මිනින්දෝරුවන් 8 වනදා සිට අඛන්ඩ වැඩ වැරුමකට සූදානමින්

(02.03.2018 – 13:12 +0530 – hirunews.lk/sinhala)

මෙරට ඉඩම් මැනීමේ කටයුතු ඇමරිකානු සමාගමකට ලබාදීමට රජය පියවර ගෙන ඇති බව පවසමින් මේ මස 08 වැනිදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වීමට රජයේ මිනින්දෝරු සංගමය සූදානම් වනවා.

එම සංගමයේ සභාපති දුමින්ද උඩුගොඩ හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ මෙම ක්‍රියාවට විරෝධය දක්වමින් මේ වනවිටත් අභ්‍යන්තර වෘත්තීය ක්‍රියාමාර්ගයක සේවකයන් නිරත වී සිටින බවයි.

එමෙන්ම, ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලය පෙරේදා (28) ආරම්භ කළ අඛණ්ඩ වැඩ වර්ජනය මේ වනවිටත් ක්‍රියාත්මකයි.

විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සභාපති එඩ්වඩ් මල්වත්තගේ සඳහන් කළේ තම වෘත්තීය ක්‍රියාමාර්ගයට බලධාරින් තවමත් ප්‍රතිචාරයක් දක්වා නොමැති බවයි.

මේ අතර, සේවා ස්ථානගත කිරීම්, ස්ථාන මාරුවීම් ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ පුත්තලම ශාඛාව ද වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමුවීමට සූදානම් වනවා ෴

*******************************************

රටපුරා ගොවීන් සටනට සූදානම් ආණ්ඩුවට රතු එලියක්
(02.02.2018 – 17:41 +0530 – sinhala.adaderana.lk)

සිවිල් ඇඳුමෙන් සැරසුණු මැර කණ්ඩායමක් සිද්ධිය ඇති කළ බවත් එහි වගකීම ආණ්ඩුව විසින් භාරගත යුතු යැයිද, එමෙන්ම ඒකාබද්ධ විපක්ෂය සිද්ධිය සම්බන්ධයෙන් කිඹුල් කඳුළු හෙළන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් අද (02) පස්වරුවේ දඹුල්ලේදී පැවසීය.

මෙහිදී සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා කියා සිටියේ සාධාරණ හේතුවක් නිසා
විරෝධතා කළ ගොවි ජනතාවට ආණ්ඩුව පන්න පන්නා පහර දුන් බවය.

එමෙන්ම ගොවියන් මැද සිට කිසියම් සංවිධානාත්මක මැර කණ්ඩායමක් ගොවියා සහ පොලීසිය අතර ගැටුමක් නිර්මාණය කළ බවද හෙතෙම චෝදනා කළේය.

එම නිර්මාණය කළ ගැටුමේ වගකීම ආණ්ඩුව බාරගත යුතු යැයි ද හෙතෙම පැවසීය.

විරෝධතා නවත්වන ලෙස අධිකරණය ලබාදුන් නියෝගය ශබ්ද විකාශන යන්ත්‍ර යොදා කිසිම ආකාරයකින් ගොවීන් දැනුවත් නොකළ බවට ද නාමල් කරුණාරත්න මහතා චෝදනා කර තිබේ.

පොලීසිය පවතින්නේ අගමැතිවරයා යටතේ බවත් ආණ්ඩුව මේ සිද්ධිය සම්බන්ධයෙන් ලබන පස් වැනි දාට දක්වන ප්‍රතිචාරය අනුව ගොවීන් ගේ ප්‍රතිචාරය ක්‍රියාත්මක කරන බව සඳහන් කළේය.

රටපුරා ගොවි සටන් සූදානම් කරන බවත් ගොවිබිම් සටන් බිම් බවට පත් කරන බවත් එමෙන්ම සටන්වලදී කම්මලෙන් උත්තර දෙන්නට සූදානම් නොකරන ලෙසත් කම්මලේ තනන්නේ විවිධ ගොවි උපකරණ කැති උදලු බවත් සඳහන් කළේය.

කැති උදලු වලින් මෙම ප්‍රශ්නය නිරාකරණය කරන්න එපා යැයි තම සංවිධානය ආණ්ඩුවට අනතුරු අඟවන බවද සඳහන් කර තිබේ.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න එහි ප්‍රධාන ලේකම් ටි. බි. සරත් මෙන්ම උප සභාපති සුසන්ත කුමාර නවරත්න මහතා සහ රාජාංගනය ඒකාබද්ධ ගොවි සංවිධානයේ භාණ්ඩාගාරික උපාලි ජයසිංහ යන මහත්වරු ඇතුළු කණ්ඩායමක් මාධ්‍ය හමුව සඳහා පැමිණ සිටියහ ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *