තඹුත්තේගම විරෝධතාව අතරතුර 44 ක් අත්අඩංගුවට – පොලීසියේ 4 ක් ඇතුලු පිරිසකට තුවාල

(28.02.2018 – 14:14 +0530 – sinhala.adaderana.lk)

තඹුත්තේගම නගරයේ පැවති ගොවි විරෝධතාව අතරතුර කළහකාරී ලෙස හැසිරුණු කාන්තාවන් 05 දෙනෙකු ඇතුලු 44 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය ප්‍රකාශ කළේ සිද්ධියෙන් පොලිස් නිලධාරීන් සිව් දෙනෙකු ඇතුලු කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි.

අද දහවල් ගොවීන් අනුරාධපුර – පාදෙණිය ප්‍රධාන මාර්ගය තඹුත්තේගම නගරයෙන් අවහිර කරමින් සිදුකළ විරෝධතාව විසුරුවා හැරීමට පොලීසිය ජල සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.

රාජාංගනය ජලාශයේ ජලය උපයෝගි කරගෙන අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට ජලය බෙදා හැරීම සදහා ආරම්භ කිරීමට නියමිත ව්‍යාපෘතියකට එරෙහිවයි ගොවීන් මෙම විරෝධතාව ආරම්භ කළේ.

මතුවූ උණුසුම් තත්ත්වය අතරතුර ඔවුන් පොලීසියට ගල් මුල් ප්‍රහාරයක්ද එල්ල කර තිබුණා.

+++++++++++++++++++++++++++++

තඹුත්තේගම නගරයේ පැවැත්වෙන විරෝධතාවක් විසුරුවා හැරීමට පොලීසිය මීට ටික වේලාවකට පෙර ජල සහ කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා.

රාජාංගනය ජලාශයේ ජලය උපයෝගි කරගෙන අනුරාධපුරයේ ප්‍රදේශ කිහිපයකට ජලය බෙදා හැරීම සදහා ආරම්භ කිරීමට නියමිත ජල ව්‍යාපෘතියකට එරෙහිවයි මෙම විරෝධතාවය පැවැත්වෙන්නේ.

විරෝධතාවය හේතුවෙන් අනුරාධපුර – පාදෙණිය මාර්ගය ද තඹුත්තේගම නගරයෙන් අවහිර වී තිබෙනවා.

විරෝධතාකරුවන් තඹුත්තේගම පොලීසියට ද ගල් ප්‍රහාරයක් එල්ල කළ බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.

+++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++

තම්බුත්තේගම නොසන්සුන්

තඹුත්තේගම නොසන්සුන් : පොලීසියෙන් ගොවීන්ට කදුළු ගෑස්.. වැඩි විස්තර සඳහා පිවිසෙන්න.. https://goo.gl/nwiq53#lka #Thambuththegama #Protest

Posted by Newsfirst.lk on Wednesday, February 28, 2018

+++++++++++++++++++++++++++++++

අලුත් පොලිස් ඇමතිට දින දෙකයි.. පොලීසියට ගල් ගහයි.. 4 කට තුවාලයි.. විරෝධතාකරුවන් 40 ක් අත්අඩංගුවේ..
(28.02.2018 – 15:00 +0530 – lankacnews.com)

අනුරාධපුර-කුරුණැගල මාර්ගයේ තඹුත්තේගම ප‍්‍රදේශයේදී විරෝධතාවයේ යෙදුනු පිරිසකට පොලීසිය විසින් කදුළු ගෑස් හා අධි පීඩන ජල ජල ප‍්‍රහාර එල්ල කිරීමෙන් පසු 40 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

විරෝධතාකරුවන් විසින් එලල කරන ලද ගල් ප‍්‍රහාර හේතුවෙන් පොලිස් නිළධාරීන් සිවු දෙනෙකු තුවාල ලබා ඇත.

විරෝධතාකරැවන් පවසන්නේ අක්කර 17,000 ක ගොවිතැනට ජලය සපයන රාජාංගනය වැව චීන සමාගමකට පානීය ජල බෝතල් නිෂ්පාදනය කිරීම සදහා ලබා දී ඇති බවයි ෴

++++++++++++++++++++++++++++++++

තඹුත්තේගම පොලිසියට ගල්ගැසූ 59 ක් අත්අඩංගුවට
(28.02.2018 – 21:08 +0530 – lankadeepa.lk)

පුද්ගලික ආයතනයක් විසින් රාජාංගනය ජලාශයෙන් ජලය ලබා ගෙන සිදුකරිමට යෝජිත පානිය ජල ව්‍යාපෘතියට විරෝධය දක්වමින් ගොවින් විශාල පිරිසක් අද (28) තඹුත්තේගම නගරයේදි පොලිසියේ අණ නොතකා සිදුකළ දැවැන්ත විරෝධතා පෙළපාලියකට කඳුලු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කොට ඔවුන් විසුරුවා හැරීමට පොලිසිය කටයුතු කළේය.

මෙම විරෝධතාවය අතරතුර තඹුත්තේගම පොලිසියේ දේපල වලට පහරදීම අලාභ සිදු කිරීම ඇතුලූ චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් පුද්ගලයින් 59 දෙනෙකු සැකපිට අත් අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාශ භාර පොලිස් අධිකාරී තිලිණ හේවා පතිරණ මහතා ලංකාදීපයට පැවසීය.

නීති විරෝධී ලෙස මහජන සාමය කඩවන අයුරින් පාදෙණිය අනුරාධපුර ප‍්‍රධාන මාර්ගයේ වාහන ගමනාගමනයට බාධ පමුනුවමින් කලහාකාරී ලෙස හැසිරී තඹුත්තේගම පොලිසියේ දේපල වලට හානි කළ බවට මෙම පුද්ගලයින්ට චෝදනා එල්ල වී තිබෙන බව සඳහන් කළේය.

සැකකරුවන්ගෙන් ප‍්‍රශ්න කිරීමෙන් අනතුරුව හෙට (1) තඹුත්තේගම මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බවද හෙතෙම ඒ මහතා කීවේය ෴

+++++++++++++++++++++++++++++++++

රාජාංගනය පානීය ජල ව්‍යාපෘතිය ගැන රජය ගත් විශේෂ තීරණය
(01.02.2018 – 11:52 +0530 – hirunews.lk/sinhala)

තඹුත්තේගම නොසන්සුන්තාවයට මුල් වූ රාජාංගනය පානීය ජල ව්‍යාපෘතිය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව අනුරාධපුර දිස්ත්‍රික් දිසාපතිවරයා පවසනවා.

අක්කර අඩි 86,000 ක පමණ වපසරියකින් යුක්ත අනුරාධපුර රාජාංගනය වැවෙන් අස්වද්දන කුඹුරු ප්‍රමාණය අක්කර 17,000 ක් පමණ වනවා.

රාජාංගනය ඒකාබද්ධ ගොවි සංවිධානය, මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබුණේ එම වැවේ ජලය, පානීය ජල ව්‍යාපෘතියක් සඳහා බහුජාතික සමාගමකට ලබා දීමට විරෝධය පල කිරීම සඳහායි.

පසුව උද්ඝෝෂකයින් තඹුත්තේගම පොලිස් හන්දියට පාගමනින් පැමිණ විරෝධතාවයේ නිරත වුණා.

මාර්ගය අවහිර කරමින් පැවැති උද්ඝෝෂණය හේතුවෙන් එම මාර්ගයේ ගමනා ගමන කටයුතු සම්පුර්ණයෙන්ම ඇණහිටියා.

පසුව එම ස්ථානයට පැමිණි තඹුත්තේගම ප්‍රාදේශීය ලේකම්වරිය උද්ඝෝෂකයින්ට ප්‍රකාශ කලේ දිස්ත්‍රික් ලේකම්වරයා සමග මෙම ගැටලුව පිලිබද සාකච්ඡා කිරීමට පැමිණෙන ලෙසයි.

අනතුරුව නියෝජිතයින් කිහිපදෙනෙකු දිස්ත්‍රික් ලේකම්වරයා මුණ ගැසීමට පිටත්ව ගිය අතර අනෙක් පිරිස මාර්ගයේ හිදිමින් විරෝධතාවයේ නිරත වුණා.

මාර්ගයේ රථවාහන ධාවනය සදහා අවස්ථාව ලබා දීමට උත්සාහ කිරීමත් සමඟ පොලිසිය හා උද්ඝෝෂකයින් අතර ඇති වුණේ උණුසුම් තත්ත්වයක්.

අනතුරුව උද්ඝෝකයින් විසුරුවා හැරීම සඳහා පොලිසිය ජල ප්‍රහාර එල්ල කළා.

එහිදී උද්ඝෝෂකයින් තඹුත්තේගම පොලිස් ස්ථානය හා පොලිස් නිලධාරීන්ට ගල්මුල් වලින් පහරදුන් අතර පොලීසිය ඊට ප්‍රතිචාර දැක්වුයේ කදුලු ගෑස් ප්‍රහාර එල්ල කරමින් ෴

+++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *