කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික ව්‍යාපාරය විරෝධතාවක

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික ව්‍යාපාරය විරෝධතාවක

*********************************************

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික ව්‍යාපාරය විරෝධතාවක

(22.01.2021 – 19:43 +0530 – hirunews.lk/sinhala)

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් උද්ගතව ඇති අර්බුදකාරී තත්වයට එරෙහිව නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික ව්‍යාපාරය කොළඹදී අද විරෝධතාවක නිරතවුණා.

විරෝධතාවයෙන් අනතුරුව වෘත්තිය සමිති නායකයන් සිය යෝජනා ඇතුළත් ලිපියක් ජනාධිපතිවරයා වෙත යොමුකිරීම සඳහා පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් වෙත භාරදුන්නා.

අනතුරුව විරෝධතාකරුවන් පා ගමනින් පැමිණ අර්බුදය සමථයකට පත් කිරීම සඳහා පත් කළ ඇමති අනුකාරක කමිටුවටද සිය යෝජනා භාරදුන්නා.

හිරු ටී වී ඔස්සේ ඊයේ රාත්‍රියේ විකාශය වූ බලය දේශපාලන වැඩසටහනට එක්වෙමින් වරාය අධිකාරියේ සභාපති ජෙනරාල් දයා රත්නායක කියා සිටියේ වත්මන් රජය නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයකට පත්ව ඇත්තේ පසුගිය රජය අත්සන් කළ ගිවිසුමක් හේතුවෙන් බවයි.

මේ අතර නැගෙනහිර පර්යන්තය විකිණීම සඳහා තම රජය එකඟ වූ බවට නැගෙන චෝදනා ප්‍රතික්ෂේප කරන බව එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් අද සඳහන් කළා.

එහි දැක්වෙන්නේ 2019 වසරේදී යහපාලන රජය නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට හෝ වෙනත් රටකට විකිණීමට ගිවිසුමකට අත්සන් නොතැබූ බවයි.

පර්යන්ත මෙහෙයුම් කටයුතු සඳහා පමණක් සමාගමකට බදුදීම සඳහා ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ජපන් රජයන් අතර අවබෝධතා ගිවිසුම් අත්සන් කළ බව එහි සඳහන්.

ජැටිය දෙන්නේ අත යට කොමිස් මුදලක් බලාපොරොත්තුවෙන් – පූජ්‍ය බෙංගමුවේ නාලක හිමිගෙන් අනාවරණයක්

(23.01.2021 – am.lk)

කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉන්දියාවේ අදානි සමාගමට හෝ වෙන සමාගමකට ලබා දීමට උත්සහ කරන්නේ විශාල කොමිස් මුදලක් බලාපොරොත්තුවෙන් විය හැකි බව පූජ්‍ය බෙංගමුවේ නාලක ස්වාමීන් වහන්සේ පැවසූහ.

අපේ රටේ බොහොමයක් දේශපාලකයින් සහ නිලධාරීන් කොමිස් ලබා ගැනීම සඳහා මෙවැනි දේවල් මීට පෙරත් සිදුකර තිබෙන බව උන්වහන්සේ පැවසුවේය.

දැනුත් කිරීමට උත්සහ කරන්නේ එවැනි දෙයක් ද යන්න බරපතල සැකයක් මතුවන බව උන්වහන්සේ කියාසිටියේය.

“තමන්ගේ අතට ලැබෙන කොමිෂන් එක බලාගෙන මේ වගේ ජාතික අපරාධ, ජාතික සම්පත් විදේශ රටවල කොම්පැණිවලට පැවරීම නොකළ යුතුයි. එහෙම කරන්න ගියොත් එහෙම ආණ්ඩුවට ඇතිවන බරපතලම මහජනතා විරෝධය ඉදිරියේ ආණ්ඩුවට හිට ගන්න බැරිවෙයි. මේ වන විට නැගෙනහිර පර්යන්තය සුරැකීමේ ජාතික සභාවක් ගොඩනගා ඇති අතර ජාතික සම්පත් රැකගැනීම සඳහා එවැනි ජාතික සභා ඇතිකරගත යුතුයි.” බෙංගමුවේ නාලක ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කලහ.

එවැනි තත්ත්වයකත් නැගෙනහිර ජැටිය ඉන්දියාවට ලබා දුන්නොත් ආණ්ඩුවට බරපතල ප්‍රශ්නයක් මතුවන බවද උන්වහන්සේ කියා සිටින ලදී.

“ආණ්ඩුවල තියෙන බරපතල ප්‍රශ්නයක් තමයි ආණ්ඩු බලය ගත්තහම ඔවුන් හිතනවා මේ රට ඔවුන්ට අයිතියි කියලා. ඒ ගොල්ල්ලො දැනගන්න ඕනේ ඒ අයට රට අයිති නැහැ. ඔවුන් රටේ භාරකාරයෝ. භාරකාරයන්ට රට එක එක්කෙනාට ඕනේ විදිහට දෙන්න, විකුණන්න බැහැ. මේ රටේ ඉතිහාසයේ සිටම සම්මත වෙලා තියෙන්නේ රජය කියන්නේ රටේ භාරකාරයෝ. අයිතිකාරයෝ කියල හිතාගත්තහම තමයි ඔය වගේ දේවල් කරන්න යන්නේ.”

ඉන්දියාවට අවශ්‍ය වන්නේ අපේ රට නගා සිටුවීම නොව ඉන්දියාව නැව් ගෙන්වා ගැනීමට බව උන්වහන්සේ තවදුරටත් ප්‍රකාශ කරන ලදී.

එම නිසා 49% ක් නොව කුමනාකාරයකින්වත් නැගෙනහිර ජැටිය විදෙස් සමාගමකට ලබා නොදිය යුතු බව උන්වහන්සේ අවධාරණය කළේය.

“ඉංජිනේරුවෝ, වෘත්තීය සමිති, වරාය සේවකයෝ හැමදෙනාම කියනවා අපිට පුළුවන් මේක හදන්න කියලා. එහෙම කියද්දී, ප්‍රසිද්ධියේ එවැනි බරපතල වගකීමක් දරන්න කැමති වෙද්දී ඇයි මේක මේ විදිහට කරන්න යන්නේ. විකුණන්න හෝ ආයෝජකයෙක් සම්බන්ධ කරගන්න යන එකේ තේරුමක් නැහැ.”

ආණ්ඩුව තේරුම් ගත යුත්තේ එක එක රටවල් සතුටු කරීම නොව තමන්ගේ රටේ මහජනතාව සතුටු කිරීම බව උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළේය ෴

***************************************

සූරියවැව උපවාසයේ සිටි දෙදෙනෙකු රෝහලට – අලි, මිනිස් ගැටළුවට විසදුම් ඉල්ලා මැදවච්චියේදී උද්ඝෝෂණයක්

(22.01.2021 – 20:11 +0530 – hirunews.lk/sinhala)

හම්බන්තොට යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ආරම්භ කර ඇති මාරාන්තික උපවාසය අතරතුර අසාධ්‍ය තත්ත්වයට පත්වු උපවාසකරුවන් දෙදෙනෙකු (2) අද (22) රෝහල් ගත කෙරුණා.

ගොවි සංවිධාන නියෝජිතයන් ආරම්භ කළ සත්‍යග්‍රහයට සහ උපවාසයට මේ වනවිට දින 5 ක් ගත වනවා.

හම්බන්තොට, සුරියවැව, වල්සපුගල ප්‍රදේශයේදී පසුගිය 18 වැනිදා ගොවි සංවිධාන 86 ක නියෝජිතයන් සත්‍යග්‍රහය ආරම්භ කිරීමට ප්‍රධාන හේතුව වුයේ යෝජිත වන අලි කළමනාකරණ රක්ෂිතය වහා ගැසට් කරන ලෙස බලකරමින්.

ඊට අමතරව ගොවීන්ගේ අනෙකුත් ඉල්ලීම් වුයේ අක්‍රීයව ඇති විදුලි වැට වෙනුවට රක්ෂිතය වටා ශක්තිමත් විදුලි වැටක් ඉදිකිරීමට සංවර්ධන බිම්වල සිටින වන අලින් වහා ඉවත් කිරීම සහ හම්බන්තොට ආශ්‍රීතව සිදුවන ඉඩම් කොල්ලය නැවැත්වීමට වහා පියවර ගත යුතු බවටයි.

මේ අතර අලි – මිනිස් ගැටළුවලට විසදුම් ඉල්ලා උද්ඝෝෂණයක් මැදවච්චිය නගර මධ්‍යයේදි අද (22) පැවත්වුණා.

සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ සමාජිකයන් සංවිධාන කර තිබු මෙම උද්ඝෝෂණ අතරතුර වන අලි හානි කළ වගාවෙන් කොටසක්ද එම ස්ථානයට රැගෙනවිත් තිබුණා.

***************************************

(22.01.2021 – 21:31 +0530 – hirunews.lk/sinhala)

කාති උසාවි සඳහා කාතිවරුන් බඳවා ගැනීමට අධිකරණ සේවා කොමිසම පියවර ගැනීමත් සමඟ ඒ සම්බන්ධයෙන් නැවතත් සමාජය තුළ දැඩි කතබහක් මතුව තිබෙනවා.

මේ අතර, තමන් කාති උසාවිය මගින් දැඩි අසාධාරණයකට ලක් වූ බවට තවත් මුස්ලිම් ජාතික කාන්තාවක් මාධ්‍ය හමුවේ තොරතුරු හෙළි කළා.

අධිකරණ සේවා කොමිසම විසින් දිවයින පුරා දිස්ත්‍රික්ක 11 ක ස්ථාන 25 ක් සඳහා මුස්ලිම් විවාහ හා දික්කසාද පනත යටතේ කාති තනතුරුවලට බඳවා ගැනීම වෙනුවෙන් ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීමක් පළකර තිබූ අතර කාති උසාවි පිළිබඳ යළි කතාබහක් නිර්මාණය වුණේ ඒ සමඟින්.

අද (22) පිළියන්දල පදිංචි තිදරු මවක් වන එම්.ඩී. ෂිෆානි මහත්මිය තමන්ට කාති උසාවිය මගින් දැඩි අසාධාරණයක් සිදුවූ ආකාරය පැහැදිලි කළේ මෙලෙසින් :

මේ අතර, මහා සංඝරත්නය ඇතුළු තවත් පාර්ශ්ව රැසක් කාති උසාවි සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළකළා :

++++++++++++++++

@@@@@@@@@@@@@@@@@@

(22.01.2021 – 20:34 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – මට්ටක්කුලිය රොද්‍රිගූ පෙදෙසේ දේවස්ථානයක පියතුමන්ලා 9 දෙනෙකු ආසාදිතයින් බවට හඳුනාගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, මේ වන විට කොළඹ කොටුව, පිටකොටුව ප්‍රදේශ ආශ්‍රිතව ආසාදිතයින් වාර්තා වීම සැළකිය යුතු මට්ටමකින් අඩු වී ඇති බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි මහතා පෙන්වා දෙන්නේ.

බස්නාහිර පළාතෙන් පිටත රෝගීන් වාර්තාවීම කැපී පෙනෙන ලෙස මේ වනවිට ඉහළ යමින් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අද (22) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියා.

බදුල්ල – පස්සර ජාතික පාසලේ තවත් සිසු සිසුවියන් හතරදෙනෙකුට (4) කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමඟ එම පාසලෙන් වාර්තා වන ආසාදිත ළමයින් සංඛ්‍යාව 10 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ජාතික නිදහස් දින පෙළපාලියේ ගමන් කිරීම සඳහා තෝරාගත් එම පාසලේ ශිෂ්‍ය භටයින් තුන්දෙනෙකුට (3) පසුගිය 15 වනදා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයකින් දෙදෙනෙකු (2) කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන තිබුණා.

ඒ අනුව ඔවුන්ගේ ආශ්‍රිතයන්ට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ වලට අනුව මෙම ආසාදිත සිසු සිසුවියන් හඳුනාගෙන ඇති බව සඳහන්.

මේ අතර අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා කියා සිටියේ නිදහස් දින පෙළපාලිය සඳහා ශිෂ්‍ය භටයින් සහභාගි කරවීම තුළින් අවදානම් තත්වයක් මතුවිය හැකි බවයි.

එමෙන්ම හැටන් – කුඩාගම ප්‍රදේශයේ පාසලක ඊයේ (21) සිදුවූ හදිසි අනතුරකින් තුවාල ලැබූ 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකු දික්ඔය මූලික රෝහලට ඇතුළත් කිරීමේදී සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේදී කොරෝනා ආසාදිත බවට තහවුරු වී තිබෙනවා.

මේ අතර අම්බලන්ගොඩ – බටපොළ ප්‍රදේශයේ පාසලක දෙවන (2) ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියකගේ පියා කොරෝනා ආසාදිත බවට හදුනා ගැනීමත් සමඟ අදාළ පාසලේ ගුරුවරුවන්, සිසුන් ඇතුළු ආශ්‍රිතයන්ගේ පවුල් 20 ක සාමාජිකයන් ස්වයං නිරෝධායනයට යොමු කෙරුණා.

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා ආසාදිත මරණ දෙකක් (2) වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 278 ක්.

මියගොස් ඇත්තේ 82 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ 51 හැවිරිදි කාන්තාවක්.

කොළඹ 8 ප්‍රදේශයේ පදිංචි පිරිමි පුද්ගලයා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සටින අතර කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙසට හඳුනා ගැනීමෙන් පසු ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයට මාරුකර යවා තිබුණා.

එහි ප්‍රතිකාර ලබමින් සිටියදී අද (22) මියගොස් ඇති අතර මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ කොවිඩ් නිව්මෝනියාවයි.

මේ අතර හෝමාගම ප්‍රදේශයේ පදිංචි කාන්තාව කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙසට හඳුනා ගැනීමෙන් පසු හෝමාගම මූලික රෝහලට මාරුකර යවා තිබුණා.

එම රෝහලට ඇතුලත් කිරීමෙන් පසු අද (22) මෙම කාන්තාව මරණයට පත්වී ඇති අතර මරණයට හේතුව ලෙසට දැක්වෙන්නේ කොවිඩ් නිව්මෝනියාව ලේ විෂවීම සහ වකුගඩු අක්‍රිය වීමයි ෴

කොරෝනා මර්දන ‘කොවිශීල්ඩ්’ එන්නතට ශ්‍රී ලංකා රජය අවසර ලබාදී ඇති බැවින් එම එන්නත ශ්‍රී ලංකාවට ලබාගැනීමට අදාළ කටයුතු සඳහා දෙරටේ රජයන් කටයුතු කරමින් සිටින බව මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය පවසනවා ෴

++++++++++++++++++++

(22.01.2021 – 21:51 +0530 – hirunews.lk/sinhala)

ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිතයන් 438 දෙනෙකු වාර්තාවී තිබෙනවා.

ඒ අනුව මෙරටින් හමුවී ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 56,863 ක්.

ඉන් 7968 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.

සුවය ලබා නිවෙස් වෙත පිටත්ව ගොස් ඇති සංඛ්‍යාව 48,617 ක්. මෙරටින් කොරෝනා මරණ 278 ක් ද වාර්තාවුනා ෴

+++++++++++++++++++++

(23.01.2021 – 01:30 +0530 – hirunews.lk/sinhala)

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇති බව විශ්වාසදායක ආරංචි මාර්ග පැවසූ බව ‘බීබීසී සිංහල සේවය’ පවසනවා.

අමාත්‍යවරියට කොවිඩ්-19 ආසාදනය වී ඇතැයි ‘රැපිඩ් ඇන්ටිජන්’ පරීක්ෂණය මගින් අනාවරණය වුවද, පසුගිය සිකුරාදා සිදුකරන ලද පී.සී.ආර්. පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබෙන තුරු නිවසේ නිරෝධායනය වීමට ඇය තීරණය කර ඇති බවයි ‘බීබීසී සිංහල සේවය’ සඳහන් කර ඇත්තේ.

එහෙත් අමාත්‍යවරියගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව මෙතෙක් නිල වශයෙන් කිසිවක් නිවේදනය කර නැහැ ෴

+++++++++++++++++++++

තවත් කොරෝනා පැණියක් සොයාගනී.. ලොව පුරා රටවල්ට අරන් ගිහින්.. අනුමත සහතිකයත් ලැබිලා.. පැය 72 කින් ලෙඩා සුව නොවුනොත් තමන් සිය දිවි නසාගන්නා බව වෙද මහතා කියයි..

(22.01.2021 – 22:25 +0530 – lankacnews.com)

කොරෝනා වෛරසය සම්පූර්ණයෙන්ම මර්දනය කරන දේශීය ඖෂධයක් තමන් විසින් නිෂ්පාදනය කළ බව දේශීය වෛද්‍ය කළුතරගේ සම්පත් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

පුරාණ ඖෂධ වට්ටෝරු ඇසුරින් සාදන ලද මෙම මෙහි ඖෂධ වර්ග විසිහතරක් (24) පමණ ඇතැයි ද ඔහු පැවසීය.

දැනටමත් ලෝකයේ විවිධ රටවලට පුද්ගලයන් විසින් මෙම ඖෂධය රැගෙන ගොස් ඇති බවත ඔහු කියා සිටී.

වෛරසය ආසාදිතයෙකු මෙය පානය කලහොත් දින 03 කින් පුර්ණ සුවය ලබන බවත් ආසාදිත නැති අයෙකු පානය කලහොත් වෛරසය ආසාදනය නොවන බවත් ඒ මහතා පවසයි.

බණ්ඩාරණායක පර්යේෂනායතනයෙන් මෙය පරීක්‍ෂා කර ඒ සදහා සහතිකයකුත් නිකුත් කර ඇති බවත් ආසාදිතයන් 150 ක් පමණ දැනට සුවපත් කර ඇතැයිද ඒ මහතා පැවසීය.

මෙම බෙහෙත පානය කල පසු ආසාදිතයෙකු දින තුනක් ඇතුළත සුවපත් නොවුවහොත් තමන් සිය දිවි නසා ගැනීමට ඔට්ටු අල්ලන බවත් ඔහු තව දුරටත් සඳහන් කළේය.

කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

+++++++++++++++

01-01-2021

+++++++++++++++++++++

22-01-2021

@@@@@@@@@@@@@@@@

මැණික් කුළුණ හදන්නේ මැණික්වලින් කියා ‘3% අය’ කියනවා.. – කර්මාන්ත ඇමති විමල් වීරවංශ

(23.01.2021 – 06:26 +0530 – lankacnews.com)

‘එෆ්.සී.අයි.ඩී.’ නැමැති නීති විරෝධී පොලිස් කොට්ඨාසය යොදා ගනිමින් පසුගිය ආණ්ඩුව රාජ්‍ය සේවකයාට තීන්දු ගෙන, වැඩ කිරීමට නොහැකි භීතිකාවක් නිර්මාණය කළ බවත් එය නවතා, බියෙන් සැකයෙන් තොරව කාර්යක්ෂමව හා ඵලදායීව ජනතාවට සේවය කළ හැකි වාතාවරණයක් අද රාජ්‍ය සේවකයාට නිර්මාණය කර දීමට වත්මන් ආණ්ඩුවට හැකිව ඇති බවත් කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

‘සෙත්සිරිපාය III අදියර : බහු මහල් කාර්යාල සංකීර්ණය, සෙත්සිරිපාය පරිශ්‍රය’ ට මුල්ගල තැබීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් ඒ මහතා එසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වීරවංශ ඇමතිවරයා මෙසේද සඳහන් කළේය :

“මුළුමහත් ලෝකයම කොරෝනා වසංගතයෙන් මිදීමේ අභියෝගයට මුහුණ දී සිටින මොහොතක එම අභියෝගයට ද මුහුණ දෙමින් ඒ හමුවේ දණින් නොවැටී රටේ අභිවෘද්ධිය, ප්‍රගතිය වෙනුවෙන් විශාල වැඩ කොටසක් ඉටු කරලීමට අපේ ආණ්ඩුව සමත්ව සිටිනවා. නාගරික සංවර්ධන අධිකාරිය විසින් මේ දැවැන්ත කාර්යාල සංකීර්ණය ඉදිකිරීමට මූලික පියවර තැබීම මගිනුත් පෙන්නුම් කරන්නේ ‘වසංගතයට අපව පාලනය කළ නොහැකියි’ කියන සත්‍යයයි.

‘3% කට්ටිය හදන මතය’

අපේ රටේ ඇතැම් සමාජ මාධ්‍ය මඟින් මෙවැනි වැඩක් සිදු කළ විට ලැබෙන ප්‍රතිචාරය සුබවාදී එකක් නොවෙයි. පසුගිය සිකුරාදා මමත්, ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමතිතුමාත් රත්නපුරයේදී ‘මැණික් කුළුණ’ කියා සරලව හඳුන්වන මහල් 19 කින් සමන්විත ජාත්‍යන්තර මැණික් වෙළද මධ්‍යස්ථානයේ මුල් අදියරේ ඉදිකිරීම සඳහා මුල්ගල තැබුවා. එහි පළමු අදියර මාස 18 කදී අවසන් වීමටත් නියමිතයි. එය මේ රටේ මැණික් ව්‍යාපාරිකයන්ගේ දීර්ඝකාලීන ඉල්ලීමක් සඵල කිරීමට ගත් පියවරක්. සමාජ මාධ්‍යවල ඉන්න ‘3% කට්ටිය’ මතයක් හදනවා ‘මේක මැණික් කුළුණු හදන වේලාවක්ද, මේක මැණික්වලින් තමයි හදන්නේ’ ආදී වශයෙන්. වරාය නගරය හදන අවස්ථාවේදී ‘වරාය නගරය හදන්න ලංකාවේ තියෙන ඔක්කොම කළුගල් කැඩුවත් මදි වෙනවා.’ කියපු කටවල්වලින්ම තමයි මෙවැනි මතයක් හදන්නෙත්.

‘පොදු ජනතාවගේ ජීවිත හා බැඳුණු ආයෝජන’

හොංකොං, තායිලන්තය වැනි රටවල තිබෙන ආකාරයේ ජාත්‍යන්තර මැණික් වෙළෙඳ හා පර්යේෂණ මධ්‍යස්ථානයක් තමයි මේ ඉදිවන්නේ. පිටරටින් පැමිණෙන මැණික් ව්‍යාපාරිකයාට මෙරට මැණික් ව්‍යාපාරිකයා සමඟ සෘජුව මෙම මධ්‍යස්ථානයේ දී ගනුදෙනු කළ හැකියි. එමගින් මෙරටට විදේශ විනිමය ලැබෙනවා, රටේ ආර්ථිකය සවිමත් වෙනවා, රටේ ණය බරට ඔරොත්තු දීමේ හැකියාව වැඩි වෙනවා. මේ සියල්ල පොදු ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ දමන ඔවුන්ගේ ජීවිත හා බැඳුණු ආයෝජන.

‘ගොඩනැගිල්ලක් ඉදිවීමක් පමණක් නොවෙයි’

මේ ඉදිවන්නේ ගොඩනැඟිල්ලක් පමණක් නොවෙයි. මෙය ඉදිවීමෙන් පසුව එහි සේවයට පැමිණෙන රාජ්‍ය සේවකයාගේ ආකල්ප වෙනස් වන විට, එමගින් මහජනයාට ලැබෙන සේවය කලින්ට වඩා කාර්යක්ෂම හා ඵලදායී වන විට මේ සිදුවන්නේ මේ රටේ සමස්ත ආර්ථිකය හා බැඳුණු කාරණාවක්. ඉතින් මේ සමහරු කියන්නෙ ‘මේ වසංගත කාලයේ අපි අතයි – පයයි හකුළාගෙන ඉන්න ඕනේ’ කියලයි. හෙට දවසේ කියාවි ‘මේ වසංගත අස්සේ කාර්යාල සංකීර්ණ හදන්න ඕනෙද, ඒකද මේ මොහොතේ ප්‍රමුඛතාව?’ කියලා.

‘ආර්ථික අභියෝග ජය ගන්නා සමාජයක්!’

පසුගිය දශක කිහිපය තුළ මහින්ද රාජපක්ෂ මැතිදුන්ගේ සහ ගෝඨාභය රාජපක්ෂ මැතිදුන්ගේ නායකත්වයෙන් මේ රට ජය ගැනීමට අසීරු අභියෝග රැසක් ජයගත් බව ජනතාව දන්නවා. කොටි ත්‍රස්තවාදය පැරදුවා වගේම පසුගිය ආණ්ඩුව කාලේ හිස එසවූ සහරාන්ලාගේ ත්‍රස්තවාදයට යළි හිස එසවීමට බැරි ආකාරයට අද ජාතික ආරක්ෂාව තහවුරු කර තිබෙනවා. ජාතික ආරක්ෂාව සමග සෙල්ලම් කිරීමට කවර දේශපාලනඥයකුට හෝ කවර බලවතෙකුට හෝ බැරි වාතාවරණයක් තමයි අද පවතින්නේ. අද මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාලය මැඩ පවත්වමින් කටයුතු කරනවා. අද ජනතාවට බියෙන්, සැකයෙන් තොරව ජීවත් විය හැකි සමාජයක් නිර්මාණය කර දී තිබෙනවා. ඒ වගේම ඒ සමාජය එක තැන පල් වන සමාජයක් නොවී ආර්ථික අභියෝග ජය ගන්නා සමාජයක් බවට පත් කිරීමයි ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ පරමාර්ථය. අපට අමාත්‍ය තනතුරු ලැබී තිබෙන්නේ ඒ පරමාර්ථය වෙනුවෙන් කාර්යක්ෂමව කැපවීමටයි.

‘එෆ්.සී.අයි.ඩී. භීතිකාව’

අද වෙනදා වගේ රාජ්‍ය සේවකයාට බය වෙන්න ඕනේ නැහැ. පසුගිය ආණ්ඩුව කාලයේ තිබුණා ඔබට මතක ඇති ‘එෆ්.සී.අයි.ඩී.’ නමැති නීතිවිරෝධී පොලිස් කොට්ඨාසයක්. ඒකට නිතිපතා රාජ්‍ය සේවකයන්, ව්‍යාපාරිකයන් ගෙන්වූවා. මට මතකයි, මම ඉන්ජිනේරු සංස්ථාව සමග උප කොන්ත්‍රාත්තුවක් කළ ව්‍යාපාරිකයෙකු ලවා කොළඹ මහානාම විදුහලේ ඉදිරිපස පිවිසුම් මාර්ගය කාපට් කර දුන්නා. ඒකට ගිය පිරිවැය යෙදුවේ එම පෞද්ගලික ආයතනය මගිනුයි. පසුව ඒ විදුහලේ විදුහල්පතිතුමා මාරු කළා. ඔහුව එෆ්.සී.අයි.ඩී.යට කැඳවූවා. ඒ විතරක් නොවෙයි අර කාපට් කර දුන් ආයතනයේ සභාපතිත් එෆ්.සී.අයි.ඩී.යට කැඳවූවා. කැඳවලා ඔහුගෙන් අසා තිබුණා මම කීයක් දුන්නාද කියා. මම දුන්නු කීයක්වත් නැහැ. ඒ ආයතනය හරහා උදව්වක් ලෙස කරලා දුන්නා. එෆ්.සී.අයි.ඩී.ය ඒ මට්ටමට වැටුණා. රාජ්‍ය සේවකයා භීතියට පත් කළා. රාජ්‍ය සේවකයා වැඩ කරන්නෙ නැති, තීරණ නොගන්නා තත්ත්වයට පත් කළා. අද අපේ ආණ්ඩුව ඒ ‘කැත ආදර්ශය’ අනුගමනය කරන්නේ නැහැ.

අද අපි රාජ්‍ය සේවකයාට අභිමානයෙන් යුතුව වැඩ කිරීමේ ඉඩ ප්‍රස්ථාව හදලා දීලා තිබෙනවා. ඒ නිසා රාජ්‍ය සේවකයන්ගේ වගකීම තමයි උපරිම කාර්යක්ෂමව තම සේවය ජනතාවට ලබා දෙන එක. අපේ ආණ්ඩුව රාජ්‍ය සේවකයාට වැඩ කරලා සතුටුවිය හැකි යුගයක් නිර්මාණය කර දී තිබෙනවා. ‘ඒ යුගය ආලෝකවත් කිරීමට අපි කැපවෙමු!’ කියා ආරාධනය කරනවා.”

‘සෙත්සිරිපාය අදියර III : බහු මහල් කාර්යාල සංකීර්ණය, සෙත්සිරිපාය පරිශ්‍රය’ ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම සෙත්සිරිපාය පරිශ්‍රයේදී අග්‍රාමාත්‍ය, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මෙම ව්‍යාපෘතිය නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා රාජ්‍ය අමාත්‍යාංශයේ අධීක්ෂණය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘතියකි. මේ සඳහා වැය කෙරෙන මුදල රුපියල් බිලියන 16.7 කි. වසර තුනහමාරක (3½) කාලයක් තුළ මෙහි ඉදිකිරීම් කටයුතු නිමකර රාජ්‍ය ආයතනයන්හි පරිහරණය පිණිස ලබා දීමට නියමිත ය.

මෙම අවස්ථාවට විෂය භාර රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා, රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති හර්ෂාන් ද සිල්වා යන මහත්වරු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්
කර්මාන්ත අමාත්‍යාංශය

22-01-2021

***************************************

ලංකාවේ පතුළ නැති ළිඳ ඇතුළින් පොලිතින් සහ ප්ලාස්ටික් හමුවෙයි – මුල්වරට වීඩියෝ දර්ශනයන් මඟින් හෙළිවෙයි

(22.01.2021 – am.lk)

ශ්‍රී ලංකාවේ යාපනයේ නිරාවල් ප්‍රදේශයේ ඇති සංචාරක ආකර්ෂණයක් දිනාගෙන ඇති ‘පතුළ නැති ළිඳ’ ලෙස හැඳින් වූ ළිඳ පත්ළේ ඇති දේවල් වීඩියෝ ගත කිරීමට පර්යේෂකයන් පිරිසක් සමත් වී තිබේ.

මෙලෙස ළිඳ පත්ළ වීඩියෝ ගත කර ඇත්තේ ශ්‍රී ලංකාවේ සමුද්‍රිය පුරාවිද්‍යාඥයන් පිරිසක් සහ ලෝකප්‍රකට ගුහා කිමිදුම්කරුවෙකු වන රුසියානු ජාතික වසීලි මහතා ඇතුළු පිරිසක් විසිනි.

මෙහිදී මෙම ළිඳ සම්බන්ධයෙන් ප්‍රසිද්ධ කරුණු කිහිපයක සත්‍ය අසත්‍යතාවය සොයා ගැනීමටද මෙම පරික්ෂකයන් කණ්ඩායම සමත්ව තිබේ. එහිදී මෙම ළිඳත් කුදිරමලේ පොකුණක් මාතලේ දිස්ත්‍රික්කයත් දෝනා මඟින් සම්බන්ධ වන බවට තිබු මතයේ කිසිම සත්‍යතාවක් නොමැති බවත් මෙම ගවේෂණ කණ්ඩායම අනාවරණය කරගෙන තිබුණි.

මෙම ගවේෂණයට සම්බන්ධ වූ සමුද්‍ර පුරාවිද්‍යාඥ රසික මුතුකුමාරණ මහතා සඳහන් කර සිටියේ ළිඳ ඇතුළේ මීටර් 23 ක් පමණ ගමන් කළ විට කරදිය සහ මිරිදිය වෙන්වෙන ස්ථානය පැහැදිලිව දැකිය හැකි බවයි. එමෙන්ම ගැඹුරුම ස්ථානය පිහිටාඇත්තෙ මීටර 53 ක් යටින් බව ඔවුන් සඳහන් කර සිටියි.

ජනතාව සඳහන් කරන අන්දමට මෙම ලිද ඇතුළේ තිබී මිනිස් ඇටසැකිලි හෝ සත්ව ඇට සැකිළි කිසිවක් හමු නොවූ බවත් ඒ වෙනුවට ළිඳ මධ්‍ය තිබී විශාල කසල ගොඩක් එහි තිබූ බවත්, ප්ලාස්ටික් බාල්දි වැනි දේවල්ද තිබූ බවත් ඔහු සඳහන් කළේය.

ඔවුන් කළ ගවේෂණය පිළිබඳව සහ පතුළ නැති ළිඳේ වීඩියෝ දර්ශනය පහතින් :

***************************************

(23.01.2021 – 06:50 +0530 – hirunews.lk/sinhala)

මීටියාගොඩ, හරන්නාගල ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකා මූලස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ගිනි අවි සහ උණ්ඩ සමඟ ඊයේ (22) රාත්‍රියේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මේ වන විට රක්ෂිත බන්ධනාගාරයේ පසුව ‘පොඩී ලැසී’ගේ ගෝලයෙකු බවයි වාර්තා වන්නේ.

30 හැවිරිදි වියේ පසුවන සැකකරු හිටපු නාවික හමුදා සෙබළෙකු වනවා.

මොහු සන්තකයේ තිබී චීනයේ නිෂ්පාදිත NP 34 වර්ගයේ මිලි මීටර් 09 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ස්වයංක්‍රීය පිස්තෝල 01 ක්, මිලි මීටර් 09 ජීව උණ්ඩ 02 ක් සහ මිලි මීටර් 38 වර්ගයේ උණ්ඩ 06 ක් යෙදිය හැකි ආකාරයට සකස් කරන ලද මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සොයාගෙන තිබෙනවා.

සැකකරු බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිසිය පැවසුවේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • In support of Protect ECT campaign:

    We heard a lot about internal clashes during Yahapalana government but referred to the ECT matter, the former President recently claimed that he had the courage and determination not to deal with any foreign companies.

    We all hope that the current government and the President of Sri Lanka would do the same. An Indian company who is willing to share the operation of ECT is one of the leading operators of Indian Marine, Power and Energy business sectors. It is a complete failure for us to even think that they would develop the harbour as they just wanted to keep the leadership in large scale Marine Cargo business sector as well.

    India’s major struggle is that they do not have deep drafts and cranes with sufficient reach to serve mega vessels. Those 13 ports they currently operate in the Indian coast were having water depths shallower than 18 metres which we have at the ECT. As of this reason, India needs time and money to invest in developing its own port with deeper depths. So, giving our own port which can handle mega vessels (15000 TEUs) to our contender company sounds like shooting our own feet before a marathon.

    They may argue that most of the transhipment heading to the USA and Europe are coming from India. With reference to deeper ports, ECT or Hambantota in Sri Lanka, Singapore and Jebel Ali (UAE) are the leaders in the region. There are hundreds of transhipments running on a daily basis and customers nominate their cargo carriers, by identified shipping companies so, that those companies would always choose advanced facilities available in ports mentioned above.

    In my opinion, let the SLPA run the ECT facility and let them earn money to bring it to the next level. The Engineers Association recently voice their strategic plan and willingness to develop it and we do not understand why the government is not listening to them.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *