ඉහළ පොළියක් දෙන බව පවසා කෝටි 10 ක මුදල් වංචාවකට සැකපිට ඇල්ලූ කත රිමාන්ඩ්

(05.04.2018 – 17:01 +0530 – sinhala.adaderana.lk)

සාවද්‍ය ලෙස සකසන ලද මෙරට ප්‍රධාන පෙළේ රක්ෂණ සමාගමක නමින් යුතු ලිපිලේඛන යොදා ගනිමින්, පුද්ගලයින්ගේ මුදල් වංචා කිරීමට අනුබල දුන් කාන්තාවක් පොලිස් වංචා හා දූෂණ විමර්ශන කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන අප්‍රේල් 11 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අයිරාංගනී මල්ලිකා ප්‍රනාන්දු නැමති 60 හැවිරිදි මෙම කාන්තාව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රුපියල් කෝටි 10 කට අධික මුදල් වංචා සම්බන්ධයෙන් ආධාර අනුබල දීම සම්බන්ධයෙනි.

ආයෝජන සැලසුම්වල මුදල් යොදවා ඉහළ පොළියක් ලබා දෙන පවසමින් මෙලෙස මුදල් වංචා කර තිබේ.

අයිරාංගනී මල්ලිකා ප්‍රනාන්දු නැමති මෙම සැකකාරියට විරුද්ධව මේ වන විට මිරිහාන, පානදුර, මොරටුව විශේෂ අපරාධ විමර්ශන අංශවල නඩු ගොනු කර ඇති බව අද දෙරණ කළ විමසීමක දී පොලිස් වංචා හ දූෂණ විමර්ශන කාර්යාංශය නිලධාරියෙකු පැවසීය.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකාරිනිය වන දෝන නිෂාධි ධනුෂ්කා යන අය මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර එය සැඟවි සිටින බවත්, ඇය රටිනා පළා ගොස් නොමැති බවත් අදාළ නිලධාරියා වැඩිදුරටත් මෙහිදී තහවුරු කළේය.

තම සමාගම් නාමය යොදා ගනිමින් මෙලෙස සිදුකරන ලද වංචාව සම්බන්ධයෙන් අදාළ රක්ෂණ සමාගම විසින් පොලිස් වංචා හා දූෂණ විමර්ෂන කාර්යාංශයට පළමුව පැමිණිලි කර ඇති බවත්, ඉන් පසුව අදාළ වංචාවට හසුවූ පුද්ගලයින්ගෙන් දිගින් දිගටම පැමිණිලි ලැබුණු බවත්, එම නිලධාරියා සඳහන් කළේය ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *