අලි සබ්‍රිට එරෙහිව ‘මුල් පෙළේ හිමිවරු අත්සන් තැබූ’ ලිපිය මෙන්න

අලි සබ්‍රිට එරෙහිව ‘මුල් පෙළේ හිමිවරු අත්සන් තැබූ’ ලිපිය මෙන්න

*********************************************

අලි සබ්‍රිට එරෙහිව ‘මුල් පෙළේ හිමිවරු අත්සන් තැබූ’ ලිපිය මෙන්න

(21.01.2021 – 22:15 +0530 – truenews.lk)

දෙමළ භාෂාව පිළිබඳව විශේෂ දැනුමක් ලබා තිබීම විශේෂ සුදුසුකමක් ලෙස සලකා පොලිස් දෙපාර්තමේන්තුව සඳහා පොලිස් පරීක්ෂකවරුන් ලෙස නීතිඥයින් 150 දෙනෙකු බඳවා ගැනීමට අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි කටයුතු කිරීම සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කරමින් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් ඇතුලු ප්‍රධාන පෙළේ ස්වාමින් වහන්සේලාගේ අස්සනින් යුතුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කොට තිබෙනවා.

එම ලිපිය මෙසේයි :

අතිගරු ජනාධිපතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ.

ජාතිවාදී පදනමින් පොලීසියට සහ අධිකරණයට බඳවා ගැනීමේ වරද පිළිබදව

ගරු අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ මොහොමඞ් අලි සබ්‍රි විසින් අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගෙන් කරන ලද ඉල්ලිමකට අනුව පොලිස් දෙපාර්තමේන්තුව සඳහා පොලිස් පරීක්ෂකවරුන් ලෙස නීතිඥයින් 150 දෙනෙකු බඳවා ගැනීමටත්, මෙම නීතිඥවරුන් දෙමළ භාෂාව පිළිබඳව විශේෂ දැනුමක් ලබා තිබීම විශේෂ සුදුසුකමක් ලෙස සලකා බැලීමටත් තීරණය කර තිබේ. අපේ රට පිළිබඳව හෝ ජනතාවගේ යහපත හා ආරක්ෂාව පිළිබඳව හෝ අබමල් රේණුවක තරමේ හෝ තැකීමක් හෝ දැනුමක් ඇති තැනැත්තෙකුටනම් මෙතරම් ආඥාන හා භයංකාර තීරණයක් කෙසේවත් ගත නොහැකි ය. මෙම තීරණයේ හරයට කිඳා බැස එහි අනාගත ප‍්‍රතිඵල කවරේද යන්න විශ්ලේෂණය කිරීමේ දී එය ඉතා සූක්ෂම ලෙස ගෙන තිබෙන අන්තවාදී මුස්ලිම් ව්‍යාප්තවාදයේ තවත් එක් පියවරක් පමණක් බව පැහැදිලිය.

මෙම සටහන මුස්ලිම් ජාතිකයින්ට එරෙහිව කරන්නක් නොව අහිංසක මුස්ලිම් ජනතාව බිල්ලට ගෙන තම පටු හා අන්තවාදී අරමුණු ඉෂ්ඨ කර ගැනීම සඳහා දේශපාලන බලය අවභාවිතා කරන බලලෝභී මුස්ලිම් දේඥපාලඥයින්ගේ ජනතාද්‍රෝහී කි‍්‍රයාවන්ට එරෙහිව කරන්නකි. එහි වින්දිතයින් වන්නේ මුස්ලිම් ජනතාව ය. ප‍්‍රතිලාභීන් වන්නේ එකී කූට මුස්ලිම් දේශපාලන නායකයින් ය.

ශී‍්‍ර ලංකාවේ ජන සංයුතිය සලකා බැලීමේ දී දෙමළ හා සිංහල යන භාෂා දෙකම ප‍්‍රගුණ කරන ලද සිංහල හෝ දෙමළ ජාතිකයින්ගේ සංඛ්‍යාවට වඩා මුස්ලිම් ජාතිකයින්ගේ සංඛ්‍යාව අධික බව යථාර්තයකි. නීතිඥ වෘත්තියේ යෙදෙන්නන් අතර එම වෙනස වඩාත් කැපී පෙනෙයි. එසේ නම් මෙම තීරණය කි‍්‍රයාත්මක වීමේ දී ප‍්‍රායෝගිකව සිදුවන්නේ බහුතර මුස්ලිම් ජාතිකයින් සංඛ්‍යාවක් පොලිස් පරීක්ෂකවරුන් ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට බඳවා ගැනීමයි.

මුස්ලිම් දේශපාලඥයින්ගේ මෙම ව්‍යාප්තවාදී කුමන්ත‍්‍රණය මෑතක සිට දරුණු වී තිබේ. මුස්ලිම් දේශපාලඥයින් විෂයභාර අමාත්‍යධුර දරන අවධිවලදී ශී‍්‍ර ලංකා පාරිභෝගික අධිකාරියට හා ශි‍්‍ර ලංකා වරාය අධිකාරියට මුස්ලිම් ජාතිකයින්ව වැඩි වශයෙන් සේවයට බඳවා ගැනීම, අභිරහස් ලෙස මුස්ලිම් ජාතිකයන් අසාමාන්‍ය සංඛ්‍යාවක් හිටි හැටියේම නීති විද්‍යාලයෙන් නීතිඥ වෘතිය සඳහා සුදුසුකම් ලැබීම, මුස්ලිම් ජාතිකයන් වැඩි සංඛ්‍යාවක් අධිකරණ තෝල්කයින් හා භාෂා පරිවර්තකයින් ලෙස බඳවා ගැනීම ඊට කදිම නිදසුන් ය. පොලිස් පරීක්ෂකවරුන් වශයෙන් වැඩි මුස්ලිම් ජාතික නීතිඥවරුන් පිරිසක් බඳවා ගැනිමේ යටි අරමුණ ඇතිව දෙමළ භාෂාව පිළිබඳ පූර්ව දැනීමක අවශ්‍යතාවය මතු කර ඇත්තේ ද එම කුමන්ත‍්‍රණයේ ම දිගුවක් ලෙසිනි.

මෙවැනි බඳවා ගැනීම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියෙන් ආරක්ෂා කර තිබෙන සර්ව සාධාරණත්වයේ අයිතිවාසිකම ද උල්ලංඝනය කිරීමකි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව රැකියාවක් සඳහා බඳවා ගැනීම් සිදු කිරිමේ දී ජාතිය හෝ භාෂාව අනුව වෙනස් කොට සැලකීමක් සිදු නොකළ යුතුය. සිදුකළ හැකි එකම දෙය නම් එසේ බඳවා ගැනීමෙන් පසුව යම් භාෂාවක් පිළිබඳ ප‍්‍රමාණවත් දැනිමක් යම් කාලයක් තුළදී ලබා ගත යතු යැයි නියම කිරීම පමණි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 15 වන වගන්තියෙන් නියම කර තිබෙන සීමාවන්ට අනුව වාර්ගික හා ආගමික සහයෝගිතාවයට හෝ ජාතික ආරක්ෂාවට තර්ජනය වන ආකාරයට මූලික අයිතිවාසිකම් කි‍්‍රයාත්මක කළ නොහැකි ය. ඒ අනුව බලන කල අධිකරණ අමාත්‍යතුමා විසින් පෙර සඳහන් තීරණය ගෙන ඇත්තේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පිළිබඳවත් යම් දැනුමක් හෝ ගෞරවයක් හෝ නොමැතිව බව පැහැදිලිය. මෙවැනි තීරණ ගැනීම තුළින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 4 හා 7 උපලේඛනවල සඳහන් දිවුරුම ද ඛණ්ඩනය වන බව සිහි ගැන්විය යුතුමය.

සහරාන් ප‍්‍රහාරයෙන් පසුව මුස්ලිම් ආගමික ස්ථානවලින් සොයාගත් කඩු කිණිසි යනාදිය සිය ගණනක් සංවිධානාත්මකව සගවා තබාගන්නා ලද්දේ කුමන අරමුණක් ඇතිව කවුරුන්ගේ පාවිච්චියටදැයි තවමත් අනාවරණය කරගෙන නොමැත. එම ආයුධ එසේ සොයා නොගැනුනේ නම් ඒවා එකවර හෝ වෙන් වෙන් වශයෙන් හෝ දීප ව්‍යාප්තව සිය ගණනක් විසින් තවමත් අභිරහස්ව පවතින යම් අරමුණක් සඳහා පාවිච්චි කළ හැකිව තිබු. ජාත්‍යන්තර මුස්ලිම් අන්තවාදී ත‍්‍රස්තයින් වන අයි.එස්.අයි.එස්. සංවිධානය විසින් තම සාමාජිකයින් ව පුහුණු කර තිබෙන්නේ සාමාන්‍ය පුරවැසියන් ලෙස සමාජගතව සිට එකවර ලබා දෙන ආඥාවකට අනුව තමන් සිටින ස්ථානයේ සිට ප‍්‍රහාර එල්ල කිරීමටය. පසුගිය වසරේ දී ප‍්‍රංශයේ සිදුවූ අන්තවාදී ප‍්‍රහාරයන්ගෙන් ඒ බව සනාථ වුනි. සහරාන් ප‍්‍රහාරය පසුපස සිටි බවට සැක පිට නිරන්තරයෙන් අධිකරණයේ පෙනී සිටි මුස්ලිම් ජාතික නීතිඥවරයෙකු තවමත් අත් අඩංගුවේ රඳවාගෙන සිටින බව ද අමතක නොකළ යුතුය. අන්තවාදීන්ගෙන් සැදුම්ලත් සංවිධානාත්මක කල්ලිවල මෙහෙයවීමෙන් පුරාවස්තු හා බුද්ධ ප‍්‍රතිමා විනාශ කිරීම යනාදී බෞද්ධ විරෝධී ත‍්‍රස්ත කි‍්‍රයා සිදු කිරීම ද අපි දුටිමු. මෙවැනි අනපේක්ෂිත වාතාවරණයක් තුළ අමනෝඥ තීරණ කි‍්‍රයාත්මක කිරීම මගින් අන්තවාදී ත‍්‍රස්ත කණ්ඩායම් වලට රාජ්‍ය ආයතනවල හා රාජ්‍ය ආරක්ෂක යාන්ත‍්‍රණයේ තීරකයින් ලෙස කටයුතු කිරීම සඳහා පහසු වන මාර්ග සෑදීම ජාතික ආරක්ෂාවට හා නීතියේ ආධිපත්‍යයට තර්ජනයකි.

එබැවින් අධිකරණ අමාත්‍යවරයාගේ මූලිකත්වයෙක් ගෙන තිබෙන පෙර සඳහන් ව්‍යවස්ථා විරෝධී හා ජනතා ද්‍රෝහී තීරණය කි‍්‍රයාත්මක නොකරන ලෙස මෙම රජය බලයට පත් කිරිම සඳහා කැපවූ ජනතාව නියෝජනය කරන හා එම ජනතාවට වගවීමට බැඳී සිටින අපි ඔබතුමාගෙන් ඉතාම ගෞරවයෙන් ඉල්ලා සිටිමු.

++++++++++++++++

13-01-2021

***************************************

අපි කර තියපු මේ ආණ්ඩුව හිස් මෝටර් උණ්ඩයක් – දැනුයි තේරෙන්නේ : පුජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි

(21.01.2021 – am.lk)

හිස් මෝටාර් උණ්ඩයක් කරේ තියාගෙන රට වටේ ගොස් ඇති බව දැන් කියන්නට සිදුව ඇති බව පුජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමි පවසයි.

හිස් මෝටාර් උණ්ඩ භාවිතා කරනුයේ අචාර වෙඩි මුර පැවැත්වීම සඳහා පමණක් බවත් හිස් උණ්ඩ වලින් වෙඩි තැබීමට පුළුවන් කමක් නොමැති බවත් උන්වහන්සේ සඳහන් කරයි.

නැඟෙනහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගමට ලබාදීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් උන්වහන්සේ මේ අදහස් දැක්වීය.

විදෙස් සමාගම් වලට බරපතල ප්‍රකාශයක් කරමින් එම සමාගම් පවරා ගන්න සියලුම ජාතික සම්පත් නැවත පවරා ගන්නා බවට මැතිවරණ සමයේ මහින්ද රාජපක්ෂ මහතා පැවසූ බවද මාගල්කන්දේ සුදත්ත හිමි මෙහිදී මතක් කළේය.

++++++++++++++++++++

නැගෙනහිර ජැටිය ගන්න ආවොත් මරාගෙන මැරෙනවා – ෂාමල් සුමනරත්න – Talk with Sudaththa (22.01.2021)

++++++++++++++++++++

(22.01.2021 – 13:03 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයකට වත්මන් රජය පත්ව ඇත්තේ පසුගිය රජය සමයේ අත්සන් කළ ගිවිසුමක් හේතුවෙන් බව වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක මහතා පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ ‘හිරු ටී.වී.’ ඔස්සේ විකාශය වූ ‘බලය’ සංවාදාත්මක වැඩසටහනට එක්වෙමින්.

මේ අතර නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් මහා සංඝරත්නය ඇතුළු පාර්ශ්ව රැසක් අදහස් පළ කළා.

++++++++++++++++++++

22-01-2021

***************************************

තම වාහනයට හානිකරගෙන වන්දි ඉල්ලන ත්‍රිරෝද රථ හා යතුරුපැදි කාක්කෝ !

(21.01.2021 – gossiplankanews.com)

තමන්ගේ වාහනය අනතුරට ලක් කර පැනයන්නේ යැයි චෝදනා කර වන්දි ඉල්ලා තර්ජනය කරමින් කාර්, වෑන් හෝ වෙනත් වටිනා චාහනවල හිමිකරුවන්ට තර්ජනය කර මුදල් කඩාවඩා ගන්නා ත්‍රිරෝද රථ හා යතුරුපැදි කල්ලියක් පිළිබඳව තලංගමින් වාර්තා වේ.

මෙම කණ්ඩායම විසින් සුපිරි වෙළඳසල් අසල ගැවසෙමින් එහි පැමිණෙන පාරිභෝගිකයන් මුදල් වියදම් කරන අයුරු, ඔවුගේ අතේ මුදල් පවතින ආකාරය සම්බන්ධයෙන් නිරීක්ෂණය කරනු ලැබේ. එසේම මෙම කණ්ඩායමේ ඇස පාරිභෝගිකයා සුපිරි වෙළඳසැලට පැමිණි වාහනය සම්බන්ධයෙන්ද අවධානය යොමු කරනු ලැබේ. ඇතැමෙක් බැංකු වැනි ස්ථානවල ගැවසෙමින් බැංකුවෙන් මුදල් ලබාගන්නා අය අතර වැඩි මුදලක් ලබාගන්නා අය පිළිබඳව අවධානය යොමු කරති. එසේ වයස්ගත, ආරවුලට බර නැති, තැන්පත් ලෙස හැසිරෙන පුද්ගලයන් මෙම කණ්ඩායමේ ඉලක්කය වී තිබේ. ඉන්පසු ඉතාමත් සූක්ෂම අයුරින් පාරිභෝගිකයාගේ වාහනය සීරීමට ලක් කිරීමක් හෝ එහි යම් තැනක තැලීමක් සිදුකරති. ඇතැම් විට අතෙහි හෝ සිරුරේ කිසියම් තැනක ලේ පැහැයෙන් කිසිවක් තවරා ගනී. ඒ බරපතළ තුවාලයක් සිදුව ඇති බව පෙනෙන අයුරෙනි.

බොහෝ විට මෙසේ තවරා ගනු ලබන්නේ මාළු වෙළඳසල්වල මාළු කැපීමේදී ඉවත්වන ලේ කැටිතිය.

ඉන්පසු මඳ දුරක් ඉලක්කගත වාහනය පසුපස ගමන් කර තමන්ගේ වාහනය හප්පා පලායන්නේ යැයි චෝදනා කරති. එම චෝදනාව නොපිළිගන්නේ නම් වාහනයේ සීරුණු තැන පෙන්වති. නැතහොත් පෙර කී ලෙස ලේ තැවරුණ ස්ථානය පෙන්වා එය අනතුර නිසා සිදුවූවක් බව පවසති. එසේ පවසා වන්දි ඉල්ලන ඔවුන් වන්දි නොදෙන්නේ නම් පොලිසි යන බවට තර්ජනය කරනු ලැබේ. එසේ බියගන්වා අතේ තිබෙන මුදල් සියල්ල බලයෙන් ලබාගනී. රුපියල් පන්දහස, දස දහස ඇතැම් විට ලක්ෂයක් පවා බලයෙන් ලබාගත් අවස්ථා පවතී. එවැනි අත්දැකීම්වලට මුහුණ දුන්නෝ මහරගම හා තලංගම පොලිස් ස්ථානවලට පැමිණිලි කර ඇත්තාහ. මේ වනවිට තලංගම පොලිසිය විමර්ශනයක් අද ආරම්භ කර තිබේ.

සරත් අමරකෝන් මහතා ද එවැනි අත්දැකීමක් ලද එක් මහත්මයෙකි. මේ ඔහුගේ අත්දැකීමය :

“මම හදවත් සැත්කමකට ලක්වුණ කෙනෙක්. හදිසියේ ඇති වූ රෝගී තත්වයක් නිසා වෛද්‍ය උපදෙස් ගන්න පසුගිය ජනවාරි 08 වැනිදා පස්වරුවේ මම තලවතුගොඩ පෞද්ගලික රෝහලකට ගියා. එහිදී මගේ හදවතේ ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් නොකඩවා පැය විසිහතරක් තුළ නිරීක්ෂණය කිරීමට මොනිටරයක් සවිකළා. අපි රෝහලෙන් පිටත් වුණේ රාත්‍රී හතට විතර. අපි හෝකන්දර පාරට හැරෙන්න කලින් සුපිරි වෙළඳසලකින් බඩු ගත්තා. ඒ අරගෙන කිලෝමීටර් කාලක් විතර යද්දි අපේ වාහනය පස්සෙන් පන්නාගෙන ආ ත්‍රිරෝද රථයක් කෑ ගසමින් කිව්වා අපි එයාලගේ වාහනය හප්පාගෙන ආවා කියලා. අපි එහෙම කළේ නැහැ කිව්වාම අපේ වාහනයේ සීරුණ තැනක් පෙන්වා ඒක වුණේ ඒ වාහනය හැප්පූ නිසා කියලා කිව්වා. ඊට පස්සේ වාහනයේ අලාබය ඉල්ලුවා. අපි පාරේ හිටපු රථචාහන හසුරුවන පොලිස් නිලධාරියකුට මේ අවනඩුව කිව්වාම පොලිසියට යන්න කිව්වා. මම ඉන්න තත්ත්වය නිසා බියට පත්වූ මගේ බිරිඳ රුපියල් පන්දාහක් දීලා ඔවුන් පිටත් කර හැරියා. අපි තලංගම පොලිසියට මේ ගැන පැමිණිලි කළා. ඔවුන් පැමිණි රථයේ ඡායාරූපයක් අපි පොලිසියට ඉදිරිපත් කළා. එහි රියදුරු අපි බඩු ගත් සුපිරි වෙළෙඳසලේ තාප්පය උඩ ඉන්නවා දැකපු නිසා මම පසුව එහි ගොස් ඔවුන්ගෙන් විමසා බැලුවා. එහිදී ඔවුන්ගේ ආරක්ෂක කැමරා පරීක්ෂා කර බැලීමේදී ඔහු අපි බඩු ගන්නා අතරතුර අපේ වාහනයේ බඳෙහි කුමක් හෝ සටහන් කරන අයුරු සටහන්ව තිබෙනු දුටුවා. දැනට පොලිසිය කරන ලද පරීක්ෂණවලදී එම ත්‍රිරෝද රථයේ අංකය ව්‍යාජ එකක් බව තහවුරු වී තිබෙනවා.”

නම සඳහන් නොකළ තවත් අයෙක් ඔහුගේ අත්දැකීම අප සමග මෙසේ පැවසිය :

“මට අවස්ථා තුනකදී මේ ප්‍රශ්නය ඇති වුණා. දවසක් මම අපේක්ෂා රෝහලට ගොස් ආපසු එද්දි අපේ පිටුපසින් ආපු ත්‍රිරෝද රථයක් අපි පසුකර ගොස් හරස් කර නැවැත්තුවා. ඉන්පසු අපේ වාහනයෙන් ඔහු අනතුරට ලක් කළ බවත් ඒ නිසා තුවාල සිදුව ඇති බවත් පවසමින් අතේ මැණික් කටුව අසල ලේ කැටියක් මිදී ඇති අයුරු පෙන්නුවා. අපි අතින් එවැනි අනතුරක් නොවූ බව කොයිතරම් කිව්වත් වැඩක් වුණේ නැහැ. රුපියල් පනස්දාහක් ඉල්ලගෙන ආපු ඔහුට රුපියල් දහදාහක් දීලා බේරෙන්න මට සිදුවුණා. පසුව මම ඒ ආසන්නයේ සිටි ත්‍රිරෝද රථ රියැදුරෙකුගෙන් ඔහු ගැන විමසූ විට ඒ හොරෙක් යැයි පැවසුවා.

එම සිදුවීම වුණේ සැප්තැම්බර් මාසයේදියි. ඉන්පසු පසුගිය නොවැම්බරයේදීත් මා මහරගම දෙසට රථය ධාවනය කරද්දී ගම්මාන පාර අසලදී යතුරුපැදියක් වේගයෙන් පැමිණ මා පසුකර නැවැත්තුවා. මම ඔහු හප්පාගෙන පැමිණි බව කීවා. කලින් අත්දැකීම නිසා මම එය ගණන් නොගෙන වේගයෙන් අපේ රිය ධාවනය කළා. ඔහු ආපසු හැරී යන්න ගියා.

තෙවැනි දවසේ ඒ කියන්නේ පසුගිය 13 වැනිදා මම නාවින්න එක්තරා ආයතනයකට ගිහින් ආපසු මහරගම පැත්තට ආවා. මගේ පිටිපස්සෙන් යතුරුපැදියක් දිගටම එන බව පෙනුණා. ගෙදර කිට්ටු කරද්දි යතුරුපැදියේ පැමිණි දෙනාගෙන් එක් අයෙක් මගින් බැස්සා. පදවාගෙන ආපු කෙනා ගේ ළඟටම ඇවිත් මම ඔහු හපාගෙන ආපු බව කිව්වා. මුල්ම අවස්ථාවේදී වගේම අතේ මිදුණු ලේ කැටියක් පෙන්වා මම දරුවෝ තුන්දෙනෙක් ඉන්න තාත්තා කෙනෙක්. බයිසිකලේ හැප්පු නිසා මට දැන් තුවාලයි. රස්සාව කරගන්නත් බැරි වෙනවා. මට වන්දියක් දෙන්න කියලා ඉල්ලුවා. මම කිව්වා එහෙම දෙයක් වුණේ නැහැ. මම සල්ලි දෙනෙත් නැහැ කියලා. ඔහු කිව්වා මම දැන් රෝහල් ගත වෙනවා. පොලිසියට සියලු දේ කියනවා. එතනින් මේක බේරගමු කියලා. මමත් කිවේවා එහෙම කරන්න කියලා. ඒ නිසා ඔහු පිටව ගියා. මම මුලින් අවස්ථාවේ බියවී රුපියල් දහදාහක් දීපු නිසා තමයි බයට එහෙම කරයි කියලා හිතලා දිගටම මා පස්සේ පන්නන්න ඇත්තේ. මේ ගැන මම මහරගම පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා දැනුවත් කළා.”

මේ සිදුවීම් සම්බන්ධයෙන් අප කළ සොයාබැලීමේදී දැනගන්නට ලැබුණ පරිදි මෙවැනි සිදුවීම්වලට තලවතුගොඩ හෝකන්දර ප්‍රදේශයේදී තවත් බොහෝ දෙනෙක් මුහුණ පා ඇත්තාහ. එහෙත් ඇතැමෙක් බියට මුදල් දී ජීවිතය බේරාගෙන යනවා හැර පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට උත්සාහ කර නැත.

තලංගම පොලිසිය පවසන පරිදි දැනට කරන ලද පරීක්ෂණවලදී එක් ත්‍රිරෝද රථයක පමණක් පින්තූර ලැබී ඇති බැවින් එහි අංකය අනුව එය ව්‍යාජ අංකයක් බව තහවුරු වී ඇති බව පෙනී ගොස් තිබේ. ආරක්ෂක කැමරා දර්ශන අනුව තවදුරටත් විමර්ශන සිදුකෙරේ.

= මුදිතා දයානන්ද =

***************************************

අධිකරණයේ අකටයුතුකම් ගැන කතා කරන්න අවස්ථාව තිබිය යුතුයි – ඇප ලැබුණු අජිත් ප්‍රසන්නගෙන් ප්‍රකාශයක් (20-01-2021)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *