බස්නාහිර පළාතේ සාමාන්‍ය පෙළ සිසුන්ට හෙට (25) සිට පාසල් විවෘතයි – සිසු සැරිය බස් රථ වැඩි කිරීමටත් පියවර

බස්නාහිර පළාතේ සාමාන්‍ය පෙළ සිසුන්ට හෙට (25) සිට පාසල් විවෘතයි – සිසු සැරිය බස් රථ වැඩි කිරීමටත් පියවර

*********************************************

බස්නාහිර පළාතේ සාමාන්‍ය පෙළ සිසුන්ට හෙට (25) සිට පාසල් විවෘතයි – සිසු සැරිය බස් රථ වැඩි කිරීමටත් පියවර

(24.01.2021 – 07:28 +0530 – hirunews.lk/sinhala)

හෙට (25) සිට බස්නාහිර පලාතේ පාසල් සාමාන්‍ය පෙළ සිසුන් සඳහා පමණක් විවෘත කෙරෙනවා.

දිවයිනේ සෙසු පළාත්වල යම් යම් සීමා කිරීම්වලට යටත්ව පාසල් විවෘත වුව ද කොරෝනා වෛරස තත්ත්වය හේතුවෙන් බස්නාහිර පළාතේ පාසල් විවෘත නොකෙරෙන අතර, සාමාන්‍ය පෙළ සිසුන් ඉලක්ක කරගෙන පමණක් එම පාසල් විවෘත කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කරනු ලැබුවා.

ඒ අනුව බස්නාහිර පළාතේ අධ්‍යාපන කලාප 11 ක් තුල පාසල් 1576 ක් අතරින් පාසල් 907 ක් හෙට (25) සිට සාමාන්‍ය පෙළ සිසුන් සඳහා විවෘත වනවා.

මේ අතර, සිසුන්ගේ ප්‍රවාහන කටයුතු වෙනුවෙන් සිසු සැරිය බස් රථ යෙදවීමට කටයුතු කර ඇති අතර, අවශ්‍ය වුවහොත් අතිරේක බස් රථ යෙදවීමටද කටයුතු මේ වනවිටත් සූදානම් කර ඇති බවයි ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා ප්‍රකාශ කළේ.

කොරෝනා වසංගතයේ දෙවන (2) රැල්ලත් සමඟ තාවකාලිකව සීමා කෙරුණු දුම්රිය ගමන් හෙට (25) සිට යළි සුපුරුදු පරිදි ආරම්භ කරන බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතා කියා සිටියේ.

ඒ අනුව දුම්රිය ගමන් වාර 390 ක් පමණ හෙට (25) සිට ධාවනයේ යෙදෙනු ඇති.

මෙලෙස මගී ප්‍රවාහනයේ යෙදෙන සියලු අංශවල සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරන්නේද යන්න සම්බන්ධයෙන් දැඩි විමසිල්ලක් දක්වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර සිටියේ.

එහිදී සමාජ දුරස්ථභාවය පවත්වාගෙන යන්නේද යන්න සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

එමෙන්ම, පොදු ප්‍රවාහනයේදී අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන පුද්ගලයින් සොයා විශේෂ වැටලීම් සිදුකිරීමට නියමිතයි.

එලෙස සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය නොකරන මගී ප්‍රවාහනයේ යෙදෙන්නන්ට එරෙහිව නිරෝධායන නීතිය යටතේ කටයුතු කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ෴

++++++++++++++++++

(24.01.2021 – 07:19 +0530 – hirunews.lk/sinhala)

දැනට කොරෝනා ආසාදනය වී මියගොස් ඇති පුද්ගලයන්ගෙන් 178 දෙනෙකු පිරිමි පුද්ගලයන් වන අතර, කාන්තාවන් 100 දෙනෙකුද මියගොස් තිබෙනවා.

වයස් කාණ්ඩ අනුව වැඩි පිරිසක් මියගොස් ඇත්තේ වයස අවුරුදු 61 ත් 75 ත් අතර වයස් කාණ්ඩවල පසුවන්නන්.

මේ අතර වසංගත රෝග විද්‍යා අංශ්‍ය සඳහන් කළේ කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවලට අමතරව මහනුවර දිස්ත්‍රික්කයෙන්ද කොරෝනා ආසාදිතයින් වාර්තාවීමේ වැඩිවීමක් පෙන්නුම් කරන බවයි.

ඊයේ (23) දිනය වනවිට මහනුවර දිස්ත්‍රික්කයෙන් මේ දක්වා කාලය තුළ කොරෝනා ආසාදිතයන් 2,137 ක් වාර්තා වී තිබෙනවා.

මීට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයන් 1,080 දෙනෙකු සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 1,150 දෙනෙකු වාර්තා වී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

දැනට බස්නාහිර පළාතෙන් පමණක් මේ දක්වා කාලය තුළ වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 37,317 ක්.

මේ අතර තවත් කොරෝනා මරණ දෙකක් ඊයේ වාර්තාවීමත් සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 280 දක්වා ඉහළ ගියා.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ රනාල ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදි කාන්තාවක් හෝමාගම මූලික රෝහලේදී මියගොස් ඇති බවයි.

කොවිඩ් නියුමෝනියාව සහ වකුගඩු ආසාදනය ඔවුන්ගේ මරණයට හේතුව ලෙස දැක්වෙනවා.

මේ අතර ඊයේ දිනයේදී තවත් කොරෝනා ආසාදිතයන් 724 දෙනෙකු මෙරටින් වාර්තාවීමත් සමඟ සමස්ත කොරෝනා ආසාදිත සංඛ්‍යාව 57,587 දක්වා ඉහළ ගියා ෴

++++++++++++++++++

(24.01.2021 – 08:08 +0530 – hirunews.lk/sinhala)

සියලු රාජ්‍ය ආයතනවල සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් නිසි පරිදි ක්‍රියාත්මක කළ යුතු බවට නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

ඒ අනුව ආසන්නතම දිනයකදී එම චක්‍රලේඛය නිකුත් කිරීමට අපේක්ෂා කරන බවයි අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ.

බොහෝ රාජ්‍ය ආයතනවල නිවැරදිව සෞඛ්‍ය නිර්දේශ ක්‍රියාත්මක නොකරන බවට පැමිණිලි ඉදිරිපත්ව තිබෙනවා.

පවතින කොරෝනා වසංගත තත්වය හමුවේ රටේ ආර්ථික කටයුතු පවත්වාගෙන යෑම සඳහා ආයතන ප්‍රධානීන්ගේ අභිමතය පරිදි රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීම මේ වනවිට ක්‍රියාත්මකයි.

කෙසේ වෙතත්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය නිර්දේශ කර ඇත්තේ එසේ කැඳවීම් සිදුකළ යුත්තේ සෞඛ්‍ය නිර්දේශ මත පදනම්ව බවයි.

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, අධිකාරි, සංස්ථා, කාර්යාංශ ආදී සියලු රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන නිරීක්ෂණය කර වහාම සෞඛ්‍ය නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ අඩුපාඩු නිවැරදි කරන බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා කියා සිටියේ.

එමෙන්ම ඇතැම් රාජ්‍ය ආයතනවල නිල ඇඳුමෙන් සේවකයන් කැඳවීම සිදුවන අතර, සේවයට වාර්තා කරන්නේ මුළු සේවක ධාරිතාවයෙන් සියයට 80 කට ආසන්න පිරිසක්.

මෙම තත්ත්වය තවදුරටත් කළමනාකරණය කළ හැකිද යන්න පිළිබඳවද රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා ෴

++++++++++++++++++

(24.01.2021 – 10:08 +0530 – hirunews.lk/sinhala)

ඊයේ (23) දිනය තුළ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් හඳුනා ගනු ලැබුවේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළා.

එම සංඛ්‍යාව 197 ක්.

ඊට අමතරව, මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 110 ක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 106 ක් මෙලෙස හඳුනාගෙන ඇති බවයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිකුත් කළ දෛනික වාර්තාවේ දැක්වෙන්නේ.

මීට අමතරව, දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් 311 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට හඳුනා ගැණුනා.

ඊයේ (23) දිනය තුළ සමස්ත ආසාදිතයින් 724 දෙනෙකු හඳුනා ගනු ලැබූ අතර මරණ දෙකක් (2) ද වාර්තා වුණා ෴

+++++++++++++++++++

(24.01.2021 – 11:10 +0530 – hirunews.lk/sinhala)

කොරෝනා ව්‍යාප්තිය හේතුවෙන් විදේශයන්හි සිරවී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 326 දෙනෙකු කටුනායක ගුවන්තොටුපල හරහා දිවයිනට පැමිණ තිබෙනවා.

අද (24) පෙරවරු 08:30 න් අවසන් වූ පැය 24 තුළ ගුවන් ගමන් 6 ක් මගින් මෙම පිරිස දිවයිනට පැමිණි බවයි ගුවන්තොටුපල හිරු වාර්තාකරු සඳහන් කළේ.

එලෙස පැමිණි පිරිසට, ඩුබායි සිට 152 දෙනෙකු සහ මාලදිවයිනේ සිට ශ්‍රී ලාංකිකයින් 70 ක් ඇතුළත්.

එමෙන්ම, විදේශ රටවල් වල රැකියා සහ අධ්‍යාපන කටයුතු සඳහා ද තවත් ශ්‍රී ලාංකිකයින් 425 දෙනෙකු එම කාලය තුළ පිටත්ව ගොස් තිබෙනවා ෴

+++++++++++++++++++

(24.01.2021 – 11:59 +0530 – hirunews.lk/sinhala)

ගතවූ පැය 24 ක කාලය තුළ බස්නාහිර පළාතෙන් පිටත සිදුකළ මෙහෙයුම්වලින් මුහුණු ආවරණ නොපැළඳි සහ සමාජ දුරස්ථ භාවය තබා නොගත් පුද්ගලයන් 9 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම ඔක්තෝම්බර් 30 වනදා සිට මේ දක්වා අදාළ වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සංඛ්‍යාව 2734 ක් වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියාසිටියේ.

එම සැකකරුවන්ගෙන් 2600 කට ආසන්න පිරිසකට අධිකරණය හමුවේ නඩු පවරා ඇතැයි ඔහු සඳහන කළා.

මේ අතර හුදෙකලා කර ඇති ප්‍රදේශවල ජනතාව නිරෝධායන නීතිවලට අනුකූලව සිටීය යුතු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.

එලෙස කටයුතු කර ආසාදිතයන් වාර්තාවීම අඩුවුව හොත් පමණක් එම ප්‍රදේශ හුදෙකලා බවින් නිදහස් කිරීමට හැකිවන බව ඔහු පෙන්වා දෙනවා.

මේ අතර හෙට (25) දිනයේ සිට අහඹු ලෙස පාසල් ළමුන් ප්‍රවාහන බස් රථවල රියදුරන් සහ රිය සහායකයින් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට යොමු කිරීමේ මෙහෙයුමක් ද ක්‍රියාත්මක කිරීමට සූදානම් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියා.

ඊට සියලුදෙනාගේ සහය අපේක්ෂා කරන බවයි අජිත් රෝහණ මහතා සඳහන් කළේ.

අද (24) දිනයේදීත් බස්නාහිර පළාත තුල රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල නිරෝධායන නීති අනුගමනය කරන්නේ ද යන්න සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කෙරෙනවා.

ගාලු මුවදොර ඇතුලු පොදු ස්ථානවල සිටින පුද්ගලයන්, බස්නාහිර පළාතෙන් පිටවන බස් රථවල මගීන්, මත්ස්‍ය අලෙවිසැල් සේවකයන් මෙන්ම එළවලු අලෙවිසැල් සහ සති පොළ වෙළඳුන්ට රැපිඩ් පරීක්ෂණ සිදු කිරීම ද අඛණ්ඩව සිදුවන බවයි නීතිඥ අජිත් රෝහණ මහතා කියාසිටියේ.

@@@@@@@@@@@@@@@@

(24.01.2021 – 06:35 +0530 – hirunews.lk/sinhala)

මුලතිව් පුදුමාතලන් පන්දික්කරායි වෙරළ තීරයේ සගවා තිබූ කේරළ ගංජා කිලෝ 50 යි ග්‍රෑම් 400 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ යාපනය කඳවුරේ නිලධාරීන්ට ලැබුනු තොරතුරකට අනුවයි ඊයේ (23) මෙම වැටලීම සිදුකර ඇත්තේ.

එහිදී වෙරළ තීරයේ සගවා තිබියදී කේරළ ගංජා තොගය සොයාගත් අතර සැකකරුවන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ.

වැඩිදුර විමර්ශණ සඳහා කේරළ ගංජා තොගය මුලතිව් පොලිසියට භාරදී තිබෙනවා ෴

***************************************

(24.01.2021 – 07:10 +0530 – hirunews.lk/sinhala)

අබුඩාබි සිට ත්‍රිකුණාමලයට සිමෙන්ති අමුද්‍රව්‍ය රැගෙන එමින් තිබියදී හම්බන්තොට මුහුදු තීරයේ කුඩා රාවණා ප්‍රදීපාගාරය අසල ගල් පරයක ගැටී අනතුරට ලක්වූ එම්.වී. යුරෝසන් නෞකාව නිරික්ෂණයට නාවික හමුදාව සහ ගුවන් හමුදාව එක්ව තිබෙනවා.

නාවික හමුදාව සතු නෞකා සහ යාත්‍රා කිමිදුම් කණ්ඩායම් ඊයේ (23) රාත්‍රියේදී එම මුහුදු ප්‍රදේශය වෙත යොමු කිරීමට කටයුතු කළ බවයි නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේ.

මීට අමතරව ශ්‍රී ලංකා ගුවන් හමුදා යානාද නෞකාවේ නිරීක්ෂණය සඳහා එක්කර තිබෙනවා.

නාවික හමුදා මූලස්ථානයේ පිහිටි සමුද්‍රිය ගළවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මගින් මෙහෙයුම් කටයුතු අධීක්ෂණය කරමින් සිටින බවද නාවික හමුදා මාධ්‍ය අංශය ප්‍රකාශ කළා.

අබුඩාබි වරායේ සිට ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය වරාය වෙත සිමෙන්ති අමුද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ ලයිබීරියානු ධජය යටතේ යාත්‍රා කළ එම්.වී. යුරෝසන් නැමති නෞකාව ගිනිකොණ දිග මුහුද දෙසින් ගොඩබිම සිට කිලෝමීටර 10 ක් පමණ දුරින් කුඩා රාවණා ප්‍රදීපාගාරය අසල ගල් පරයක සිරවීමෙන් ඊයේ (23) දහවල් අනතුරට ලක්වුණා.

අනතුර සිදුවන අවස්ථාවේදී නෞකාවේ අමුද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 33,000 කට අධික ප්‍රමාණයක් සහ ඩීසල් මෙට්‍රික් ටොන් 720 ක ප්‍රමාණයක්ද ගබඩා කර තිබූ බව සඳහන්.

නෞකාව පරයේ සිරවීමෙන් ඊට හානියක් සිදුවී ඇත්ද යන්න සහ ඉන්ධන කාන්දුවක් සිදුව ඇත්ද යන්න පිළිබඳව ද විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා කියා සිටියේ.

මීට අමතරව ඒ පිළිබඳව ස්ථානීය පරීක්ෂණයක්ද සිදුකළ බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ෴

++++++++++++++++

ලයිබීරියානු ධජය යටතේ යාත්‍රා කළ නෞකාවක් කුඩා රාවණා පරයේ සිරවී අනතුරක

(23.01.2021 – news.navy.lk

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි වරායේ සිට ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය වරාය වෙත ක්ලින්කර් (Clinker) ප්‍රවාහනය කරමින් තිබූ MV Eurosun නැමති නෞකාව ශ්‍රී ලංකාවේ ගිණිකොන දිග මුහුදේ ගොඩබිම සිට නාවික සැතපුම් 5.5 ක් (කිලෝමීටර 10 ක්) පමණ දුරකින් කුඩා රාවණා පරයේ සිරවීමෙන් අනතුරට පත්ව ඇත.

ලයිබීරියානු ධජය යටතේ යාත්‍රා කළ මෙම නෞකාවේ ක්ලින්කර් (Clinker) මෙට්‍රික් ටොන් 33,000 කට අධික ප්‍රමාණයක් පටවා ඇති අතර, ඉන්ධන මෙට්‍රික් ටොන් 720 ක පමණ ප්‍රමාණයක් ඇති බවට මූලික විමර්ශන වලින් අනාවරණය වී ඇත. මේ සම්බන්ධයෙන් කොළඹ සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (Maritime Rescue Coordination Centre) වෙත වාර්තා වූ වහාම අද (2021 ජනවාරි 23) දහවල් හම්බන්තොට සහ ගාල්ල වරායන්හි සිට නාවික හමුදා නෞකාවක් සහ යාත්‍රාවක් අනතුර වූ මුහුදු ප්‍රදේශයට පිටත් කරන ලද අතර, කිමිදුම් කරුවන් රැගත් එම නාවික හමුදා නෞකාව සහ යාත්‍රාව මේ වන විට MV Eurosun නෞකාව ආසන්නයට ළඟාවී මූලික විමර්ෂණ කටයුතු ආම්භකර ඇත. එම මූලික විමර්ෂණයන්ට අනුව නෞකාවේ බඳට හානි සිදුවී ඇති බවට වාර්ථා නොවන අතර, නෞකාව තුලට ජලය කාන්දු වීම හෝ සාගරයට ඉන්ධන කාන්දුවීමක් සිදුවී නොමැත.

තවද, නාවික හමුදාවේ ඉල්ලීම මත ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් ගුවන් නිරීක්‍ෂණ යානාවක් ද යොදවා අවශ්‍ය ඡායාරූප දත්ත ලබා දෙන ලදි. නාවික හමුදා මූලස්ථානයේ පවත්වාගෙන යනු ලබන කොළඹ සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය (MRCC) මෙම කටයුතු අධීක්‍ෂණය කරමින් සිටී ෴

(24.01.2021 – 18:48 +0530 – hirunews.lk/sinhala)

හම්බන්තොට මුහුදු තීරයේ කුඩා රාවණා ප්‍රදීපාගාරය අසල ගල්පරයක ගැටී අනතුරට ලක්වූ එම්.වී.යුරෝසන් නෞකාව අද (24) පස්වරුවේ එම ගල්පරය මතින් යළි පිටතට පැමිණ තිබෙනවා.

නාවික හමුදාව සඳහන් කළේ කිමිඳුම්කරුවන් දියයට සිදුකළ සිතියම් ගත කිරීමේ මෙහෙයුම අවසන් වූ පසු වඩදියට සහ දියවැල්වලට හසුවී මෙලෙස එය ගල්පරයෙන් නිදහස් වී ඇති බවයි.

එම ස්ථානයේ අදාළ නෞකාව තවදුරටත් නැංගුරම්ලා පවතින අතර හෙට (25) දිනයේ සිදුකෙරෙන දියයට පරීක්ෂාවකින් පසු වරායක් වෙත රැගෙන යාමට කටයුතු කරනු ඇති.

නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා සඳහන් කළේ මෙම සිද්ධියේදී නැවේ පැවති සිමෙන්ති අමුද්‍රව්‍ය හෝ ඉන්ධන හෝ වෙනත් රසායනික ද්‍රව්‍යයක් කාන්දු වී නොමැති බව ද අනාවරණ වූ බවයි.

කෙසේ වෙතත්, සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා මීට පෙර සඳහන් කළේ මෙම අනතුර හේතුවෙන් මුහුදු පත්ලට සහ කොරල්පරවලට හානි සිදුව ඇතැයි විශ්වාස කරන බවයි ෴

***************************************

(24.01.2021 – 07:12 +0530 – hirunews.lk/sinhala)

ගම්පහ – යක්කල පාරේ වෙළඳසැලක සඟවා තිබූ විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්, ටී-56 ජීව උණ්ඩ 38 ක් සහ රාත්‍රී කාලයේ භාවිතයට ගන්නා විශේෂිත වූ දුරදක්නයක් සොයාගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුවයි අදාළ උපකරණ සහ අවිආයුධ තොගය ඊයේ (23) සොයාගෙන ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් කන්තලේ අග්බෝපුර ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සතුව තිබී ව්‍යාජ ලෙස සකස් කරන ලද රියදුරු බලපත්‍ර දෙකක් (2) ද සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ ෴

***************************************

බලපත්‍රලාභී බැංකු සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

(24.01.2021 – 07:48 +0530 – hirunews.lk/sinhala)

ඒ, මේ වසරේ ජූනි මස 30 දක්වා කාලය තුළ සිය කොටස් ආපසු මිලදී ගැනීම් සහ අත්‍යවශ්‍ය නොවන වියදම් සිදු කිරීමෙන් වැළකී සිටින ලෙසටයි.

එමෙන්ම ප්‍රාග්ධන වියදම් සිදු කිරීමේදී ඉතා විචක්ෂණශීලීව සහ නිසි සැලකිල්ලෙන් කටයුතු කළ යුතු බවටද බලපත්‍රලාභී බැංකු සඳහා දැනුම්දීමක් සිදුකරනවා.

අදාළ බැංකුවල ලාභාංශ මුදලින් ගෙවීම, ලාභ මෙරටින් බැහැර කිරීම, කළමනාකාරීත්වය සඳහා ගෙවන දීමනා වැඩි කිරීම මෙන්ම අධ්‍යක්ෂ මණ්ඩල වෙත කරන ගෙවීම් ඉහළ නැංවීමද සීමා කිරීමට මහ බැංකුව පසුගිය වසර අවසානයේ තීරණය කරනු ලැබුවා.

පවතින අභියෝගාත්මක වාතාවරණය හමුවේ බැංකුවල වත්කම් වර්ධනය, ව්‍යාපාර පුළුල් කිරීම සහ කොවිඩ්-19 ව්‍යවසනය නිසා වන බලපෑම ආදිය පිළිබඳව සැලකිලිමත් වන ලෙසද මහ බැංකුව බලපත්‍රලාභී බැංකු වෙත දැනුම්දීමක් කළා ෴

***************************************

(24.01.2021 – 08:43 +0530 – hirunews.lk/sinhala)

වැලිකන්ද – කන්දකාඩු කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයට ඊයේ (23) රාත්‍රියේ පිටතින් විසි කරන ලද මත්ද්‍රව්‍ය පිරවූ ටෙනිස් බෝල දෙකක් (2) සොයාගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්ගේ භාවිතය සඳහා මෙලෙස මත්ද්‍රව්‍ය පිර වූ ටෙනිස් බෝල විසිකර ඇතැයි සැක කරන බවයි.

එම ටෙනිස් බෝල තුළ හෙරොයින් සහ ගංජා තිබී සොයාගෙන ඇති අතර, ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු මේ වනවිට ක්‍රියාත්මකයි ෴

***************************************

(24.01.2021 – 09:00 +0530 – hirunews.lk/sinhala)

ගාල්ල – මීටියාගොඩ ප්‍රදේශයේදී පසුගියදා අත්අඩංගුවට ගැනුණු සැකකරුවෙකුට පිස්තෝල වර්ගයේ ගිනි අවිය ලබාදුන් පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පොලිස් කොස්තාපල්වරයා ආගරපතන පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කරන කාලයේදී මෙම ගිනි අවිය ලබාගෙන ඇති බවට විමර්ශනවලදී හෙලිව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ.

ඔහු කියා සිටියේ එම සිද්ධියට සම්බන්ධ උපකාරක පන්ති ගුරුවරයෙකුද පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන ඇති බවයි ෴

***************************************

17 හැවිරිදි ෂුක්රා මුනව්වර් ‘සිරස ලක්ෂපති’ මිලියන 2 දිනා ගනී

(24.01.2021 – 07:05 +0530 – lankaleadnews.com)

17 හැවිරිදි උසස් පෙළ ශිෂ්‍යාවක් වන ගාල්ල, කටුගොඩ ප්‍රදේශයේ පදිංචි ෂුක්රා මුනව්වර් දියණිය ‘සිරස ලක්ෂපති’ වැඩසටහනේ රුපියල් මිලියන දෙකක (20,00,000) ත්‍යාගය ජයග්‍රහණය කිරීමට සමත් විය.

මීට පෙර සිරස ලක්ෂපති වැඩසටහනේ රුපියල් මිලියන දෙකක ත්‍යාගය දිනාගෙන ඇත්තේ :

2014 වසරේදී – අපේක්ෂා කුමාරි
2017 වසරේදී – මෝක්ෂ මධුසංක
2019 වසරේදී – හන්සිනී කාවින්දි

++++++++++

YouTube : Sirasa Lakshapathi

++++++++++

https://www.youtube.com/results?search_query=%E0%B7%82%E0%B7%94%E0%B6%9A%E0%B7%8A%E0%B6%BB%E0%B7%8F+%E0%B6%B8%E0%B7%94%E0%B6%B1%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%8A

***************************************

කි‍්‍රකට් කණ්ඩායම ඇතුලේ Born Again කණ්ඩායමක්… ක‍්‍රීඩකයන්ට Born Again නිකායට එක්වන ලෙසට බලපෑම්

(24.01.2021 – 10:40 +0530 – lankacnews.com)

ශ‍්‍රී ලංකාවට වඩාත්ම ජාත්‍යන්තර කීර්තියක් ගෙන ආ ක‍්‍රීඩාව ක‍්‍රිකට් ය. කලක් බොහෝ විදේශිකයන් ශ‍්‍රී ලංකාව හැඳින සිටියේ ‘සනත් ජයසූරියගේ රට’ ලෙසිනි. ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර ක‍්‍රීඩා තලයේ සලකුණක් තැබුවේ අර්ජුන රණතුංගලා, අරවින්ද සිල්වාලා 1996 ක‍්‍රිකට් ලෝක කුසලානය ජය ගත් පසුවය.

වර්තමානයේ නොමැති වූවද මේ රටේ ජනතාව ක‍්‍රිකට් හුස්ම ගන්නා ජනතාවකි. ඔවුන්ගේ ලේ වලටම ක‍්‍රිකට් ක‍්‍රීඩාව බද්ධ වී තිබේ. එතරම් වැදගත් ජාතියේ ක‍්‍රීඩාව ඉතා පරිස්සමින් රැකබලා ගත යුතුය. එතරම් වැදගත් ජාතික කණ්ඩායමේ අවස්ථාව කිසිදු භේදයක් නොසලකා සුදුස්සන්ට සහ දක්ෂයන්ට පමණක් හිමි විය යුතුය.

මෙලෙසින් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව කඩාවැටීම පසුපස ඇත්තේ රසිකයන් නොදන්නා ක‍්‍රිකට් ක‍්‍රීඩාව වෙලාගත් මහා රාක්ෂයෙකි.

ඒ කලක පටන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව පාලනය කරනා ‘බෝර්න් අගේන්’ (Born Again) ආගමික අන්තවාදයයි. දක්ෂයන්ට සුදුසු තැන නොලැබෙනා, ආගමික විශ්වාස මත ක‍්‍රීඩකයන්ට සහ නිලධාරීන්ට සහ පුහුණු කාර්ය මණ්ඩලයට අවස්ථාව හිමි වන බෝර්න් අගේන් අන්තවාදයයි.

‘බෝර්න් අගේන්’ යනු ක‍්‍රිස්තියානි ආගමට අයත් නිකායකි. දේශපාලන ක්ෂේත‍්‍රයේ මෙන්ම ක‍්‍රීඩා ක්ෂේත‍්‍රයේද මෙම කල්ලිය සූක්ෂමව ක‍්‍රියාත්මක වේ. මොවුන්ගේ ප‍්‍රධාන ඉලක්කය බෞද්ධයන් අන්‍යාගමීකරණය කර ගනිමින් සිය ආගමික කල්ලියේ ගොඩ වැඩි කර ගැනීමයි.

මේ වනවිට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව සම්පූර්ණයෙන්ම පාලනය කරන්නේ මෙම බෝර්න් අගේන් (Born Again) කල්ලියයි. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ප‍්‍රධාන විධායක (හිටපු) ඈෂ්ලි ද සිල්වා, ප‍්‍රධාන මෙහෙයුම් නිලධාරී ජෙරම් ජයරත්න ආදී ඉහළම නිලධාරීන් සියලූම දෙනා මේ බෝර්න් අගේන් නිකායේ පිරිස් ය.

මේ වනවිට මෙම පිරිස ක‍්‍රිකට් ආධිපත්‍ය රැක ගැනීමට ඉතාමත් සැලසුම් සහගතව කල්ලි ගැසී කටයුතු කරමින් සිටියි. 2007 වසරේදි සිය බිරිඳගේ බලපෑමට බුද්ධාගම අතහැර බෝර්න් අගේන් ආගම වැළඳගත් හිටපු ප‍්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මෙම කල්ලියේ ප‍්‍රධානම පෙරගමන්කරුවෙක් වී සිටියේය.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පාලනය කරනා ශම්මි ද සිල්වා, සමන්ත අල්ගම, ජෙරම් ජයරත්න, ඈෂ්ලි ද සිල්වා, අසන්ත ද මෙල් ආදි පිරිස කල්ලියේ ප‍්‍රධානම සාමාජිකයන්ය. මෙම කල්ලියේ න්‍යායාචාර්යවරයා බෝර්න් අගේන් (Born Again) පල්ලියේ පාදිලියෙකි. රාගම ක‍්‍රීඩා සමාජයට සම්බන්ධ, ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ ප‍්‍රබලයෙක් වන ‘පාස්ටර් ජෙරම්’ ලෙස ක්ෂේත‍්‍රයේ ප‍්‍රසිද්ධ තක්කඩියා (ජෙරම් ප‍්‍රනාන්දු) ක‍්‍රිකට් බෝර්න් අගේන් කල්ලියේ න්‍යායාචාර්යවරයාය.

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාව වසා ගත් බෝර්න් අගේන් (Born Again) කල්ලිය රසිකයන්ට රහසේ ඉතා සූක්ෂමව ක‍්‍රිකට් ක‍්‍රීඩාව තුළ සිය ඒකාධිපත්‍යය ගොඩ නගා ගනිමින් සිටියි. අද වන විට සිංහල බෞද්ධ ක‍්‍රීඩකයෙකුට ජාතික කණ්ඩායම නියෝජනය කිරීමට අපහසු වීමට තරම්ම මෙම කල්ලියේ පැතිරීම සහ බලපෑම ප‍්‍රබලය.

ක‍්‍රීඩකයන්ට බෝර්න් අගේන් නිකායට එක්වන ලෙසට බලපෑම එල්ල වන්නේ ප‍්‍රධාන තේරීම් කමිටු සභාපති අසන්ත ද මෙල් ගෙනි. ඔහුගේ ඉල්ලීම අවස්ථා කිහිපයකදී ප‍්‍රතික්ෂේප කළ සැණින් එම ක‍්‍රීඩකයා එළියේය. නිරෝෂන් දික්වැල්ල, කුසල් මෙන්ඩිස් වැනි බෝර්න් අගේන් නිකායේ ක‍්‍රිස්තියානි ක‍්‍රීඩකයන්ට කණ්ඩායමේ ස්ථිර ස්ථානයක් හිමිවීමේද රහස එයයි.

කුසල් මෙන්ඩිස් දෙවියන්ගේම පිහිටින් ගහන්නෙම නැත…

මෙම කල්ලියේ ජෙරම් ජයරත්නගේ අණින් ක‍්‍රිකට් දූෂණ විරෝධී ඒකකයේ ප‍්‍රධානි අයුෂ් වීරක්කොඩි සහ ජාතික කණ්ඩායමේ ප‍්‍රධාන කළමනාකරු චරිත් සේනානායක ඉවත් කළේය.

මෙම දෙදෙනාම බෝර්න් අගේන් නිකාය වැළඳගැනීම ප‍්‍රතික්ෂේප කළ නිළධාරීන් ය.

චරිත් වෙනුවට පත් කළ කළමනාකරු ජෙරිල් වවුටර්ස් බෝර්න් අගේන් නිකායේ භක්තිකයෙකි.

සහාය පුහුණුකරුවකු වන මනෝජ් අබේවික‍්‍රම පසුගිය සමයේ ඉවත් කළේය. ඔහු වෙනුවට එක්වන්නේ රුවන්

කල්පගේය. මනෝජ් බෞද්ධයෙකි. රුවන් කල්පගේ බෝර්න් අගේන් නිකාය වැළඳ ගත්තෙකි.

ශ‍්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ පුහුණුකාරීත්වයට පත් කළ, ජාතික කාන්තා කණ්ඩායමක පුහුණුකාරීත්වය දැරීමට කිසිසේත් සුදුසුකම් සපුරා නැති හර්ෂ ද සිල්වාද බෝර්න් අගේන් නිකායේ පුද්ගලයෙකි.

මෑතකදී ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පස්දෙනකුගෙන් යුතු උපදේශක සභාවක් පත් කළේය. ඉන් මයිකල් සොයිසා, ජෙරම් ජයරත්න, චන්දික හතුරුසිංහ සහ ඈෂ්ලි ද සිල්වා බෝර්න් අගේන් පල්ලි කල්ලියේය. ඉතිරි එකම සාමාජිකයා කෙන් එල්විස් ක‍්‍රිස්තියානි භක්තිකයෙකි.

එපමණක් නොව කපිල විජේවර්ධන වැනි අතිශය දක්ෂ, දර්ශනයක් දැක්මක් සහිත තේරීම් නිලධාරීන් සිටියදී තේරීම් කමිටු සභාපති ලෙස පත් කළ අසන්ත ද මෙල්ද බෝර්න් අගේන් පල්ලියේ අන්ධ සාමාජිකයෙක් වීම හාස්‍යයට කරුණකි.

ක‍්‍රිකට් ආයතනයේ නිලධාරීවාදය පසුපස ඇති බෝර්න් අගේන් අන්තවාදය මෙන්ම ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායමේද තත්ත්වය වෙනස් නැත.

කණ්ඩායමෙන් ඉවත් කළ නොහැකිම සිංහල බෞද්ධ ක‍්‍රීඩකයන්ට අසන්ත ද මෙල්ගෙන් මේ වන විට එල්ල වී තිබෙන්නේ දැඩි පීඩනයකි. ඒ කණ්ඩායමේ රැඳී සිටීමට නම් බෝර්න් අගේන් නිකාය වැළඳගැනීමට යැයි කියමින්ය. හෘද සාක්ෂියක් සහිතව අසන්ත ද මෙල්ගේ ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළ ක‍්‍රීඩකයන් එළියේය. උපුල් තරංග පසුගිය සමයේ හිටපු පුහුණුකරු චන්දික හතුරුසිංහගේ ආගම වෙනස් කිරීමේ යෝජනාව කිහිප වරක් ප‍්‍රතික්ෂේප කළ නිසා ඉවතට විසි වූ ජ්‍යෙෂ්ඨයෙකි.

තේරීම් කමිටුවක් නමට සිටියදී කණ්ඩායමේ තේරීම් කටයුතු සිදු වන්නේ ජෙරම් පාදිලි, ශම්මි ද සිල්වා සහ සමන්ත අල්ගමලා වැනි ආගමික අන්තවාදීන් විසින් ය.

මෙම තත්ත්වය දරුණු වන්නේ ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ක‍්‍රීඩකයන්ට මානසික සුවතාවට යැයි කියා ජෙරම් පාදිලියාගෙන් යාඥා පූජා සංවිධානය කර තිබීමෙනි. එය ඉතාම පැහැදිලිව අන්‍යාගමීකරණයට උත්සාහ කිරීමකි.

වර්තමානයේ සිදුවන්නේ ආගමික ගෝත‍්‍රික කල්ලියක් ශ‍්‍රී ලංකාවේ නිල නොවන ජාතික ක‍්‍රීඩාව ප‍්‍රාණ ඇපයට ගෙන සිය ආගම පැතිරවීමයි. මෙය අයිසීස්, අල්කයිඩා තරම්ම දරුණු ආගමික ත‍්‍රස්තවාදයකි.

වහාම මෙම බෝර්න් අගේන් ත‍්‍රස්තවාදය පාලනය නොකළහොත් අනාගත සනත්ලාට, අර්ජුනලාට, අරවින්දලාට, මුරලිලාට, දිල්ෂාන්ලාට ශ‍්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ස්ථාන හිමි වන්නේ නැත.

ඒ වෙනුවට නුසුදුසු දික්වැල්ලලාගෙන්, පෙරේරාලාගෙන්, මෙන්ඩිස්ලාගෙන් කණ්ඩායම පිරී යනු ඇති. පාලකයන් මෙම ගැටලුව ඉක්මනින් විසඳීමට මැදිහත් නොවන්නේ නම් ක‍්‍රිකට් ආගමක් තරමටම අදහනා මෙරට රසිකයන්ට ඉතිරිව ඇත්තේ එකම විකල්පයකි.

එනම් ඉන්දියානු රසිකයන් මෙන් මහ මගට බැස ක‍්‍රීඩාවේ මුල් බැස ගෙන විනාශ කරනා ආගමික අන්තවාදීන් ක‍්‍රිකට් ආයතනයෙන් පහර දී එලවා දැමීමය.

එම cricket Management Company ගිවිසුමට අනුව සමාගම හසුරුවන හැම ක‍්‍රීඩකයෙකුගේම Match Fee එකෙන් බාගයක් මේ ආයතනයට දීම අනිවාර්යය.

මේ සුද්දා ‘මයික්’ නම් මයික් එක්ක ගිවිසුම් අත්සන් නොකරන කිසිම නවක ක‍්‍රීඩකයෙකුට ජාතික කණ්ඩායමේ ඉඩ නොලැබෙන අතර ගිවිසුම් අත්සන් කර Born Again කල්ලිය හා එක්වන හැම ක‍්‍රීඩකයෙකුගේම ජාතික කණ්ඩායමේ තැන ස්ථීර වන අතර ඔහුන්ගේ ප‍්‍රධාන රාජකාරිය ලෙස කරන්න ඇත්තේ ක‍්‍රිකට් ගසනවාට වඩා උඩ බැලීමත් හැමදේකටම කුරුස ප‍්‍රදර්ශනය කිරීම පමණිය. අවසන් වශයෙන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ බෝර්න් අගේන් අන්තවාදයට හසු වී කැපී ගිය හිටපු කළමනාකරු චරිත් සේනානායකගේ වචනයෙන්ම මෙම සටහන අවසන් කිරීමට සිත් විය.

“තමන්ගේ පුද්ගලික විශ්වාසය අනුව ඕන දෙයක් කරගෙන ඉන්න. ගස් ගල් බැරි නම් වඳුරො බැරිනම් මීයො වුණත් ඕන නම් අදහන්න. හැබැයි ඒ මීයො අනිත් අයගේ කටේ ඔබන්න හදන්න එපා. මම ඒකට පෞද්ගලිකව විරුද්ධයි.”

අන්තර්ජාලය ඇසුරෙනි
– divaina

***************************************

(24.01.2021 – 13:12 +0530 – hirunews.lk/sinhala)

සිමෙන්ති අමුද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සිටියදී හම්බන්තොට මුහුදු තීරයේ කුඩා රාවණා ප්‍රදීපාගාරය අසල ගල්පරයක ගැටී අනතුරට ලක්වූ එම්.වී.යුරෝසන් නෞකාව එම ප්‍රදේශයෙන් ඉවත් කර ගැනීම සඳහා අද (24) විශේෂ මෙහෙයුමක් දියත් කෙරෙනවා.

ඒ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය හා නාවික හමුදාව ඇතුළු අංශ කිහිපයක් එක්වයි.

නෞකාව නිරීක්ෂණයට ඊයේ (23) රාත්‍රියේ සිට මෙහෙයුම් සිදුකෙරුණු අතර, එහිදී නිරික්ෂණය වී ඇත්තේ අදාළ අනතුර හේතුවෙන් මුහුදු පත්ලට සහ කොරල්පරයට හානි සිදුව ඇති බවටයි.

එම හානි ගණනය කර නෞකාව එම ස්ථානයෙන් ඉවත් කිරීම මෙහෙයුමේ ප්‍රධාන අරමුණ බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ප්‍රකාශ කළා.

අබුඩාබි වරායේ සිට ත්‍රිකුණාමලය වරාය වෙත සිමෙන්ති නිෂ්පාදනයට යොදා ගන්නා ‘ක්ලින්කර්’ නමැති අමුද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබුණු ලයිබීරියානු ධජය යටතේ යාත්‍රා කළ මෙම නෞකාව ගිණිකොණදිග මුහුද දෙසින් ගොඩබිම සිට කිලෝමීටර් 10 ක් පමණ දුරින් කුඩා රාවණා ප්‍රදීපාගාරය අසල ගල් පරයක සිරවී පෙරේදා (22) පස්වරුවේ මෙලෙස අනතුරට ලක්වුණා.

එම අවස්ථාවේදී එම නෞකාවේ සිමෙන්ති අමුද්‍රව්‍ය මෙටි්‍රක් ටොන් 33,000 කට අධික ප්‍රමාණයක් සහ ධාවනයට අවශ්‍ය ඉන්ධන මෙට්‍රික් ටොන් 762 ක ප්‍රමාණයක් ද පැවති බවයි සඳහන් වන්නේ.

මේ අතර, නෞකාවේ මෙරට නියෝජිත සමාගම හා කපිතාන්වරයා ඇතුළු පාර්ශව සමඟ ඉදිරි කටයුතු සම්බන්ධීකරණය කරන බව ද සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා කියා සිටියා.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • @ cricket and Born again cranks. The answer to this menace is simple. Time Namal R, as the minister in charge of sports, disband the SLK Cricket Board and Team, and re-recruit into a reformed organization. Kick the cranks and blackmailers out. Sick of hearing this nonsense, Make Bone Again a disqualification to be recruited into the new organization, but bed careful of the other extreme islamic cranks also.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *