නැගෙනහිර පර්යන්තය විකිණීම හෝ බදුදීම නොකරන බව ජනපති වරාය වෘත්තීය සමිති නියෝජිතයන්ට කියයි

නැගෙනහිර පර්යන්තය විකිණීම හෝ බදුදීම නොකරන බව ජනපති වරාය වෘත්තීය සමිති නියෝජිතයන්ට කියයි

*********************************************

නැගෙනහිර පර්යන්තය විකිණීම හෝ බදුදීම නොකරන බව ජනපති වරාය වෘත්තීය සමිති නියෝජිතයන්ට කියයි

(13.01.2021 – 16:41 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ, නැගෙනහිර පර්යන්තය විකිණීම හෝ බදු දීම හෝ නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වරාය වෘත්තීය සමිති නියෝජිතයන් හමුවේ ප්‍රකාශ කර තිබෙනවා.

පසුගිය රජය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට විකිණීමට ගිවිස ගෙන තිබු අතර විකිණීමෙන් පසු ජපානයෙන් ණයක් ගැනීමත්, ණය මුදලින් ඉදිකිරීම් සඳහා වන උපකරණ මිලදී ගැනීමත් ගිවිසුමට ඇතුළත් වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

ගිවිසුම පිළිබඳව වත්මන් රජය ඉන්දියාව සමග කළ සාකච්ඡාවලින් පසු 51% ක අයිතිය සහ පර්යන්තයේ පාලනය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ තබා ගැනීමේ එකඟතාවට පැමිණීමට හැකි වූ බව ජනාධිපතිවරයා වෘත්තීය සමිති නියෝජිතයන්ට පෙන්වා දී තිබෙනවා.

රට තුළ කෙරෙන ආයෝජන මගින් රටේ ස්වෛරීභාවයට හෝ ස්වාධීනත්වයට හෝ කිසිදු හානියක් වීමට තමා ඉඩ නොතබන බවයි ඔහු අවධාරණය කළේ.

වෘත්තීය සමිති කළ ඉල්ලීමට අනුව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ සාකච්ඡාවක් පැවැත්වුණා.

පසුගිය රජය විසින් හම්බන්තොට වරාය 99 වසරකට චීන රජයට සම්පූර්ණයෙන් බදු දී තිබු අතර තමා බලයට පත්වීමෙන් පසු චීනය සමග සාකච්ඡා කර වරායට අයත් මුහුදු ප්‍රදේශයේ ආරක්ෂාව පිළිබඳ වගකීම රජය යටතට ගත් බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දුන්නා.

නැගෙනහිර පර්යන්ත සංවර්ධනය සැලසුම් කළේ කලාපීය භූ දේශපාලනික සාධක, රටේ ස්වෛරීභාවය, අදායම් සහ රැකියා උත්පාදනය ඇතුළු සියලු සාධක සමාලෝචනය කිරීමෙන් පසුව බව ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

ආයෝජන වැඩසටහන යටතේ නැගෙනහිර පර්යන්තය ‘තිරසාර සංවර්ධනයකට’ ලක් කරන බව ද ඔහු පැහැදිළි කළා.

නැගෙනහිර පර්යන්තය ප්‍රතිඅපනයන මෙහෙයුම්වලින් 66% කට ඉන්දියාව දායක වනවා.

9% බංග්ලාදේශයටත්, ඉතිරිය තවත් රටවල් කිහිපයකටත් කෙරෙන ප්‍රතිඅපනයනයන්.

ශ්‍රී ලංකා රජයට 51% අයිතිය සහ ඉතිරි 49% ඉන්දීයාවේ ‘අදානි’ සමාගමටත්, වෙනත් පාර්ශ්වයන්ටත් කොටස්කරුවන් වශයෙන් හවුල් විය හැකි ආයෝජනයක් ලෙස පර්යන්තය සංවර්ධනය කිරීම සැලසුම බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

ඒ පිළිබඳ කිසිදු සැකයක් තබා නොගන්නා ලෙසට ඔහු ඉල්ලා සිටි අතර සියලු වෘත්තීය සමිති නියෝජිතයන් එක්ව මේ වැඩසටහන පිළිබඳව සිය යෝජනා සහ අදහස් ඉදිරිපත් කරන ලෙසට වෘත්තීය සමිති ප්‍රධානීන්ට දන්වා තිබෙනවා.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් කියාසිටියේ වරාය බටහිර පර්යන්තයේ මෙහෙයුම් වරාය අධිකාරියට පැවරීමට තමා අපේක්ෂා කරන බවයි.

වරාය සංවර්ධනය සඳහා සැලසුම් ඉදිරිපත් කිරීමේ වැදගත්කම ද ඔහු මෙහිදී වෘත්තීය සමිති නියෝජිතයන්ට පෙන්වා දී තිබෙනවා.

++++++++++++++++

++++++++++++++

+++++++++++++++

වෘත්තිය සමිති එකමුතුව නියොජනය කරමින් ශාමල් සුමනසේකර මහතා පසුගිය දින මාධ්‍යට නිකුත් කළ විඩියෝවක් :

+++++++++++++++

++++++++++++++++

අගමැති සහ ඇමති

***************************************

(13.01.2021 – 17:17 +0530 – hirunews.lk/sinhala)

පස් (5) හැවිරිදි කුඩා දියණියකට අමානුෂික ලෙස අතවර කිරීම සම්බන්ධයෙන් 41 හැවිරිදි දෙදරු (2) පියෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සිය බිරිඳගෙන් වෙන්ව සිටින අයකු වන අතර අතවරයට ලක්වූ දැරියගේ පියාට අයත් වත්තක සේවකයකු ලෙස ද ඔහු කලක් සේවය කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

අපයෝජනයට ලක්වූ දැරිය රක්වාන ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර මහ රෝහලට මාරු කර යවා තිබෙනවා.

පසුගිය දිනක පෙරවරුවේ නිවසේ කිසිවකුත් නොමැති අවස්ථාවක ඔහු කුඩා දැරිය රවටාගෙන අසළ පිහිටි ලඳු කැලෑවකට රැගෙන ගොස් මෙම අතවරය සිදුකර ඇති බවයි පොලිසිය සිදුකල වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන රක්වාන පොලිසිය විසින් සිදු කිරීමට නියමිතයි ෴

***************************************

(13.01.2021 – 19:39 +0530 – hirunews.lk/sinhala)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍ර ජෝසප් පරරාජසිංහම් ඝාතන සිද්ධියට චෝදනා එල්ල වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇතුළු චූදිතයන් පස් දෙනා (5) නිදොස් කොට නිදහස් කිරීමට මඩකලපුව මහාධිකරණය අද (13) නියෝග කළා.

මඩකලපුව මහාධිකරණ විනිසුරු ඩී.එස්. සුසෙයිදාසන් අද (13) උදෑසන එම නියෝගය නිකුත් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට එරෙහි නඩුව ඉදිරියට පවත්වාගෙන යාමට අදහස් නොකරන බව නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණය වෙත දැනුම් දීමෙන් අනතුරුවයි.

දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් 2005 වසරේ දෙසැම්බර් මස 25 වැනිදා මඩකලපුව ශාන්ත මරියා දේවස්ථානයේදී ඝාතනය කෙරුණා.

ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත්තේ 2015 වසරේ ඔක්තෝම්බර් මස 09 වැනිදායි.

පසුව අධිකරණයට ඉදිරිපත් කෙරුණු මන්ත්‍රීවරයා ඇතුළු සැකකරුවන් 5 දෙනා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ අතර, පසුගිය වසරේ නොවැම්බර් 24 වනදා ඔවුන් ඇප මත මුදා හැරුණා.

නිදහස ලැබීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෙන් චන්ද්‍රකාන්තන් මාධ්‍ය හමුවක් කැඳවමින් මෙලෙස අදහස් පළ කළා :

“2015 වසරේ බලයට පැමිණි යහපාලන ආණ්ඩුව එයාලට සහය දුන් අයව සතුටු කිරීමට මාව සිරගත කළා. විශේෂයෙන් එයාලට සහයෝගය ලබාදුන් දෙමළ ජාතික සන්ධානයේ ඉල්ලීමට අනුව, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කරපු නිසා මාව හිරගෙදරට ගියා. නමුත් මට විශ්වාසයක් තිබුණා ඉතිහාසය මාව නිවැරදි කරාවි කියලා. මේ නඩුවට මාගේ කිසි සම්බන්ධයක් නැහැ. අඩුම තරමේ ජෝශප් පරාරාජසිංහම් කියලා කෙනෙක් මම දැකලාවත් තිබුණේ නැහැ. සමහර අය නැගෙනහිර පළාතේ මාව ඉහළට එයි කියලා තිබුණු බයට මාව මේ විදිහට සිරගත කිරීමට කටයුතු කළා. වසර කිහිපයක් ඇප ඉල්ලීම් කළත්, ඒවා ප්‍රතික්ෂේප වුණා. සමහර අවස්ථාවලදී අධිකරණයට සම්බන්ධ අයට තමන්ගේ උසස්වීම් ලබා ගන්න අවශ්‍යව තිබුණා. එයාලා යහපාලන ආණ්ඩුව සතුටු කළා. සුමන්දිරන්, මංගල සමරවීර යන අය මේකට කෙලින්ම මැදිහත් වුණා. යහපාලන ආණ්ඩුව තමන්ගේ දේශපාලන පලිගැනීම් සිදුකරන්න ඇතැම් අය පාවිච්චි කළා කියන එකට හොදම සාක්ෂිය තමයි මම.

විපක්ෂයේ ඇතැම් පුද්ගලයෝ බොරු චෝදනා ඉදිරිපත් කරලා මාව උසාවි දාන්න කටයුතු කළා. අද රන්ජන් රාමනායක උසාවියට අපහාස කරලා තමයි හිරේ ගියේ. සමහර අය ඒ සිද්ධිය මගේ සිද්ධියත් එක්ක සම්බන්ධ කරන්න උත්සාහ කරනවා. පසුගිය කාලයේ ඒ අය අධිකරණ ක්ෂේත්‍රයට කරපු බලපෑම හඬපට වලින් ඔප්පු වෙලා තියෙනවා. ඒ අය, තවත් මේ වගේ කී දෙනෙකුට කරන්න ඇති ද ? මගේ මේ නිදහස් වීම සම්බන්ධයෙන් මම ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා සමග කිසි දවසක කතා කරලා නැහැ කියලත් කියන්න ඕන.”

***************************************

(13.01.2021 – 22:55 +0530 – hirunews.lk/sinhala)

ලබන වසර වන විට මෙරට නිෂ්පාදනය කෙරෙන විකිරණශීලි ඖෂධ යොදා ගනිමින් පිළිකා රෝගීන් සඳහා ‘පෙට් ස්කෑන්’ සිදුකළ හැකි වනු ඇතැයි විශේෂඥ වෛද්‍ය ජයන්ත බලවර්ධන මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අදාළ ඖෂධ නිෂ්පාදන ක්‍රියාවලිය සඳහා වන අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

පිලිකාවක් මූලික අවස්ථාවේදීම හඳුනා ගැනීම සඳහා දැනට යොදා ගන්නා ක්‍රමවේදය වනුයේ ‘පෙට් පරිලෝකනය’ හෙවත් ‘පෙට් ස්කෑන්’ ක්‍රමයයි.

ඊට යොදා ගන්නා විකිරණශීලි ඖෂධය මෙරටදීම නිෂ්පාදනය කිරීමට පරමාණුක බලශක්ති මණ්ඩලය, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය හා අනුබද්ධව ක්‍රියාත්මක කරන ව්‍යාපෘතිය සඳහා අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම අද (12) සිදුකෙරුණා.

***************************************

(13.01.2021 – 16:22 +0530 – sinhala.adaderana.lk)

රක්ෂිත නොවන වනාන්තර දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ පාලනයට යටත් කරමින් නිකුත් කර ඇති චක්‍රලේඛය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කරඇති පෙත්සමක් සලකාබැලීම පෙබරවාරි මස 02 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කර තිබේ.

පාරිසරික යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කළ මෙම පෙත්සම අද (13) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ සලකාබැලීම සඳහා කැඳවනු ලැබීය.

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා වගඋත්තරකරුවන්ට කල් ලබාදෙන ලෙසය.

ඒ අනුව පෙත්සම සලකාබැලීම පෙබරවාරි මස 02 වනදා දක්වා කල් දැමූ අභියාචනාධිකරණය එදින මේ සම්බන්ධයෙන් කරුණු දක්වන්නැයි වගඋත්තරකාර පාර්ශ්වයට නියෝග කර තිබේ.

මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම නඩුකරය තුළින් අභියෝගයට ලක්කර ඇති චක්‍රලේඛ හේතුවෙන් සමස්ත වනාන්තර පද්ධතියෙන් සියයට 25 ක් පමණ හෙළි පෙහෙළි කිරීමේ අවදානමක් මතුවී ඇති බවය.

එබැවින් මෙම පෙත්සම කඩිනමින් සලකාබලන ලෙස ඔහු අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය ෴

***************************************

(13.01.2021 – 14:35 +0530 – sinhala.adaderana.lk)

මීගමුව කලපුව ආශ්‍රිත කඩොලාන පරිසරයට, හානි කරමින් සිදුකර ඇති ඉදිකිරීම් හේතුවෙන් කලපුවේ ධීවර කටයුතුවල නිරතවන ජනතාව ගැටලු රැසකට මුහුණ පා තිබේ.

ඔවුන් පවසන්නේ, මෙම ඉදිකිරීම් හේතුවෙන් කලපුවේ ඉස්සන් හා කකුළුවන් බෝවීමේ ක්‍රියාවලියටද බාධා එල්ල වී ඇති බවය.

ඉහළ ජෛව විවිධත්වයක් ඇති ස්වභාව සෞන්දර්යයේ අපූර්ව දායාදයක් වන මීගමුව කලපුව, නොමනා මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් විනාශයට පත්ව ඇති අයුරු අවස්ථා කිහිපයකදී අප මීට පෙරද වාර්තා කළේය.

ඊට බලධාරීන් විවිධ පියවර ක්‍රියාත්මක කළත් කලපුවේ සුන්දරත්වයට මෙන්ම එහි පැවැත්මටද බාධා එල්ල කරමින් කලපු මායිම ආශ්‍රිතව සිදුකරන ඉදිකිරීම් තවමත් අඩුවී නොමැත.

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ද අවසරය ඇතිව මෙම ඉදිකිරීම සිදුකර තිබුණත් කලපුව ආශ්‍රිතව ධීවර වෘත්තියේ නියැලෙන ධීවරයින් පවසන්නේ, ඉන් තමන් ගැටලු රැසකට මුහුණ දී සිටින බවය.

“ඉස්සන් බෝ වෙන්නේ මේ ඉවුරුවල, කකුළුවෝ හැව අරින්න එන්නේ මේ තැන්වල. ඒ තැන් මේ විදිහට අවහිර කලාම මේ කලපුවෙන් එදා වේල හම්බකරන් කන ධීවරයින්ට මොකද වෙන්නෙ,” යනුවෙන් ධීවරයින් පවසයි.

ධීවරයින් දහසකට අධික පිරිසක් මීගමුව කලපුව ආශ්‍රයන් දිවි සරිකරගන්නා අතර ඔවුන් මුහුණ දී ඇති මෙම ගැටලුකාරී තත්ත්වයට කඩිනම් විසඳුම් අදාළ බලධාරීන්ගෙන් අපේක්ෂා කරයි.

මීගමුව කලපුව අධිකාරියේ සභාපති රමේෂ් නිලංග මහතා සඳහන් කළේ, “කලපුව වටේම මේ ආකාරයෙන් ජැටි හදන්න ගත්තොත් කලපු ඉවුරකට එන්න බැරි තත්ත්වයක් තමයි ඇති වෙන්නේ,” යනුවෙනි.

@@@@@@@@@@@@@@@@@@@@@@@@@

(13.01.2021 – 17:58 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 309 දෙනෙකු හමුවී තිබෙනවා.

ඒ අනුව මෙරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයන් ගණන 49,846 ක් ෴

++++++++++++++++++

(13.01.2021 – 19:12 +0530 – sinhala.adaderana.lk)

බ්‍රිතාන්‍යයෙන් ප්‍රථම වරට හඳුනාගත් කොරෝනා වෛරසයේ විකෘති වූ නව ප්‍රභේදය ආසාදනය වූ බ්‍රිතාන්‍ය ජාතිකයා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා.

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අද (13) පෙරවරුවේ කියා සිටියේ දිවයිනට පැමිණි බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට මෙලෙස එම නව වෛරස ප්‍රභේදය ආසාදනය වී ඇති බවයි.

පසුගියදා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සංචාරයක් සඳහා දිවයිනට පැමිණි අතර, පසුව සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදී අනාවරණ වුණේ එංගලන්ත කණ්ඩායමේ මොයින් අලීට පමණක් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

කෙසේ වෙතත්, අදින් නිරෝධායන කාලසීමාව අවසන්වීමට නියමිතව තිබූ ඔහුගේ නිරෝධායන කාලසීමාව තවත් දින කිහිපයක් දීර්ඝ කිරීමට උපදෙස් ලැබී තිබෙනවා.

‘ද ගාර්ඩියන්’ වෙබ් අඩවිය වාර්තා කළේ කොරෝනා වෛරස ආසාත්මිකතා ඇතිවන සුළු රෝග ලක්ෂණ සහ විඩාවට පත්වීම් හේතුවෙන් මෙලෙස ඔහුගේ නිරෝධායන කාලසීමාව දිගුකර ඇති බවයි.

වැඩි ප්‍රචාරණ හැකියාවක් සහිත නව කොරෝනා වෛරස ප්‍රභේදය ආසාදනය වී ඇති බවට පැවති සැකයද ඔහුගේ නිරෝධායන කාලය දීර්ඝ කිරීමට හේතුවක්.

ඒ අනුව ගාල්ලේදී හෙට (14) ආරම්භ වන එංගලන්ත – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරඟය මෙන්ම දෙවන (2) ටෙස්ට් තරඟයද මොයින් අලීට අහිමි වනු ඇති.

මෙලෙස ශ්‍රී ලංකාවෙන්ද පළමු වරට බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ කොරෝනා වෛරස් නව ප්‍රභේදය හඳුනාගැණුනේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිලීකා මලවිගේ ඇතුළු පර්යේෂණ කණ්ඩායම සිදුකළ පරීක්ෂණයකින් අනතුරුවයි.

මේ සම්බන්ධයෙන් අද (13) පස්වරුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් පළ වූ අතර, එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙකුට කොරෝනා නව වෛරස ප්‍රභේදය වැළඳී ඇති බව එහිදී තහවුරු වුණා.

මේ අතර පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීම අද (13) ආරම්භ වුණා.

ඒ අනුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15 දෙනෙකුගේ සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්, පොලිස් නිලධාරීන්, ඇතුළු 448 දෙනෙකුටද අද (13) පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ බව පාර්ලිම්න්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ලබන 15 වැනිදාද යලි පාර්ලිමේන්තු සංකීර්ණයේදී පී.සී.ආර්. පරීක්ෂණ කටයුතු පැවැත්වීමට නියමිතයි.

මේ අතර කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රයාන්විත මධ්‍යස්ථානයෙ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ සංචාරක හෝටල් හිමිකරුවන් ඇතුළු හෝටල් ක්ෂේත්‍රෙය් ප්‍රධානීන් අතර හමුවක් ඊයේ (12) පස්වරුවේ පැවැත්වුණා.

එහිදී යුද හමුදාපතිවරයා අවධාරණය කර ඇත්තේ විදෙස් රටවලින් පැමිණෙන පිරිස නිරෝධායනය සඳහා තෝරාගන්නා හෝටල් එම සේවා සැපයීමේදී කිසිදු බාහිර පාර්ශ්වයක බලපෑමකට යටත් නොවිය යුතු බවයි.

නිරෝධායන කටයුතුවලදී කිසිදු තුන්වන පර්ශ්වයකට කිසිම මුදලක් ගෙවීමට අවශ්‍ය නොවන බව අවධාරණය කළ යුද හමුදාපතිවරයා සඳහන් කර ඇත්තේ කවුරුන් හෝ එවැනි ඉල්ලීමක් සිදුකළ හොත් නොපමාව තමන් දැනුවත් කරන ලෙසයි.

මේ අතර තවත් කොවිඩ්-19 අසාදිතයින් 309 දෙනෙකු අද (13) දිනයේ මෙරටින් හඳුනා ගැනීමත් සමඟ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 49,846 ක් දක්වා ඉහළ ගියා.

පුද්ගලයින් 646 දෙනෙකු අද (13) සුවය ලැබූ අතර ඒ අනුව සුව වූ සමස්ත සංඛ්‍යාව සටහන් වන්නේ 43,267 ක් ලෙසයි.

මේ අතර හෙට (14) සැමරෙන තෛපොංගල් උත්සවය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව සිදුකරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා හින්දු බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියා.

රිටිගල ගංජා පැණිය දයාසිරි ඇමති බිව්වෙ නැතිලු !

+++++++++++++++++++

(13.01.2021 – 20:18 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් වාර්තාවන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව අද (13) පනස් දහස (50,000) ඉක්මවා ගියා.

ඒ අද (13) තවත් ආසාදිතයන් 378 ක් වාර්තාවීමත් සමගයි.

ඒ අනුව මෙරටින් හමුවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 50,229 ක්.

මේවන විට හමුවූ ආසාදිතයන්ගෙන් 6718 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 43,267 ක්.

මෙරටින් කොරෝනා ආසාදිත මරණ 244 ක් වාර්තාවුනා.

මේ අතර බ්‍රිතාන්‍යයෙන් ප්‍රථම වරට හඳුනාගත් කොරෝනා වෛරසයේ විකෘති වූ නව ප්‍රභේදය ආසාදනය වූ බ්‍රිතාන්‍ය ජාතිකයා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශ කළා.

වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අද (13) පෙරවරුවේ කියා සිටියේ දිවයිනට පැමිණි බ්‍රිතාන්‍ය ජාතිකයෙකුට මෙලෙස එම නව වෛරස ප්‍රභේදය ආසාදනය වී ඇති බවයි.

පසුගියදා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම සංචාරයක් සඳහා දිවයිනට පැමිණි අතර, පසුව සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලදී අනාවරණ වුණේ එංගලන්ත කණ්ඩායමේ මොයින් අලීට පමණක් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි.

කෙසේ වෙතත්, අදින් (13) නිරෝධායන කාලසීමාව අවසන්වීමට නියමිතව තිබූ ඔහුගේ නිරෝධායන කාලසීමාව තවත් දින කිහිපයක් දීර්ඝ කිරීමට උපදෙස් ලැබී තිබෙනවා.

‘ද ගාර්ඩියන්’ වෙබ් අඩවිය වාර්තා කළේ කොරෝනා වෛරස ආසාත්මිකතා ඇතිවන සුළු රෝග ලක්ෂණ සහ විඩාවට පත්වීම් හේතුවෙන් මෙලෙස ඔහුගේ නිරෝධායන කාලසීමාව දිගුකර ඇති බවයි.

වැඩි ප්‍රචාරණ හැකියාවක් සහිත නව කොරෝනා වෛරස ප්‍රභේදය ආසාදනය වී ඇති බවට පැවති සැකයද ඔහුගේ නිරෝධායන කාලය දීර්ඝ කිරීමට හේතුවක්.

ඒ අනුව ගාල්ලේදී හෙට (14) ආරම්භ වන එංගලන්ත – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරඟය මෙන්ම දෙවන (2) ටෙස්ට් තරඟයද මොයින් අලීට අහිමි වනු ඇති.

මෙලෙස ශ්‍රී ලංකාවෙන්ද පළමු වරට බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ කොරෝනා වෛරස් නව ප්‍රභේදය හඳුනාගැණුනේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නිලීකා මලවිගේ ඇතුළු පර්යේෂණ කණ්ඩායම සිදුකළ පරීක්ෂණයකින් අනතුරුවයි.

මේ සම්බන්ධයෙන් අද (13) පස්වරුවේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවේදී අදහස් පළ වූ අතර, එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෙකුට කොරෝනා නව වෛරස ප්‍රභේදය වැළඳී ඇති බව එහිදී තහවුරු වුණා.

මේ අතර පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීම අද (13) ආරම්භ වුණා.

ඒ අනුව කතානායක මහින්ද යාපා අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15 දෙනෙකුගේ සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්, පොලිස් නිලධාරීන්, ඇතුළු 448 දෙනෙකුටද අද පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ බව පාර්ලිම්න්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළා.

ලබන 15 වැනිදාද යලි පාර්ලිමේන්තු සංකීර්ණයේදී පී.සී.ආර්. පරීක්ෂණ කටයුතු පැවැත්වීමට නියමිතයි.

මේ අතර කොවිඩ්-19 පැතිරීම වැළැක්විමේ ජාතික ක්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ සංචාරක හෝටල් හිමිකරුවන් ඇතුළු හෝටල් ක්ෂේත්‍රෙය් ප්‍රධානීන් අතර හමුවක් ඊයේ (12) පස්වරුවේ පැවැත්වුණා.

එහිදී යුද හමුදාපතිවරයා අවධාරණය කර ඇත්තේ විදෙස් රටවලින් පැමිණෙන පිරිස නිරෝධායනය සඳහා තෝරාගන්නා හෝටල් එම සේවා සැපයීමේදී කිසිදු බාහිර පාර්ශ්වයක බලපෑමකට යටත් නොවිය යුතු බවයි.

නිරෝධායන කටයුතුවලදී කිසිදු තුන්වන පර්ශ්වයකට කිසිම මුදලක් ගෙවීමට අවශ්‍ය නොවන බව අවධාරණය කළ යුද හමුදාපතිවරයා සඳහන් කර ඇත්තේ කවුරුන් හෝ එවැනි ඉල්ලීමක් සිදුකළ හොත් නොපමාව තමන් දැනුවත් කරන ලෙසයි.

මේ අතර හෙට (14) සැමරෙන තෛපොංගල් උත්සවය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුගතව සිදුකරන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා හින්දු බැතිමතුන්ගෙන් ඉල්ලා සිටියා ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිත මරණ 3 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 247 ක් දක්වා ඉහළ යනවා.

මියගොස් ඇත්තේ බත්තරමුල්ල ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 81 හැවිරිදි අයෙක් සහ කොළඹ 10 ප්‍රදේශයේ පදිංචි 89 හැවිරිදි කාන්තාවක් ෴

+++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • @ The Colombo Harbour. The government is manipulating words. The Trade Unions are absolutely correct. 49% to foreign companies is an absolute betrayal and cuts across the pledge to stop selling national assets to foreigners, and deprive local people and the country from benefiting with jobs and profits. Give foreigners 49%, then 49% of the profits will go to them, the capital investment brought in by foreigners would have to be paid back, as well as interest on any money borrowed from foreigners, leaving at the end probably no more than 5-10% of the 51% assigned to this country. Even 49% of the jobs, mostly top level jobs, would also go to foreigners. It is an absolute confidence trick perpetrated on this nation. Disgraceful conduct of the government and I am disappointed that the President too is in this trick. I hope that in the next few weeks this proposal, stock and barrel, would be thrown into the garbage bin as undesirable for the future of our country, just like the MCC or Pathfinder contricks.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *