බාහිර කැපුමකින් තොරව මුඛය භාවිතා කරමින් තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කිරීමේ ලංකාවේ ප්‍රථම සැත්කම

(08.02.2018 – 16:35 +0530 – sinhala.adaderana.lk)

බාහිර කැපුමකින් තොරව මුඛය භාවිතා කරමින් තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කිරීමේ සැත්කමක් සාර්ථකව නිම කිරීමට කුලියාපිටිය මුලික රෝහලේ වෛද්‍ය කණඩායමක් සමත් වී තිබේ.

මෙවැනි ආකාරයෙන් සැත්කමක් සිදුකල ප්‍රථම අවස්ථාව මෙය බව මේ සැත්කම සිදුකළ කණ්ඩායමේ නායක වීශේෂඥ වෛද්‍ය රිස්වි සකාෆ් මහතා පැවසිය.

අද (08) පෙරවරු 09.30 ට පමණ මේ සැත්කම ආරම්භ වූ අතර දහවල් 12.30 ට පමණ අවසන් කැරිණි.

කුලියපිටිය උඩුබද්දාව නැවකඩ ප්‍රදේශයේ පදිංචි ව්බ්ලිව්. ඒ. රන්ජනී ශ්‍රියාලතා (60) මහත්මිය මේ සැත්කම සඳහා භාජනය වූ අතර සැත්කම් ඉතා සාර්ථකව නිම කළ බව කුලියාපිටිය මුලික රෝහලේ උගුර-කන-නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය රිස්වි සකාෆ් මහතා පැවසිය.

මේ සැත්කමේ ඇති සුවිශේෂත්වය වනුයේ කිසිම කැපුමකින් තොරව මේ සැත්කම සිදු කිරීම් හේතුවෙන් කිසිදු කැළලක් ශරීරයට සිදු නොවීමයි.

මිට අමතරව අඩු අවධානමකින් මේ සැත්කම සිදු කිරීම හා රෝගියා ඉක්මනින් ප්‍රකර්ති තත්ත්වයට පත් වීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකාවේ මෙවැනි සැත්කම් සිදු නොකිරීමට ප්‍රධාන හේතුව අවශ්‍ය උපකරණ හිඟය වීම බව වාර්තාවෙයි.

එහෙත් ඉදිරියේදී මෙවැනි සැත්කම් සිදුකිරීම ජනප්‍රිය විය හැකි බව කුලියාපිටිය මුලික රෝහලේ උගුර-කන-නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍ය රිස්වි සකාෆ් මහතා පැවසිය.

පස්වරු 4 පමණ වන විට රෝගියා ගේ තත්ත්වය ඉතා යහපත් බවද වීශේෂඥ වෛද්‍ය රිස්වි සකාෆ් මහතා කියා සිටියේය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *