දේශප්‍රේමීන් දඩයමි කිරීමට අගමැතිවරයා හා දෙමළ සන්ධානය අතර ගිවිසුමක් තිබෙන බව පැහැදිලියි – මෛත්‍රී ගුණරත්න කියයි

(08.02.2018 – lankaeviews.lk)

බ්‍රිතාන්‍යයේ විරෝධතාවයක් පල කරන්න ඩයස් පෝරාවට අයිතියක් තිබුනත් බ්‍රිතාන්‍යයේ තිබෙන ශ්‍රීලංකා තානාපති කාර්යාලය ඉදිරියේ මෙවැනි දෙයක් කරනකොට බ්‍රිතාන්‍ය රජයෙන් අපේ තානාපති කාර්යාලයට යමිකිසි රැකවරණයක් දිය යුතුයි. අපේ රටේ බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය ඉදිරියේ එවැනි දෙයක් කලොත් ලංකාවේ රජය ඒ සදහා සියලු රැකවරණයන් සලසලා දෙනවා. නමුත් යුද්ධය ඉවර කරපු රටේ සංහිඳියාවක් පවත්වාගෙන යන්න රජය කටයුතු කරමින් සිටින මොහොතක L.T.T.E හිතවාදීන් මෙසේ හැසිරීම අපි හෙලා දකිනවා.

වතාවක් ඇවන්ගාඩි සිද්ධිය සමිබන්ධයෙන් ඉල්ලා අස්වෙලා ගිහින් නැවත වතාවක් අගමැතිවරයා විසින් විදේශ කටයුතු අමාත්‍ය ලෙස පත් කරපු තිලක් මාරපන මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ඒ අවස්ථාවේ රට ගැන හිතා කටයුතු කරපු තානාපති කාර්යාල ආරක්ෂක උපදේශක ප්‍රියංක ප්‍රනාන්දු මහතාව එම තනතුරින් ඉවත් කරල තිබෙනවා. බැදුම්කර වංචාවට සම්බන්ධ හොරු ජනාධිපති කොමිෂමකින් හෙළිදරව් කලත් තවමත් ඔවුන්ට දඩුවම් කර නැහැ. නමුත් රට ගැන හිතන හමුදා නිලධාරියෙක්ට දඩුවම් කරන්න වික්‍රමසිංහ අගමැතිවරයාගේ උපදෙස් මත තිලක් මාරපන විදේශ ඇමතිවරයා ක්‍රියාකර තිබෙනවා. මේක සම්පුර්ණයෙන්ම රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව කොන්ද කෙලින් තියන් වැඩ කරන ජේෂ්ඨ හමුදා නිලධාරීන්ගේ ජාතික හැගීම සහ ඔවුන්ගේ වීරත්වය බිදදැමීමක්.

එළබෙන මැතිවරණයෙන් පස්සේ තවදුරටත් එක්සත් ජාතික පක්ෂය සමග ආණ්ඩුව පවත්වාගෙන යනවාද නැද්ද යන්න සමිබන්ධයෙන් ජනාධිපතිවරයා පසුගිය කාලය පුරාවටම යමියමි ඉගි ප්‍රකාශ කලා මීට සමගාමීව අගමැති වික්‍රමසිංහ UNP ආණ්ඩුවක් හදන්න දෙමල ජාතික සන්ධානයත් එක්ක යටින් සාකචිඡා කිරීම සහ දෙමළ ජාතික සන්ධානය සතුටු කිරීමේ පියවරක් විදිහටයි අපි මෙය දකින්නේ.

ජනාධිපතිවරයා යමි හෙයකින් දුෂණයෙන් තොර ආණ්ඩුවක් හදන්න කටයුතු කලොත් එක්සත් ජාතික පක්ෂයේ බහුතරයක් ඇමතිවරුන්ට ඒ ආණ්ඩුවේ තනතුරු නැතිව යාවී. විශේෂයෙන්ම අගමැතිවරයාගේ අගමැති කමත් ඒ හරහා නැතිවී යාවී. මේ නිසා තමන්ගේ අගමැති තනතුර රැකගන්න වික්‍රමසිංහ මහත්තයා රණවිරුවා නොවේ සමස්ත රටවැසියා වුනත් පාවාදීමට සුදානමිව සිටින බව මේ ගෙනයන වැඩපිළිවෙල අනුව අපිට පෙනී යනවා. ඒ නිසා අපි ජනාධිපති තුමාට බොහොම අවධාරණයෙන් කියන්න කැමතියි සේනාධිනායකයා විදිහටත්, මේ රටේ රාජ්‍ය නායකයා විදිහටත්, මේ රටේ ආරක්ෂාව පිළිබදවත්, මේ රටේ ජනතාවගේ ආත්මගරුත්වයත් විශේෂයෙන්ම ජීවිත පරිත්‍යාගයෙන් රට ආරක්ෂා කරපු හමුදා නිලධාරීන්ගේ මානසිකත්වය බිද වටිටන්න අගමැතිවරයා ප්‍රමුඛ දේශද්‍රෝහී කල්ලියක් විසින් ගෙනයන මේ වැඩපිළිවෙල වහාම නතර කරවන්න කියලා. අපි ජනාධිපතිතුමාට අවධාරණය කරනවා. ඒත් එක්කම අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා මේ හමුදා නිලධාරීයාගේ රාජතාන්ත්‍රික වරප්‍රසාද ආරක්ෂා කරලා ඔහු නැවත එම තනතුරේ පිහිටවන්න කියලා. විදේශ රටක සිටියදී මෙවැනි හමුදා නිලධාරියෙකුගේ රාජතාන්ත්‍රීක වරප්‍රසාද අහිමි කිරීමෙන් ඔහුගේ ජීවිත ආරක්ෂාවටත් රටේ ගෞරවයටත් හානියක් සිදුවිය හැකි බව අපි ප්‍රකාෂ කරන්න කැමතියි.

– මෛත්‍රී ගුණරත්න

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *