හලාවත වයස අවුරුදු 9 ක දරුවාගේ ඝාතනය

හලාවත වයස අවුරුදු නවයක දරුවෙකු අතුරුදන්-දරුවා සොයා පොලිස් පරීක්ෂණ
(27.02.2018 – 06:19 +0530 – sinhala.adaderana.lk)

වයස අවුරුදු නවයක කුඩා පිරිමි දරුවෙකු අතුරුදන් වීමේ පුවතක් හලාවත පොලිස් වසමට අයත් ඉරණවිල සමිදුගම ග්‍රාමයෙන් වාර්තා වෙයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ ඉරණවිල රජයේ විදුහලේ හතරවැනි වසරේ ඉගනුම ලැබූ රුසිත් නිර්මාල් නමැති දරුවෙකි.

මේ දරුවා පසුගිය 25 වැනි දින පෙරවරුවේ සමිදුගම ප්‍රදේශයේ පිහිටි කඩොලාන කැලයයට කිසියම් පුද්ගලයෙකු සමඟ ගමන් කරන අයුරු ගම්වැසියෙකු විසින් දැක තිබේ.

ඊට පෙර මේ දරුවා මේ පුද්ගලයා සමඟ ආහාර ගන්නා අයුරු මේ ග්‍රාමයේ කුඩා දරුවෙකු දැක තිබෙන අතර ගිරවුන් අල්ලා දීම සඳහා පැමිණෙන ලෙස මේ පුද්ගලයා තමාටද කතා කල බව මේ කුඩා දරුවා පොලිසියට ප්‍රකාශ කර තිබේ.

මේ දරුවා දරුවන් පස් දෙනෙකුගෙන් යුත් පවුලේ තෙවැන්නා වේ.

දරුවාගේ පියා මුහුදු රැකියාව සඳහා පිටත්ව ගොස් ඇති අතර දරුවා ජිවත්ව ඇත්තේ නිවසේ හා වෙළද සැලේයි.

හලාවත පොලිසිය මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වයි ෴

+++++++++++++++++++++++++++++++

අතුරුදන්ව සිටි පිරිමි දරුවාගේ මළ සිරුර කැළෑවකින් මතුවෙයි
(27.02.2018 – 09:05 +0530 – sinhala.adaderana.lk)

වයස අවුරුදු 9 ක් වන පිරිමි දරුවෙකුව පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව හලාවත පොලීසිය කියයි.

ඝාතනයට ලක්ව ඇත්තේ හලාවත – ඉරණවිල,සමිදුගම පදිංචිව සිටි ජුවාන් පේඩිගේ සුධීර නිර්මාල් (අවු : 9) ක පාසල් සිසුවෙකි.

පසුගිය 25 වැනිදා මෙම දරුවා අතුරුදහන්වී තිබුණි.

කිසියම් අයෙකු දරුවාව කැදවාගෙන යන ආකාරය ඉරණවිල ප්‍රදේශයේ පිහිටි වෙළද සැලක ආරක්ෂිත කැමරාවේ සටහන් වී ඇත.

ගම්වාසීන් විසින් කරන ලද සොයා බැලීමකදී අතුරුදහන්වී සිටි දරුවාගේ නිරුවත් මළ සිරුර ඉරණවිල කැලෑවක තිබී 27 වැනිදා පෙරවරුවේ හමුවී තිබේ.

දරුවාව ඝාතනය කිරීමට පෙර කිසියම් අපරාධයක් සිදු වන්නට ඇති බවට විශ්වාස කරන්නේ යැයි පොලීසිය කියයි.

හලාවත පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.

++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++++++++

ඉරණවිල දරුවා ඝාතනය කළ කාමාතුරයා කොටු වෙයි
(04.03.2018 – nethnews.lk)

ඉරණවිලදී සුසිත් නිර්මාල් නැමැති වයස අවුරුදු 10 ක් වූ සිසුවා ඝාතනය කර පළා ගොස් සිටි සැකකරුව නාවුක හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් විසින් නයාරු ධීවර ගම්මානයේ සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන මුලතිව් පොලීසිය වෙත බාර දී තිබෙනවා.

අද (04) අළුයම මෙම සැකකරුව මෙලෙස අත්අඩංගුවට ගැණුනා.

පසුගිය 25 වැනිදා සුසිත් නිර්මාල් සිසුවාව පැහැර ගෙන ගොස් ලිංගික අතවර සිදු කර ඝාතනය කර තිබුණා. ඉරණවිල ප්‍රදේශයේ කැලෑවක තිබී ඝාතනය කර ඇති දරුවාගේ සිරුර 27 වැනිදා පෙරවරුවේ ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව කරන ලද සෝදිසි මෙහෙයුමකදී සොයා ගැණුනා.

ඉරණවිල ගමට පොල් කැඩීම සඳහා නිතර යන එන බව කියන සැකකරුගේ ස්ථීර පදිංචියක් පිළිබදව තොරතුරක් ලැබී තිබුණේ නැහැ.

නමුත් 27 වැනිදා සවස සැකකරු හලාවත ප්‍රදේශයෙන් පිටත්ව ගොස් ඇති බවත්, ඔහු මා දැල් වාඩිවල සේවය කර ඇති අයෙකු බවටද පොලීසියට තොරතුරු ලැබී තිබුණා. සැකකරු සම්බන්ධයෙන් තොරතුරු සහ ඡායාරූප පොලීසිය විසින් නාවුක හමුදාව වෙතද ලබා දී ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා සහාය ඉල්ලා තිබුණේ ඒ අනුවයි.

ඒ අනුව විමර්ශණ කටයුතු සිදු කර ඇති නාවුක හමුදාව සැකකරුව අත්අඩංගුවට ගත්තා ෴

+++++++++++++++++++++++++++++++++

https://www.youtube.com/watch?v=SFQ_VVOhwpI#t=11

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *