අද (25) සිදුකළ නව කැබිනට් සහ රාජ්‍ය ඇමති සංශෝධනය

(25.02.2018 – 11:46 +0530 – sinhala.adaderana.lk ඇසුරෙන්)

අද (25) ජනපති ඉදිරියේ දිවුරුම් දුන්න කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු :

• නීතිය හා සාමය පිළිබඳ නව කැබිනට් අමාත්‍යවරයා ලෙස අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත් කර තිබේ.

• ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙසද අග්‍රමාත්‍යවරයා කටයුතු කරනු ඇත.

• මීට පෙර උසස් අධ්‍යාපන හා මහාමාර්ග කැබිනට් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා රාජ්‍ය ව්‍යවසාය හා කඳුරට සංවර්ධන නව කැබිනට් අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.

• එමෙන්ම රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන කැබිනට් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කබීර් හෂීම් අමාත්‍යවරයා උසස් අධ්‍යාපන හා මහාමාර්ග නව කැබිනට් අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.

• මේ අතර ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙස කටයුතු කරන හරීන් ප්‍රනාන්දු මහතාට නව අමාත්‍යංශයක් එක් වී ඇති අතර ඒ අනුව විදේශ රැකියා කැබිනට් අමාත්‍යවරයා ලෙසද ඒ මහතා කටයුතු කරනු ඇත.

• හිටපු කම්කරු හා වෘත්තීය සමිති සබඳතා පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රවීන්ද්‍ර සමරවීර මහතා වනජීවී හා තිරසාර සංවර්ධන නව කැබිනට් අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.

• නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලෙස කටයුතු කළ පියසේන ගමගේ මහතා යෞවන කටයුතු හා දක්ෂිණ සංවර්ධන නව රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.

• මේ අතර මීට පෙර නීතිය, සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සාගල රත්නායක මහතා යෞවන කටයුතු හා දක්ෂිණ සංවර්ධන නව කැබිනට් අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.

• විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අජිත් පී. පෙරේරා මහතා බන්ධනාගාර හා පුනුරුත්තාපන නව රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.

• මේ අතර නව ස්වදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස ජේ. සී. අලවතුවල මහතා පත් කර තිබේ.

• ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ හර්ෂ ද සිල්වා මහතා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු පිළිබඳ නව රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.

+++++++++++++++++++++++++++++

සති දෙකකින් සිදුවන තීරණාත්මක තවත් සංශෝදනයක් ගැන රජයේ ප්‍රබලයෙක් හෙළිකරයි
(25.02.2018 – 13:09 +0530 – hirunews.lk/sinhala)

කැබිනට් මණ්ඩලය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඇමතිවරුන්ගේ සංශෝධනයන් තවත් සති දෙකකින් සිදුකරන බව ඇමති ගයන්ත කරුණාතිලක මහතා පවසනවා ෴

+++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *