ශ‍්‍රීලනිපය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වේ.. අගමැති ඉවත් කරන්න විශ්වාස භංගයක්.. ජනාධිපති නීතිපති මතය විමසයි.. අවසන් සාකච්චාවේ ප‍්‍රතිඵල මෙන්න..

(18.02.2018 – 22:32 +0530 – lankacnews.com)

අගමැති රනිල් වික‍්‍රමසිංහ, කතානායක කරු ජයසූරිය යන මහත්වරුන් සහ ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අතර ජනාධිපති නිල නිවසේදී පැවති සාකච්චාවෙන් පසුව ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් පිරිසක් සමග ජනාධිපතිවරයා සාකච්චා පවත්වා තිබේ.

ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය සමග පැවති සාකච්චාවේදී තීරණය කර ඇත්තේ ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන බවයි.

එමෙන්ම අගමැතිවරයා ධුරයෙන් ඉවත් කිරීමට පාර්ලිමේන්තුවේ විශ්වාස භංගයකින් කටයුතු කරන ලෙසත් එසේ නොකලහොත් තමන් නීතිපතිවරයාගේ අදහස් විමසන බවද ජනාධිපතිවරයා සදහන් කර ඇත.

නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා මේ බව සනාථ කලේය.

මේ අතර ජනාධිපතිවරයා හමුවීමෙන් පසු අගමැතිවරයා එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රී කණ්ඩායමට සමග පවසා ඇත්තේ තමන් අගමැති ධුරයේ කටයුතු කරන යහපාලන ආණ්ඩුව තව දුරටත් ඉදිරියට යන බවත් කැබිනට් සංශෝධනයක් බදාදාට සිදුවන බවත්ය ෴

+++++++++++++++++++++++++++++++

නිදහස් පක්ෂයේ අවසන් තීරණය හෙට (19)
(18.02.2018 – 23:58 +0530 – hirunews.lk/sinhala)

ජාතික ආණ්ඩුවෙන් ඉවත්වීම සම්බන්ධයෙන් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසන් තීරණය හෙට (19) ගැනීමට නියමිත බවට වාර්තා වනවා.

හෙට පැවැත්වෙන පාර්ලිමේන්තු පක්ෂ නායක කණ්ඩායම් රැස්වීමෙන් අනතුරුව මෙම තීරණය ගැනෙනු ඇති බවටයි වාර්තා වන්නේ.

මේ අතර වත්මන් දේශපාලන තත්ත්වය සහ හෙට දිනයේදී පාර්ලිමේන්තුව තුළ බහුතරය පෙන්වන ආකාරය පිළිබදව සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් අද පස්වරුවේ ජනාධිපතිවරයා හමුවුනා.

අද පෙරවරුවේ ජනාධිපතිවරයා සහ නිදහස් පක්ෂයේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු අතර සාකච්ඡාවක් ද පවත්වා තිබෙනවා.

එමෙන්ම අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා සහ ජනාධිපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැත්වුණා.

දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කළේ අග්‍රාමාත්‍ය ධුරය කරු ජයසුරිය මහතාට ලබාදීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් වූ බවයි ෴

+++++++++++++++++++++++++++++++

මම යන්නේ විශ්වාසභංගයකින් පැරදුනොත් පමණයි – අගමැති
(18.02.2018 – 23:30 +0530 – lankadeepa.lk)

පාර්ලිමේන්තුවේ සම්මත කෙරෙන විශ්වාසභංග යෝජනාවකින් මිස තමා අග්‍රාමාත්‍යධූරයෙන් ඉවත් නොවන බව රනිල් වික්‍රමසිංහ මහතා අද (18) රාත්‍රීයේ ජනාධිපති වරයාට දක්වා ඇත.

ජනාධිපතිවරයා සමඟ අද ජනාධිපති නිලනිවසෙහි පැවති විශේෂ සාකච්ඡාවකදී ඒ බව සඳහන් කර ඇත.

යහපාලන ආණ්ඩුව ඉදිරියට ගෙන යාම එජාපයේ ස්ථාවරය බවද අග්‍රාමාත්‍යවරයා වෙනස් කිරීමේ අවශ්‍යතාවයක් පක්ෂයට නැතැයිද එම සාකච්ඡාවට සහභාගිවී සිටි මහලේකම් කබීර් හෂීම් මහතා ජනාධිපතිවරයාට ප්‍රකාශ කර ඇත ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *