අග්නිදිග ආසියාවේ විශාලතම ටයර් කම්හල ජනපති අතින් හොරණ දී විවෘත වේ

අග්නිදිග ආසියාවේ විශාලතම ටයර් කම්හල ජනපති අතින් හොරණ දී විවෘත වේ

*********************************************

අග්නිදිග ආසියාවේ විශාලතම ටයර් කම්හල ජනපති අතින් හොරණ දී විවෘත වේ

(14.01.2021 – 15:33 +0530 – hirunews.lk/sinhala)

අග්නිදිග ආසියාවේ විශාලතම ටයර් කර්මාන්තශාලාව ලෙස සැලකෙන ‘රැපිඩ් ටයර් කර්මාන්තශාලාව’ හොරණ, වගවත්ත, අපනයන සැකසුම් කලාපයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මීට සුලු වේලාවකට පෙර විවෘත කර තිබෙනවා.

මෙරට ටයර් නිෂ්පාදනයේ සුවිශේෂි පෙරළියක් සිදු කරමින් වැඩකටයුතු ආරම්භ කරන මෙම කර්මාන්තශෘලාව අති නවීන යුරෝපීය තාක්ෂණ ක්‍රමවේදයන්ගෙන් සන්නද්ධයි.

අමෙරිකානු ඩොලර් මිලියන 100 ක ආයෝජනයෙන් අක්කර 155 ක භූමි ප්‍රදේශයක පැතිරී ඇති කර්මාන්තශාලාවේ පළමු අදියරේ නිෂ්පාදනයන්ගෙන් 80% ක ප්‍රමාණයක් අපනයනය කෙරෙනවා.

ඉතාලියේ ප්‍රමුඛතම ටයර් සන්නාමයක් වන ‘ෆෙරෙන්ටිනෝ’ ටයරය මෙම කර්මාන්තශාලාවේදී නිෂ්පාදනය කිරීමට නියමිතයි.

දැනටමත් පළමු පියවර හරහා සෘජු රැකියා අවස්ථා සිය ගණනක් බිහිකර ඇති අතර ඒ හරහා උත්පාදනය වන වක්‍ර රැකියා අවස්ථා තවත් වැඩි වනවා.

රැපිඩ් ටයර් කර්මාන්තශාලාවේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමත් සමඟ මෙරට රබර් කර්මාන්තකරුවන්ට සිය නිෂ්පාදන සඳහා ඉහළ මිලක් ලබා ගැනීමේ අවස්ථාව ද හිමිවනු ඇති.

කුඩා මෝටර් රථවල සිට අති දැවැන්ත බරවාහන දක්වා වන සියලු කාණ්ඩයේ ටයර් මෙම කර්මාන්තශාලාවේදී නිෂ්පාදනය කිරීමට නියමිතයි.

ඉදිරියේදී මෙම කර්මාන්තශාලාවේ නිෂ්පාදන දේශීය වෙළෙඳපොළටත් නිකුත් කිරීමට මෙම ආයෝජකයින් බලාපොරොත්තු වනවා.

අක්කර 155 ක භූමි ප්‍රදේශයක් පුරා විහිදී ඇති මෙම ටයර් කර්මාන්තශාලාවේ පළමු අදියරේ නිෂ්පාදන කටයුතුයි අද (14) ආරම්භ වුණේ.

මෙරට ටයර් නිෂ්පාදනයේ සුවිශේෂී පෙරලියක් සිදුකරමින් වැඩකටයුතු ආරම්භ කරන මෙම කර්මාන්තශාලාව අති නවීන යුරෝපීය තාක්ෂණ ක්‍රමවේදයන්ගෙන් සන්නද්ධයි.

කුඩා මෝටර් රථවල සිට අති දැවැන්ත බරවාහන දක්වා වන සියලු කාණ්ඩයේ ටයර් මෙම කර්මාන්තශාලාවේදී නිෂ්පාදනය කිරීමට නියමිතයි.

පළමු අදියර සඳහා කර ඇති ආයෝජනය ඇමෙරිකානු ඩොලර් මිලියන 100 ක්.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ එස්.යු.වී. රථ සඳහා විශේෂ කාණ්ඩයක්, මෝටර් රථ, යතුරුපැදි හා ත්‍රිරෝද රථ ඇතුළු ලෝක වෙලඳපොලට අවශ්‍ය ටයර් රැසක් මෙහිදී නිපදවනු ලබන බවයි.

නිෂ්පාදනයෙන් සියයට 80 ක් අපනයනය කෙරෙන අතර ඉතිරි සියයට 20 දේශීය වෙළඳපොලට සැපයෙනවා.

සමාගමේ ප්‍රථම නිෂ්පාදන තොගය මේ මාසයේ ඇමෙරිකාවට අපනයනය කිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් පැවසුවේ.

මහා සංඝරත්නය සහ අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, රෝහිත අබේගුණවර්ධන, මහින්ද අමරවීර, රමේෂ් පතිරණ යන මහත්වරු ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

[ සේයාරූ ]

++++++++++++++

***************************************

(14.01.2021 – 16:59 +0530 – hirunews.lk/sinhala)

‘සාමය සඳහා වූ ආසියානු බෞද්ධ සම්මේලනයේ’ 13 වැනි විධායක කවුන්සිල හමුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහභාගීත්වයෙන් අද (14) පෙරවරුවේ කොළඹ 07 ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ දී පැවැත්වුණා.

13 වන විධායක කවුන්සල සභා රැස්වීමේ සත්කාරක දායකත්වය ශ්‍රී ලංකාවට හිමිව ඇති අතර කොරෝනා වසංගතය හමුවේ සත්කාරක රට වශයෙන් ක්‍රියා කිරීම මෙරට ලැබූ සුවිශේෂ ගෞරවයක් හා සෙසු රටවල් අතර සමීප සබඳතාවකට හේතු වනු ඇති බවයි ආසියානු බෞද්ධ සම්මේලනය පෙන්වා දෙන්නේ.

දෙවැනි ලෝක සංග්‍රාමයෙන් පසු එකමුතුකම අරමුණු කරගත් රුසියානු සහ මොංගෝලියානු බෞද්ධ නායකයෝ අන්තර්ජාතික බෞද්ධ සංවිධානයක අවශ්‍යතාව කෙරෙහි අවධානය යොමු කළා.

එහි ප්‍රතිඵලයක් ලෙස 1970 ජුනි මස 13 වැනි දින මොංගෝලියාවේ උලන් බටාර් නගරයේ මහා විහාරයට රැස් වූ ගිහි පැවිදි බෞද්ධ නායකයෝ ‘ආසියානු බෞද්ධ සාම සම්මේලනයේ’ ප්‍රථම සමුළුව පවත්වනු ලැබුවා.

දෙවන සමුළුව ශ්‍රී ලංකාවේ පවත්වා ඇති අතර මේ වන විට ලෝකයේ සියලු බෞද්ධ රටවල් මෙහි සාමාජිකත්වය ගෙන සිටිනවා.

අද ඇරඹි විධායක කවුන්සිල සභා රැස්වීමට Zoom සන්නිවේදන තාක්ෂණය ඔස්සේ රටවල් 25 ක නියෝජිතයෝ එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.

විහාරස්ථානයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විහාර මන්දිරය වෙත ගොස් ආගමික වතාවත්හි නිරතවීමෙන් අනතුරුව සමුළුවට එක්වුණා.

මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමියෝ ‘කොවිඩ්-19 හමුවේ බෞද්ධයන්ගේ කාර්යභාරය’ යන මැයෙන් මුලසුන දේශනය සිදුකර තිබෙනවා.

***************************************

(14.01.2021 – 17:02 +0530 – hirunews.lk/sinhala)

දේශීය සිනමා කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ගත් තීන්දුවට අදාළව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කළ සමයේදී ලබාදී තිබූ, පසුගිය ජයහපාලන රජය අවලංගු කළ බදු සහන නැවත ලබාදීමට තීරණය කර තිබෙනවා.

මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු පිරිසක් විසින් ඊයේ (13) සිදුකළ සාකච්ඡාවකදී එම තීරණය ගෙන ඇති බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ.

ඒ අනුව චිත්‍රපට නිෂ්පාදනය සහ ප්‍රදර්ශනය සඳහා භාවිත කරන උපකරණ ආනයනය කිරීමේදී තීරුබදු සහන ලැබෙනු ඇති බව ද අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළා.

එසේම, චිත්‍රපටයක් නිෂ්පාදනය කිරීමේදී වැය කරන මුදලට බදු සහන හා චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමෙන් ලැබෙන ආදායමට බදු සහන ලබාදීමට ද මෙම සාකච්ඡාවේදී සලකා බලා තිබෙනවා ෴

***************************************

(14.01.2021 – 17:11 +0530 – hirunews.lk/sinhala)

දුම්රිය මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද (14) පෙරවරුවේ සිට ලබන ඉරිදා දක්වා පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කර තිබෙනවා.

ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය නිවේදනය කළේ ඒ අනුව කොළඹ කොටුවේ සිට කටුනායක දුම්රිය ස්ථානය දක්වා එලෙස එම මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කර ඇති බවයි.

මෙම මාර්ගයේ කොළඹ සිට පුත්තලම දක්වා යළිත් දුම්රිය ධාවනය කරනු ලබන්නේ ලබන 18 වන සඳුදා දින සිට බවයි දුම්රිය ස්ථානාධිපති සංගමය වැඩිදුරටත් කියාසිටියේ ෴

***************************************

(14.01.2021 – 17:42 +0530 – hirunews.lk/sinhala)

තිස්සමහාරාම දෙබරවැව ප්‍රදේශයේ නිවසකට පැමිණ සිටි අඩි 12 ක පමණ දිගකින් යුත් කිඹුලෙකු වනජීවී නිලධාරීන් විසින් අල්ලා යාල වනෝද්‍යානයට මුදාහැර තිබෙනවා.

අද (14) උදෑසන 5 ට පමණ නිවෙස් හිමි කාන්තාව මල් නෙලීමට මිදුලට ගිය අවස්ථාවේදී කිඹුලා ඇයව සපා කෑමට උත්සාහ කර ඇති බවටයි හෙළිවී ඇත්තේ.

අනතුරුව ඇය නිවෙස තුලට දිව ගොස් දොර වසා සිද්ධිය පිළිබඳ වනජීවී නිලධාරීන් දැනුවත් කර තිබෙනවා.

කිඹුලා අදාළ නිවස ආසන්නයේ ඇති දෙබර වැවේ සිට ගොදුරු සොයා පැමිණෙන්නට ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.

***************************************

(14.01.2021 – 18:04 +0530 – hirunews.lk/sinhala)

අන්තර්ජාලය ඔස්සේ ඇනවුම් ලබා ගනිමින් ගණිකා ජාවාරමේ නිරතවූ කාන්තාවන් 235 ක් අත්අඩංගුවට ගැනීම සදහා බස්නාහිර පළාත් බුද්ධි ඒකකයේ නිලධාරීන් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

අදාළ කාන්තාවන් වෙබ් අඩවියක් ඔස්සේ ගනුදෙනුකරුවන් සොයා ඔවුන් ලැගුම්හල් කරා ගෙන යන බවටයි පොලිසියට කරුණු වාර්තා වී ඇත්තේ.

මෙසේ ගණිකා වෘත්තීයේ යෙදුණු තරුණ කාන්තාවන් 235 න් 20 දෙනෙකු දැනට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම කාන්තාවන් ගනුදෙනුකරුවන් කැඳවාගෙන යන ලැගුම්හල් 15 ක් පිළිබඳව ද පොලිසිය මේ වනවිට තොරතුරු සොයාගෙන ඇති අතර එම ස්ථාන වැටලීමට ද විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

මෙම ගණිකාවන් සමග සම්බන්ධතා පැවැත්වීමට පාසල් වයසේ පිරිමි දරුවන් ද සම්බන්ධ වී සිටින බව පොලිස් විමර්ශනවලින් හෙළිවී තිබෙනවා.

දින කීපයකට පෙර බම්බලපිටිය ප්‍රදේශයේදී පාසල් යන පිරිමි දරුවකු මෙම වෙබ් අඩවිය හරහා ගණිකාවක් සමග සම්බන්ධ වී ඇති අතර මුදල් අපහසුතාවක් හේතුවෙන් දරුවා ගණිකාව මගහැර පළායන්නට උත්සාහ කිරීමේදී ගොඩනැඟිල්ලකින් ඇදවැටී බරපතළ තුවාල ලැබූ සිද්දියක්ද වාර්තා වනවා.

මෙලෙස ගණිකා වෘත්තීයේ යෙදෙන කාන්තාවන්ගෙන් වැඩි දෙනකුට විවිධ සමාජ රෝග මෙන්ම කොරෝනා වෛරසය ද වැළඳී ඇති බවටද කරුණු අනාවරණය වී ඇත්තේ.

වෙබ් අඩවියක් ඔස්සේ පවත්වාගෙන යන මෙම ජාවාරම නතර කිරීම සඳහා පොලිසිය මේ වනවිට අධිකරණයේ සහාය ලබාගැනීමට කටයුතු කරමින් සිටින බවයි මේ පිළිබද විමර්ශන සිදු කරන බස්නහිර පළාත් බුද්ධි ඒකකය සහ අදාළ නිලධාරීන් වැඩි දුරටත් සඳහන් කලේ ෴

***************************************

(14.01.2021 – 18:59 +0530 – hirunews.lk/sinhala)

විනෝදය සදහා අපරික්ෂාකාරී ලෙස යතුරුපැදි ධාවනය කල තරුණයන් 13 දෙනෙකු අද (14) පිළියන්දල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්ස, පානදුර, කොහුවල සහ මොරටුමුල්ල යන ප්‍රදේශවල පදිංචි තරුණයන් පිරිසක්.

එම තරුණයන් ධාවනය කළ යතුරුපැදි අටක් ද පොලිස් බාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් 13 දෙනා මේ වන විට පොලිස් බාරයේ සිටින අතර ඔවුන් හෙට (15) කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය වැඩිදුරටත් සදහන් කලේ ෴

***************************************

(14.01.2021 – 19:55 +0530 – hirunews.lk/sinhala)

රජරටට ඇදහැලෙන මහවැසි හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශ 74 න් 28 ක් තවදුරටත් වාන් දමමින් තිබෙන බව එම දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා අංශයේ අධ්‍යක්ෂ එස්.පී. සුගීෂ්වර මහතා ප්‍රකාශ කලා.

ඊයේ (13) රාත්‍රියේ අනුරාධපුර පූජා නගරයේ නිවාස 10 ක පමණ ජලයෙන් යටවුණේ මල්වතු ඔය පිටාර ගැලීම හේතුවෙන්.

මේ අතර, උතුර, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වල මෙන්ම මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල තවදුරටත් කඩින් කඩ වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළා.

***************************************

(14.01.2021 – 20:11 +0530 – hirunews.lk/sinhala)

වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධණ මහතා අද (14) කටුනායක අපනයන සැකසුම් කලාපයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා.

එහිදී අමාත්‍යවරයා, කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මතුව ඇති ගැටලු හා ඊට පිලියම් ලෙස ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දීර්ඝ ලෙස නිලධාරින් සමග සාකච්ඡා කළ බවයි වෙළඳ අමාත්‍යාංශය නිවේදනය කළේ.

අඛන්ඩව කටුනායක අපනයන සැකසුම් කලාපයේ කර්මාන්තශාලා වැසී යන තත්ත්වයට පත්වීම තුළ රටට අහිමිවන ආයෝජකයන් රට තුළම රඳවා ගැනීමට අපනයන සංවර්ධන මණ්ඩලය හරහා ඍජුවම කටයුතු කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා ෴

***************************************

(15.01.2021 – 06:16 +0530 – hirunews.lk/sinhala)

උතුරු, උතුරු-මැද, නැගෙනහිර ,මධ්‍යම සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (15) දිනයේ විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නැගෙනහිර, උඋව සහ උතුරු-මැද පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක් පමණ වන තරමක තද වැසි ඇතිවිය හැකි බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.

සෙසු ප්‍රදේශවල පස්වරු 1 න් පසුව තැනින් තැන වැසි ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකියි.

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

***************************************

(15.01.2021 – 07:36 +0530 – hirunews.lk/sinhala)

සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙකු වන ‘අංගොඩ ලොක්කා’ගේ ගෝලයෙක් වන ‘ලැටී’ නැමැත්තා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 18 ක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බස් රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී ඔහු කොස්ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

අදාල බස් රථයේ රියදුරු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා ෴

***************************************

අනුරාධපුර අවන්ති දේවී කාන්තා ළමා නිවාසයේ ප්‍රධාන පාලිකාව ළමයින්ට හිංසා කළායැයි සැකපිට අත්අඩංගුවට

(14.01.2021 – 19:50 +0530 – sinhala.adaderana.lk)

අනුරාධපුර අවන්ති දේවී කාන්තා ළමා නිවාසයේ ප්‍රධාන පාලිකාව අද (14) අත්අඩංගුවට ගැණුනි.

‘අද දෙරණ උකුස්සා’ කළ අනාවරණයේ ප්‍රතිලයක් ලෙස‍ ‘අවන්ති දේවී කාන්තා ළමා නිවාසයේ’ සිදුවූ නීතිවිරෝධී ක්‍රියා සම්බන්ධයෙන් අමරා වීරසිංහ නැමැති එහි ප්‍රධාන පාලිකාව එලෙස අද (14) පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

එහි සිදුවන විවිධ අක්‍රමිකතා සහ අකටයුතුකම් රැසක් පිළිබඳව ‘අද දෙරණ උකුස්සා’ අනාවරණයන් රැසක් සිදු කළේය.

උතුරු මැද පළාත් පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක මෙම ළමා නිවාසය තුළ සිටි දැරියන් ගණන 60 කට ආසන්න වේ.

මෙම ළමා නිවාසයේ සිදුවන අකටයුතුකම් සම්බන්ධයෙන් ලැබුණු රහසිගත තොරතුරු අනුව අප දින ගණනාවක් මෙහි ගවේෂණයක නිරත විය.

සොයාගත් විවිධ සිද්ධීන් ‘උකුස්සා’ රටට හෙළි කරනු ලැබුවේ ඉතා වගකීම් සහගතවය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ළමා නිවාසයේ දරුවන්ගෙන් ලබාගත් ප්‍රකාශ පදනම් කොට ගනිමින් පාලිකාව අත්අඩංගුවට ගත් බවය.

එමෙන්ම ළමා නිවාසයේ දරුවන්ට යෝගා ඉගැන්වීමට පැමිණ එහි දරුවන් අපයෝජනය කළ 34 හැවිරිදි නලින්ද කැලුම් සේනානායක නැමැති පුද්ගලයෙකු ද පෙරේදා (12) දිනයේදී අත්අඩංගුවට ගෙන දින 14 කට රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

‘අවන්ති දේවී කාන්තා ළමා නිවාසයේ’ සිදුවූ නීතිවිරෝධී ක්‍රියාවලට සම්බන්ධ වූ සෙසු පුද්ගලයින්ට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක වන තුරු උකුස්සා අවධානයෙන්.

@@@@@@@@@@@@@@@@@@@@@

(14.01.2021 – 17:18 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් 480 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබෙනවා.

ඒ අනුව සුවය ලැබූ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 43,747 ක්.

ශ්‍රී ලංකාවෙන් මේවන විට කොරෝනා ආසාදිතයන් 50,229 ක් හමුවී ඇති අතර ඉන් 6235 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සිදුවූ මරණ සංඛ්‍යාව 247 ක් ෴

+++++++++++++++++++++

(14.01.2021 – 18:00 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 354 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 50,583 ක්.

මේ අතර තවලම සතිපොළේ වෙළඳාමේ නිරත පුද්ගලයන් 23 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අද (14) තහවුරු වී තිබෙනවා.

ඊයේ දින (13) තවලම සතිපොළේ වෙළඳුන් සහ භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි පාරිභෝගිකයන් 88 දෙනකු පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කර බවයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥ වෛද්‍ය වෙනුර කේ. සිංහාරච්චි මහතා පැවසුවේ.

අද (14) එහි ප්‍රතිඵල නිකුත් වූ අතර ඒ අනුව 23 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව හඳුනාගෙන තිබෙනවා.

මීට පෙර තොග වෙළෙන්දෙකුට කොරෝනා වෛරසය අසාදනය වීම හේතුවෙන් මෙම පී.සී.ආර්. පරීක්ෂණ සිදුකර ඇති බවටයි වර්තා වන්නේ.

අද දින (14) වර්තා වූ කොරෝනා ආසාදිතයින් ගාල්ල, මාතර සහ කළුතර යන ප්‍රදේශවල පදිංචිකරුවන්.

ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥ වෛද්‍ය වෙනුර කේ. සිංහාරච්චි මහතා කියාසිටියේ මෙම තත්වයත් සමඟ නෙළුව, තවලම, ඕපාත යන සතිපොළවල් වසා දැමීමට නිර්දේශ කර ඇති බවයි ෴

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිතයන් 316 ක් වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව සටහන් වන්නේ 50,899 ක් ලෙසටයි ෴

+++++++++++++++++++++

(14.01.2021 – 20:03 +0530 – hirunews.lk/sinhala)

අද (14) දිනයේදී තවත් කොරෝනා ආසාදිතයින් 480 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව යෑමත් සමඟ මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 43,747 දක්වා ඉහළ ගියා.

එසේම, අද (14) තවත් කොරෝනා ආසාදිතයින් 354 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 50,583 ක්.

මේ අතර, ගාල්ල – තවලම සතිපොලේ පසුගිය 12 වැනිදා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ 89 ක ප්‍රතිඵල අද ලැබී තිබූ අතර, එහිදී කොරෝනා ආසාදිතයින් 23 දෙනෙකු හඳුනාගෙන තිබුණා.

සබරගමුව පළාත් සභාවෙන්ද කොරෝනා ආසාදිතයින් 05 දෙනෙකු වාර්තා වී ඇති අතර, ඉන් එක් අයෙක් එහි ආරක්ෂක නිලධාරියෙක්. මීට පෙරද ඉන් ආසාදිතයින් 04 දෙනෙකු වාර්තා වුණා.

මේ අකර, දැරණියගල – ඉලුක්තැන්නවත්තේ පසුගියදා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ 90 කින් කොරෝනා ආසාදිතයින් 14 දෙනෙකු හඳුනා ගැනුණා.

මෙතෙක් ශ්‍රී ලංකාව තුළ කොරෝනා වෛරසය සමාජගත වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.

ඒ, මහනුවර දළඳා මාලිගාවට පැමිණ දළඳා සමිඳුන් වැඳපුදාගෙන, මල්වතු – අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැක ආශීර්වාද ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

මේ අතර, මෙරට තුළ සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණ සංඛ්‍යාවේ අඩුවීමක් සිදුව ඇති බව වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තියවේදීන්ගේ ආයතනයේ සභාපති රවී කුමුදේශ් මහතා ප්‍රකාශ කළා.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා ද ස්වයං නිරෝධායනයට යොමු වී තිබෙනවා.

ඒ, ඔහුගේ නිවසේ පසුගියදා පැවති රාත්‍රි භෝජන සංග්‍රහයකට සහභාගි වූ වෛද්‍යවරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟයි.

මේ අතර, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයාගේ ලේකම්වරයාට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමඟ පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලය විෂබීජහරණය කිරීම සඳහා තාවකාලිකව වසා දමා තිබෙනවා.

ඊයේ (13) දිනයේ පමණක් මෙලෙස එම කාර්යාලය තාවකාලිකව වසා දමා ඇති අතර, පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලයෙන් පී.සී.ආර්. පරීක්ෂණ සඳහා සාම්පල ලබාගැනීමද ඊයේ (13) සිදුකෙරුණා.

ඒ, අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාට සහ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්ට වෛරසය ආසාදනය වීමෙන් අනතුරුවයි.

ඔවුන්ගේ ආශ්‍රිතයින් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 31 දෙනෙකුට ස්වයං නිරෝධායනයට යොමු වී පී.සී.ආර්. පරීක්ෂණ සිදුකරගන්නා ලෙස දැනුම් දුන්නා.

ඒ අනුව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයෙන් තමන් කොරෝනා ආසාදිතයෙකු නොවන බව තහවුරු වූ බවයි.

එසේම, තමන් ද කොරෝනා ආසාදිතයෙකු නොවන බවට තහවුරු වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකද කියා සිටියා.

හෙට දිනයේද පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේදී යළි පී.සී.ආර්. පරීක්ෂණ සිදුකෙරෙනවා.

මෙරට කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 251 දක්වා ඉහල ගොස් තිබෙනවා. ඒ අද (14) දිනයේදී තවත් මරණ 4 ක් වාර්තා වීමත් සමගයි ෴

++++++++++++++++++

+++++++++++++++++++

(14.01.2021 – 20:58 +0530 – hirunews.lk/sinhala)

අද ‘හාඩ් ටෝක්’ විශේෂාංගය තුළින් සෘජුවම ප්‍රශ්න කෙරෙන්නේ විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් මහතා ගෙන්.

ගිණිකොණදිග ආසියාවේ කොවිඩ්-19 මර්දන කටයුතු සම්බන්ධීකරණය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ නියෝජිතයෙකු ලෙස ඔහු පසුගියදා පත්වීම් ලැබුවා.

+++++++++++++++++++

දඩ ගෙවීමට දී තිබු සහන කාලය අදින් අවසන්

(15.01.2021 – 08:17 +0530 – sinhala.adaderana.lk)

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් සහ උප තැපැල් කාර්යාල මගින් රථවාහන දඩ ගෙවීමට ලබාදී තිබු සහන කාලය අද (15) සිට අවසන් වේ.

ඒ අනුව අද (15) දිනෙන් පසුව වරද කළ දින සිට දින 14 ක් දක්වා අතිරේක දඩ මුදල් රහිතව සහ දින 28 ක් දක්වා අතිරේක දඩ මුදල් සහිතව අදාළ දඩය තැපැල් සහ උප තැපැල් කාර්යාල වෙත ගෙවිය හැකි බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවසීය.

කෙසේවෙතත් දින 28 ඉක්මවා ගොස් ඇති කිසිදු දඩ පත්‍රිකාවක් සඳහා අද (15) දිනෙන් පසු තැපැල් හා උප තැපැල් කාර්යාල වෙත ගෙවීම් සිදුකළ නොහැකි බව තැපැල්පතිවරයා ප්‍රකාශ කළේය.

නමුත් පොලිස් දෙපාර්තමේන්තුවේ ඉල්ලීම පරිදි කොළඹ නාගරික රථ වාහන පොලීසිය හා පොලිස් හදිසි ඇමතුම් අංශය මගින් නිකුත් කරනු ලබන දඩ පත්‍රිකා සඳහා පෙබරවාරි 08 වන දින දක්වා පමණක් තැපැල් හා උප තැපැල් කාර්යාල වෙත අදාළ ගෙවීම් සිදුකිරීමට අවස්ථාව ලබාදී තිබේ ෴

+++++++++++++++++++++

‘Pfizer එන්නත නිසා ඇතිවූ දැඩි සංකීර්ණ ව්‍යාකූලතා’ හේතුවෙන් ෆ්ලොරිඩාවේ වෛද්‍ය ග්‍රෙගරි මයිකල් මියයයි

(15.01.2021 – 07:28 +0530 – lankaleadnews.com)

මියගිය වෛද්‍ය ග්‍රෙගරි මයිකල්ගේ බිරිය පවසන්නේ Pfizer BioNtech එන්නත ලබාගැනීමෙන් දින 3 කට පසු එනම් 2020 දෙසැම්බර් 21 දින ඇතිවූ රෝගී තත්වය හේතුවෙන් ඔහුව එන්නත ලබාගත් මියාමි Mount Sinai Medical Center රෝහලට අතුලත් කරන අවස්ථාව වනවිටත් ඔහුගේ රුධිර පරීක්ෂණ වාර්තාවේ ‘Pfizer BioNtech එන්නත නිසා ඇතිවූ දැඩි සංකීර්ණ ව්‍යාකූලතා’ පෙන්වූ බවත් ඔහුව සුවපත් කරගැනීමට අතිදක්ෂ වෛද්‍යවරුන් කණ්ඩායමක් විසින් දරණ ලද උත්සාහය නිෂ්ඵල කරමින් ඔහු 2021 ජනවාරි 03 වන දින මියගිය බවත්ය.

වයස අවු.56 ක් වූ, ඉතා නිරෝගීව සිටි ප්‍රසව හා නාරි විශේෂඥයකු වන ඔහු Covid-19 වසංගතය මධ්‍යයේ බිළිඳුන් සිය ගණනක් බිහිකිරීමට දැඩි කැපවීමකින් දායක වූ ඉතා ආදරණීය වෛද්‍යවරයෙකු වන අතර Pfizer BioNtech එන්නත පිළිබඳව දැඩි විශ්වාසයකින් සිටි බවත් සඳහන් කරන ඇය මෙම Covid-19 එන්නත් මගින් දැඩි සංකීර්ණ අතුරු ආබාධ ඇතිවන බව ජනතාව වටහා ගතයුතු බවත් වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *