පළාත් සභා සංශෝධන පනත් කෙටුම්පතට JVP දුන් සහය ගැන ඒකාබද්ධයේ මතය

විගණන පනත 20 වතාවක් සංශෝධනය කර ඇති බව ජවිපෙ කියයි
(26.09.2017 – 08:07 +0530 – hirunews.lk/sinhala)

ජාතික විගණන පනත් කෙටුම්පත මේ වන විට 20 වතාවකට වඩා සංශෝධනය කර ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

++++++++++++++++++++++++++++++

පළාත් සභා සංශෝධන පනත් කෙටුම්පතට JVP දුන් සහය ගැන ඒකාබද්ධයේ මතය
(25.09.2017 – 21:09 +0530 – hirunews.lk/sinhala)

පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී තුනෙන් දෙකකින් සම්මත කරගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් සහය දැක්වීම පිළිබඳව ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින් අද විවිධ ස්ථානයන්හිදී අදහස් පළ කළා.

+++++++++++++++++++++++++++++++

පළාත් සභා පනත සම්මත කර ගත් ක්‍රමවේදය ගැටළු සහගතයි
(25.09.2017 – 15:24 +0530 – sinhala.adaderana.lk)

පසුගිය දා පාර්ලිමේන්තුවේදී සම්මත කර ගත් පළාත් සභා සංශෝධන පනත් කෙටුම්පතේ ක්‍රමවේදය ගැටළු සහගත බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති යූ.ආර්.ද සිල්වා මහතා පවසයි.

අද (25) පැවති එම සංගමයේ මාධ්‍ය හමුවකට එක් වෙමින් සභාපතිවරයා මෙම අදහස් පළ කළේය.

ස්වාධීනව කටයුතු කරන ආයතන තුනක් වශයෙන් ව්‍යවස්ථාදායකය, විධායක හා අධිකරණය ක්‍රියාකළ යුතු අතර යම් පනතක් සම්මත කර ගැනීමේ දී සිදු කළ යුතු ක්‍රිමවේදයක් තිබෙන බවත් එය යම් දුරකට උල්ලංඝනය වී ඇති බවත් යු.ආර්.ද සිල්වා මහතා වැඩිදුරටත් පවසයි.

එම ක්‍රියාපටිපාටිය රජයක් ලෙස අනුගමනය කිරීම නීතියේ ආධිපත්‍යයට යම් බලපෑමක් එල්ල වී ඇති බවත් කිසිවෙකුගේ දේශපාලන න්‍යාය පත්‍රයක් නීතිඥ සංගමයට නැති බවත් මෙය ජනතා වගකීමක් ලෙස සළකා ඉදිරියේ දී කටයුතු කරන බවත් ඔහු කියා සිටියේය.

ඒ හේතුවෙන් එය පිළිගැනීමට නොහැකි බවත්, ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ජනාධිපතිවරයා හා අගමැතිවරයා සමඟ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවත් යු.ආර්.ද සිල්වා මහතා පැවසීය.

කෙසේ වෙතත් ඉදිරියේදී ඕනෑම විටක මේ සම්බන්ධයෙන් නීති උපදෙස් ලබා දීමට බලාපොරොත්තු වන බව ද ඔහු කියා සිටියේය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *