‘අපේ ජාතිය-දෙමල ඊළම.. අපේ නායක-ප්‍රභාකරන්’ කියා දොරකඩ විරෝධතා කල කොටි රැලට තනිව අභියෝග කල අභීත බ්‍රිගේඩියර්ගේ වැඩ තහනම් කෙරේ..

(06.02.2018 – 22:38 +0530 – lankacnews.com)

2018 පෙබරවාරි 04 වැනිදා නිදහස් දිනයේ බ්‍රිතාන්‍යයේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ යෙදුනු කොටි හිතදීන්ගේ විරෝධතාවයකට ආක‍්‍රමණකාරී ලෙස හැසිරුණේ යයි එම කාර්යාලයට ආරක්‍ෂක උපදේශක ලෙස අනුයුක්ත කර සිටි බ්‍රිගේබියර් ප්‍රියන්ත ප‍්‍රනාන්දු මහතා වහාම ක‍්‍රියාත්මක වන පරිදි සේවයෙන් ඉවත් කර තිබේ.

නිදහස් දිනයේ ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය තුල උත්සවයක් පැවතෙද්දී එහි ඉදිරිපිටට රැස්වූ මෙම කොටි හිතවාදීන් පිරිස ‘අපේ ජාතිය-දෙමල ඊළම.. අපේ නායක-ප්‍රභාකරන්’ ආදී සටන් පාඨ කියමින් විරෝධයේ යෙදුනහ.

එහිදී එම කාර්යාලයේ සිටි බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා ඉදිරිපිටට පැමිණ බෙල්ලට ඇගිල්ල තබා බෙල්ල කපන ආකාරයක් නිරූපනය කලේය.

මෙම ක‍්‍රියාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ද්‍රවිඩ මන්ත්‍රීවරු දෙදෙනෙක් විසින් කරන ලද ඉල්ලීමක් සලකා බලමින් විදේශ අමාත්‍යංශය විසින් මෙම පියවර ගෙන ඇත.

මෙම බ්‍රිගේඩියර්වරයාගේ රාජ්‍ය තාන්ත්‍රික විනිර්මුක්තියත් බලතලත් වහා ඉවත් කර බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කරන ලෙසයි.

විදේශ අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය :

———————

++++++++++++++++++++++++++++++++

‘බෙල්ල කට්’ පෙන්නූ කවුද මේ ප්‍රියංක ?
(07.02.2018 – gossiplankanews.com)

ලන්ඩන් නුවරදී කොටි හිතවාදීන්ගේ අරියාදුවට පිළිතුරු ලෙස ‘බෙල්ල කට්‘ සංඥාව නිකුත් කළ බ්‍රිගේඩියර්වරයා පිළිබඳ මේ වනවිට සමාජ මාධ්‍ය තුළ විශාල කථාබහක් ඇතිව තිබේ.

ඔහු කවුරුන්ද මේ දක්වා සිදු කළේ මොනවාද යන්න ගැනද ඇතැමුන්ට කුකුසක් පැනනැගී ඇත.

වන්නි මානුෂීය මෙහෙයුමේදී කොටි නායක ප්‍රභාකරන්ගේ මුලතිව් බළකොටුව හා ඒ අවට ගම් වැසියන් මුදා ගැනීම් සටනට 591 බලසේනාව යටතේ 11 වන ගැමුණු රෙජිමේන්ත්තු අණදෙන නිලධාරී ලෙස එවකට කර්නල් ධූරය දැරූ වත්මන් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු සුවිශාල මෙහෙවරක් ඉටු කළ අයෙකි.

ඔහු ජාතිවාදියෙකු නොවේ. ඒ බවට හොඳම සාධකය ඔහු යුද්ධයේදී වඩාත් උදව් කරන්නට යොමුවූයේ අසාධාරණයට ලක්වූ ද්‍රවිඩ ජනතාවටය.

කොටි ත්‍රස්තවාදී ග්‍රහණයේ සිරකරගෙන සිටි මුලතිව් මුලංකාවිල් ඇතුළු ද්‍රවිඩ ගම්මානවල වැසියන්ට හා ළමුන්ට විදේශ රටවල සිටින තමි මිතුරන් මාර්ගයෙන් කෑම බීම, පොත්පත්, සපත්තු ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා දීම නිසාම මුලංකාවිල් ද්‍රවිඩ ජනතාවගේ වීරයකු ලෙසින්ද ඔහු ප්‍රකටවූ බව එම ගම්වැසියන්ට අදටත් මතකය.

ජාති භේදයකින් තොරව තම කඳවුරට එන සෑම අයකුටම කෑම බීම පවා දීමටත් කඳවුරට එන ඕනෑම දෙමළ ජාතිකයකු හිස් අතින් නොයැවූ අයෙකු ලෙසත් ඔහු ප්‍රකටව සිටි බව කියැවේ.

ලන්ඩන් සිදුවීම විවිධ කෝණවලින් විග්‍රහ වන්නකි. එතරම් කුපිතවන සුලු ආකාරයකට සිහින රාජ්‍යයක් හා මියගිය නායකයෙකු ගැන උදම් ඇනීම මෙන්ම 70 වන නිදහස් සමරුවට නිග්‍රහ වන ආකාරයට මහකොමසාරිස් කාර්යාල ඉදිරිපිට හැසිරීමද විවේචනයට ලක්ව තිබේ. විදේශ අමාත්‍යංශය ඔහුගේ හැසිරීම මැන බලා ඇත්තේ රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකුගේ වගකීම සම්බන්ධ කෝණයෙනි.

කෙසේ වෙතත් සමාජ මාධ්‍ය වීඩියෝවක් පළනූ පමණින් හමුදා නිලධාරීයෙකුගේ තනතුරක් ඉවත් නොකරන බවත්, පරීක්‍ෂණයක් පවත්වා ඒ පිළිබදව තීරණය කළ යුතු බවත් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් ස්නානායක මහතා මේ සම්බන්ධයෙන් මේ වනවිට මාධ්‍ය වෙත දැනුම්දී තිබේ ෴

+++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *