පිඟන් ගඩොල් කපන යන්ත්‍රයේ බ්ලේඩ් තලය ගැලවී ගෙල කැපී පෙදරේරුවා මරුට

(05.04.2018 – 15:25 +0530 – sinhala.adaderana.lk)

යාන්ත්‍රික උපකරනයක් මඟින් පිඟන් ගඩොල් කපමින් සිටියදී එහි බ්ලේඩ් තලය ගැලවී ගොස් ගෙල ප්‍රේදේශය කැපී අසාධ්‍ය තත්ත්වයෙන් දියතලාව මූලික රෝහලට ඇතුලත් කර තිබු පෙදරේරුවෙක් අද (05) දහවල් මරණය පත්වු බව දියතලාව පොලීසිය පවසයි.

මෙසේ මරණය ට පත්ව ඇත්තේ කේ .ආර්. ක්‍රිස්ටෝපර් පෙරේරා (35) නමැත්තෙකි .

ඔහු (4) දින දියතලාව ගල්කන්ද ප්‍රද්ශයේ නිවසක පිඟන් ගඩොල් අල්ලමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇති බවද පොලිසිය සඳහන් කළේය .

බණ්ඩාරවෙල පොලිස් අධිකාරි සුදත් මාසිංහ මහතාගේ උපදෙස් මත දියතලාව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්. කේ. හරිත් මහතා පරික්ෂණ විමර්ශන සිදුකරයි ෴

**************************************

පොළී මුදලාලි නීති විරෝධී නැහැ – ජ්‍යෙ.නි. මහ බැංකු අධිපති කියයි
(04.04.2018 – biz.adaderana.lk)

තමන් සතු මුදල් තවත් අයෙකුට ණයට ලබා දීම නීති විරෝධී කටයුත්තක් නොවන බවත්, එවැනි කටයුතු නියාමනය සඳහා කිසිදු නීතියක් නොමැති බවත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. ශ්‍රී ලංකා මහ බැංකු පරිශ්‍රයේ අද (04) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මහ බැංකු අධිපතිවරයා මේ බව කියා සිටියේය.

මේ වන විට දිවයින පුරා ව්‍යාප්තව ඇති ණය ලබා දීමට පමණක් ස්ථාපිත කර තිබෙන සමාගම් සහ අන්තර්ජාලය හරහා ණය ලබා දෙන ආයතන සම්බන්ධයෙන් පවතින නීතිමය තත්ත්වය කුමක්දැයි, අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මහ බැංකු අධිපතිවරයා මෙසේ කියා සිටියේය.

“ගමේ පොළී මුදලාලි, ඒකට නීතියක් නැහැ. ඒක පාලනය කරන්න, නීති විරෝධී වැඩකුත් නෙමෙයි. සියයට 30 ට 40 ට පොළියට ගන්නවාද කියන එක ගන්න කෙනාගේ තේරීමක්. ඒක නියාමනය කරන්න නීතියක් නැහැ. නමුත් ඔහු වෙන කෙනෙකුගේ මුදල් අරං ණයට දෙනවා නම් එතන ප්‍රශ්න තියෙනවා. ජනතාවගේ මුදල් අරගෙන වැරදි විදියට පාවිච්චි කරනවා නම් ඒක කුමන හෝ නියාමනයකට එන්න ඕනේ.“

“ඇමරිකාවේ වුණත් මේ වගේ ණය දෙන ගොඩාක් වෙබ් සයිට්ස් තියෙනවා. ඒක නියාමනය කරන කර්මාන්තයක් නෙමෙයි. එතන දී ණය දෙන කෙනා ලොකු අවදානමක් අරගෙන තමයි ණය දෙන්නේ. තමන්ගේ මුදලින් ණය දෙන එක විතරක් කිරීම, නියාමනය කරන කර්මාන්තයක් නෙමෙයි.“

මෙහිදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ සම්පූර්ණ අදහස් දැක්වීම පහතින් නැරඹිය හැකිය :

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

Comments 1

  • If there is no legislation against excessive profiteering by loan sharks, it is time such legislation is proposed, drafted and enacted. There are too many loan sharks in villages and cities; too many people borrowing beyond their means and even committing suicide when they could not bear the stresses that debts impose on them and their families. Only the rich that do not care about the suffering of people at lower levels, and the injustices committed on such people by thsoe who should know better. This CB Boss should be intelligent enough to explain how the people ought to be protected, and not say glibly, taht it is up to the customers to decide whether or not to borrow from such sharks. This is the level of intelligence of criminal fraternity, not of responsible government servants.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *