නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ සිදු උනේ කුමක්ද ?

(10.04.2018 – nethnews.lk)

අද (09) පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය කාරක සභාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රාත්‍රී 7:15 ට පමණ ජනාධිපති නිල නිවසේදී රැස්වුනා. මෙහිදී දීර්ඝ ලෙස සාකච්ජාවට බදුන් වුනේ පසුගියදා අගමැතිවරයාට එරෙහිව ඉදිරිපත් කල විශ්වාසභංග යෝජනාවෙන් පසු උද්ගතවූ තත්වය හා පක්ෂයක් වශයෙන් තවදුරටත් ජාතික ආණ්ඩුවේ රැදෙනවාද යන්න පිළිබඳවයි.

අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයේදී ජන්දය ප්‍රකාශ කල නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන්ට එජාප යෙන් එල්ලවූ අපහාස හා චෝදනාවන්ට විරෝධය පල කරමින් හෙට (10) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගී නොවීමට සියළු නිදහස් පක්ෂ ඇමතිවරුන් තීරණය කළා.

මෙහිදී අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවට යෝජනාවක් ඉදිරිපත් කරමින් කියා ඇත්තේ නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවයි. අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඉදිරිපත් කල එම යෝජනාව අමාත්‍ය එස් බි දිසානායක මහතා විසින් අනුමත කර තිබෙනවා. කෙසේ නමුත් ජනාධිපතිවරයා මෙහිදී සිය අදහස දක්වමින් කියා ඇත්තේ පක්ෂයක් ලෙස එකට එක්ව තවදුරටත් හදිසි නොවී තින්දු තීරණ ගත යුතු බවයි.

මේ අතර තවත් දින දෙකකින් එනම් ලබන 11 වෙනිදා යලිත් වරක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වීමට අද තීරණය කල අතර එදිනට දේශපාලනික වශයෙන් වැදගත් තීන්දු තීරණ රැසක් ගැනීම සම්බන්ධයෙන් සාකච්ජා කිරීමට නියමිතව තිබෙනවා ෴

+++++++++++++++++++++++++++++++

09.04.2018

+++++++++++++++++++++++++++++++

ඇමතිවරයෙකුට ලැබුණු ලක්ෂ 430 ක අවුරුදු තෑග්ගක් ගැන අනාවරණයක්
(09.04.2018 – nethnews.lk)

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් තවත් රහසක් හිටපු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා අද (09) අනාවරණ කළා. ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීයි.

අගමැතිවරයාව විශ්වාසභංග යෝජනාවෙන් ආරක්ෂා කිරීමට කැපවූ කැබිනට් ඇමතිවරයෙකු ගේ භාවිතය සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය යටතේ රුපියල් ලක්ෂ 430 ක් වටිනා කාර් රථයක් ලබා දුන් බවත් එම කැබිනට් අමාත්‍යවරයා ඒ එච් එම් ෆවුසි මහතා බව හිටපු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා ප්‍රකාශ කර සිටියේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් මැති ඇමතිවරුන් විශ්වාසභංගය පිළිබඳ ඡන්ද විමසීමේදී පාර්ලිමේන්තුවට නොපැමිණියේ විවිධ වරප්‍රසාද වෙනුවෙන් බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

දේශපාලන ප්‍රයෝග මඟින් ආණ්ඩුව රැක ගත්තද එවැනි අස්ථාවර ආණ්ඩුවකින් රටේ ප්‍රශ්න විසදාලිය නොහැකි බවද හිටපු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා මෙම මාධ්‍ය හමුවේදී කියා සිටියා ෴

********************* ( නැවත මුල් පිටුවට ….. )

ඔබතුමා / ඔබතුමිය ගේ ඊමේල් ලිපිනය සඳහන් කිරීමට අකමැති නම් ඊමේල් ලිපිනය ලෙස abc@xyz.lk යන්න පහත පෝරමයට ඇතුලත් කොට ඔබතුමා / ඔබතුමිය ගේ ප්‍රතිචාර (සිංහල හෝ ඉංග්‍රීසි බසින්) ලබාදෙන්න ෴

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *