පුංචි ඡන්දයේ මහා මගඩියක් හෙලි වෙයි.. පොහොට්ටුවට තවත් මන්ත‍්‍රී ධුර 200 ක්.. තවත් සභා 36 ක්..

(28.02.2018 – 10:00 +0530 – lankacnews.com)

පැවති පළාත් පාලන මැතිවරණයේ ප‍්‍රතිඵල ගණනයේදී ඉතා බරපතල වරදක් සිදුව ඇති බව ඒකාබද්ද විපක්‍ෂය විසින් කැදවා තිබූ මාධ්‍ය හමුවකදී සදහන් කලේය.

ලයිස්තුවලින් මන්ත‍්‍රීවරුන් පත් කිරීමේදී මෙම බරපතල දෝෂය සිදුව ඇති බවත් එය නිවැරදි කිරීමෙන් තවත් මන්ත‍්‍රී ධුර 200 ක් පමණ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබෙනු ඇති බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

ඒ අනුව තවත් පළාත් පාලන ආයතන 36 ක කිසිදු ගැටළුවකින් තොරව සභාවන් පිහිටුවිය හැකි බවත් ඔහු සදහන් කලේය.

මෙම වැරදි ගණනය සම්බන්ධයෙන් මැතිවරන කොමිසමට පැමිණිලි කල බවත් එහි එක් සාමාජිකයෙකු විසින් එය පිලිගත් බවත් කී මන්ත‍්‍රීවරයා ඉදිරියේදී මෙය නිවැරදි වනු ඇතැයි විශ්වාස කරන බවද පැවසීය.

එසේ නොවන්නේ නම් අධිකරණය හමුවට ගොස් සාධාරණය ඉල්ලා සිටින බවද ඔහු වැඩි දුරටත් පැවසීය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *