ආමර් විදීය වෙඩි තැබීමේ සිද්ධියේ CCTV දර්ශන එලියට

(19.03.2018 – 16:02 +0530 – hirunews.lk/sinhala)

ආමර් විදීය ප්‍රදේශයේදී මෝටර් රථයකින් යමින් සිටි අඹු සැමි යුවලකට අද (19) පෙරවරුවේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

එහිදී බරපතල තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මියගොස් ඇති බවයි පොලිසිය කියා සිටියේ.

වෙඩි වැදීමට ලක් වූ කාන්තාව මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදු කර පළාගොස් තිබුණා.

සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්වුණේ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි ඇන්ටනි රාජ් නමැති 42 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම වෙඩි තැබීම සිදුකළ සැකකරුවන් පළා යන ආකාරය අවට තිබු වෙළඳසලක CCTV කැමරාවක මෙසේ සටහන් වී තිබුණා.

———————–

++++++++++++++++++++++++++

පාතාල සමාජික කොස්මල්ලිගේ සිරුර ගොඩගනී
(19.03.2018 – 14:38 +0530 – hirunews.lk/sinhala)

කොළඹ 12 – කෙසෙල්වත්ත – අබ්දුල් හමීඩ් වීදිය ප්‍රදේශයේ තිබී හිස කොටස හමුවූ පාතාල සාමාජික කොස් මල්ලීගේ කඳ කොටස අද (19) පස්වරුවේ අගුණුකොළපැලැස්ස – මුරවැඩිහේන – ගෝඨාභයගම ප්‍රදේශයේ වෙල් යායක වළ දමා තිබියදී ගොඩගනු ලැබුවා.

ඒ අඟුණකොලපැලැස්ස මහේස්ත්‍රාත් කුෂිකා කුමාරසිරි ඉදිරියේයි.

කෙසෙල්වත්ත අබ්දුල් හමීඩ් වීදිය ප්‍රදේශයේ තිබී ශාන්ත කුමාර හෙවත් කොස් මල්ලී නැමති පාතාල කල්ලි සාමාජිකයාගේ හිස සොයාගනු ලැබුවේ පසුගිය 7 වනදා උදෑසනයි.

පසුව හෙළිවූයේ ඔහුගේ කඳ කොටස අගුණකොලපැලැස්ස – ගෝඨාභයගම ප්‍රදේශයේ වළ දමා ඇති බවටයි.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *