දූෂණ විරෝධී කමිටු සාමාජිකයින් 22 කට දඬුවම් ලබා දීමට නිර්දේශ ලබා ගත හැකි ජනපති කොමිෂන් සභාවක් පත් කිරීමට නිර්දේශ

දූෂණ විරෝධී කමිටු සාමාජිකයින් 22 කට දඬුවම් ලබා දීමට නිර්දේශ ලබා ගත හැකි ජනපති කොමිෂන් සභාවක් පත් කිරීමට නිර්දේශ

*********************************************

දූෂණ විරෝධී කමිටු සාමාජිකයින් 22 කට දඬුවම් ලබා දීමට නිර්දේශ ලබා ගත හැකි ජනපති කොමිෂන් සභාවක් පත් කිරීමට නිර්දේශ

(20.01.2021 – 23:01 +0530 – hirunews.lk/sinhala)

= යහපාලන රජයේ දූෂණ විරෝධී කමිටුවට වැඩ වරදින ලකුණු – නීතිමය පියවර ගන්නැයි දේශපාලන පළිගැනීම් කොමිසමෙන් නිර්දේශ =

පසුගිය යහපාලන රජයේ පැවති දූෂණ විරෝධී කමිටුවේ 22 කුට දඬුවම් ලබාදීම සඳහා නිර්දේශ ලබාගත හැකි ජනාධිපති කොමිෂන් සභාවක් පත් කිරීමට නිර්දේශ කර තිබෙනවා.

ඒ, දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමට පත් කළ ජනාධිපති කොමිසන් සභාව විසින්.

පසුගිය රජය සමයේ ක්‍රියාත්මක වූ දූෂණ විරෝධී කමිටුව සාමාජිකයන් 22 කුගෙන් සමන්විත වූ අතර, එහි සභාපතිත්වය දරණු ලැබුවේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහයි.

කෙසේ වෙතත් වත්මන් රජය බලයට පත්වීමෙන් පසු දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයාබැලීම සඳහා ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවක් පත් කළ අතර, පළි ගැනීම්වලට ලක්වුවන්ගේ පැමිණිලි රැසක් ඊට ඉදිරිපත් වුණා.

එම කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ සාක්ෂි ලබාදී තිබුණේ දූෂණ විරෝධී කමිටුව මගින් දේශපාලනික පළිගැනීම් රැසක් සිදුවූ බවට සඳහන් කරමින්.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන ඇරඹූ ජනාධිපති කොමිෂන් සභාවේ තීරණ සහ නිර්දේශ ඇතුළත් කැබිනට් සන්දේශයක් ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩල රැස්වීමට පසුගිය සඳුදා ඉදිරිපත් කළා.

එම සන්දේශයට අනුව දූෂණ විරෝධී කමිටුව සහ එහි ලේකම් කාර්යාලය මගින් පොදු දේපළ අවභාවිතාව යන චෝදනාව මත වගකිව යුතු පුද්ගලයන් 22 ක් නම් කර තිබෙනවා.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර, පාඨලී චම්පික රණවක, රවුෆ් හකීම්, සරත් ෆොන්සේකා, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ද ඊට ඇතුළත්.

මීට අමතරව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න, නීතීඥ ජේ.සී. වැලිඅමුණ සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේද මෙම දූෂණ විරෝධී කමිටුවේ කටයුතු කළා.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුලු දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දිවුරුම සහ ප්‍රතිපාදන උල්ලංඝනය කර ඇති බවට දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති කොමිෂන් සභාව ඒකමතිකව තීරණය කර ඇති බව එම කොමිෂන් සභාවේ නිර්දේශවල ඇතුළත්.

ඒ අනුව අදාළ වරද විමර්ශනය කර දඬුවම් පැමිණවීම සඳහා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවක් පත් කළ යුතු බවද එම නිර්දේශවල ඇතුළත්.

අදාළ වගකිවයුත්තන් අතර සිටින රජයේ සේවකයන් අල්ලස් පනතේ දූෂණය නැමති වරද සිදුකර ඇති බවත්, පොදු දේපළ පනත යටතේ දඩුවම් ලැබිය යුතු සාපරාධී වරදක් සිදුකර ඇති බවත් එහි සඳහන් වනවා.

එසේම එම ලේකම් කාර්යාලයේ රැස්වීම් පැවැත්වීමට අරලියගහ මන්දිරය භාවිත කිරීමෙන් පොදු දේපල අවභාවිත කර ඇති බවටද කොමිසන් සභාව නිගමනය කර තිබෙනවා.

දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කොමිසම සතු සාක්ෂි සහ ලේඛන අල්ලස් කොමිසමට සහ නීතිපතිවරයාට යොමු කිරීමට ද දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව නිර්දේශ කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී අමාත්‍ය උදය ගම්මන්පිල මහතා කියා සිටියේ නීතිමය පියවර ගැනීම සඳහා අදාළ කොමිෂන් සභා වාර්තාවේ පිටපත් නීතිපතිවරයාට සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට යොමුකිරීමට පසුගියදා පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී තීරණය කළ බවයි.

+++++++++++

(20.01.2021 – 19:13 +0530 – sinhala.adaderana.lk)

යහපාලන රජය සමයේ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති ‘දූෂණ විරෝධී කමිටුවේ’ සාමාජිකයන් විසි දෙදෙනෙකුට (22) අදාළ දඬුවම් ලබාදීම සඳහා පාර්ලිමේන්තුවට නිර්දේශ ලබාදීමට හැකි විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පත්කිරීමට නිර්දේශ කර තිබේ.

දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂා කර තොරතුරු ලබාගැනීම සඳහා පත්කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් එම නිර්දේශය කර තිබුණි.

ඉකුත් ආණ්ඩුව සමයේ පිහිට වූ දූෂණ විරෝධී කමිටුව සමාජිකයන් 22 ක් සහිත වූ අතර එහි සභාපතිවරයා ලෙස කටයුතු කළේ එවකට අග්‍රාමාත්‍ය ලෙස කටයුතු කළ රනිල් වික්‍රමසිංහ මහතාය.

එහි සෙසු සාමාජිකයන් ලෙස හිටපු අමාත්‍යවරුන් වන මංගල සමරවීර, චම්පික රණවක, රාවුෆ් හකීම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සරත් ෆොන්සේකා, ආර්. සම්බන්ධන්, එම්.ඒ. සුමන්තිරන්, අනුර කුමාර දිසානායක යන අය කටයුතු කර තිබුණි.

එමෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජයම්පති වික්‍රමරත්න, මලික් සමරවික්‍රම යන දෙදෙනාත්, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර, නීතිඥ ජේ. සී. වැලිඅමුණ, ආනන්ද විජයපාල, පී. ප්‍රේමශාන්ත, නිහාල් අමරසිරි, සුජාතා කුමාරි, අයි. වීරරත්න, තුසිත් මුදලිගේ, ලාල් නානායක්කාර, අනුෂ කුමාරස්වාමි, දිනේෂ් පෙරේරා සහා හිටපු අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක යන පිරිස ද එහි සාමාජිකයන් විය.

මෙම කමිටුව මගින් දේශපාලන පළිගැනීම් සිදුකළ බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා විසින් ලබාදුන් සාක්ෂියකට අනුව සිදුකළ විමර්ශන වලින් පසුව දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව විසින් සකස් කළ තීරණ සහ නිර්දේශ ඇතුළත් කැබිනට් මණ්ඩල සංදේශයක් පසුගිය 18 වනදා ජනාධිපති ගෝඨාභය රාපක්ෂ මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළේය.

එහි දැක්වෙන්නේ හිටපු අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූෂණ විරෝධී කමිටුවේ සාමාජිකයන් විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දිවුරුම කඩකිරීම සහ ප්‍රතිපාදන උල්ලංඝනය කර ඇති බවට ජනාධිපති කොමිසම විසින් ඒකමතිකව තීරණය කර ඇති බවය.

ඒ අනුව අදාළ වරද පිළිබඳව කරුණු විමර්ශනය කර දඬුවම් පැමිණවීම සඳහා බලයලත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයක් නොමැති බැවින් මෙම තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා “විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක්” පත්කළ යුතු බවට එම කොමිසම නිර්දේශ කර තිබේ.

වගඋත්තකරුවන් අතර සිටින රාජ්‍ය සේවකයන් දූෂණ විරෝධී කමිටුව සහ එහි ලේකම් කාර්යාලය යන නිල නොවන සංවිධානයේ සේවය කිරීමෙන් හෝ සේවයට යෙදවීමෙන් අල්ලස් පනතේ දූෂණය නමැති වරද කර ඇති බව කොමිෂන් සභා වාර්තාවේ සඳහන් වේ.

දූෂණ විරෝධී කමිටු සාමාජිකයන් රාජ්‍ය නොවන සංවිධානයක කටයුතු කරමින් රජයේ මුදල් වැටුප් වශයෙන් ලබාගනිමින් පොදු දේපල පනත යටතේ දඬුවම් ලැබිය යුතු සාපරාධි වරදක් සිදුකර ඇති බවට ද කොමිසම විසින් තීරණය කර ඇති බව වාර්තා වේ.

ඔවුන් රජයේ මුදල් වැටුප් ලබමින් සාපරාධී සාවද්‍ය පරිහරණයක්ද සිදුකර තිබෙන අතර අගමැති ලේකම් කාර්යාලයේ වැය ශීර්ෂයෙන් රුපියල් මිලියන 3371 ක මුදලක් වියදම් සඳහා ලබාගෙන තිබෙන බව ද දැක්වේ.

පොදු දේපල පනත යටතේ දණ්ඩ නීති සංග්‍රහයේ දඬුවම් ලැබිය යුතු සාපරාධී විශ්වාසය කඩකිරීමේ වරද එමගින් කර ඇති බව කොමිෂන් සභාව තීරණය කර ඇති බව සඳහන් වේ.

රාජ්‍ය නොවන සංවිධානයක් වන දූෂණ මර්දන කමිටුවේ රැස්වීම් පැවැත්වීම සඳහා රාජ්‍ය ආයතනයක් වන අරලියගහ මන්දිරය පාවිච්චි කිරීමෙන් පොදු දේපල අවභාවිත කර ඇති බවද කොමිෂන් සභාව තීරණය කර ඇති බව සඳහන් වේ.

වගඋත්තරකරුවන් විසි දෙදෙනාට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීම සඳහා කොමිෂන් සභාව වෙත ඉදිරිපත්ව ඇති සාක්ෂි හා ලේඛන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට සහ නීතිපතිවරයාට යොමු කිරීමට ද දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිෂම විසින් නිර්දේශ කර තිබේ.

***************************************

(20.01.2021 – 23:10 +0530 – hirunews.lk/sinhala)

ග්‍රෑන්ඩ්පාස් – මහවත්ත ප්‍රදේශයේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක පදිංචිව සිටි පිරිසක් ඉවත් කිරීමට යාමේදී අද (20) උණුසුම් තත්ත්වයක් හටගත්තා.

ග්‍රෑන්ඩ්පාස් – මහවත්ත ප්‍රදේශයේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් මෙම ඉඩමේ නිවාස 297 ක පුද්ගලයින් මීට පෙර මහල් නිවාස වෙත යොමු කර තිබෙනවා.

එහෙත් පවුල් 9 ක පිරිසක් එම ස්ථානයෙන් ඉවත් නොවී දිගටම රැඳී සිටි අතර නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ඔවුන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට අද (20) පියවර ගත්තා.

***************************************

(20.01.2021 – 06:41 +0530 – hirunews.lk/sinhala)

පෑලියගොඩ – කැළණිතිස්ස මාවත ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයෙකු රුපියල් දෙකෝටි හැටහය ලක්ෂයක (2,66,00,000) මුදලක් ඇතුලු භාණ්ඩ සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ අත්අඩංගුවට ගත් 38 හැවිරිදි මෙම සැකකරු ළඟ තිබී මුදල්වලට අමතරව විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක්, මැගසින් දෙකක් (2) සහ එන්ජින් ධාරිතාව සී සී 1200 – බී එම් ඩබ්ලිව් වර්ගයේ යතුරුපැදියක්ද පොලිස් භාරයට ගනු ලැබුවා.

මෙම යතුරුපැදිය ලියාපදිංචි නොකරන ලද ව්‍යාජ අංක තහඩු යොදා භාවිත කර ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

මේ අතර තංගල්ල – දංකැටිය ප්‍රදේශයේ වඩු මඩුවක සඟවා තිබූ ඒ.කේ. 47 වර්ගයේ ගිනි අවියක් පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ඊයේ ගෙන තිබෙනවා.

මෙම ගිනි අවියේ අයිතිකරු සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තාවන්නේ ෴

***************************************

(21.01.2021 – 08:06 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (20) සිය ධුරයේ දිවුරුම් දුන් ඇමරිකානු ජනපති ජෝ බයිඩ්න්ට සහ උප ජනාධිපතිනි කමලා හැරිස්ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සුබපැතුම් එක් කර තිබෙනවා.

ට්විටර් පණිවුඩයක් නිකත් කරමින් අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ දෙරට අතර ද්විපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමට අපේක්ෂා කරන බවයි ෴

සිය ධුරයේ දිවුරුම් දුන් ඇමරිකානු ජනපති ජෝ බයිඩ්න්ට සහ උප ජනාධිපතිනි කමලා හැරිස්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුබපැතුම් එක් කර තිබෙනවා.

දෙරට අතර සබඳතා ශක්තිමත් කරගනිමින් ඉදිරියටත් කටයුතු කිරීමට අපේක්ෂා කරන බවයි ජනාධිපතිවරයා සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ.

මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ද ඇමරිකාවේ නව ජනාධිපතිවරයාට සහ උප ජනාධිපතිණියට සුබ පැතුම් එක්කර තිබෙනවා ෴

***************************************

(21.01.2021 – 08:17 +0530 – hirunews.lk/sinhala)

දිවයින පුරා ප්‍රදේශ 25 ක මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත යටතේ කාති තනතුරු සඳහා බඳවා ගැනීමට අයදුම්පත් කැඳවා තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ පසුගිය ජනවාරි මස 1 වනදායි.

වයස අවුරුදු 40 ට වැඩි මුස්ලිම් පුරවැසියෙකු, පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධිධාරියෙකු හෝ මුස්ලිම් ආගමික සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් පිළිගත් ආයතනයක් විසින් ප්‍රදානය කර තිබීම මෙම තනතුරු සඳහා සුදුසුකම් ලෙස එම ගැසට් නිවේදනයේ දැක්වෙනවා.

කාතිවරයාට මසකට රුපියල් 7,500 ක දීමනාවකට අමතරව සහයක සේවාවක්, ලිපි ද්‍රව්‍ය හා තැපැල් වියදම් සඳහා මසකට උපරිම රුපියල් 6,250 ක් ද ඇතුලුව මසකට රුපියල් 13,750 ක මුදලක්ද ගෙවනු ලබනවා.

අයදුම්පත් භාරගන්නා අවසන් දිනය ලෙස දැනුම්දී ඇත්තේ මේ මස 31 වනදායි.

අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ඊට අදාළ දැනුම්දීමක් ජාතික පුවත්පත්වලද ප්‍රසිද්ධ කර තිබෙනවා.

කෙසේ වෙතත් පසුගිය කාලසීමාව තුළ කාති උසාවි අහෝසි කළ යුතු බවට මතවාද ද පළවුණා.

එවන් පසුබිමකයි කාති තනතුර සඳහා අයදුම්පත් කැඳවා ඇත්තේ ෴

***************************************

(21.01.2021 – 10:31 +0530 – hirunews.lk/sinhala)

ඓතිහාසික වටිනාකමකින් යුත් දඹ රන් වලින් නිමකළ පිළිමයක් මුදලට විකිණීමට රැගෙන ගිය තුන්දෙනෙකු (3) අත්ඩංගුවට ගෙන තිබෙනවා.

ඒ මුලතිව් – සෙල්වම්පුරම් යුධ හමුදා මාර්ග බාධකය අසලදි විශේෂ කාර්ය බලකායට ලද තොරතුරක් මත ධාවනය වෙමින් තිබු වෑන් රථයක් නවතා ඊයේ (20) පරික්ෂා කළ අවස්ථාවේදීයි.

අත්ඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 21, 41, 54 යන වයස්වල පසුවන හැටන්, දෙහිවල හා කොටගල ප්‍රදේශවල පදිංචිකරුවන්.

@@@@@@@@@@@@@@@@@

(21.01.2021 – 08:10 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නිර්දේශ ලැබෙන පරිදි පෙබරවාරි මස 15 වනදා වනවිට බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රකාශ කළා.

බස්නාහිර පළාතේ පාසල් යළි ආරම්භ කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ (20) පැවති විශේෂ සාකච්ඡාවකදියි ඔහු මේ බව කියා සිටියේ. පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් පොදු තීරණයක් ලබාදීම කළ නොහැකි අතර, එක් එක් කලාප සහ කොට්ඨාසවල පවතින සෞඛ්‍ය තත්වය වෙන් වෙන්ව සොයා බලමින් පාසල් යළි ආරම්භ කිරීමට ඇති හැකියාව පිළිබඳ තීරණය ගත යුතු බවටයි එහිදී තීරණය වී ඇත්තේ.

බස්නාහිර පළාතේ අධ්‍යාපන කලාප 11 ක් තුළ පාසල් 1576 ක් පවතින අතර, ඉන් සිසු සිසුවියන් 79,000 කට ආසන්න පිරිසක් ලබන මාර්තු මාසයේදී පැවැත්වෙන සාමාන්‍ය පෙළ විභාගයට මුහුණදීමට නියමිතයි.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් ජනවාරි 25 වනදා සිට බස්නාහිර පළාතේ පාසල් 907 ක් ආරම්භ කිරීමට සෞඛ්‍ය බලධාරීන්ගේ එකඟතාව මත කටයුතු කරන බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේ.

බස්නාහිර පළාතේ අනෙකුත් ශ්‍රේණි සඳහා පාසල් ආරම්භ කිරීම පිළිබඳ තීරණය ලබන 28 සහ පෙබරවාරි 1 වනදා දිනවල දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස් කර එකඟතාවකට එළඹ එම නිර්දේශ පෙබරවාරි 10 වනදාට පෙර අධ්‍යාපන අමාත්‍යාංශය වෙත යොමු කළ යුතු බවට දැනුම්දී තිබෙනවා ෴

+++++++++++++++++++++

(21.01.2021 – 08:13 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ මාස 10 කට ආසන්න කාලයක් වසා දමා තිබූ මෙරට ගුවන් තොටුපල සංචාරකයින් සඳහා අද (21) යළිත් විවෘත වනවා.

කොරෝනා වසංගත තත්වය හමුවේ ආරක්ෂන ක්‍රමවේදයක් ලෙස මෙරට ජාත්‍යන්තර ගුවන් තොටුපල වානිජ ගුවන් ගමන් සඳහා වසා දමනු ලැබුවේ පසුගිය වසරේ මාර්තු මස 19 වනදායි.

ඒ හේතුවෙන් මෙරට සංචාරක ක්‍ෂේත්‍රයේ ඍජු හා වක්‍රව ප්‍රතිලාභ ලබන ලක්ෂ 30 කට ආසන්න පිරිසකට බලපෑම් එල්ලවුණා.

කෙසේ වෙතත් සංචාරක කර්මාන්තය යළි නගා සිටුවීමේ අරමුණින් රජය පසුගිය දින කිහිපයේ සිට නියමු ව්‍යාපෘතියක් ලෙස මෙරටට යුක්රේන සංචාරකයින් රැගෙන ඒමට පියවර ගනු ලැබුවා.

එම අත්දැකීම්ද සැළකිල්ලට ගනිමින් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව අද (21) සිට ජාත්‍යන්තර ගුවන් ගමන් සඳහා මෙරට ගුවන් තොටුපල විවෘත වනවා.

ඒ අනුව මෙරටට පැමිණ සංචාරකයින්ට නිරෝධායනයෙන් තොරව රැඳි සිටීමට හැකියාව ඇති අතර, ඔවුන් මෙරටට පැමිණීමට ප්‍රථම වෙන් කරවාගත් හෝටල් පරිශ්‍රය තුළ පිහිනුම් තටාක, ව්‍යායාම ශාලා, සම්භාහන මධ්‍යස්ථාන ඇතුලු පහසුකම් බාධාවකින් තොරව අත්විඳිය හැකියි.

කෙසේ වෙතත් ඔවුන් පළමු දින 14 නවාතැන් ගත යුත්තේ සෞඛ්‍යාරක්ෂිතව සහතික කරන ලද පළමු පෙළ හෝටල්වල පමණයි.

මීට අමතරව මෙරටදී සිදුකරන පී.සී.ආර්. පරීක්ෂණ සඳහා ඇමරිකානු ඩොලර් 40 ක මුදලක් ගෙවිය යුතු අතර, සංචාරකයා මෙරට රැඳී සිටින දින ගණන අනුව පී.සී.ආර්. පරීක්ෂණ ගණනද වෙනස්වනු ඇති.

එමෙන්ම සංචාරකයින් මෙරටට පැමිණීමට පෙර කොරෝනා රක්ෂණාවරණයක්ද ලබාගත යුතු අතර, මාසයක කාලයක් සඳහා එහි ආවරණ වටිනාකම ඇමරිකන් ඩොලර් 50,000 ක්.

ඒ අනුව සංචාරකයින් වෙනුවෙන් අද (21) විවෘත වන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සහ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලේ මෙහෙයුම් සෞඛ්‍යාරක්ෂිතව සිදුකිරීමට සූදානම් කර තිබෙනවා ෴

ශ්‍රී ලංකාව යළි වානිජ ගුවන් ගමන් සඳහා විවෘත කිරීමෙන් පසුව පළමු වානිජ ගුවන් යානය අද (21) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත පැමිණියා.

උදෑසන 07:40 ට ඕමානයේ මස්කට් නුවර සිට ඕමාන් ගුවන් සේවයට අයත් ඩබ්ලිව්.වයි. 371 දරණ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණි බවයි කාර්යභාර නිලධාරීවරයා සඳහන් කළේ.

එම ගුවන් යානය තුළ ශ්‍රී ලාංකිකයන් 50 දෙනෙකු පැමිණ ඇති අතර, ඔවුන් නිරෝධායනය සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව විසින් රැගෙන යාමට පියවර ගනු ලැබුවා ෴

+++++++++++++++++++

+++++++++++++++++++

ගුවන් තොටුපොළ විවෘත කිරීමෙන් පසුව සිදුවන සම්පූර්ණ ක්‍රියාවලිය මෙන්න

(20.01.2021 – 17:36 +0530 – sinhala.adaderana.lk)

මෙරට ජාත්‍යන්තර ගුවන් මගීන් සඳහා විවෘත කිරීමෙන් පසුව කටුනායක ගුවන් තොටුපොළ වෙත පළමු සංචාරකයන් පිරිස රැගෙන ජනවාරි 21 වන දින අලුයම 02:15 ට කටාර් රාජ්‍යයේ දෝහා සිට කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් පැමිණීමට නියමිතව තිබේ.

අද (20) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා පවසා සිටියේ, වානිජ ගුවන් මෙහෙයුම් සඳහා සංචාරක ගුවන් මගීන්ට ජනවාරි 21 සිට ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපොළ විවෘත කරන බවය.

ඒ අනුව ශ්‍රී ලංකාවට පිවිසීම සඳහා නේවාසික පුරවැසියන්ට, ද්විත්ව පුරවැසියන්ට සහ විදේශීය සංචාරකයන්ට බාධාවකින් තොරව අවසරය ලැබෙන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

එහිදී සංචාරක ගුවන් මගීන් ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ www.srilanka.travel යන වෙබ් අඩවියට පිවිස, ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ අනුමත එහි ලියාපදිංචි වී ඇති හෝටල් 53 න් එකක් තෝරා ගත හැකිය.

ඉන්පසුව අමෙරිකානු ඩොලර් 40 ක මුදලක් තැන්පත් කර මෙරට දී පීසීආර් පරීක්ෂණයක් සිදුකිරීම සඳහා රිසිට් පතක් ලබා ගත යුතුය.

එහිදී එම සංචාරකයා ශ්‍රී ලංකාවේ දින 01 – 06 අතර ගත කරන්නේ නම් එක් පීසීආර් පරීක්ෂණයක් ද , දින 07 කට වඩා වැඩි කාලයක් රැඳී සිටින්නේ නම් තවත් පීසීආර් පරීක්ෂණයක් ද සිදුකළ කළ යුතුය.

මෙරට දී සිදුකරනු ලබන එක් පීසීආර් පරීක්ෂණයක් සඳහා ඇමෙරිකානු ඩොලර් 40 ක මුදලක් අය කරනු ලැබේ.

ඊට අමතරව ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන සංචාරකයන් අමෙරිකානු ඩොලර් 12 ක් වැයකර කොවිඩ් රක්ෂණ ආවරණයක් ද ලබා ගත යුතුය.

ඒ අනුව ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානම් වන සංචාරකයන් ගුවන් ප්‍රවේශ පත්‍රය, ශ්‍රී ලංකාවේ නවාතැන් ගැනීමට නියමිත හෝටලයේ විස්තර සහ වෙන්කරවා ගත් අංකය, ශ්‍රී ලංකාවේ දී සිදුකිරීමට අපේක්ෂා කරන පීසීආර් පරීක්ෂණ සඳහා මුදල් ගෙවූ රිසිට් පත සහ කොවිඩ් රක්ෂණ ආවරණය ලැබූ සහතිකය සමග ශ්‍රී ලංකාවට පැමිණීමට පැය 72 කට පෙර ලබා ගත් පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල වාර්තාවක් ද ඉදිරිපත් කළ යුතුය.

ඉන්පසුව සංචාරක වීසා ලබා ගැනීම සඳහා www.eta.gov.lk යන වෙබ් අඩවියට පිවිස ඒ සඳහා අයදුම් කළ යුතුය.

අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණීම සිදුකළ හැකි අතර, එසේ පැමිණෙන සියලුම ගුවන්මගීන්, ඔවුන්ගේ ගමන් මලු සියල්ල ගුවන් පාලම් තුළ දී විෂබීජහරණය කිරීමට ලක්කෙරේ.

මෙහිදී ශ්‍රී ලංකාවට පිවිසෙන සියලුම ගුවන් මගීන් මුඛ ආවරණ පැළදීම අනිවාර්ය වේ.

ඉන් පසුව එම ගුවන් මගීන් ගුවන් යානය තුළ දී ලබාදුන් සෞඛ්‍ය වාර්තා, ගුවන් තොටුපොළ තුළ සූදානම් කර ඇති සෞඛ්‍ය කවුළු වෙත ලබාදිය යුතුය.

කටුනායක ගුවන් තොටුපොළ තුළ මෙවැනි සෞඛ්‍ය කවුළු 10 ක් සූදානම් කර ඇති අතර, මත්තල ගුවන් තොටුපොළ තුළ එවැනි කවුළු 02 ක් සූදානම් කර ඇති බව ද ෂෙහාන් සුමනසේකර මහතා පැවසීය.

එයින් පසු එම ගුවන්මගීන් ස්වයංක්‍රීය ශරීර උෂ්ණත්වමාපක ඔස්සේ ගමන් කළ යුතු අතර, එහිදී යම් සංචාරකයෙකුගේ ශරීර උෂ්ණත්වය සෙල්සියස් 37.5° ට වඩා වැඩි නම්, එම සංචාරකයා වහාම ගුවන් තොටුපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් වෙත යොමු කර ඊට අදාළ පියවර ගැනීමට නියමිතය.

ඉන්පසු සංචාරකයන් ආගමන විගමන කලාපයට පිවිසෙන අතර, එහිදී ඔවුන් තත්පර 30 – 40 ත් අතර කාලයක් තුළ නිදහස් කිරීමට සැළසුම් කර තිබේ.

එයින් පසු මෙසේ පැමිණෙන සංචාරකයන් ගුවන් තොටුපොළ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයට පිවිසීම සිදුවේ.

එම සාප්පු තුළ ගුවන් මගීන් වැඩි කාලයක් ගත කිරීමට සිදුවන බැවින්, එම සාප්පු සංකීර්ණයේ සියලු සේවකයින් පූර්ණ ආරක්ෂිත ඇඳුම් ඇඳ සිටීමට සූදානම් කර තිබේ.

එසේ භාණ්ඩ මිලදී ගත් ගුවන් මගීන් තම ගමන් මලු සහ අනෙකුත් භාණ්ඩ භාර ගැනීම සඳහා ස්වයංක්‍රීය භාණ්ඩ පැමිණීමේ ධාවක යන්ත්‍ර වෙත පිවිසිය යුතුය.

එහිදී ගුවන් යානයෙන් රැගෙන පැමිණි එම ගමන් මලු සහ අනෙකුත් භාණ්ඩ, එසේ අයිතිකරුවන්ට ලබා දීමට පෙර විෂබීජහරණය කිරීමට ලක්කිරීම සිදුකරයි.

අනතුරුව සියලු ගමන් මලු සහ භාණ්ඩ ගුවන් තොටුපොළ සහායකවරුන්ගේ සහායෙන් රේගු පරිශ්‍රය ඔස්සේ ගුවන් තොටුපොළ පැමිණීමේ ආලින්දය වෙත රැගෙන එනු ලබයි.

එහිදී මෙරට ප්‍රමුඛ පෙළේ බැංකු පද්ධතියක් පිහිටා ඇති අතර, ඒවායින් අවශ්‍ය මුදල් ගණුදෙනු සිදුකර ගැනීමෙන් පසුව ශ්‍රී ලාංකිකයන් සහ විදේශීය සංචාරකයන් වෙනම හඳුනා ගෙන ගුවන් තොටුපෙළෙන් පිටකිරීමේ කාර්යය ආරම්භ කරනු ලැබේ.

ශ්‍රී ලාංකිකයන් ජාතික කොවිඩ් මර්දන කාර්යය සාධන බලකාය මගින් සහ විදේශීය සංචාරකයන් ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ නිලධාරීන්ගේ අධීක්ෂණයට ලක්වේ .

එම පියවරෙන් ගුවන් තොටුපොළ වගකීම අවසන් වන බව ද ෂෙහාන් සුමනසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

ගුවන් තොටුපොළ තුළ දී සිදුවන සෑම ක්‍රියාවක්ම දුරස්ථභාවය රැක ගනිමින් සිදුකළ යුතු අතර, විෂබීජනාශක දියර කටුනායක ගුවන් තොටුපොළේ සියලු කලාපවල තැන්පත් කර පවතී.

මීට අමතරව ගුවන් තොටුපොළ සියලුම සේවකයින් එම ක්‍රියාවලිය පිළිබඳව පෙරහුරු පවත්වා, විශේෂ පුහුණුවකට ලක්කර ඇති බව ද සුමනසේකර මහතා පැවසීය ෴

++++++++++++++++++++

(21.01.2021 – 08:21 +0530 – hirunews.lk/sinhala)

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තාවීමේ තත්වයක් සමඟ එම ප්‍රභේද සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ජාන විශ්ලේෂණ පර්යේෂණයක් අද (21) ආරම්භ කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළා.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ද ඊයේ (20) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ විදේශගතව සිට පැමිණෙන පුද්ගලයන්ගේ ප්‍රභේද කඩිනමින් හඳුනාගැනීම සඳහා දැනට පවතින පර්යේෂණ පහසුකම් තවදුරටත් පුළුල් කළ යුතු බවයි.

මේ අතර ඊයේ (20) දිනයේත් කොරෝනා ආසාදිතයන් 770 දෙනෙකු වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත ආසාදිත සංඛ්‍යාව 55,000 ඉක්මවා ගියා.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිත සංඛ්‍යාව දැක්වුණේ 55,189 ක් ලෙසයි.

ඊයේ (20) වාර්තාවූ නව ආසාදිතයන්ගෙන් 768 දෙනෙකු පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයන් වන අතර, සෞදි අරාබියේ සහ කුවේටයේ සිට පැමිණි දෙදෙනෙකු (2) ද රෝගීන් ලෙස හඳුනාගැනුනා.

ආසාදිතයින් 7,698 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව 42,215 ක්.

එමෙන්ම ඊයේ (20) එක් කොරෝනා මරණයක්ද වාර්තාවූ අතර, ඒ අනුව මුළු මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 274 ක් ලෙසයි.

මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගැනීමෙන් පසු කොළඹ අයි.ඩී.එච්. රෝහලට මාරුකර යැවූ 53 හැවිරිදි කාන්තාවක් මෙලෙස මියගොස් ඇති අතර, කොවිඩ් නියුමෝනියාව නිසා ඇතිවූ ලේ විෂවීමේ කම්පනය සහ උග්‍ර දියවැඩියා තත්වය මරණයට හේතුව ලෙස දැක්වෙනවා.

+++++++++++++++++++++

(21.01.2021 – 10:55 +0530 – hirunews.lk/sinhala)

බස්නාහිර පළාතේ නිරෝධායන නීතිවලට පටහැනිව ක්‍රියා කරන රාජ්‍ය හා පෞද්ගලික ආයතන වැටලීමේ මෙහෙයුම වලින්, ඊයේ (20) ආයතන 103 කට එරෙහිව නඩු පවරා තිබෙනවා.

එසේම ගත වූ පැය 24 තුළ බස්නාහිර පළාතෙන් පිටත මුඛ ආවරණ නොපැළදි හා සමාජ දුරස්ථභාවය තබා නෙගත් පුද්ගලයින් 18 දෙනෙකු අත්ඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේ ෴

හැටන් ප්‍රදේශයේ පාසලක නිරෝධායනය වෙමින් සිටි ගුරුවරියක් (1) සහ සිසුන් දෙදෙනෙකුට (2) කොරෝනා ආසාදනය වී තිබෙනවා.

පසුගිය 15 වන දින එම පාසලේ 10 වන ශ්‍රේණියේ අධ්‍යාපනය ලැබු සිසුවෙකුට කොරෝනා ආසාදනය විමත් සමඟ සිසු සිසුවියන් 38 දෙනෙකු සහ ගුරුවරුන් සිව් දෙනෙකු (4) නිරෝධායනයට යොමුකර තිබුණා.

ඒ අනුව සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලින් තවත් සිසුන් දෙදෙනෙකුට (2) සහ ගුරුවරියකට (1) කොරෝනා ආසාදනය වී ඇති බවයි හැටන් දික්ඔය නගරසභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේ ෴

***************************************

විරූපී වූ ඇය සුරූපී කිරීමට ඔබ සූදානම් ද…? සඳුනි සමන් කුමාරි – TALK WITH SUDATHTHA (20.01.2021)

විශේෂඥ වෛද්‍ය පී.එල්.රාජසේකර මහතා
(වෛද්‍ය ශිරෝමණී පන්ඩිත, කොළඹ හා කැළණිය විශ්ව විද්‍යාලයීය බාහිර කථිකාචාර්ය, කොළඹ ආයුර්වේද ශික්ෂණ රෝහලේ දැවුම් පිලිස්සුම් හා කායික රෝග )

ලිපිනය :
රාජසේකර ආයුර්වේද පෞද්ගලික රෝහල, ගොරකදෙණිය, උඩුතුත්තිරිපිටිය.

දු.ක. :
033 227 9634 / 033 396 1355 / 077 433 1285 / 071 142 6882

Google Map Location Link :
https://goo.gl/maps/T69ctbz6KRUBQTDy8

+———————-

ඇය වෙනුවෙන් උදව් කිරීම සඳහා පමණක් මෙම දුරකථන අංකයට අමතන්න :

දු.ක : 077 731 3548

බැංකු ගිණුම :

Sudaa Community Care Foundation
A/C No. : 036010318233
Bank : Hatton National Bank
Branch : Rajagiriya

***************************************

අහිතකර සබන් වර්ගයක් ගැන බොරු කියන්නැයි කියමින් ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂවරිය , නිලධාරිණියකට බලපෑම් කල හැටි මෙන්න

(20.01.2021 – nethgossip.lk)

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් සිද්ධිකා සේනාරත්න විසින් එහි ඉහළ නිලධාරිණියකට සිදුකල බලපෑමක් පිළිබඳව වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත නිකුත් වී තිබෙනවා.

එහිදී ඇය විසින් එම ආයතනයේ ඉහළ නිලධාරිනියක වන අලෙවි සහ ප්‍රචාරක අධ්‍යක්ෂවරියට පවසා සිටින්නේ , එක්තරා සබන් වර්ගයක ඇති අහිතකර සංයෝගයක් පිළිබඳව මෙරට වෛද්‍යවරුන් විසින් අහිතකර නොවන බවට සහතික කොට ඇතැ‍යි පවසන ලෙසයි.

එහෙත් එහිදී එම අධ්‍යක්ෂවරිය එය ප්‍රතික්ෂේප කරනු ලබන්නේ ඒ සඳහා ලිඛිත සාක්ෂි නොමැති බව පවසමිනි.

සමාජ මාධ්‍යය ඔස්සේ පැතිර යන අදාළ වීඩියෝව පහතින් දැක්වේ :

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • The government keeps appointing more commissions to delay bringing criminal politicians to the courts, scratching their backs for mutual returns, while deceiving the general public. By the time these commissions come up with recommendations and G department deliberate on their findings, Gotabhaya and Mahinda’s government would have lost the next election, and the criminals back in power. It is the same story, deshapaaluwo protecting each other, and cheating the people. Disgusting!

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *