ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරීන්ගේ 99 වන ජන්ම දින සැමරුමට ජනපති එක්වෙයි

(05.04.2018 – 12:49 +0530 – hirunews.lk/sinhala)

ප්‍රවීන සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සූරීන්ගේ 99 වන ජන්ම දිනය සැමරුමට සුබ පැතුම් එක් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඔහුගේ නිවසට ගොස් තිබෙනවා.

එහිදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා සහ සුමිත්‍රා පීරිස් මහත්මිය සමඟ එක්ව උපන්දින කේක් කපා ජන්ම දිනය සැමරීමට ජනාධිපතිවරයා එක්වුණ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

ඔහුගේ වෛද්‍ය ප්‍රතිකාර කටයුතු ඇතුලූ සෙසු වියදම් සඳහා විශේෂ මාසික දීමනාවක් ලබාදීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට පසුගියදා අනුමැතිය ද හිමි වූ අතර, ඊට අදාළ ලිපිලේඛන සහ පළමු චෙක්පත ප්‍රදානයද අද (05) සිදු කෙරුණා.

++++++++++++++++++++++++++++

ලෙස්ටර් ජේම්ස් පීරිස්ට මසකට රු. ලක්ෂ 5 ක දීමනාවක්
(05.04.2018 – 19:07 +0530 – lankadeepa.lk)

ජාත්‍යන්තර කීර්තියට පත් ප‍්‍රවීණ සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ප‍්‍රතිකාර කටයුතු සහ අනෙකුත් වියදම් වෙනුවෙන් මසකට රුපියල් ලක්‍ෂ 5 බැගින් ලබාදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ.

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ 99 වන ජන්ම දිනය අදට යෙදී තිබූ අතර, තිඹිරිගස්යායේ පිහිටි ඒ මහතාගේ නිවස වෙත ගිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඔහු වෙත සිය සුබපැතුම් පිරිනැමූ අතර එහිදී එතුමා වෙත මේ බව දැනුම් දුන්නේය.

දේශීය සිනමාව අන්තර්ජාතික කීර්තියට පත් කිරීමට සිය නිර්මාණ දායකත්වය සැපයූ ජ්‍යෙෂ්ඨතම ලාංකේය සිනමාකරුවා වන ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ඉටු කළ මෙහෙවර අගයමින් ඒ මහතාගේ වෛද්‍ය ප‍්‍රතිකාර කටයුතු ඇතුළු සෙසු වියදම් සදහා විශේෂ මාසික දීමනාවක් ලබාදීමට ජනාධිපතිවරයා පසුගියදා කැබිනට් අනුමැතිය ද ලබා ගත්තේය.

යුග මෙහෙවරක් ඉටුකළ යුග පුරුෂයෙකුට පමණක් පිරිනැමෙන මෙම විශේෂ මාසික දීමනාවට අදාළ ලිපි ලේඛන සහ ඊට අදාළ පළමු චෙක්පත ද මෙහිදී ජනාධිපතිවරයා පිරිනැමීය.

නීතිය හා සාමය අමැති රංජිත් මද්දුමබණ්ඩාර, ආචාර්ය සෝමරත්න දිසානායක, රේනුකා බාලසූරිය යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ ෴

***********************************

විශ්වාසභංගයේ ඡන්ද විමසීමෙන් පසු පිරිසක් සිරස ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට කළහකාරීව හැසිරෙයි
(05.04.2018 – newsfirst.lk/sinhala)

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *