් ඇති බව පවසමින් ජනතා විමුක්ති පෙරමුණ කොළඹ දී අද (12) පස්වරුවේ විරෝධතාවක නිරත වුණා.

කෙසේ වෙතත් වරාය හා නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසුවේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය විකිණීමේ කිසිදු සූදානමක් නොමැති බවයි.

+++++++++++++++

***************************************

(12.01.2021 – 20:19 +0530 – hirunews.lk/sinhala)

දිවයිනට බලපා ඇති වර්ෂාපතන තත්ත්වය ඉදිරි දින 3 තුලද පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාරත්මේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසනවා.

මේ අතර, වාරිමාර්ග දෙපාර්තමෙන්තුවේ ජලවිද්‍යා අංශයේ අධ්‍යක්ෂ S.P.C සුගීෂ්වර මහතා පැවසුවේ ප්‍රධාන ජාලාශ 74 න් 21 ක වාන් දොරටු මේ වන විට විවෘත කර ඇති බවයි.

***************************************

(12.01.2021 – 22:04 +0530 – hirunews.lk/sinhala)

කඩ ඉම් ලකුණු අනුව විශ්වවිද්‍යාල වලට සිසුන් ඇතුළත් කරගන්නා ලෙස ඉල්ලමින් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය කොළඹ විජේරාම මාවතේ පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවස ඉදිරිපිට අද (12) පස්වරුවේ විරෝධතාවක නිරත වුණා.

කෙසේවෙතත් එම අවස්ථාව්දී ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීම සඳහා පොලිසිය විසින් ඉඩ ලබා නොදීමත් සමඟ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති අතර පසුව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමියන් පොලිසිය විසින් රැගෙන යනු ලැබූවා.

අනතුරුව විරෝධතාවයේ නිරත වූ පිරිසෙන් කිහිපදෙනෙකු පොලිසිය විසින් සාකච්ඡාවක් සඳහා අරලියගහ මන්දිරය වෙත රැගෙන යනු ලැබීමත් සමඟ විරෝධතාකරුවන් විසිර ගියා.

***************************************

(12.01.2021 – 22:45 +0530 – hirunews.lk/sinhala)

සහල් මිල පාලනය සඳහා ඉදිරියේදී රජය වී අතිරික්තයක් තබාගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ වී මෙට්‍රික් ටොන් ලක්ෂ 3 ක් මිලදී ගැනීමේ ජාතික වැඩසටහනේ සමාරම්භයට එක්වෙමින්.

***************************************

(12.01.2021 – 22:45 +0530 – hirunews.lk/sinhala)

මුතුරාජවෙල තෙත් බිමේ සිදුවන නීති විරෝධී ක්‍රියා පිළිබඳ නිලධාරීන් යොදවා පරීක්ෂා කර අවශ්‍ය පියවර ගන්නා බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා .

පරිසර අමාත්‍යාංශයේ අද (12) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@@

(12.01.2021 – 15:33 +0530 – hirunews.lk/sinhala)

දිවයිනට සංචාරකයින් ගෙන්වා ගැනීමේ නියමු වැඩසටහනට අදාළව තවත් යුක්රේන ජාතික සංචාරකයින් 165 දෙනෙකු මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් අද (12) දිවයිනට පැමිණියා.

අද (12) පස්වරු 02:40 ට දිවයිනට පැමිණි එම සංචාරකයින් රැගත් ගුවන් යානයෙන් මීටපෙර දිවයිනට පැමිණ සිටි යුක්රේන ජාතික සංචාරකයින් 178 දෙනෙකු යළි සියරට බලාගොස් තිබෙනවා.

මේ වනවිට සංචාරකයින් ගෙන්වා ගැනීමේ නියමු වැඩසටහනට අදාළව දිවයිනට පැමිණ ඇති යුක්රේන ජාතික සංචාරකයින් සංඛ්‍යාව 1169 ක් ෴

++++++++++++++++++++++++

(12.01.2021 – 15:35 +0530 – hirunews.lk/sinhala)

අද (12) දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 530 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමඟ සුවය ලැබූ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 42,621 ක් දක්වා ඉහළ ගියා.

තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 6088 ක් ෴

තවත් කොරෝනා ආසාදිතයන් 310 ක් වාර්තාවන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා ෴

++++++++++++++++++++

(12.01.2021 – 17:07 +0530 – hirunews.lk/sinhala)

කොළඹ ජාතික රෝහලේ ස්ථාපිත කර ඇති පී.සී.ආර්. පරීක්ෂණාගාරයේ දිනකට වාර දෙකක් (2) තුල පරීක්ෂණ 200 ක් සිදුකිරීමේ හැකියාව ලැබී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.

ජාතික රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා සඳහන් කළේ රෝහලේ පරීක්ෂණ කටයුතු අද (12) සිට ආරම්භ කර ඇති බවයි.

මේ වනතෙක් කොළඹ ජාතික රෝහලේ පී.සී.ආර්. පරීක්ෂණ වෛද්‍ය පර්යේෂණ ආයතනයෙන් හා මුල්ලේරියාව රෝහලෙන් සිදුකළ අතර අද (12) දින සිට පැය 5 ක කාලයක් තුලදී මෙම පරීක්ෂණ වාර්තා ලබා ගැනීමට හැකියාව පවතිනවා ෴

+++++++++++++++++++

(12.01.2021 – 17:22 +0530 – hirunews.lk/sinhala)

පෑලියගොඩ ගඟබොඩ ග්‍රාම නිලධාරී වසමේ 90 වත්ත අද (12) පස්වරු 6 සිට හුදෙකළා කෙරෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

මේ අතර තවත් කොරෝනා ආසාදිතයන් 310 ක් වාර්තාවන බවද යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

එසේම අද (12) දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 530 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමඟ සුවය ලැබූ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 42,621 ක් දක්වා ඉහළ ගියා.

තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 6398 ක් ෴

++++++++++++++++++++

(12.01.2021 – 19:40 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා එන්නතක් දිවයිනට ගෙන්වීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය මෙම සතියේදී හෝ ඉදිරි සතියේදී ප්‍රකාශයට පත්කළ හැකි වනු ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

කොළඹ අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.

එම මාධ්‍ය හමුවට එක්වූ සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටියේ ඉදිරි මාස හය (6) කැප කිරීම් සිදුකළ යුතු කාලසීමාවක් බවයි.

මේ අතර, අද (12) දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 530 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ සුවය ලැබූ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 42,621 ක් දක්වා ඉහළ ගියා.

එසේම, තවත් කොරෝනා ආසාදිතයින් 310 දෙනෙකු අද (12) දිනයේදී මේ වනවිට මෙරටින් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 6398 ක් පමණයි.

මේ අතර, පෑලියගොඩ – ගඟබඩ ග්‍රාම නිලධාරි වසමේ අනූව වත්ත, අද (12) පස්වරු 6 සිට හුදකලා කරන බව යුද හමුදාපතිවරයා සඳහන් කළා.

එසේම, දිවයිනට සංචාරකයින් ගෙන්වා ගැනීමේ නියමු වැඩසටහනට අදාළව තවත් යුක්රේන ජාතික සංචාරකයින් 165 දෙනෙකු මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් අද (12) දිවයිනට පැමිණියා.

ඒ අනුව, මේ වනවිට දිවයිනට පැමිණ ඇති යුක්රේන ජාතික සංචාරකයින් සංඛ්‍යාව 1169 ක්.

+++++++++++++++++++++

(12.01.2021 – 20:35 +0530 – hirunews.lk/sinhala)

තවත් කොරෝනා ආසාදිතයන් 274 ක් තහවුරු වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව අද (12) දිනයේ වාර්තාවූ ආසාදිතයන් සංඛ්‍යාව 584 ක්.

අද (12) දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 530 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව යාමත් සමඟ සුවය ලැබූ මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 42,621 ක් දක්වා ඉහළ ගියා.

තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 6672 ක් පමණයි ෴

++++++++++++++++++++

(12.01.2021 – 22:14 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා මරණ 04 ක් වාර්තා වනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා අසාදිත මරණ සංඛ්‍යාව 244 දක්වා ඉහලගොස් තිබෙනවා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *