අගමැති ධුරයෙන් අස්වූ සැනින් දෑතට මාංචු වැටෙනු ඇතැයි රනිල් බයෙන්..

(17.02.2018 – 15:50 +0530 – lankacnews.com)

අගමැතිවරයා විසින් වගකීම බාරගෙන අර්ජුන් මහේන්ද්‍රන් සිංගප්පුරුවේ සිට මෙරටට ගෙන්වූ ආකාරයටම දැන්ද ඔහු ගෙන්වා නීතිය හමුවට පමුණුවන ලෙස ඔහුගනේ ඉල්ලා සිටින්නේ යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී රොෂාන් රණසිංහ මහතා පවසයි.

අගමැති ධුරය නැති වූ සැනින් දෑතට මාංචු වැටෙනු ඇතැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ බිය වී සිටින්නේ යයිද මන්ත‍්‍රීවරයා කියයි.

මේ වන විටත් ජනතා අධිකරණය හමුවේ අගමතිවරයා වරදකරු කර අවසන් බවත් එනිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදීව ධුරයෙන් ඉවත් වී යන්නැයි ඉල්ලා සිටින බවත් මන්ත‍්‍රීවරයා කීවේය.

එක්සත් ජනතා නිදහස් සන්දාන මන්ත‍්‍රීවරුන් 96 දෙනා එක්ව සිටගන්නේ නම් හෙට ආණ්ඩුවක් හදන්නේ යයි කී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට දැන් එම අවස්ථාව උදා වී ඇති බවත් ඔහු දැන් සන්ධාන ආණ්ඩුවක් සෑදිය යුතු බවත් මන්ත‍්‍රීවරයා වැඩි දුරටත් පැවසීය.

+++++++++++++++++++++++++++++++

බහුතරය පෙන්වන්න සුදානම්.. රනිල්ගේ කාලය අවසන්.. – දිනේෂ්..
(17.02.2018 – 14:10 +0530 – lankacnews.com)

පාර්ලිමේන්තුවේ බහුතරය ඇත්තේ කාටදැයි හෙට හෝ අනිද්දා වන විට පෙන්වීමට සූදානම් යයි ඒකාබද්ද විපක්‍ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

අගමැතිවරයා ඉවත් කිරීමට අමුතු නීතියක් උවමනා නැති බවත් ශ‍්‍රීලනිපය හා එජාපය අත්සන් තබන ලද ජාතික ආණ්ඩු ගිවිසුම අවසන් වී ඇති නිසා අගමැතිවරයා හා කැබිනට් මණ්ඩලය මේ වන විටත් අහෝසි වී ඇතැයිද ඔහු සදහන් කරයි.

එනිසා අගමැතිවරයා ඉවත් කිරීමට ජනාධිපතිවරයා අමුතු වෙහෙසක් දැරිය යුතු නැති බවත් ගිවිසුම අවසන් බව පාර්ලිමේන්තුවට දන්වා බහුතරය සහිත පුද්ගලයෙකු නව අගමැතිවරයා ලෙස පත් කිරිමට කටයුතු කල යුතු බවත් ගුණවර්ධන මහතා පැවසීය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නිල නිවසේ පැවති සාකච්චාවකින් පසුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව කීය ෴

++++++++++++++++++++++++++++++

ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන්න ශ්‍රිලනිප මධ්‍යම කාරක සභා තීරණයක් නෑ.. අපට අත්සන් කරන්න බෑ.. – රනිල් එලවන ලිපිය බකල් කරමින් ශ්‍රිලනිප ලේකම් කියයි..
(17.02.2018 – 13:20 +0530 – lankacnews.com)

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයෙන් ඉවත් කොට ශ්‍රිලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා අගමැතිවරයා ලෙස පත් කිරීමට අවශ්‍ය නෛතික තීරණය මෙතෙක් ශ්‍රීලංකා නිදහස් පක්ෂය මධ්‍යම කාරක සභාව රැස්ව පක්ෂ නායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගෙන නොමැත.

එනිසා පක්ෂයේ ලේකම් දුමින්ද දිසානායක මහතා ඇතුළු අමාත්‍යවරු කිහිප දෙනෙකු ශ්‍රිලනිප ආණ්ඩුවක් බිහිකිරීමට අවශ්‍ය අත්සන් ලේඛනයට අත්සන් කිරිම ප්‍රතිකේෂ්ප කොට ඇත.

මෙම තත්ත්වය මත මෙතෙක් ඒ වෙනුවෙන් කැප වී ක්‍රියාත්මක වූ අමාත්‍යවරු පිරිසක් ඉතා අසරණ තත්ත්වයකට පත්ව ඇත.

මේ වනවිට ක්‍රියාත්මක ශ්‍රිලනිප නායකත්වයේ පැහැදිලි තීරණයක් හෝ මධ්‍යම කාරක සභාවේ තීරණය නොමැතිව පොදු විපක්ෂය සමඟ කරන නිල නොවන සාකච්ඡාවන්ට සහභාගි වීම ගැටළුකාරි බව ඔවුනගේ අදහසයි ෴

+++++++++++++++++++++++++++++++

සන්ධාන ආණ්ඩු සටන එජාපයට පාවාදීමට ශ‍්‍රීලනිප ප‍්‍රබලයෙක් දැඩි සටනේ…. කෝටි ගාණක් අතට ලැබේ…
(17.02.2018 – 22:29 +0530 – lankacnews.com)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය එක් කර එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් බිහිකිරීමට සියලු සාකච්ජා සිදුව ඇතත් එය සිදුකිරීමට ප්‍රධානම බාධකය වී ඇත්තේ ශ්‍රීලනිපයේම ප‍්‍රබලයෙක් බව බව වාර්ථා වෙයි.

එජාප ප‍්‍රබල ඇමතිවරයෙක් හරහා අත යටින් කෝටි 10 කට වඩා මුදල් ප්‍රමාණයක් පළාත් පාලන මැතිවරණයෙන් පසු මෙම දින කිහිපය තුළදී පමණක් මොහු ලබා ගෙන ඇති බවත් ඔහු හරහා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සමඟිය බිඳ වැට්ටවීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කරන දැනගන්නට ඇත.

පසුගිය දින කිහිපය තුළදී එක්සත් ජාතික පක්ෂය මෙන්ම ශ්‍රීලංකා නිදහස් පක්ෂයද බහුතර බලය පෙන්වා තනි ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීමට සැලසුම් සකස්කර තිබුණි.

එහෙත් එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසූවේ ඉදිරියටත් ජාතික ආණ්ඩුව පවතින බවත් තමන් තවදුරටත් අග්‍රාමාත්‍යධූරයේ කටයුතු කරන බවත්ය.

මේ අතර අද දිනයේද ශ්‍රීලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු රැස්ව නව ආණ්ඩුවක් නිර්මාණය කර අග්‍රාමාත්‍යධූරය තම පක්ෂයට ලබාගැනීම සඳහා සාකච්ජා වට කිහිපයක් පවත්වා තිබේ.

කෙසේවෙතත් ශ්‍රීලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් 98% ක්ම නව ආණ්ඩුවක් නිර්මාණය කර ගැනීමට සටන් වදින නමුත් ඊට මෙකී ප‍්‍රබලයා දැඩි ලෙස විරුද්ධ වී ඇත.

ඔහු දිගින් දිගටම ජනාධිපතිවරයාට පවසා ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් සෑදීමට ජනාධිපතිවරයා ක්‍රියා කළහොත් තමන් ඇතුළු කිහිප දෙනෙක් එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දැක්වීමට කටයුතු කරන බවයි.

එජාප ප‍්‍රබලයාගේ මුදලට ගිජුවී එක්සත් ජාතික පක්ෂයේ කොන්ත්‍රාත් ඉටුකිරීමට ක්‍රියාකිරීම හේතුවෙන් ශ්‍රීලංකා නිදහස් පක්ෂය තවදුරටත් විනාශ වී යන බවත් වහාම මෙම තත්ත්වය නවත්වා එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් නිර්මාණය කිරීමට කටයුතු කරන ලෙසත් ශ්‍රීලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.

පසුගිය වසර 3 තුළදී පමණක් රුපියල් කෝටි 500 කට වඩා වැඩි ප්‍රමාණයක් විවිධ දේශපාලන ඩීල් වලින් මෙම ශ‍්‍රීලනිප ප‍්‍රබලයා උපයා ඇති බව ප්‍රකට කතාවකි.

– සුධීර

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *