විශ්වාසභංගයෙන් අපේක්ෂා කරන්නේ දේශීයත්වය අගයන රජයක්

(03.04.2018 – 13:02 +0530 – sinhala.adaderana.lk)

හෙට විශ්වාසභංගයෙන් අපේක්ෂා කරන්නේ දේශීයත්වය අගයන රජයක් බව මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසයි.

එමෙන්ම එම යෝජනාවෙන් බලාපොරොත්තු වන්නේ නොනගත කාලයක් බව ද ඒ මහතා කියා සිටියේය.

අද (03) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

පොරොන්දු වූ කැබිනට් සංශෝධනය සිදු කිරීමට නොහැකිව මාසයකට අධික කාලයක් ගත වී ඇති බවත්, මේ වන විට අමාත්‍යවරුන්ගේ පුටුව ගැන පවා අවිනිශ්චිතභාවයක් මතුව ඇති බවත් ඒ මහතා මෙහිදී කියා සිටියේය.

ජනාධිපතිවරයා විසින් කිහිපවාරයක්ම අගමැතිවරයාගේ ආර්ථික කමිටුව අහෝසි කිරීමට උත්සහ කළ බවත්, ඒ සඳහා කැබිනට් පත්‍රිකා පවා ඉදිරිපත් කළ නමුත් ඊයේ (02) දින එය අහෝසි නොකරන බව මුදල් අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කළ බවත් ඒ මහතා පැවසීය.

රජයේ ඉහළ තීරණවත් හරි හැටි නොගන්නා මේ රජය මහ බැංකුවද අගමැතිවරයාගෙන් ගලවා දැමුවේ සියල්ල සිදු වී මාස 37කින් පසුව බවද ඒ මහතා කියා සිටියේය.

මෙවැනි ක්‍රියා තුළින්ම රටේ අරාජික තත්ත්වය පෙන්නුම් කරන බවද ඒ මහතා පැවසීය.

එමෙන්ම ග්ලයිෆොසෙට් ගැටළුවට පිළිබඳව කතා කිරීමේදී ඒ පිළිබඳව වුවුද විවිධ අය විවිධ දෑ ප්‍රකාශ කරමින් කටයුතු කරන බවත්, ඊටද නිසි විසඳුමක් කිසිවෙකු ඉදිරිපත් නොකරන බවත් ඒ මහතා කියා සිටියේය.

මේ වන විට විශ්වවිද්‍යාල වසා දමා මාසයකට වැඩි කාලයක් ගත වී ඇති බවත්, සයිටම් ගැටළුවටද නිසි විසඳුමක් නොමැති බවත්, කියා සිටි ඒ මහතා පැවසුවේ රනිල් වික්‍රමසිංහ මහතා නිරන්තරයෙන් සිදු කරන්නේ මෙවැනි ප්‍රශ්නවලට කමිටු සාදා කල් යවමින් ප්‍රශ්නයට නිසි විසඳුමක් ලබා නොදෙන බවයි.

එමෙන්ම පසුව කුණාටුව අවසන් වූ පසුව පත් කළ කමිටුවද සොයා ගත නොහැකි තත්ත්වයකට පත් වන බවද ඒ මහතා පැවසීය.

සියල්ලටම වඩා හෙට දිනය වැදගත් දිනයක් බවත්, එය එක්සත් ජනතා නිදහස් සන්ධානය වත්මන් රජයෙන් දුරස්වන දිනය හෙට බවත් ඒ මහතා කියා සිටියේය.

එමෙන්ම විපක්ෂ නායක ධූරයේ වෙනසක් සිදු විය යුතු බවත් පෙන්වා දුන් ඒ මහතා කියා සිටියේ හෙට දිනයේ සෑම ගැටළුවකටම හොඳ ප්‍රවේශක් ලැබේවි යැයි කියාය ෴

****************************************

ඔක්කොම එළියට බැහැලා – කටුනායක ගුවන්තොටේ සියලු වැඩ නවතී
(03.04.2018 – gossiplankanews.com)

අද 3 දහවල් කටුනායක ගුවන් තොටුපළේ සේවක විරෝධතාවයක් නිසා සියලු කටයුතු අකර්මන්‍යවී තිබේ.

ගුවන් තොටුපළ සේවකයින්ට වසර 3 කට වරක් රුපියල් 10000 ක වැටුප් වැඩිවීමක් සිදුවිය යුතු වුවත් අවුරුදු 6 කින් වැඩි කර නැති බවත් ඒ වෙනුවෙන් ඊයේ 2 කළ සංකේත වැඩවර්ජනයට ඇමති නිමල් සිරිපාල ද සිල්වා කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වීම නිසා
අද දහවල් 11 ට කටුනායක ගුවන් තොටුපළේ සේවකයින් සියල්ල එළියට බැස උද්ඝෝෂණයක නිරතව සිටී.

ඒ අනුව මේ වනවිට ගුවන් තොටුපළේ පැමිණීමේ හා පිටවීමේ පර්යන්ත දෙකම වසා දමා ඇත.

පොලිසිය හමුදාව එස්ටීඑෆ් සියල්ල මේ වනවිට ගුවන් තොටුපළ අවට ආරක්ෂාවට යොදා ඇති අතර ගුවන් යානා ගොඩ බැස්සවීම පමණක් සිදුවන නමුත් ගුවන් ගතවීම හෝ අනෙක් රාජකාරී වැඩ සියල්ල නැවතී තිබේ.

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *