කොළඹ – ග්‍රෑන්ඩ්පාස් බබාපුල්ලේ ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව 7 දක්වා ඉහළට

(14.02.2018 – 15:59 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – ග්‍රෑන්ඩ්පාස් බබාපුල්ලේ ප්‍රදේශයේ පිහිටි කුළු බඩු ඇසුරුම් කරන ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් කාන්තාවන් සිව්දෙනෙකු ඇතුලූ 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

අද පස්වරුවේ අදාළ ගොඩනැගිල්ල අසල පිහිටි වෙනත් පැරණි ගොඩනැගිල්ලක කොටසක් එහි වහලය මතට කඩා වැටීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුර සිදුවන අවස්ථාවේදී 12 දෙනෙකු එහි සේවයේ නිරතව සිට ඇති අතර, තුන් දෙනෙකු දිවි ගලවාගෙන තිබෙනවා.

අනතුරෙන් තුවාල ලැබූවන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අතර, ඉන් 07 දෙනෙකු ඒ වනවිටත් මියගොස් සිටි බවයි කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සමිද්ධි සමරකෝන් ප්‍රකාශ කළේ.

මේ වනවිටත් කොළඹ ගිනි නිවීමේ ඒකකයට අයත් රථ 08 ක් එම ස්ථානයේ සහන සේවා කටයුතුවල නිරතවනවා.

ඒ, පැය දෙකකට ආසන්න කාලයක් සිදුකළ මුදාගැනීමේ මෙහෙයුම්වලින් අනතුරුවයි.

යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදා භටයින් ගොඩනැගිල්ලේ සුන්බුන් ඉවත් කිරීමේ කටයුතු සඳහා යොදා තිබෙනවා.

මේ අතර මෙම ගොඩනැගිල්ල කඩාවැටීමෙන් පසු කොළඹ – ග්‍රෑන්ඩ්පාස් අවට ප්‍රදේශයේ දැඩි රථවාහන තදබදයක්ද දක්නට ලැබෙන බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

පසුගිය කාලයේ කොළඹ ස්ථාන කිහිපයකින් මෙවැනි අනාරක්ෂිත ගොඩනැගිලි කඩාවැටීමේ සිද්ධීන් වාර්තාවුණා.

———————–

+++++++++++++++++++++++++++++++

ග්‍රෑන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩාවැටීමට හේතුව හෙළිවේ
(15.02.2018 – 12:47 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ කඩාවැටුණු ගොඩනැගිල්ල, ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (15) පෙරවරුවේ පරීක්ෂාවට ලක් කරනු ලැබුවා.

එහිදී සිදුකළ මූලික නිරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ පුද්ගලයින් හත්දෙනෙකු (7) ජීවිතක්ෂයට පත්වූ කුළුබඩු ඇසුරුම් කරන ගොඩනැගිල්ලට අසළ පිහිටි කඩා ඉවත් කරන ගොඩනැගිල්ලක කොටසක් කඩාවැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

නිසි ආරක්ෂිත ක්‍රමවේද භාවිත නොකර එම ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීම හේතුවෙන් එම අනතුර සිදුව ඇති බවයි ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ව්‍යාපෘති කළමනාකරණ අධ්‍යක්‍ෂිකා කුමුදුනී ජයවර්ධන කියා සිටියේ.

මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලිසියද විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, ඒ අනුව අදාළ ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමේ කොන්ත්‍රාත්තුව භාරගත් පුද්ගලයාගෙන් අද පෙරවරුවේ පොලිසිය ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.

ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ලබාදෙන වාර්තාව පදනම් කර ගනිමින් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

අදාළ ගොඩනැගිල්ල ඊයේ කඩාවැටීම හේතුවෙන් කාන්තාවන් සිව්දෙනෙකු ඇතුළු 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

අනතුර සිදුවන අවස්ථාවේදී 12 දෙනෙකු එහි සේවයේ නිරතව සිට ඇති අතර, තුන් දෙනෙකු දිවි ගලවාගෙන තිබුණා. තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙකු තවදුරටත් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන් ෴

+++++++++++++++++++++++++++++++

ග්‍රෑන්ඩ්පාස් අනතුරින් මියගිය අය අතර ව්‍යාපාරයේ හිමිකරුත්
(15.02.2018 – 08:09 +0530 – hirunews.lk/sinhala)

කොළඹ – ග්‍රෑන්ඩ්පාස් බාබාපුල්ලේ ප්‍රදේශයේ පිහිටි කුළුබඩු ඇසුරුම් කරන ගොඩනැගිල්ලක් කඩා වැටීම සම්බන්ධයෙන් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඊයේ අදාළ ගොඩනැගිල්ල කඩාවැටීම හේතුවෙන් කාන්තාවන් සිව්දෙනෙකු ඇතුලු 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.

ඒ අතර අදාළ අනතුරෙන් එම කුළුබඩු ව්‍යාපාරයේ මෙන්ම ගොඩනැගිල්ලේද හිමිකරු ද මියගොස් ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අදාළ ගොඩනැගිල්ල අසල පිහිටි වෙනත් පැරණි ගොඩනැගිල්ලක කොටසක් එහි වහලය මතට කඩා වැටීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

අනතුර සිදුවන අවස්ථාවේදී 12 දෙනෙකු එහි සේවයේ නිරතව සිට ඇති අතර, තුන් දෙනෙකු දිවි ගලවාගෙන තිබුණා.

අනතුරෙන් තුවාල ලැබූවන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ අතර, ඉන් 07 දෙනෙකු ඒ වනවිටත් මියගොස් සිටියා.

තවත් දෙදෙනෙකු මේ වනවිටත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *