විශ්ව විද්‍යාල සේවකයින් 16,000 ක් අඛණ්ඩ වර්ජනයේ

(28.02.2018 – nethnews.lk)

විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයින් දහසය දහසක් අද (28) සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ වැටුප් දීමනා ඇතුළු ඉල්ලීම් 06 ක් මුල් කර ගනිමින්. විශ්ව විද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති එඩ්වඩ් මල්වත්තගේ පැවසුවේ, “හිටපු අමාත්‍යවරයා සමග එකඟතාවයක් තිබුණ. ඒව කඩල තියෙනව. ඒ සඳහා සංඛේත වැඩවර්ජන කිහිපයක් කළා. පලක් වුණේ නැහැ. ඒ නිසා විසඳුමක් ලැබෙනතෙක් මෙම වර්ජනයේ නිරතවනවා.” යනුවෙනි.

දිවයිනේ සියළුම විශ්ව විද්‍යාලවල මෙම වර්ජනය ක්‍රියාත්මක බවත් මේ හේතුවෙන් විශ්ව විද්‍යාලවල කටයුතු බිද වැටෙනු ඇති බවත් මෙහිදී ප‍්‍රකාශ කෙරුණා ෴

***************************************

රවී කරුණානායකගෙන් අල්ලස් කොමිසම පැය 4 ක් ප්‍රශ්න කරයි
(27.02.2018 – nethnews.lk)

හිටපු මුදල් අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකගෙන් අල්ලස් හෝ දූෂන විමර්ශන කොමිසන් සභාව අද (27) පැය 4 ක කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ ජනාධිපති කොමිසම හෙළිකළ කරුණු සම්බන්ධයෙන ඔහුගෙන් ප්‍රශ්න කර ඇති බව සඳහන්.

පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරුවන්ට අයත් සමාගමකින් ගෙවන ලද නිවාස බදු මුදල් සම්බන්ධයෙන් අල්ලස් පනත හෝ වෙනත් නීතියක් යටතේ කටයුතු කළ හැකි බවට බැඳුම්කර සිද්ධිය ගැන විමර්ශනය කළ ජනාධිපති කොමිසම සිය අවසන් වාර්තාවෙන් දක්වා තිබුණා.

ඒ සම්බන්ධයෙන්පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායකගේ ස්ථාවරය විමසීම සඳහා අදාළ කැඳවීම සිදුකර තිබූ බවයි අල්ලස් කොමිසමේ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *