මුලතිව් මුහුදේ අත්භූත යෝධ පක්ෂියෙක් සැරිසරයි..! සේයාරූ මෙන්න..!!

(26.03.2018 – News e Lanka)

මුලතිව් මුහුදට සමාන්තරව 24 දා සවස යෝධ පක්ෂියකු පියාසර කොට තිබේ.

මුලතිව් මුහුදු කලාපයේ විනාඩි විස්සක පමණ කාලයක් මෙම යෝධ පක්ෂියා ඒ මේ අත පියාඹනු ධීවරයින් දැක තිබේ.

මෙම පක්ෂියා මීට පෙර මුලතිව් පළාතේ කිසිදු ධීවරයෙකු විසින් දැක නොමැති පක්ෂියකු නිසා එම පක්ෂියා පිළිබඳව විවිධ මත හා එම පක්ෂියාගේ නම සම්බන්ධයෙන් විවිධ නම් ප්‍රකාශ වී තිබේ.

කෙසේ වෙතත් පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ සිට මුලතිව් මුහුද ආශ්‍රිතව බොහෝ වෙනස්කම් සිදුවන බව මුලතිව් ධීවරයෝ කියා සිටිති.


සේයරුවේ දැක්වෙන්නේ එම යෝධ පක්ෂියා ය.

– දිනසේන රතුගමගේ

****************************************

ආයුර්වේදයට අවශ්‍ය කංසා වගා කිරීම පිළිබඳ සුව ඇමැතිට තවත් යෝජනාවක්
(25.03.2018 – 06:25 +0530 – sinhala.adaderana.lk)

ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය කංසා ශ්‍රී ලංකාවේ වගා කිරීම උචිත බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ උපදේශක සභාවේ සාමාජිකයින් සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සමඟ පැවැති සාකච්ඡාවක දී අවධාරණය කර සිටියේය.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ උපදේශක සභාව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා පැවැත්විණි.

මෙහිදී ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සඳහා ඖෂධ සොයා ගැනීමේ අපහසුතාවය පිළිබඳව කමිටු සාමාජිකයින් පෙන්වා දෙන ලදී.

එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය කංසා වගා කිරීම සඳහා වූ ව්‍යාපෘති යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බවයි.

හමුදා සාමාජිකයින් යොදවා මෙලෙස කංසා වගා කිරීමට හැකියාවක් ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ලෝකයේ රටවල් රැසක කංසා වගා කිරීම සඳහා යොමු වී ඇති බව පෙන්වා දුන් සෞඛ්‍ය අමාත්‍යවරයා ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සඳහා කංසා වගා කිරීම තුළින් විදේශ විනිමය ලබාගත හැකි බව ද සඳහන් කළේය.

තව ද 2020 සිට දුම්කොළ වගා කිරීම තහනම් කිරීම හේතුවෙන් අපහසුතාවයට පත්වන ගොවි ජනතාව ආයුර්වේද ඖෂධ වගා කිරීම කෙරෙහි යොමු කිරීමට ද මෙහිදී යෝජනා විය.

උතුරු මැද පළාතේ සහ උතුරු පළාතේ ආයුර්වෙද ඖෂධ වගා කිරීමට උචිත ඉඩම් ඇති බව ද නිෂ්පාදනය කරන එම ඖෂධ ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව මගින් මිල දී ගැනීමට ද හැකියාව ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙන ලදී.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු උපදේශක සභා නිලධාරින් එක්ව සිටියහ ෴

****************************************

සම්පත් බැංකුව සහ තැපෑල එක්ව විප්ලවකාරී සේවාවක් හඳුන්වාදෙයි
(22.03.2018 – nethnews.lk)

ගනුදෙනුකාර පාරිභෝගික භවතුන් හට නව මුහුණුවරක සේවා සැපයීමේ අරමුණින් සම්පත් බැංකුව සහ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව අතර නව ගිවිසුමකට අත්සන් තැබුණා.

මේ හරහා සම්පත් බැංකු ගනුදෙනුකරුවන් හට ළඟම ඇති තැපැල් කාර්යාලය හරහා ක්ෂණිකව මුදල් ඇනවුමක් යැවිය හැකි අතර එය එසැනින් දිවයිනේ ඕනෑම සම්පත් බැංකු ටෙලර් යන්ත්‍රයක් මගින් ලබා ගත හැකි වනවා.

සම්පත් බැංකුව නිරන්තරයෙන් සිය පාරිභෝගිකයන් උදෙසා විප්ලවකාරී සේවාවන් හඳුන්වාදෙන අතර ඉදිරියේදීත් එවැනි සේවා රැසක් හඳුන්වා දෙන්නට බලාපොරොත්තුවෙන් සිටින බවයි එහි කළමණාකාරීත්වය සඳහන් කළේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *