ජනාධිපති රටට ආදරේ නම් ශ්‍රීල.නි.ප මන්ත්‍රීවරු ජාතික ආණ්ඩුවෙන් ඉවත් කර ගත යුතුයි

(27.02.2018 – 16:28 +0530 – sinhala.adaderana.lk)

ජනාධිපතිවරයා රටට ආදරේ නම් ජාතික ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලූම මන්ත්‍රීවරු ජාතික ආණ්ඩුවෙන් ඉවත් කළ යුතු බව හිටපු මන්ත්‍රී සරත් විජේසේකර මහතා පවසයි.

අද (27) කොළඹ පැවති එළිය සංවාද කවයේ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කළේය.

19 වන සංශෝධනය දින 100 වැඩපිළිවෙළ තුළ සම්මත කර ගත් බවත් අද වන විට ජනාධිපතිවරයාට එහි භයානක ප්‍රතිඵල අත්විදීමට සිදුව ඇති බවත් පැවසු සරත් විජේසේකර මහතා අගමැතිවරයා මොන තරම් වැරදි සිදු කළත් අද වන විට ජනාධිපතිවරයාට එයට විරුද්ධ වීමේ හැකියාවක් නොමැති බව ද පැවසීය.

ජනාධිපතිවරයාගේ බලය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් වංචනිකව ලබා ගත් බවත් පැවසු විජේසේකර මහතා ජාතික ආණ්ඩුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත් වුවහොත් ඉදිරියේ දී එක්සත් ජාතික පක්සයට දෙමළ ජාතික සන්ධානය හා එක්ව ආණ්ඩුවක් පිහිටු විය හැකි බවත් එවිට තුනෙන් දෙකක බලයක් හිමි නොවනු ඇති බවත් කියා සිටියේය ෴

**********************************

සක්‍රීය ණය පනත මහ බැංකුවට අභියෝගයක් වෙලා
(27.02.2018 – 15:14 +0530 – sinhala.adaderana.lk)

සක්‍රීය බැරකම් කළමණාකරණය කිරීමේ පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමෙන් පාර්ලිමේන්තුවේ මුදල් පිළිබඳ බලතලවලට හා රාජ්‍ය ණය කළමණාකරණය සම්බන්ධයෙන් මහ බැංකුවට ඇති බලතලවලට බරපතළ අභියෝගයක් එල්ල වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර තිබේ.

එම නිවේදනය වැඩිදුරටත් මෙසේ සඳහන් වෙයි :

‘‘යහපාලන ආණ්ඩුව ඔවුන්ගේ ණය ගැනීමේ වියරුව තවත් ඉහළ අඩියකට ගෙනයාම සඳහා මෙකී ‘සක්‍රීය බැරකම් කළමණාකරනය කිරීමේ’ පනත් කෙටුම්පත ඉදිරිපත් කොට තිබෙන්නේ මේ සියලුම විකාර ස්වරූපී සිදුවීම් මධ්‍යයේය.

මේ යෝජිත නීතියෙන්,පාර්ලිමේන්තුවේ මුදල් පිළිබද බලතලවලටත්, රාජ්‍ය ණය කළමණාකරනය සම්බන්ධයෙන් මහ බැංකුවට ඇති බලතලවලටත්, බරපතල අභියෝග එල්ල වෙන බවත්, මේ නීතිය යටතේ ණයට ගන්නා මුදල් භාවිතා කිරීම සම්බන්ධයෙන් විධායකයට කිසිදු නීතිමය සීමාවකින් තොරව බලය ලැබෙන බවටත් කරුණු දක්වමින් බන්දුල ගුණවර්ධන මන්ත්‍රීතුමා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කොට ඇත.

මේ නීතිය යටතේ ණයට ගන්නා මුදල් භාවිතා කරන ආකාරය ගැන විෂය භාර ඇමතිවරයා ගන්නා තීරණ, මාස තුනක් ඇතුලත නීති ප්‍රකාරව පාර්ලිමේන්තුව විසින් අනුමත කිරීම ප්‍රතික්ෂේමප කළත්, අදාල තීන්දුව ගැනීමත්, පාර්ලිමේන්තුව විසින් එය ප්‍රතික්ෂේප කිරීමත් යන කාලය අතර සිදුකෙරෙන සියලු ක්‍රියාවන් නීත්‍යානූකූල වෙන බවට මේ යෝජිත පනතේ වගන්තියක් ඇත.

එපමණක්ද නොව, යෝජිත නිතිය යටතේ ගන්නා ණය සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරීන්, (සද්භාවය ඔප්පු කිරීමේ කොන්දේසියට යටත්ව) සිවිල් හා අපරාධ වගකීම් වලින් සම්පූර්ණයෙන්ම මුක්ත කර තිබේ.

මහබැංකු බැඳුම්කර නිකුත් කිරීමේදී දැනටමත් සිදු වී ඇති අක්‍රිමිකතා නිසා, ඉහත දැක් වූ ආකාරයේ විධිවිධාන වලින් ඇතිවිය හැකි භයානක ආනිසංස ගැන අමුතුවෙන් කිව යුතු නැත. එමනිසා ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන් මේ යෝජිත ‘සක්‍රීය බැරකම් කළමණාකරනය කිරීමේ’නීතියට එකහෙළාම එරෙහි විය යුතුය.’’

***************************************

ඒකාබද්ධයෙන් ජනපතිට ඉල්ලීමක්
(27.02.2018 – 17:44 +0530 – sinhala.adaderana.lk)

ඉදිරි පැය 24 තුළ මහ බැංකු මංකොල්ලයේ මහ මොළකරු වන අර්ජුන මහේන්ද්‍රන් මහතා දිවයිනට ගෙන්වා ගන්නා ලෙස වගකීමෙන් යුතුව බලකර ඉල්ලා සිටින බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

අද (27) කොළඹ දී පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක් වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා මෙම අදහස් පළ කළේය.

අද ඓතිහාසික දිනයක් බවත් මහ බැංකු මංකොල්ලය වී අදට වසර 3 ක් ගත වී බවත් ආණ්ඩුව මැදිහත් වෙලා කරපු ලොකුම මංකොල්ලය මෙය බවත් මන්ත්‍රීවරයා පැවසීය.

ගෝත්ත්‍රික පාලනයක් පවතින මධ්‍යම අප්‍රිකාවේ කොන්ගෝව වැනි රටවලවත් ආණ්ඩුවක් මැදිහත්වෙලා මෙවැනි සොරකම් සිදු නොකරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ඊලාම් විරෝධින්ට එරෙහිව ජාතික කොඩිය පෙන්වු බ්‍රිග්‍රේඩියර් ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ගෙන්වා ගත්තානම් මහ බැංකුව සොරා කෑමට ගක් කළ අය ගෙන්වා ගැනීමට කටයුතු කරන්නේ මන්දැයි අලහප්පෙරුම මහතා මෙහිදී ප්‍රශ්න කර සිටියේය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 2

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *