එජාපය බිංදුවටම අකුලාගනී.. ශ‍්‍රීලනිප ඇමතිලාට එරෙහි විශ්වාස භංගය ඉල්ලා අස්කර ගනී..

(07.04.2018 – 00:02 +0530 – lankacnews.com)

එක්සත් ජාතික පක්‍සයේ පසුපෙල මන්ත‍්‍රීවරුන් පිරිසක් විසින් ශ්‍රීලනිප ඇමති පිරිසකට එරෙහිව කතානායකවරයාට බාර දෙන ලද විශ්වාස භංග යෝජනාව වහා ඉල්ලා අස්කර ගන්නා ලෙස අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් දැනුම් දී ඇතැයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එහි අධ්‍යක්ෂ ජෙනරාල් සුදර්ශන ගුණවර්ධන මහතා සදහන් කර ඇත්තේ අදාල විශ්වාසභංග යෝජනාව එජාප මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ මතයක් පමණක් මිස එජපවය විසින් එවන් තීරණයක් ගෙන නැති බවයි.

ඒ අනුව එජාප නායකයා ලෙස වහාම යෝජනාව ඉල්ලා අස්කර ගන්නැයි මන්ත්‍රීන්ට දැනුම් දී තිබේ.

මෙවැන් තීරණ ගත යුත්තේ පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රි කණ්ඩායම විසින් යයිද අගමැතිවරයා සදහන් කලේ යයි නිවේදනයේ දැක්වෙයි.

මේ අතර ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග සදහන් කර සිටියේ විශ්වාස භංග යෝජනාව ඉල්ලා අස්කර නොගන්නේ නම් ජාතික ආණ්ඩුවෙන් ශ‍්‍රීලනිපය ඉවත් වන්නේ යයි ජනාධිපතිවරයා විසින් අගමැතිවරයාට දැන්වූ බවයි ෴

+++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++

අගමැතිට බැන්න ශ‍්‍රිලනිප ඇමතිලා ඉවත් කරනවා නම් මට බැන්න එජාප ඇමලාත් ඉවත් කරනවා..- ජනාධිපති එජාපයට කියයි..
(06.04.2018 – 22:44 +0530 – lankacnews.com)

අගමැතිවරයාට එරෙහි විශ්වාස භංග යෝජනාවට පක්‍ෂය ඡුන්දය දුන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ කැබිනට් ඇමතිවරුන් හය දෙනා ඉවත් කල යුතු බවට එක්සත් ජාතික පක්‍ෂය විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමුවී දන්වා ඇත.

එම ඇමතිවරුන් විසින් පාර්ලිමේන්තුවේත් ඉන් පිටතත් එක්සත් ජාතික පක්‍ෂය හා අගමැතිවරයාට දැඩිව විවේචන එල්ල කරමින් අදහස් පල කල නිසා කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කල යුතු යයිද ඔවුන් ජනාධිපතිවරයාට පෙන්වා දි තිබේ.

එම පිරිස ඉවත් කිරීමට ජනාධිපතිවරයා එකගතාවය පල කර ඇත්තේ එකම කොන්දේසියක් මතයි.

අගමැතිවරයාව විවේචනය කරන ලද ශ‍්‍රීලනිප ඇමතිවරුන් ඉවත් කරන්නා සේම ජනාධිවරයා විවේචනය කරන ලද එක්සත් ජාතික පක්‍ෂ ඇමතිවරුන්ද කැබිනට් මණ්ඩලයෙන් ඉවත් කල යුතු යයි ජනාධිපතිවරයා යෝජනා කර ඇත. එසේ ජනාධිපතිවරයා හා ශ‍්‍රිලනිපය විවේචනය කල එජාප ඇමති ලයිස්තුව තමන් සතුව ඇතැයිද ජනාධිපතිවරයා සදහන් කර තිබේ.

එම කොන්දේසියත් සමගින් එක්සත් ජාතික පක්‍ෂය පසුබා ගොස් ඇති අතර අවසානයේ සාකච්චාව නිමා වී ඇත්තේ එජාප ශ‍්‍රීලනිල හවුල් ආණ්ඩුව ඉදිරියට ගෙන යාම සදහා විශයන් බෙදා ගන්නා ආකාරය සම්බන්දයෙන් පක්‍ෂ දෙකේ නියෝජිතයන්ගෙන් යුතු කමිටුවක්ද පිහිටුවීමට එකගතාවය පල කරමිනි ෴

++++++++++++++++++++++++++++++++

ශ‍්‍රීලනිපය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන බව ජනාධිපති අගමැතිට දන්වයි.. තනි ආණ්ඩුවකට සුබ පතයි..
(06.04.2018 – 21:54 +0530 – lankacnews.com)

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන බව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට දන්වා ඇත.

විශ්වාස භංගයට පක්‍ෂව ඡන්දය දුන් ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මැති ඇමතිවරුන් පිරිසකට එරෙහිව එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රී පිරිසක් විසින් කතානායකවරයාට විශ්වාස භංගයක් බාර දීම හේතුවෙන් ජනාධිපතිවරයා විසින් මේ බව අගමැතිමැතියවරයාට දන්වා තිබේ.

විශ්වාස භංගයක් බාර දීම ඕනෑම මන්ත‍්‍රි පිරිසකගේ අයිතියක් බවත් තමන් එයට ගරු කරන බවත් සදහන් කර ඇති ජනාධිපතිවරයා ඉදිරියේදී තනි ආණ්ඩුවක් පවත්වාගෙන යාම සදහා සුබ පතන බවද සදහන් කර ඇත.

ශ‍්‍රීලනිප ඇමතිවරුන් පිරිසට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාස භංගව ඉවත් කර ගන්නැයි තමන් කිසිදු බලපෑමක් නොකරන නමුත් එවන් තත්වයකදී ආණ්ඩුව තුල සිටීමි කිසිදු උවමනාවක් ශ‍්‍රිලනිපයට නැතැයිද ජනාධිපතිවරයා වැඩි දුරටත් දැනුම් දී තිබෙන බව ජනාධිපති කාර්යාලයේ ආරංචි මාර්ග සදහන් කරයි ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *