අම්පාරේ හෝටලයකින් ගත් කෑම වේලක පෙති තිබිලා – තුන්සියයක් පමණ ඇවිත් කඩේ ගිනි තබයි

(27.02.2018 – nethnews.lk)

අම්පාර ප‍්‍රදේශයේ ඊයේ (26) රාත්‍රියේ කිසියම් කලහකාරී තත්ත්වයක් ඇතිවී තිබෙනවා.

තුන්සියයක පමණ කණ්ඩායමක් හෝටලයකට පහරදී එහි බඩු බාහිරාදියට ගිනි තබා පසුව දේවස්ථානයකට ද අලාභ හානි සිදු කර ඇති බවයි වාර්තා වන්නේ.

වාහන කිහිපයකටද ඔවුන් විසින් පහරදී තිබෙනවා.

ගිනි තැබීමට ලක්වූ හෝටලයෙන් පුද්ගලයින් දෙදෙනෙකු ලබා ගත් ආහාරයක තිබී කිසියම් පෙති වර්ගයක් (දම් පැහැයට හුරු) හමුවී ඇති බවයි පැවසෙන්නේ.

ඒ බව පාදක කර ගනිමින් කලහකාරී තත්ත්වය ඇතිවූ බවයි වැඩි දුරටත් වාර්තා වුණේ. මේ වන විට පොලීසිය හා පොලිස් විශේෂ කාර්යය බලකාය එක්ව තත්ත්වය පාලනය කර තිබෙනවා ෴

++++++++++++++++++++++++++++++++

“උඹ වඳ බෙහෙත් දැම්මා නේද..? මේ උඹ දැන් පිළිගත්තා නේද..? ඔව් දානවා” අම්පාරේ හෝටලයක් ගිනිබත් කළ කතාවේ වීඩියෝව එළියට
(27.02.2018 – webgossip.lk)

අම්පාර පැත්තේ හෝටලයක ඊයේ රාත්‍රියේ කලහකාරී තත්ත්වයක් ඇතිවී තිබෙනවා.
ඒ පුද්ගලයන් දෙදෙනෙකු ලබාගත් ආහාරයකට දමාතිබූ පෙති වර්ගයක් හසුවීම හේතුවෙන්.
මෙම සිද්ධියෙන් පසු තුන්සීයකට වැඩි පිරිසක් හෝටලයට පහරදී විනාශ කර ඇති බවයි වාර්තා වන්නේ.
වාහන කිහිපයකටද පහරදී ඇති අතර හෝටලයටද ගිනි තබා තිබෙනවා.
අදාල වද පෙති වර්ගය දැමූ බවට හෝටලයේ සේවකයා විසින් පිළිගෙන තිබුණා.

මේ එම පුද්ගලයා විසින් වද පෙති දැමූ බවට පිළිගත් වීඩියෝවයි…

+++++++++++++++++++++++++++++++

අම්පාරේ මුස්ලිම් හෝටලයකින් සිංහලුන්ට වඳ පෙති දැමූ කෑම. හිමිකරු වරද පිලිගනී. අම්පාර ගිණි ගනී.
(27.02.2018 – thetruth.lk)

අම්පාර නිව් කාසිම් හෝටලයෙන් ආහාර ලබාගත් සිංහල ජාතිකයින් පිරිසකගේ කෑම වේල තුල බෙහෙත් පෙති කිහිපයක් ඇතුලත්ව තිබීම හේතුවෙන් ඊයේ (26) රාත්‍රියේ එහි උණුසුම් තත්වයක් හටගෙන තිබේ.

දම් පැහැති මෙම පෙතිවර්ගය හමුවීමත් සමඟ තුන්සීයක පමණ පිරිසක් පැමිණ හෝටලයට සහ එහි සේවකයින්ට පහර දී එහි බඩුභාහිරාදියට ගිණි තබා අසල පිහිටි දේවස්ථානයකටද ගිණි තබා ඇතැයි වාර්තා වේ.

එම අවස්ථාවේදී යමෙකු විසින් ජංගම දුරකතනයෙන් වීඩියෝ දර්ශණ ලබා ගන්නා අතර එම හෝටලේ හිමිකරු විසින් වඳ පෙති දැමූ ආහාර ලබාදුන් බවට පිළිගන්නා ආකාරය එහි දැක්වෙනවා.

එම වීඩියෝව ඔබට පහතින් නැරඹිය හැක.

අන්තවාදී මුස්ලිම් ජාතිකයින් විසින් පවත්වාගෙන යනු ලබන හෝටල් සහ ආපනශාලා වලින් ආහාර ගැනීමේදී තරමක් කල්පනාකාරී වන ලෙස අප ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

FB Video 1

++++++++++++++++++++++++++++++

FB Video 2

++++++++++++++++++++++++++++++

Video 3

++++++++++++++++++++++++++++++

වාහන කුඩුපට්ටම්, වෙළඳසැල් ගිනිබත්, STF වැඩේට බහී, ඕනනම් ආමි එකත් ගේනවලු – අම්පාරේ ජරමරේ අලුත්ම තත්ත්වය මෙන්න
(27.02.2018 – webgossip.lk)

අම්පාර නගරයේ ඩී.එස්. සේනානායක වීදියේ ආපන ශාලාවකින් ආහාර ලබාගැනීමේදී ඇති වූ මතභේදාත්මක තත්ත්වයක් දුරදිග යාම හේතුවෙන් ඊයේ (26) රාත්‍රියේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවුණා.

ආහාර ලබා ගැනීමට පැමිණි පිරිස් අදාළ ආපන ශාලාවට ප්‍රහාර එල්ල කර ඇති අතර තවත් ව්‍යාපාරික ස්ථාන කිහිපයකට සහ අසල තිබූ ආගමික සිද්ධස්ථානයකට ද හානි සිදුකර තිබෙන බවටයි වාර්තා වන්නේ. පසුව මොවුන් එම ව්‍යාපාරික ස්ථාන අසල නවතා තිබූ රථවාහන කිහිපයකටද හානි සිදුකර තිබුණා.

කෙසේවෙතත් තත්ත්වය මේ වන විට පාලනය කර ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.

පවතින තත්ත්වය හමුවේ පොලීසිය, ප්‍රදේශයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට පියවර ගත් අතර ආරක්ෂාව තර කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායද රාත්‍රියේ දීම කැඳවීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබුණා.

මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ අම්පාර ප්‍රදේශයේ ආරක්ෂාව මේ වන විට තහවුරු කර ඇති බවයි.

කෙසේවෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් කිහිපදෙනෙකුගෙන් සාක්ෂි සටහන් කරගෙන ඇති අතර එම කරුණු මත පදනම්ව හා සී.සී.ටී.වී දර්ශන ඔස්සේ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් අධිකාරීවරයා සඳහන් කළා.

මේ අතර අවශ්‍ය වුවහොත් යුධ හමුදාව කැඳවීමට පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

මේ මුහුණු පොතේ හුවමාරු වූ අම්පාර ප්‍රදේශයේ ඡායාරූප කිහිපයක් :











+++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++

අම්පාරේ නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට පාලනය කරලා තියෙනවා – පොලිස් මූලස්ථානය
(27.02.2018 – 12:13 +0530 – sinhala.adaderana.lk)

අම්පාර නගරයේ ඊයේ (26) රාත්‍රියේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය මේ වන විට පාලනය කර ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

අම්පාර ඩී.එස්. සේනානායක වීදියේ ආපන ශාලාවකින් ආහාර ලබාගැනීමේදී ඇති වූ මතභේදාත්මසක තත්ත්වයක් දුරදිග යාම හේතුවෙන් මෙම නොසුන්සුන්කාරී තත්ත්වය හට ගත්තේය.

ආහාර ලබා ගැනීමට පැමිණි පිරිස් අදාළ ආපන ශාලාවට ප්‍රහාර එල්ල කර ඇති අතර තවත් ව්‍යාපාරික ස්ථාන කිහිපයකට සහ අසල තිබූ ආගමික සිද්ධස්ථානයකට ද හානි සිදුකර තිබේ.

පසුව මොවුන් එම ව්‍යාපාරික ස්ථාන අසල නවතා තිබූ රථවාහන කිහිපයකටද හානි සිදුකර තිබුණි.

පවතින තත්ත්වය හමුවේ පොලීසිය ප්‍රදේශයේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමට පියවර ගත් අතර ආරක්ෂාව තර කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායද රාත්‍රියේ දීම කැඳවීමට ආරක්ෂක අංශ කටයුතු කළේය.

මේ සම්බන්ධයෙන් අද දෙරණ කළ විමසීමකට පිළිතුරු දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ අම්පාර ප්‍රදේශයේ ආරක්ෂාව මේ වන විට තහවුරු කර ඇති බවයි.

ඊයේ රාත්‍රියේ හටගත් නොසන්සුන් තත්ත්වය මේ වන විට පාලනය කර ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

කෙසේවෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් කිහිපදෙනෙකුගෙන් සාක්ෂි සටහන් කරගෙන ඇති අතර එම කරුණු මත පදනම්ව හා සී.සී.ටී.වී දර්ශන ඔස්සේ ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු සඳහන් කළේය.

මේ අතර අවශ්‍ය වුවහොත් යුධ හමුදාව කැඳවීමට පියවර ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය ෴

+++++++++++++++++++++++++++++++

අම්පාරට දැඩි රැකවල් – වත්මන් තත්ත්වය මෙන්න
(27.02.2018 – nethnews.lk)

අම්පාර නගරයේ ආපන ශාලාවක දි ආහාර ගැනීමට ගිය පුද්ගලයෙකුට ලබා දුන් ආහාර වේලෙහි කිසියම් පෙති වර්ගයක් තිබීම නිසා දෙපිරිසක් අතර ඇතිවු උණුසුම් වාතාවරණයේදි තිදෙනෙකු තුවාල ලබා ඇති අතර කඩවල් 04 කට සහ ආගමික ස්ථානයකට හානි සිදුවි තිබෙනවා.

ඊයේ (26) නවයට පමණ අම්පාර පන්සල් හන්දිය අසළ ආපන ශාලාවකදි මෙම සිදුවිම වි ඇති අතර පසුව අම්පාර පොලීසියේ නිලධාරීන් පැමිණ මේ පිලිබදව පරීක්ෂණ ආරම්භ කළා. සිද්ධිය පිලිබදව උරණ වු පිරිස් විසින් වෙළදසැල් කිපයකට පහර දි ඇති අතර එය නැවත්වීමට පොලීසිය උත්සහ කළත් පොලීසියට තත්වය පාලනය කිරීමට නොහැකි වුණා. තත්වය පාලනය කිරීමට අමතර පොලිස් බල ඇණි, පොලිස් විශේෂ කාර්යය බලකාය සහ හමුදාව කැඳවූවා.

අම්පාර දිසාපති තුසිත පි.වනිගසිංහ, නැගෙනහිර දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර, ශ්‍රී ලංකා යුද හමුදාවේ 24 වෙනි සේනාංකාධිපති මේජර් ‍ජෙනරාල් මහින්ද මුදලිගේ ඇතුළු නිලධාරීන් සිද්ධිය සැලවූ වහාම මෙම ස්ථානයට පැමිණ තත්වය පාලනය කිරීමට පියවර ගත්තා.

ඊයේ රාත්‍රියේ සිට අම්පාර නගරයේ අනාරක්ෂිත බව හැඟෙන සියලුම පුජනීය ස්ථාන සදහාද ආරක්ෂාව ලබා දීමටද මෙම නිලධාරින් කටයුතු කර තිබේ.

පවතින තත්වය පිලිබදව සාකච්ඡා කිරීම සදහා ප්‍රදේශයේ මහා සංඝරත්නය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ආරක්ෂක නිලධාරීන් අම්පාර දිසාපති කාර්යාලයේදි විශේෂ සාකච්ඡාවක් ද පවත්වනු ලැබුවා. මින් ඉදිරියේදි මෙවන් තත්වයක් ඇති නොවිමට කටයුතු කිරිමට සියලු පාර්ශවයන් එකගතාවය පල කරනු ලැබිය. ගැටුමට හේතුවූ ආහාර රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට පොලීසිය කටයුතු කරන බවද මෙහිදි පැවසුවා.

මෙම අවස්ථාවේදි කලහාකාරී ලෙස හැසිරුණු පිරිස් අත් අඩංගුවට ගැනීමට කටයුතු කරන බව නැගෙනහිර දිසාව භාරජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කපිල ගුණසේකර සදහන් කළේ.පවතින තත්වය යහපත් අතට පත්වෙන තුරැ අවශ්‍ය සෑම ස්ථානයකටම ආරක්ෂාව සැලසීමටද මෙම සාකච්චාවේදී තීරණය වුණා.

+++++++++++++++++++++++++++++++

++++++++++++++++++++++++++++++++

රටේ යලි ජාතිවාදී ගින්නක් ඇවිලීමේ කුමන්ත්‍රණයක්..! අම්පාර දැන් සන්සුන්
(27.02.2018 – News e Lanka)

රට යලි ජාතිවාදයේ ගිල්වා වැනසීමේ කුමන්ත්‍රණයක් ඊයේ (26) රාත්‍රී අම්පාරේ සිදුවී තිබේ. ඒ අනුව සැලසුම් සහගත කණ්ඩායමක් අම්පාර නගරයේ වෙළඳ සැල් කිහිපයකට සහ මුස්ලිම් පල්ලියට පහර දී අලාභ හානි සිදුකර තිබේ.

රාත්‍රී විවෘත කර තිබෙන මුස්ලිම් ආපන ශාලාවකින් කොත්තු රොටි කෑ පිරිසක් අනතුරුව කෑමට වඳ පෙති දමා ඇතැයි කියා කඩ හිමියට පහර දී ආපන ශාලාව කඩා බිඳ දමා අසල තිබූ මෝටර් සයිකලයකට ගිනි තබා තිබේ. එම හෝටලය අසල තිබූ වෙළෙඳ සැල් 4 කට පමණ ද පහර දී ඇත.

ඉන්පසුව සියයක පමණ පිරිසක් රැස්වී ඊට කිලෝ මීටර් එක හමාරක් පමණ ඈතින් පිහිටා ඇති මුස්ලිම් පල්ලියටද පහර විනාශ කර ඇත. පල්ලියේ තාප්පයද කඩා දමා තිබේ.

මෙම සමස්ථ සිද්ධිය සැලසුම් සහගත ක්‍රියාවක් බව තහවුරු වන කාරණා කිහිපයකි.

• හෝටලයක ගෝරියක් පාදක කරගෙන මධ්‍යම රාත්‍රියේ මිනිසුන් සියයක් පමණ එක් රැස් වීම අස්වාභාවික සිද්ධියකි.
• අම්පාර පොලිසිය පිහිටා ඇත්තේ සිද්ධිය වූ ස්ථානයේ සිට මීටර් 300 ක පමණ දුරින් වුවද ඔවුන්ට සිද්ධිය මැඩ පැවැත්වීමට නොහැකි වුනේ ඇයි..?
• පොලිසිය පමණක් නොව අම්පාර නගරයේ එස්ටීඑෆ් කඳවුරක්ද, යුද හමුදා කඳවුරක්ද, ගුවන් හමුදා කඳවුරක් ද තිබියදී ජාතිවාදී ගැටුමක් නතර කර ගැනීමට නොහැකි වීම පුදුමයකි.

කෙසේ නමුත් මේ වන විට නගරයට එස්ටීඑෆ් භටයන්ගේ ආරක්ෂාව ලබා දී ඇති අතර යුද හමුදාවද යොදවා තිබේ.

ප්‍රචණ්ඩව හැසිරුණු පිරිස හඳුනා ගෙන ඇති නමුත් ඔවුන් අත් අඩංගුවට ගැනීමට ප්‍රදේශයේ භික්ෂූන් පිරිසක් දැඩි විරෝධය දක්වති. එම නිසා පොලිසිය මෙතෙක් කිසිවෙකු අත් අඩංගුවට ගෙන නැත.

අගමැතිවරයා නීතිය හා සාමය ඇමැතිධූරය බාර ගැනීමත් සමග සිදුකරන ලද මේ සිද්ධිය යහපාලන ආණ්ඩුවට කළු පැල්ලමක් බවත් අපරාධකාරී අන්තවාදී පිරිස් අත් අඩංගුවට ගෙන ඔවුනට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන්නේ නම් සුළු ජන කණ්ඩායම් වලින් යහපාලන ආණ්ඩුවට තිබෙන සහාය අහිමි විය හැකි බවත් සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහමන් මහතා ලංකා ඊ නිව්ස් වෙත පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කර ඇති අම්පාර ප්‍රදේශයේ ජනතා නියෝජිතයෙකු වන ඇමැති දයා ගමගේ මහතා පවසන්නේ රට අස්ථාවර කිරීමේ අරමුණින් අම්පාරේ ස්ථාන කිහිපයක සුළු සිද්ධීන් කිහිපයක් ඇති කර තිබෙන බවයි. මෙය රජය අපකීර්තියට පත් කිරීමේ අරමුණින් සහ සාමය සංහිඳියාව කඩා බිඳ දැමීමේ අරමුණින් කරන ලද කුමන්ත්‍රණකාරීන්ගේ ක්‍රියාවක් බවද දයා ගමගේ ඇමැතිවරයා පවසයි. කුමන්ත්‍රණකාරීන්ට හසුනොවී බුද්ධියෙන් ක්‍රියා කරන ලෙස ඔහු ඉල්ලා සිටී ෴

+++++++++++++++++++++++++++++++++

රටම කතා කළ ‘අම්පාර වඳ පෙති සිදුවීමේ‘ තවත් වීඩියෝවක් එළියට – ‘‘කඩේ හයක් හිටියා දැන් ඉන්නේ එක්කනෙයි ප්‍රශ්ණයක් නැත්නම් ඉතුරු අය කෝ‘‘
(01.03.2018 – nethgossip.lk)

“වඳ පෙති” සමග ආහාර ලබාදෙන බව කියූ සිදුවීමක් නිසා පසුගිය (26) දා අම්පාර නගරයේ ආපන ශාලාවක දැඩි නොසන්සුන්තාවයක් ඇතිවූ අතර පසුව කිසියම් පිරිසක් නගරයේ වෙළඳසැල් කිහිපයකට හා මුස්ලිම් දේවස්ථානයකට ප්‍රහාර එල්ල කර තිබිණි.

මෙහිදී ගිනි තැබීමට ලක්වූ අදාළ හොටලයට පිරිසක් පැමිණ කොත්තු කෑමට ඉල්ලා ඇති අතර එසේ කෑමට ලබා දුන් හොඳි වල දම් පැහැයට හුරු කිසියම් පෙති වර්ගයක් තිබූ බව ඔවුන්ගේ චෝදනාව විය.

කෙසේ වෙතත් මෙම සිදුවීමේ වීඩියෝ පටයක් හා ඡායාරූප පළවීමත් සමග බොහෝ දෙනාගේ අවධානය මේ වෙත යොමුවිය.

එම අවස්ථාවේ තවත් වීඩියෝවක් මේ වන විට සමාජ ජාල මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් ඇත.එහිදී දැක්වෙන්නේ අදාළ නොසන්සුතාව ඇතිවීමට පෙර පොලීසිය එහි පැමිණ තිබෙන ආකාරයයි.පසුව චෝදනා කරන පවසන්නේ හෝටලයේ සේවකයන් 6 දෙනෙකු සිටි බවත් මෙම සිදුවීමත් ඇතිවීමත් සමග පස්දෙනෙකු පළාගිය බවයි. පසුව එම ස්ථානයෙන් හමුවූ වඳ පෙති යැයි කියන පෙති වර්ගය පොලීසියට ලබාදෙන ආකාරයත් එම වියෝවෙහි දැක්වෙයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *