ගෝටාභයගේ මොලය ෆොන්සේකාගේ ශීතකරණයේ..

(04.03.2018 – 23:07 +0530 – lankacnews.com)

සරත් ෆොන්සේකා මහතා මාස හයනක් මෙරට නීතිය හා සාමය අමාත්‍යංශය බාරව සිටියහොත් එම කාලයේදී මෙරට තුල ඇති කරන භීෂණය හේතුවෙන් ඒකාබද්ද විපක්‍ෂයට දේශපාලන වශයෙන් වඩාත් වාසි සහගත තත්වයක් නිර්මාණය වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉඩි අමින් උගන්ඩාවට කල දේ ෆොන්සේකා මහතා මාස හයක කාලයක් තුල ශ‍්‍රී ලංකාවටද කරනු ඇති බවත් කී මන්ත‍්‍රීවරයා ඉඩි අමීන්ගේ ශීතකරණයේ ඔහුගේ පරම හතුරාගේ මොලය තිබුණා සේ සරත් ෆොන්සේකාගේ ශීතකරණයේ ගෝටාභය රාජපක්‍ෂගේ මොලය මතුවීමටත් ඉඩ ඇතැයිද කියා සිටියේය.

කොළඹදී මාධ්‍ය අමතමින් මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කලේය.

ලංකාව උගන්ඩාවක් වෙයිද?

ලංකාව උගන්ඩාවක් වෙයිද?පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස්2018.03.02

Posted by Udaya Prabhath Gammanpila on Sunday, March 4, 2018


*****************************************

බයනැති අගමැතිට එරෙහි විශ්වාස භංගය අගහරුවාදා පාර්ලිමේන්තුවේ.. රනිල් රකින්න දෙන ඡන්දයකට අවම ලංසුව කෝටි තුනහමාරයි..
(04.03.2018 – 22:40 +0530 – lankacnews.com)

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව වන විශ්වාස භංග යෝජනාව මෙම අගහරුවාදි දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම් බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

කඩුවෙලදී පැවති ජනහමුවක් අමතමින් මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කලේය.

අගමැතිවරයා රැක ගැනීම සදහා අත් ඔසවන මන්ත‍්‍රිවරුන් සදහා එක් අයෙකුට ලක්‍ෂ 350 බැගින් ලංසු තබා ඇති බවද මන්ත‍්‍රීවරයා එහිදී කීය.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *