මුවන්පැලැස්ස ‘මැණිකේ’ අභාවප්‍රාප්ත වෙයි…

(07.04.2018 – 17:30 +0530 – lankacnews.com)

සමස්ත ගුවන්විදුලි මෙන්ම සිනමා, වේදිකා, ටෙලිනාට්‍ය රසික රසිකාවියන්ගේ හදවත් තුළ මුවන්පැලැස්සේ මැණිකේ නමින් ආදරයෙන් ජීවත් වූ රත්නාවලී කැකුණවෙල මහත්මිය මීට සුළු වේලාවකට පෙර අභාවප්‍රාප්ත වී ඇත.

කෙටි කළක් රෝගාතුරව සිටි ඇය මිය යන විට 87 වන වියෙහි පසුවූවාය.

ටී.ජී.ඩබ්ලිව් ද සිල්වා ගේ කෙටිකතාවකින් 1951.දෙසැම්බර් 21 වන දින පී. වැලිකල විසින් නිෂ්පාදනය කළ ගුවන්විදුලි නාට්‍යයක් ඇයගේ ප්‍රථම ගුවන්විදුලි නාට්‍යය විය.

ඇය මුවන් පැලැස්සේ ‘කදිරා’ ලෙස හඞකැවූ වික්ටර් මිගල් මහතාගේ නැගණියද විය.

අවමගුල් කටයුතු පිළිබදව පසුව දැනුම් දෙනු ලැබේ.

– ශ්‍රී නිමල් පද්මකුමාර

++++++++++++++++++++++++++++++

ප්‍රවීන රංගන ශිල්පිනී රත්නාවලී කැකුණවෙල මහත්මිය අභාවප්‍රාප්ත වෙයි
(07.04.2018 – 19:03 +0530 – sinhala.adaderana.lk)

ප්‍රවීන රංගන සහ හඬ කැවීම් ශිල්පිනියක වන රත්නාවලී කැකුණවෙල මහත්මිය අද අභාවප්‍රාප්ත වී තිබේ.

මියයන විට ඇයගේ වයස අවුරුදු 87 ක් වන අතර දේහය රත්මලාන වෙඩි කන්ද පාරේ අංක 25 න් එක, සී නිවසේ තැන්පත් කර තැබෙන අතර, අවසන් කටයුතු පිලිබදව පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් ප්‍රකාශ කළේය.

1951 වසරේ දෙසැම්බර් 21 වනදා ගුවන් විදුලි නාට්‍යයකට හඬ කවමින් ක්ෂේත්‍රයට පිවිසෙන ඇය බොහෝ දෙනෙකු හදුනා ගන්නේ මුවන් පැලැස්සේ මැණිකේ ලෙසයි.

ඇයගේ අවසන් කටයුතු ලබන සඳුදා සවස 4 ට බොරැල්ල කනත්තේ දී සිදුකිරීමට නියමිතය ෴

++++++++++++++++++++++++++++++++

+++++++++++++++++++++++++++++++++

රත්නාවලී කැකුණවෙල මහත්මිය සමුගෙන යයි
(09.04.2018 – 16:49 +0530 – hirunews.lk/sinhala)

මුවන් පැලැස්සේ මැණිකේ ලෙස සියල්ලන්ගේ හදවතේ අමරණීය වූ ඒ සුවිශේෂ හඬ රත්නාවලී කැකුණවෙල මහත්මිය සියල්ලන් හඬවමින් පසුගියදා දිවියෙන් සමුගෙන ගියා.

රසික හදවත් ආදරණීය හඬින් ආමන්ත්‍රණය කළ ඇයගේ අවසන් කටයුතු සියල්ලන් හඬවමින් අද (09) බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකෙරුණා.

කලක් රෝගාතුරව සිටි රත්නාවලී කැකුණවෙල මහත්මිය පසුගියදා කිරිබත්ගොඩ පිහිටි නිවසේදී මියයන විට 88 වන වියේ පසු වූවා.

1931 ජනවාරි 20 වෙනිදා මහනුවරදී උපතලද රත්නාවලී කැකුණවෙල මහත්මිය වඩාත් ජනප්‍රිය වූයේ මුවන්පැලැස්සේ මැණිකේ ලෙසයි.

වසර 52 ක් මුවන්පැලැස්සට සම්බන්ධ වෙමින් ගුවන් විදුලි ශ්‍රාවක හදවත් තුළ නොමැකෙන චරිතයක් බවට පත්වූවා.

ඇයගේ වැඩිමල් සොහොයුරා වූ වික්ටර් මිගෙල් එම නාට්‍යයේ කදිරා, වෙඩික්කාරයා කියන චරිත රඟපෑමෙන් නාට්‍ය ශිල්පියෙක් ලෙස ජනප්‍රිය විය.

සිය කලා ජීවිතයේ කුසලතා වෙනුවෙන් ඇය ජනාධිපති, සරසවි, සිග්නීස් වැනි සම්මාන ගණනාවකින් පිදුම් ලැබුවා.

සත් සමුදුර චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි ඇය, මුවන්පැලැස්ස චිත්‍රපට තුනෙහිම මැණිකේ ලෙසින් නිර්මාණ රංගනයෙන් හැඩකළා.

දියමන්ති , කරුමක්කාරයෝ , ආරාධනා , දඩයම , බට්ටි ඇතුළු සිනමා නිර්මාණවලට එක්වූ ඇයගේ රංගනය රසික සිත් ආකර්ෂණය කිරීමට සමත්වූවා.

ඇයගේ අවසන් කටයුතු සිදුවූ ආකාරය පහතින් :

+++++++++++++++++++++++++++++++++++

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *